ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා තවත් ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව කියයි.
ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාරික රෙගුලාසි තවදුරටත් ළිහිල් විය යුතු බව බැංකුව පවසයි.
2015 වසර දක්වා ගතවූ වසර 10 තුළ ආසියා සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 5.5ක් වටිනා වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ අතර, එමගින් මෙරට යටිතල පහසුකම්වල කැපී පෙනෙන සංවර්ධනයක් දක්නට ලැබෙන බවත්,වාර්තාවේ සඳහන් වෙයි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා ගතවූ මාස 10 තුළ දී ආසියා සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක මූල්‍යාධාර ලබාදී ඇති අතර, රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති සඳහා තවදුරටත් ආයෝජන සිදුකිරීමට සූදානම් බව ද එම වාර්තාවේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය වෙන්නැති...මම නම් ජීවිතේට කාටවත් ණය වෙලා නැහැ. එදා ඉඳලම කොරගෙන ගිය කුඹුර තාම කරනවා....එලෝලු ටික හදා ගන්නවා එළදෙනගෙන් කිරි ටික දොවා ගන්නවා...අනේ මන්දා මේ ගොල්ලෝ මෙච්චර ණය වෙන්නේ මොකද කියලා මම නම් දන්නේ නැහැ..(බ)
මම නම් දැකපු සංවර්ධනයක් නැහැ. මම රස්සාව කරන රටේ ඉඳලා වසරකට වතාවක් ගෙදර යනකොට මට හිතෙන්නේ එක්දාස් අටසිය ගණන් වල පාරක යනවා වගේ බණ්ඩාරවෙල සිට ඇටම්පිටිය පාරේ. (නි)
ශා ...අපේ ඇමති ගොයියන්ට රජ මගුල් තියෙයි, . ඊළඟ අයවැයෙන් අපේ අමුඩෙත් ගලවල දෙන්න වෙයි (බ)
රට වෙනුවෙන් අවංකව සේවය කරපු අයට ලැබෙන තෑග්ග. රටම හූරා කාපු අය නිදැල්ලේ. (බ)
මම දකින විදිහට ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ ඉතාමත් ලිහිල් , ආයෝජකයින් හට හිතකර පරිසරයක් දැනටමත් තියෙනවා. ඕනවට වඩා ලිහිල් කිරීමට යාම දේශීය නිෂ්පාදකගේ පැත්තෙන් බලන කල එතරම් හොඳ නැත. (බ)
ලැබෙන මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගෙන විධිමත් සංවර්ධනයක් කිරීම බලධාරින්ගේ වගකීමක්. රට නිසිමගට ගන්නම් හැම කෙනෙක්ම මහන්සිවී වගකීමෙන් අවංකව වැඩ කළ යුතුයි. ජපානය කොරියාව සිංගප්පුරුව මැලේසියාව හොද උදා හරණයක්. (බ)