(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අයදුම්පත් කැඳවනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීමට නියමිතය.
සෑම අධීක්ෂණ කාරක සභාවක් සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකු පත් කර ගැනීමට අනුමැතිය ලැබී ඇත.
මේ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ට එම කාරක සභා විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් , වෘත්තීමය පළපුරුද්දක් සහ නිපුණතාවක් තිබිය යුතු බවත් අයදුම්කරුවන් අයදුම්පත් බාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතු බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කරයි.
අයදුම්පත් අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත්ද සමග 2023 ජනවාරි 09 දින හෝ ඊට පෙර ලැබෙන සේ “පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක්