දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 169ක වේගයෙන් රිය පැදවා දඩ කොලය දුන් විට පොලිස් රාජකාරියට බාධා කළැයි දුලිප් විජේසේකර ආපදා කළමානාණාකරණ නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පොලිස්පතිටත් පාර්ලිමේන්තු කතානායකටත් යැවීමට නියමිතය. මේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කළ ගැලනිගම පිවිසුම් මුරපොළේ රථවාහන පොලීසිය එම වාර්තාව ඉදිරිපත් කිරීමට යයි. අධිවේගයෙන් රිය පැදවූ නිසා කොට්ටාවේ දඩ කොලය දීමට පෙර රියදුරු බලපත්‍රය පොලීසිය නොදෙන ලෙස විජේසේකර මහතා රියදුරාට කියා පොලීසිය දෙසට රුපියල් 1500ක් විසි කර ඇත. පොලීසිය යළිත් එම මුදල් ඇමති රිය ඇතුළට දමා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කතානායක තුමනි, වැරද්දක් කලානම් පොලිසියෙන් දෙන දඩුවමට අමතරව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී කෙනෙක් හැටියට ඒකට අවනම්බු කලාට දින කිහිපයක වැටුප කපන්න..!(නු)
හේමන්ත, ගාලුපාරේ ගිය නම් 1500 ට අඩු ගනක් දීල ශේප් වෙන්න තිබුණා .ගාලුපාරේ එච්චර ගෙවන්න ඕන නැහැ,(ස)
අනේ සමාවෙන්න ඒකේ ගමන්කරේ වෙන කෙනෙක් , කම්පනය ඇතිවෙලයි එහෙම කියවුනේ කියයිද දන්නේ නෑ (ස)
අනේ පුදුමයි මේ තියෙන්නේ නම (ස)
මෙයාට අල්ලස් පනත යටතේ නඩු පැවරිය හැක (ස)
වැඩිය පව් කරන්න දගලන්න එපා. නියෝජ්‍ය ඇමතිතුමෝ.. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙයි..!(නු)
අධිවේගී මාර්ගයේ VIP අයට නීතිය වෙනස් නැතිද? වෙන පාරවල් වල නම් වේග සීමා සත පහකට ගණන් නොගෙන යනවා ගාඩ් වාහනත් එක්ක (ස)
පොඩි මිනිහෙක් කලානම් සල්ලිත් අරගෙන නඩුවකුත් දානවා..!(නු)
නියම පොලිස් නිලධාරීන් පිරිසක්! ඔබට ජය! (නි)
නියම වැඩක් , නියමයි (ස)
මෙයට නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුය..!(නු)
අනුන්ට වාල් වෙන්නේ නැතුව කෙළින් නැගිටිනවා නම් ඔය කොයි කවුරුත් මෙල්ල කරන්න පුලුවන්. (නි)
අයියෝ සල්ලි ....
වතුල, වෙරෝනා, ඔයාගේ ඔලුව ඇතුළේ තියෙන්නේ මැටිද? (නි)
හොදවැයින් කණේ පාරක් දුන්නා නම් හොද නැද්ද? (නි)
රටක විනයක් පැවතීමට නීති වල් නොවැදී පැවතිය යුතුයි. (නි)
මෙයාගේ ඥාතියෙක් ඉන්නවා ජපානයේ.එයත් ඔයවගේ. 80ට යන්න තියන තැන 180ට යන්නේ. (නි)
අද කාලේ මෙහෙම පොලිස් නිලධාරීන් ගැන අහන්න ලැබෙන එකත් හරිම සන්තෝෂයි. (නි)
අධිවේගී මාර්ගය තියෙන්නේ ඉක්මනින් යන්න තමයි , අද සමාජයේ වෙන දේවල්වල හැටියට ඕවා මොනවද ? (ස)
ලංකාදීපයට ස්තූතියි නම හෙලිකරාට. (ස)
ප්‍රශ්නය දුර ගියොත් කියාවී මට නින්ද ගිහින් හිටියේ.රියදුරුට නඩු (ස)
මේ තරම් ඔලුව ඉදිමිල තියෙන්නෙ මේ අයට මොකද වෙලා තියෙන්නෙ........මේ වගේ නමක් ඈහුවමයි. (ස)
නම වත් අහල පුරුදු මිනිහෙක් නම් තව කමක් නෑ...! (සමහර විට මෙහෙමවත් නම කියවාගන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.) කොහොම වුනත් හැකි ඉහලම පියවර ගැනීම ගැන පොලීසියටත්, පුද්ගලයා හෙලිකලාට ලංකාදීපයටත් මගේ උපහාරය.(ස)
මෙකත් පොලීසියට අමතක වේවිද දන්නේ නෑ (ස)
පොලිස් නිලධාරියට අර හමුදා මේජර් ට උන වැඩේ සිද්ධ වෙයිද?(නු)
අන්න එහෙම කෙලින් වැඩ කරන්න..ඔය අය ඡන්දෙන් රට හදන්න කියලා ඇවිල්ල එයාලා හැදිලා රට කනවා.. මෙයාලගේ බලපුළුවං කාරකමට යට වෙන්න එපා.. ඔබලට ජය!(නු)
මෙයාට මුල සිට නීති පද්ධතිය ඉගැන්විය යුතුයි..!(නු)
උප ඇමති නෙමෙයි ගමන් කළේ කියලා දිව්රුම් පෙත්සමකින් ලෙස්සල යයිද?(නු)
අහලවත් නැති නමක්..!(නු)
අන්න අන්න නම දැම්මා (ස)
නිතිය කාටත් එකයි
අධිවේගී මාර්ගයට ආවේ වේගෙන් යන්නනේ, පොලීසියටයි දඩ ගහන්න ඕනි වේගෙන් යන්න නොදුන්නට (ස)
මොකද කරන්නේ ඉතින්
අයියෝ සල්ලි ....
අපිට සුපුරුදු දේම අහන්න ලැබෙයි මේක ගැනත් (ස)
ඔබතුමා ගාලු පාරෙන් වෙනද වගේම ඔය වේගයට ගියානම් කීයක් හරි දීල ශේප් වෙන්න තිබුණ. අපරාදේ අධිවේගී පාරෙ ගියේ. (ස)
පොලීසිය හෙට දිවුරුම් පෙත්සමක් දේවී එහෙම දෙයක් උනේ නැත කියලා (ස)
ලංකාවේ මේක වෙච්ච නිසා බයවෙන්න දෙයක් නැහැ. නීතිය කිරි ගහට ඇන්නා වාගෙ ක්‍රියාත්මකවෙයි. හැබැයි ඕං ඉතිං වැරදිලාවත් ඇමරිකාවේ එහෙම මේක වුණා නම් ඕං වෙනදේ. 1. පොලිස් නිලධාරියා රාජකාරියේ යෙදී සිට නැත. කොහේද හොර ගමනක් යනගමන් මේ අහිංසක උත්තමයාට දඩ කොළයක් දී අපහාස කරන්නට උත්සාහ දරා ඇත. 2. ඇමතිතුමාගේ වාහනය කවදාවත් 160ට තියා නිකන් 60ටවත් ගිහින් නැත. 3. ඇමතිගෙන් පගාව ඉල්ලීම ගැන පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 4. ප්‍රශ්නය ෂේප් කරගැනීමට කැමති බව පොලීසිය දිවුරුම් පෙස්සමකින් දැනුම් දී ඇත. 5. ඇමතිතුමාට අධිවේගයට ඇතුලු වූ බව මතක ඇතත් එයින් පිටට ආ බවක් මතක නැත. (නි)
රු. 1500ය වීසි කරල ඇත්තේ දඩේ ගෙවන්න තමයි. දඩ කොලේ පොලිසියෙන්ම කඩල එයාලම ගෙවනවා. වැඩේ ඉවරනේ (ස)
මේ වගේ අය පත්කර අපියි මෝඩ (ස)
පගාව දෙන්න උත්සාහකරා කියලා නඩු දාන්න පුළුවන් නේද ? (ස)