චීනයේ මැකාවෝ නුවර පෙබරවාරි මස 23 සිට මාර්තු මස 1 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි.
ජාතික ශූර රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ සහ දිනේෂ් දේශපි‍්‍රය පිරිමි ඉසව් සඳහා සහභාගි වෙති.
පසුගියදා මෙම ආසියානු තරග සංචාරය ඉලක්ක කරමින් ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්ත මේස පන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තරගාවලි දෙකකට සහභාගි වූහ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ඉෂාරා මධුරංගි, උමායා තාරකි සහ එරන්දි වරුෂවිතාන තෝරා ගනු ලැබ ඇත.
මේ වසරේ ජාතික මේස පන්දු ශූරිය වන ඉෂාරා මධුරංගි අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන්නීය.
අනෙක් කී‍්‍රඩිකාවෝ දෙදෙනාම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියෝ දෙදෙනෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd