IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ආපදා උප ඇමැතිගෙ ආපදාව ඉවර නෑ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 169ක වේගයෙන් රිය පැදවා දඩ කොලය දුන් විට පොලිස් රාජකාරියට බාධා කළැයි දුලිප් විජේසේකර ආපදා කළමානාණාකරණ නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිටත් පාර්ලිමේන්තු කතානායකටත් යැවීමට නියමිතය. මේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කළ ගැලනිගම පිවිසුම් මුරපොළේ රථවාහන පොලීසිය එම වාර්තාව ඉදිරිපත් කිරීමට යයි. අධිවේගයෙන් රිය පැදවූ නිසා කොට්ටාවේ දඩ කොලය දීමට පෙර රියදුරු බලපත්‍රය පොලීසිය නොදෙන ලෙස විජේසේකර මහතා රියදුරාට කියා පොලීසිය දෙසට රුපියල් 1500ක් විසි කර ඇත. පොලීසිය යළිත් එම මුදල් ඇමති රිය ඇතුළට දමා ඇත.



අදහස් (0)

ආපදා උප ඇමැතිගෙ ආපදාව ඉවර නෑ

චතුල වෙරෝනා Thursday, 04 October 2012 01:49 PM

මේ තරම් ඔලුව ඉදිමිල තියෙන්නෙ මේ අයට මොකද වෙලා තියෙන්නෙ........මේ වගේ නමක් ඈහුවමයි. (ස)

:       0       0

සුමනා Thursday, 04 October 2012 01:55 PM

මොකද කරන්නේ ඉතින්

:       0       0

ගාමින්ද Thursday, 04 October 2012 02:02 PM

අයියෝ සල්ලි ....

:       0       0

සරත් Thursday, 04 October 2012 01:57 PM

අපිට සුපුරුදු දේම අහන්න ලැබෙයි මේක ගැනත් (ස)

:       0       0

හේමන්ත Thursday, 04 October 2012 01:58 PM

ඔබතුමා ගාලු පාරෙන් වෙනද වගේම ඔය වේගයට ගියානම් කීයක් හරි දීල ශේප් වෙන්න තිබුණ. අපරාදේ අධිවේගී පාරෙ ගියේ. (ස)

:       0       0

විජේ Thursday, 04 October 2012 01:59 PM

පොලීසිය හෙට දිවුරුම් පෙත්සමක් දේවී එහෙම දෙයක් උනේ නැත කියලා (ස)

:       0       0

මැක්ස් Thursday, 04 October 2012 02:05 PM

ලංකාවේ මේක වෙච්ච නිසා බයවෙන්න දෙයක් නැහැ. නීතිය කිරි ගහට ඇන්නා වාගෙ ක්‍රියාත්මකවෙයි. හැබැයි ඕං ඉතිං වැරදිලාවත් ඇමරිකාවේ එහෙම මේක වුණා නම් ඕං වෙනදේ. 1. පොලිස් නිලධාරියා රාජකාරියේ යෙදී සිට නැත. කොහේද හොර ගමනක් යනගමන් මේ අහිංසක උත්තමයාට දඩ කොළයක් දී අපහාස කරන්නට උත්සාහ දරා ඇත. 2. ඇමතිතුමාගේ වාහනය කවදාවත් 160ට තියා නිකන් 60ටවත් ගිහින් නැත. 3. ඇමතිගෙන් පගාව ඉල්ලීම ගැන පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 4. ප්‍රශ්නය ෂේප් කරගැනීමට කැමති බව පොලීසිය දිවුරුම් පෙස්සමකින් දැනුම් දී ඇත. 5. ඇමතිතුමාට අධිවේගයට ඇතුලු වූ බව මතක ඇතත් එයින් පිටට ආ බවක් මතක නැත. (නි)

:       0       0

රාජා Thursday, 04 October 2012 02:13 PM

රු. 1500ය වීසි කරල ඇත්තේ දඩේ ගෙවන්න තමයි. දඩ කොලේ පොලිසියෙන්ම කඩල එයාලම ගෙවනවා. වැඩේ ඉවරනේ (ස)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 02:21 PM

මේ වගේ අය පත්කර අපියි මෝඩ (ස)

:       0       0

ජනක Thursday, 04 October 2012 02:27 PM

පගාව දෙන්න උත්සාහකරා කියලා නඩු දාන්න පුළුවන් නේද ? (ස)

:       0       0

ආනන්ද Thursday, 04 October 2012 09:15 PM

අයියෝ සල්ලි ....

:       0       0

උපාලි Thursday, 04 October 2012 10:45 PM

වතුල, වෙරෝනා, ඔයාගේ ඔලුව ඇතුළේ තියෙන්නේ මැටිද? (නි)

:       0       0

සුසන්ත Thursday, 04 October 2012 02:56 PM

අනුන්ට වාල් වෙන්නේ නැතුව කෙළින් නැගිටිනවා නම් ඔය කොයි කවුරුත් මෙල්ල කරන්න පුලුවන්. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 04 October 2012 02:59 PM

හේමන්ත, ගාලුපාරේ ගිය නම් 1500 ට අඩු ගනක් දීල ශේප් වෙන්න තිබුණා .ගාලුපාරේ එච්චර ගෙවන්න ඕන නැහැ,(ස)

:       0       0

ෆාරු Thursday, 04 October 2012 02:55 PM

අනේ සමාවෙන්න ඒකේ ගමන්කරේ වෙන කෙනෙක් , කම්පනය ඇතිවෙලයි එහෙම කියවුනේ කියයිද දන්නේ නෑ (ස)

:       0       0

අරුණ Thursday, 04 October 2012 11:04 PM

හොදවැයින් කණේ පාරක් දුන්නා නම් හොද නැද්ද? (නි)

:       0       0

උදය Thursday, 04 October 2012 11:14 PM

රටක විනයක් පැවතීමට නීති වල් නොවැදී පැවතිය යුතුයි. (නි)

:       0       0

කමල් Friday, 05 October 2012 12:33 PM

අද කාලේ මෙහෙම පොලිස් නිලධාරීන් ගැන අහන්න ලැබෙන එකත් හරිම සන්තෝෂයි. (නි)

:       0       0

නිරාන් Thursday, 04 October 2012 03:30 PM

අනේ පුදුමයි මේ තියෙන්නේ නම (ස)

:       0       0

dias Thursday, 04 October 2012 03:31 PM

මෙයාට අල්ලස් පනත යටතේ නඩු පැවරිය හැක (ස)

:       0       0

සේනානායක Thursday, 04 October 2012 03:25 PM

වැඩිය පව් කරන්න දගලන්න එපා. නියෝජ්‍ය ඇමතිතුමෝ.. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙයි..!(නු)

:       0       0

නිලංග Thursday, 04 October 2012 11:50 PM

මෙයාගේ ඥාතියෙක් ඉන්නවා ජපානයේ.එයත් ඔයවගේ. 80ට යන්න තියන තැන 180ට යන්නේ. (නි)

:       0       0

කිත්සිරි Thursday, 04 October 2012 03:55 PM

අධිවේගී මාර්ගයේ VIP අයට නීතිය වෙනස් නැතිද? වෙන පාරවල් වල නම් වේග සීමා සත පහකට ගණන් නොගෙන යනවා ගාඩ් වාහනත් එක්ක (ස)

:       0       0

වරුණ Thursday, 04 October 2012 04:41 PM

පොඩි මිනිහෙක් කලානම් සල්ලිත් අරගෙන නඩුවකුත් දානවා..!(නු)

:       0       0

ගයාන් Thursday, 04 October 2012 05:07 PM

නියම පොලිස් නිලධාරීන් පිරිසක්! ඔබට ජය! (නි)

:       0       0

ජීවන් Friday, 05 October 2012 02:53 PM

අධිවේගී මාර්ගය තියෙන්නේ ඉක්මනින් යන්න තමයි , අද සමාජයේ වෙන දේවල්වල හැටියට ඕවා මොනවද ? (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 04 October 2012 01:12 PM

අධිවේගී මාර්ගයට ආවේ වේගෙන් යන්නනේ, පොලීසියටයි දඩ ගහන්න ඕනි වේගෙන් යන්න නොදුන්නට (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 04 October 2012 01:22 PM

නම වත් අහල පුරුදු මිනිහෙක් නම් තව කමක් නෑ...! (සමහර විට මෙහෙමවත් නම කියවාගන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.) කොහොම වුනත් හැකි ඉහලම පියවර ගැනීම ගැන පොලීසියටත්, පුද්ගලයා හෙලිකලාට ලංකාදීපයටත් මගේ උපහාරය.(ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 October 2012 01:22 PM

මෙකත් පොලීසියට අමතක වේවිද දන්නේ නෑ (ස)

:       0       0

ජයන්ත Friday, 05 October 2012 03:08 PM

ලංකාදීපයට ස්තූතියි නම හෙලිකරාට. (ස)

:       0       0

ජයන්ත Friday, 05 October 2012 03:18 PM

ප්‍රශ්නය දුර ගියොත් කියාවී මට නින්ද ගිහින් හිටියේ.රියදුරුට නඩු (ස)

:       0       0

ද සිල්වා Thursday, 04 October 2012 01:36 PM

පොලිස් නිලධාරියට අර හමුදා මේජර් ට උන වැඩේ සිද්ධ වෙයිද?(නු)

:       0       0

නාමල් Thursday, 04 October 2012 05:58 PM

නියම වැඩක් , නියමයි (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 04 October 2012 01:33 PM

අන්න එහෙම කෙලින් වැඩ කරන්න..ඔය අය ඡන්දෙන් රට හදන්න කියලා ඇවිල්ල එයාලා හැදිලා රට කනවා.. මෙයාලගේ බලපුළුවං කාරකමට යට වෙන්න එපා.. ඔබලට ජය!(නු)

:       0       0

සීලදාස Thursday, 04 October 2012 01:36 PM

මෙයාට මුල සිට නීති පද්ධතිය ඉගැන්විය යුතුයි..!(නු)

:       0       0

දේවා Thursday, 04 October 2012 06:10 PM

මෙයට නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුය..!(නු)

:       0       0

දයා සෞදි Thursday, 04 October 2012 01:37 PM

උප ඇමති නෙමෙයි ගමන් කළේ කියලා දිව්රුම් පෙත්සමකින් ලෙස්සල යයිද?(නු)

:       0       0

කමල් සිරිසේන Thursday, 04 October 2012 01:40 PM

අහලවත් නැති නමක්..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 01:48 PM

අන්න අන්න නම දැම්මා (ස)

:       0       0

යොහාන් Thursday, 04 October 2012 06:47 PM

ගරු කතානායක තුමනි, වැරද්දක් කලානම් පොලිසියෙන් දෙන දඩුවමට අමතරව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී කෙනෙක් හැටියට ඒකට අවනම්බු කලාට දින කිහිපයක වැටුප කපන්න..!(නු)

:       0       0

කුමාර Thursday, 04 October 2012 01:46 PM

නිතිය කාටත් එකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 76 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 181 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 790 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 442 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1525 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 336 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39726 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site