සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම (පිරිම)මේ මස 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි. තරගාවලිය මේ මස 16 වැනිදා සිට 24 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට සහභාගිවන රටවල් සංඛ්‍යාව 9 කි. තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, හොංකොං රාජ්‍යය, කසකස්තානය සහ උස්බකිස්තානය යන රටවල් තරග වදියි. පසුගිය වසරේ ශූරයන් වන බංග්ලාදේශය, සිංගප්පුරුව, චීන තායිපේ සහ සත්කාරක තායිලන්තය යන රටවල් ‘බී’ කාණ්ඩයෙන් තරග කරයි. සංචාරක ශ්‍රී ලංකා හොකී කණ්ඩායම: ඉසංක කුමාර ජයසුන්දර (නායක), නුවන් අංජු හේවගේ (උප නායක), තුසිත් දර්ශණ, ජී. ජී. ජයරත්න, ඞී. බී. දිසානායක, එන්.ඞී.ද සිල්වා, එම්.විජේසිංහ, මිලින්ද සපුගස්ගොඩගේ, එස්.එස්.පෙරේරා, පී.කේ.ධර්මරත්න, එස්.බී.විජේසේකර, දීපික වීරසුරිය, එම්.එම්.මුලාෆර්, ධම්මික අබේරත්න, හර්ෂ හෙට්ටිආරච්චි, උපුල් ප‍්‍රනාන්දු, එස්.එස්.ප‍්‍රියලංක, පී. පී. දිසානායක
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd