ආසියානු ස්කොෂ් ශූරතාවලියට (කණ්ඩායම්) සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම අද (30) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය හෙට (1) සිට මේ මස 5 වැනිදා දක්වා කුවෙට් රාජ්‍යයේදී පැවැත්වේ.
තරගාවලියට ආසියානු රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 15 ක් සහ කාන්තා කණ්ඩායම් අටක් සහභාගිවේ. ජාතික ස්කොෂ් ශූර නවීන් සමරසිංහ ශ්‍රී ලංකා පිරිමි පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික ශූරි ශාර්යා ගුරුගේ කාන්තා පිලේ නායිකාව වේ. තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කොළඹ ජිම්කානා ක‍්‍රීඩා සමාජ (සී.සී.සී.) ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී විශේෂ පුහුණු වැඩසටනකට ද සහභාගිවුහ.
සංචාරක ශ්‍රී ලංකා ස්කොෂ් පිල:
පිරිමි:
නවීන් සමරසිංහ, සමන් තිලකරත්න, ගිහාන් සුවාරිස්, ඩිල්ෂාන් ගුණවර්ධන
කාන්තා:
ශාර්යා ගුරුගේ, දමින්දි උඩන්ගාව, මිහිලියා මෙත්සරණී සහ නඳුනි ගුණවර්ධන
කපිතාන් ලසන්ත ද සිල්වා මහතා (කළමනාකරු) සහ බි‍්‍රගේඩියර් තිස්ස ජයසුරිය මහතා (පුහුණුකරු)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd