ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය හෙට (19) පස්වරු 4ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ සමරු ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා කී‍්‍රඩකයන් 225 දෙනකු දැනටමත් අයැදුම්කර ඇතැයි ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා පවසයි. ආධුනික අයෝමය ශූරයා ලෙස ජයග‍්‍රහණය ලබන කී‍්‍රඩකයාට රන් පදක්කමක් හා කුසලාන ප‍්‍රදානය කෙරේ. කිලෝ ග‍්‍රෑම් 55, 60, 65, 70, 75, 80, 85 යන බර පන්තින්ගෙන් පැවැත්වෙන තරගාවලියේ වයස 21 න් පහළ ඉසව්වක්ද ඇතුළත්ය. තරගාවලියේ මූලික තරග හෙට පෙරවරු 9 සිට ජයසිංහ ශාලාවේ දී පැවැත්වේ. දෙහිවල - ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග, බි‍්‍රගේඩියර් මිහිඳු කුලසූරිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජයසංකේත ප‍්‍රදානය සිදු කෙරේ. මෙවර නැගෙනහිර පළාතෙන්ද කී‍්‍රඩකයන් පිරිසක් ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට සහභාගිවන බව කපිල කුමාර මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd