බංග්ලාදේශයේදී මේ මස 11 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානය වමතින් පා දඟ පන්දු යවන රංගන හේරත් ට අහිමිව තිබේ. කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක පන්දු යවන්නකු වු හේරත්ගේ ස්ථානයට සීක්කුගේ ප්‍රසන්න කැඳවා තිබේ. ධම්මික ප්‍රසාද් සහ චානක වෙළගෙදරටද ශී‍්‍ර ලංකා සංචිතයේ ස්ථාන අහිමිව තිබෙන අතර සුරංග ලක්මාල් සංචිතයට එක්ව සිටියි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා දක්වා මීර්පුර්හීදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගිවන පළමු තරගය ඉන්දියාවට එරෙහිව මෙම 13 වැනිදා පැවැත්වේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, සචිත්ර සේනානායක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සීක්කුගේ ප්‍රසන්න සහ සුරංග ලක්මාල්
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආසියානු කුසලාන සංචිතයෙන් හේරත් හැළෙයි