IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ආයතනයක විනය පිරිහෙන්න මූලිකම හේතුව ජංගම දුරකථනයයි

'එක් නර්තන සංදර්ශනයකදී වේදිකාවේ තිබී මගේ යටි පතුලේ ඩ්‍රෝවින් පින්(Drawing pin) එකක් ඇනුණා. ඒක ඒක, නර්තන අංගයක්. එවෙලේ ඇණය ගලවා දැමීමට කිසිම හැකියාවක් නැහැ. ඩ්‍රෝවින් පින් එක යටි පතුලේ තිබියදීම මම මුළු නැටුමම නැටුවා. ඒක ඉවරවෙලා වේදිකාවෙන් පිටතට ආවට පස්සෙ තමයි ඩ්‍රෝවින් පින් එක ගැලෙව්වේ. ගෙදර යන අතරේ වෛද්‍යවරයෙක් හමුවෙලා පිට ගැස්මට එන්නතක් ලබාගත්තා.' මෙහෙම කියන්නේ දෙස් විදෙස් ජයකෙහෙළි  නැංවූ චන්න උපුලී නර්තන කණ්ඩායමේ ප්‍රවීණතම සාමාජිකාවක වන වින්ධ්‍යා වරකගොඩයි. පසුගියදා අප  මෙම නර්තන කණ්ඩායමේ කිහිප දෙනෙකු හමුවී ඔවුන්ගේ නර්තන දිවිය පිළිබඳව විමසා බැලුවා.   රසුනි මනෝරත්න චන්න උපුලී නර්තන කණ්ඩායමේ තවත් සාමාජිකාවක්. වයස අවුරුදු හයේදී නර්තන කණ්ඩායමට බැඳුණු රසුනි ටෙලිවිෂන් තිරයේ සහ සංදර්ශන වේදිකාවේ හුරුපුරුදු මුහුණක්. රසුනි චන්නගේ නර්තන ශිල්පිනියක් ලෙස සමාජයේ හඳුනා ගන්නවාද ? එහිදී ලැබෙන ප්‍රතිචාර සතුටුදායක ද? අසතුටුදායකද? ඔව්.... හඳුනා ගන්නවා. ඒවා සතුටුදායක වෙන අවස්ථා වගේම අසතුටුදායක වෙන අවස්ථාත් තියනවා. ඒ අය දරන මත විවිධාකාර වීම නිසයි එහෙම වෙන්නේ. මා එම අදහස් පෞද්ගලික මට්ටමෙන් භාරගැනීමෙන් වැළකී සිටිනවා.   නර්තන සංදර්ශනයේදී රසුනි වඩාත්ම උත්සහ කරන්නේ නරඹන ජනතාවගේ අවධානය ලබා ගැනීමටද? නිශ්චල හෝ චංචල කැමරා ශිල්පීන්ගේ අවධානය ලබා ගැනීමටද? මම වඩාත්ම උත්සාහ ගන්නේ නරඹන ජනතාවගේ අවධානය ලබා ගැනීමට. නමුත් කැමරා ශිල්පීන්ද ඒ හා සමානව වැදගත්. මා කරන දේ හරියට කරන නිසා ඔවුන්ගේ අවධානය ලබාගැනීමට මා  විශේෂයෙන් වෙහෙසිය යුතු නැහැ කියලයි මම හිතන්නේ.   අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව චන්න උපුලී නර්තන කණ්ඩායමට එකතුවුණු නදීකා පෙරේරාගේ අද වෘත්තීය නර්තනයයි. පුහුණුවීම්, සංදර්ශන හා සාමාජීය ප්‍රශ්නවලින් හෙම්බත්වන ඔබගේ ජීවිතය සුන්දරද? අසුන්දරද? අනිත් අය වගේම මගේ ජීවිතයත් හරිම සාමාන්‍ය ජීවිතයක්. හැබැයි මම නර්තන ශිල්පිනියක් වශයෙන් දවසේ මගේ වැඩ කටයුතු කරන ආකාරය අනිත් අයට වඩා ගොඩාක් වෙනස්. මගේ පන්තිවලට සහභාගි වීම වැනි කරුණු නිසයි එහෙම වෙන්නේ. මා පමණක් නොව අපේ මුළු කණ්ඩායමම ගෙවන්නේ බොහෝ කාර්යබහුල ජීවිතයක්. හැබැයි අපි සියලු දෙනාම විනෝදයෙන් ඉන්න නිසා අපිට ඒ මහන්සිය දැනෙන්නෙ නැහැ. ජීවිතයේ සුන්දර හා අසුන්දර කියන පැති දෙකක් තියෙන බව මම දන්නවා. හැබැයි මම මේ කරන රුකියාවෙන් අතිශයින්ම තෘප්තිමත් වන නිසා ඒ පිළිබඳ ප්‍රශ්නයක් මගේ මනසේ නැහැ.   ශරිරයේ හැඩය පවත්වා ගැනීමට ආහාර පාලනයන් සිදුකළ යුතුයි නේද..? ආයතනයේ මේ සඳහා ප්‍රමිති ගතකර තිබෙනවාද..? නැහැ. ආයතනය විසින් ආහාර වේල ප්‍රමිතිගත කර නැහැ. සාමාන්‍යයෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට තමයි ඔවුන්ගේ මඟ පෙන්වීම. අනිවාර්යයෙන්ම ශිල්පිනියකගෙන් ශිල්පිනියකට තමන්ගේ ශරීරය අනුව ආහාර වේල වෙනස් විය යුතුයි.   මීළඟට මා හා පිළිසඳරට එක්වුණේ අමාලි වීරතුංග, ඇය චන්න උපුලී නර්තන කණ්ඩායමේ කාර්ය බහුල සාමාජිකාවක්. අමාලි නර්තන ශිල්පිනියක වීමේ අරමුණ කුමක්ද? චන්න උපුලී ප්‍රාසාංගික කලා පදනමේ නර්තන ශිල්පිනියක් වීමේ භාග්‍යය මට උදා කර දුන්නේ මගේ අම්මා. මේ කලා පදනමේ නර්තන ශෛලියේ පූජනීයත්වය සුවිශේෂීව පවතින නිසා මා මේ ආයතනයට එක්වන්න තීරණය කළා. ඇතැම් ආයතනවල ශිල්පීන් හෝ ශිල්පිනීන් මුදල් ඉපයීමට හෝ ජනප්‍රිය වීමට නර්තනය හදාරනව ඇති. ඒත් අපේ ආයතනයේ කාගෙවත් එහෙම අරමුණක් නැහැ.   අමාලි සංචාරය කර ඇති රටවල්වලින් කැමති රට කුමක්ද? ඉන්දියාව සංස්කෘතික හා කලාත්මක බවින් මැනවින් පෝෂිත රටක් වීම නිසා ඒ රට මගේ හදවතට ලොකු ළෙංගතුකමක් ඇති කරනවා. ශ්‍රී ලංකාව හැරුණු විට ජීවත්වීමට අවස්ථාවක් උදා වන්නේ නම් මා නොපැකිලිව තෝරා ගන්නේ ඉන්දියාවයි.   ළගන්නා සුලු කුඩා සිරුරක් හිමි ප්‍රසාදි පතිරණ සංවාදයට එකුවුණේ මෙහෙමයි. මාසයක් පුරා නර්තනයේ යෙදෙමින් ගතකළ ඩුබායි සංචාරය තුළ මා ගොඩාක් අත්දැකීම් ලැබුවා. විවිධ රටවල නර්තන ශිල්පීන් අපේ රටේ දේ අගය කරන විට ඇති වුණේ විශාල ආඩම්බරයක්. නර්තනය තුළින් ශ්‍රී ලංකාව අනෙක් රටවල් අතරට ගෙන යන්න මගෙන් පොඩි හෝ සහයෝගයක් ලැබුණා කියලා මට සතුටු වෙන්න පුළුවන්. ජෝර්ජියාවල කියුබාවල ඇමෙරිකාවල කෙන්යාවල තුර්කියල දකුණු අප්‍රිකාව වැනි නර්තන කණ්ඩායම් සමග මාසයක් පුරාවට සිටීමෙන් ඔවුන්ගේ නැටුම් ශෛලීන් හා උපක්‍රම ඇඳුම් පැළඳුම් වැනි දේ පිළිබඳව දැනුම එකිනෙකා අතරල බෙදා ගැනීමට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ ගෞරවය සහ අත්දැකීම් ලබා ගන්න උදව් වුණ චන්න උපුලී ගුරුවරුන් දෙපළටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.   අසේකා විජේවර්ධන චන්න හා උපුලි විජේවර්ධන ගේ දියණියයි. දෙස් විදෙස් ජයගත් නර්තන කණ්ඩායමක නියමුවන් වන්නේ ඔබේ දෙමාපියන්. ඒ පිළිබඳ අසේකාට දැනෙන්නේ මොන විදිහේ හැඟීමක් ද? ඔවුන් දෙපළගේ දියණියවීම මට මේ ක්ෂේත්‍රයේ මගේ අරමුණ කරා ඒමට මහඟු උපකාරයක් වුණා. යුවතියන් විශාල පිරිසක් මැද සිටිනා විට ඔවුන්ගේ දියණිය වීම මහ හයියක් වුවත් එයින් අයුතු ප්‍රයෝජන ගැනීමට කිසිවිටෙකත් මම සිතන්නේ නැහැ. ගොඩාක් තරගකාරී ක්ෂේත්‍රයකින් තමන්ගේ රට නියෝජනය කිරීමට වාසනාව ලැබූ මම ජීවිතයේ විවිධ කඩඉම් හා ජයග්‍රහණ ලැබීමටත් මගේ සිහින සැබෑ කර ගැනීමටත් උදව් වූ මා හා සිටින පදනමේ සියලුම නර්තන ශිල්පීන් හා ශිල්පීනියන්ටත්, මාගේ දෙමාපියන්ටත් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් හිස නමා කෘතඥතාව පළකරනවා.   රටේ ජනතාව ඔබ සිතන අන්දමට ඔබව දකින්නේ කෙසේද ? අපේ රටේ කලාව මුළු ලෝකෙටම ගෙනගියා. මේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරන්න නොබියව මුහුණු දුන් විශිෂ්ට ගණයේ කලාකරුවන් දෙදෙනාගේ දියණිය හැටියට රටේ ජනතාව මා දිහා බලනවා කියල මට දැනෙනවා. පූර්ණකාලීනව කලාවට අවතීර්ණ වූ පවුල් පසුබිමක් තුළ පවුල විසින් කලාවට දායාද කළ දේ එලෙසින් මා ඉදිරියට ගෙන යාවි යැයි ඔවුන් විශ්වාස කරනවා.   මී ළඟට මා හා කතාබහට එකතුවුණේ චන්න විජේවර්ධන. කොයි කාලෙද මෙම නර්තන කණ්ඩායමේ සංකල්පය අපේ රටට හඳුන්වා දුන්නේ ? අ‍සූ නමය අවුරුද්දේ. සාම්ප්‍රදායික නැටුම් පැවතුණු ඒ කාලේ ටෙලිවිෂන් මාධ්‍ය වෙනුවෙන් චලන නිපදවීම කරන්න ඕන කියන හේතුව මගේ හිතට ආවා. එවකට නර්තනය ලංකාවේ පැවතුණේ වැඩිපුර අඩි තියපු කලාවක් විදියට. සාම්ප්‍රදායික නර්තනයේ තිබුණු චලන හඳුනාගෙන ඒවා මම වැඩිදියුණු කළා. අද මං සතුටු වෙන්නෙ මුලදී මම වැරදියි කියපු අයම පසුකාලෙක ඒවා තවදුරටත් වැඩිදියුණු කරමින් අද එය ඒ අයගේ ජීවන වෘත්තීය බවට පත්කර ගැනීම පිළිබඳව. හැබැයි හරි අධ්‍යාපනයක් නොමැති සමහරු චලනය නිපදවූයේ කොහොමදැයි නොදැන අනුකරණයට ගොස් එම චලනවලට හානියක් කරනවා. මෙතැනදී තමයි සම්ප්‍රදායට හානි වෙන්නේ.   ඔබ විශේෂ යමක් උපයෝගීකර ගත්තාද රසිකයන් ආකර්ෂණය කර ගන්න ? පළමු පදනම සම්ප්‍රදායයි. දෙවැන්න සබරතාවෙන් යුත් අංග සම්පූර්ණ සිරුරක්. ශාරීරික අංග චලන (Body movements) තමයි තුන්වැන්නග සම්ප්‍රදායික නර්තනයේ ත්‍රීව්‍ර කරන්න අවශ්‍ය චිත්‍රය ජනතාවට පෙන්වීම සඳහා ඇඳුම් උපයෝගී කර ගත්තා.   ගැහැනු ළමයි විශාල පිරිසක් ඔබ ආයතනය යටතේ ජනතාව ඉදිරියට ගෙන යද්දී ඔබ ඔවුන්ගේ වගකීම් භාරගන්නේ කෙසේද? විනය තමයි ප්‍රධානම දේ. අපේ ශෛලීන් පූජනීය ශෛලියක්. එම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුවිලි පිරිසුදුයි. විශේෂයෙන්ම ජංගම දුරකථනය තහනම්. යම් ආයතනයක විනය ප්‍රශ්නයක් ඇතිවනවා නම් එකට මූලික හේතුව වන්නේ ජංගම දුරකතනයයි. යම් දෙයකට අවධානය යොමු කරගෙන ඉන්න කෙනෙකුගේ අවධානය ජංගම දුරකථනය විසින් මොහොතකින් කඩනවා.   නර්තන කණ්ඩායම මෙතෙක් සංචාරය කර ඇති රටවල් ගණන කීයද? දැනට මගේ යන්නේ එකොළොස්වෙනි ගුවන් ගමන් බලපත්‍රය. සාමාන්‍යයෙන් අනෙක් ළමයින්ගේ හය හෝ හත්වෙනි ගුවන් ගමන් බලපත්‍රයයි දැනට පාවිච්චි කරන්නේ. අපි කරන සංචාර ප්‍රමාණ පිළිබඳ මෙයින් වටහා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මුල්වරට යන රටක් ඉන් අනතුරුව හැම වසරකදීම අපිව ගෙන්වා ගන්නවා.   නර්තන කණ්ඩායමට ගැහැනු ළමයි තෝරා ගන්නේ කොහොමද? චන්න උපුලි ප්‍රසංග කලා නිකේතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතාව මත තමයි නර්තන කණ්ඩායමට බඳවා ගන්නේ. පංතියේදී හැම දිනකම අපි අලුත් චලන නිපදවනවා. චලනය හැදෑරීමට අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය අංගයක්. එහි නිමාවක් නැහැ. කොටින්ම කිව්වොත් උපුලී මගෙන් තවම ඉගෙන ගන්නවා. ඇයත් පංතියේ ශිෂ්‍යාවක්.   සංදර්ශනයේ ඇතුළත් පරිසරය අනුව නර්තනයේ යෙදෙන යුවතියන් කණ්ඩායම්වලට වෙන්කර තබනවාද ? එක් එක් රංග ශිල්පීන්ගේ දක්ෂතා මම දන්නවා. කළයුතු රංග වින්‍යාසය අනුව එයට ගැළපෙන අයව තෝරා ගන්නවා. උදාරණයක් ලෙස පැනීම් වැඩිපුර ඇති අවස්ථාවක ඒකට යොදවන්නේ වැඩිපුර එවැනි දක්ෂතා ප්‍රකට කරපු අය.   නව පරපුරට ඔබ දෙන අවවාදය කුමක්ද? සෑම මනුෂ්‍යයෙකුටම නිර්මාණ හැකියාවක් තිබෙනවා. දෙමාපියන් එම දොර විවෘත කර දුන් පසු එය භාවිත කිරීම එම මනුෂ්‍යයා සතුයි. යමෙකු නිර්මාණකරණයට යොමු වූ විට ඔහු හෝ ඇය තමාව සොයා ගන්නවා. එසේ සොයා ගිය විට තමයි දැනගන්නේ තමන් කොතෙක් දන්නවාද? කොතෙක් නොදන්නවාද යන වග. එම නිසා නොදන්නා දේ දැනගන්න අධ්‍යාපනයේ යෙදිය යුතුයි. හැබැයි කෙනෙකු අනුකරණය කළොත් කොපි කළොත්   තමන්ට තමන්ව නැති වෙනවා නිසැකයි.

සටහන - ඡායාරූප / පද්මකුමාර මෙත්තසේන



අදහස් (0)

ආයතනයක විනය පිරිහෙන්න මූලිකම හේතුව ජංගම දුරකථනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 403 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 42 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 228 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1089 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 318 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site