IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඇඟලුම් කම්හලේ තවත් 40 ක් ගැන විමසිල්ලෙන්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ  නමගිය  ඇඟලුම් ආයතනයක ‍ එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ  කොරෝනා ආසාදිත බව  හෙළි වී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සිව් දරු මවකටය. රෝගී කාන්තාව හා ඇසුරු කළ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය බලධාරීන් විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිව් දරු මවක වන මෙම සේවිකාව හා සමීපව ඇසුරු කළ අනෙක් සේවිකාවන් 42 දෙදෙනෙකුගේ   පවුල්වල සාමාජිකයන්ද  නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.

මෙම කාන්තාවගේ  පියාල ස්වාමියා හා දරු සිව් දෙනා හබරාදූවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය  වෙත යොමු කිරීමට පියවර ගනු ලැබ තිබේ.

හඳුනාගත් කාන්තාව  මිනුවන්ගොඩල බාඳුරාගොඩ ප්‍රදේශයේ සිට ගමන් ගන්නා සේවක ප්‍රවාහන රියකින් සේවයට යන බවද, එම රථයේ 35 දෙනෙකු ගමන් ගන්නා බවද වාර්තාවේ. වැඩ පරීක්ෂකවරියක වන  කොරෝනා ආසාදිත කාන්තාව, 20 දෙනෙකුගේ සේවය පිරික්සීමේ රාජකාරියේ යෙදී ඇතැයි ද හෙළි වී තිබේ.⁣ගම්පහ දිස්ත්‍රික්කකය පුරා වෙසෙන විශාල පිරිසක් මෙම ආයතනයේ සේවයකරන බවද අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව පසුගිය 30 වැනිදා කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටින අතරදී රෝගාතුර වීමෙන් පසු ආයතනයේ බලධාරීන් විසින් ඇයව ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

ඔක්තෝබර් 01 වැනිදා ඇය පී. සී. ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු දෙවැනි දා නිවස කරා පැමිණ ඇතග එහෙත් ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී'ඇත්තේ  3 වැනිදා (ඊයේ) ලැබුණු වාර්තාවකිනි. ඒ සමගම සෞඛ්‍ය බලධාරීන් ඇය අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් අතර ඇගේ පවුලේ පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබිණ.

මෙම සේවිකාව හා සමීපව කටයුතු කළ අනෙකුත් සේවක සේවිකාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති අතරම ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය බලධාරීහු කියති.

කොරෝනා ආසාදිත කාන්තාවකගේ දරුවන් දෙදෙනකු දිවුලපිටිය හා ගල්කන්දේ පාසල් දෙකක ඉගෙනුම ලබන අතර එම දරුවන් හා සමීපව කටයුතු කර ඇති සෙසු පාසල් සිසුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. එමෙන්ම ඇය ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී සේවයේ යෙදී සිටි රෝහල් කාර්යමණ්ඩලයේ 15 ක පමණ පිරිසක් ද  නිරෝධායනය  කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය බලධාරීහු කියති.

දිවුලපිටිය  හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දිවුලපිටිය  හා මිනුවන්ගොඩ ප්‍රදේශය හරහා ගමන් කිරීම ද නවතා දමා ඇති අතර මාර්ග බාධක යොදා පරීක්ෂණ  කටයුතු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.



අදහස් (8)

ඇඟලුම් කම්හලේ තවත් 40 ක් ගැන විමසිල්ලෙන්

Perer Sunday, 04 October 2020 09:59 AM

ලංකාවේ අපිට කොරෝනා ඉක්ක්මනට ම අමතක උනා. දෙවන රැල්ල එකක් ගැන හිතුවේ නෑ.

:       0       18

lal Sunday, 04 October 2020 11:33 AM

එක්කෙනෙක් හාල් බැග් 4ක් අරගෙන යනවා. මොනවා වුනත් කාලම මැරෙන්න හදන ජාතියක්.

:       8       7

KK Sunday, 04 October 2020 10:14 PM

කොවිඩ් -19 වැලදී ඇති සේවකයන් පමණක් නොව මෙම කර්මාන්ත ශාලාව සියලු දෙනා PCR පරීක්ෂණයකින් පසු සමගම සති 2ක් වසා දැමීමට කට යුතුකල යුතුවේ. වෛරසය සරීර ගතවූ පසු එක් එක් පුද්ගලයාගේ " power of the immune system " අනුව රෝග ලක්ෂණ මතුවේ. සමහර පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ කලද වෛරසය සරීර ගතව නැතිබවට සදහන් උවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ සරිරයේ මෙම වෛරසය ඇත. මේවන විට වෛරසය බොහෝ පිරිසකට බෝවී ඇතත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවා වෙන්නට ඇත. ලෝකයේ වෙනත් රටවල වරක් වෛරසය වලදී 100% සුවවූ පුද්ගලයන් හට නැවත වෛරසය මතුවී ඇත. එයට හේතුව නම් මෙම වෛරසය පුද්ගලයන්ගේ සරීරය තුල රැදී සිටීම වේ. දෙවන කොවිඩ් -19 වෛරසය පළමු වටයට වඩා ශක්තිමත්වී ඇතිබව කියවේ.

:       0       1

Demuni Uduwara Sunday, 04 October 2020 12:49 PM

වර්ල්ඩ්මීටරයට අනුව මාස 1 වන දින සිට පරීක්ෂණ සිදු කර නොමැත .මෙම බැක්ටීරියා වසංගතය ගැන අවතක්සේරු නොකළ යුතුය. අසල්වැසි ඉන්දියාව දෙස බලන්න.

:       3       12

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 04 October 2020 11:22 PM

බොහෝ මිනිසුන් මුඛ ආවරණ දමන්නේ බෙල්ලට. සමහර දෙනා දාන්නේම නැහැ. එක්තරා ජාතියක මිනිසුන්ට මුඛ ආවරණ අරහන්. ඒ ජාතියේ කාන්තාවන් මුළු පංචස්කන්ධය ම වහගෙන. ඒත්, අවශ්‍ය තැන් විවෘතයි. මොවුන් කෙසේ හදන්නද .. ?

:       0       2

Kelona Samarasinha - Baralasgamuwa Monday, 05 October 2020 02:43 AM

මේ ඇඟලුම් ආයතනයට නම මොකක්ද.?

:       0       0

මෝ Monday, 05 October 2020 02:48 AM

ලංකාවේ මිනිසුන් අනාගනිමින් සිටිති. විනාශය අත ලග. ඒත් කෝ මාස්ක්, කෝ සමාජ දුරස්ත බව. කෝ අත් හෝදනවා. අපි ඉගෙනගන්නේ කවදා ද?

:       0       2

Bamunuarachchi Monday, 05 October 2020 02:58 AM

මේ කර්මාන්තය කරන අය විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 39 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 398 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 276 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 149 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 692 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 168 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1011 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site