මාස 18ක් වයසැති තම පුතු සමග පසුගියදා සවස් යාමයක කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර උද්‍යානයකට පැමිණෙන මවත් පියාත් දරුවනට නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ හරිති. තරමක් දුරස්ව තම පුතුගේ ක‍්‍රියාකාරකම් වීඩියෝ ගත කරන පියාගේ කැමරාවට අහසේ පියාඹන විශාල උකුස්සකු හසුවේ. ගතවූයේ නිමේෂයකි. වහා පහත්වන උකුස්සා දරුවා රැගෙන යෑමට උත්සාහ කරයි. අඩි කිහිපයක් ඉහළට රැගෙන යන දරුවා මවගේ කෑ ගැසීම හමුවේ අතහැරී බිමට වැටෙයි. මේ වීඩියෝව බොරුවකියි බොහෝ දෙනෙක් තියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කැමරා මායාවක් (දී)
තාත්තා වීඩියෝ කරලා තියෙන්නේ ළමයාව නෙමෙයි වගේ, මට නම් හිතෙන්නේ උකුස්සාවයි අරගෙන තියෙන්නේ වීඩියෝ එකට. (නි)
ඇයි අහලා නැද්ද, බුද්ධ කාලයේ සිදු වූ සිදුවීමක්? පටාචාරා කතා වස්තුව... එහිදී ඇයගේ එක දරුවෙකු උකුස්සෙකු ඩැහැගෙන ගිය බව සදහන් වේ. මෙවැනි දෑ බොරු යැයි ප්‍රතික්ෂේප කළ නොහැකියි. (නි)
මූ උකුස්සෙක් වුණ නිසා බේරුණා. බැරිවෙලාවත් ඕක ලංකාවේ සුදු වෑන් එකක් වුණා නම්.... (නි)
ඔන්න පුතේ උකුස්සෙක්... හා හා බලාගෙන.... (නි)
මේක බොරුවක්. (නි)
ගෝල්ඩන් ඊගල් කියන රාජාලියා තමයි ඔය වීඩියෝ එකේ ඉන්නේ. උන් ලංකාවේ නැහැ. වැඩිපුර මොන්ගෝලියාවේ දැකගන්න පුලුවන්. ගෝල්ඩන් ඊගල්ට පුළුවන් එළුවන්, බැටළුවන්, නරියන්, වෘකයන් පවා දඩයම් කරන්න. අන්තර් ජාලයේ පොඩ්ඩක් විමර්ෂණය කරලා බලන්න. (නි)
උකුස්සෙක් බිමට පහත්වෙන වේගය තටු ගහන්නෙත් නැතුවම එකපාරටම වෙනස් වෙන්නෙ කොහොමද? (නි)
මම හිතන්නේ මේ කතාව අත්තක් (දී)
මේක හදපු වීඩියෝ එකක්.. ඒක හදපු දෙන්නත් පුදුම වෙලා මේ වීඩියෝව මෙච්චර ජනප්‍රිය වීම ගැන එක රැයින්ම.. මේ ලිපියේ සියළුම විස්තර තියෙනවා..!(නු) www.guardian.co.uk/world/video/2012/dec/20/eagle-snatches-baby-students-hoax-video?CMP=twt_fd
වැඩිය හිතන්න දෙයක් නැහැ. මොන තාත්තද තමන්ගේ දරුවා උකුස්සෙක්ව අරන් යද්දී කැමරාවක් උස්සගෙන දගලන්නේ? (නි)
ළමයට වැඩිය උකුස්සට ආදරයෙන් වීඩියෝ එක කරලා තියෙන බවයි පෙනෙන්නේ. (නි)
චැනල් 4 එකේ තවත් වැඩක් (නු)
මේ වීඩියෝව බොරුවක් කියලා මම කියනවා. මේ වීඩියෝ එක ළං (සූම්) කරලා බලපුවහම පේනවා උකුස්සාගේ පිහාටු නැති වෙනවා සහ උකුස්සාගේ හෙවනැල්ල හිටපු ගමන් පොළව මත වැටෙනවා. මේ වීඩියෝව හුගක් ප්‍රසිද්ධ වුණා. නමුත් අගනා නිර්මාණයක්. (නි)
ඔන්න බබෝ උකුස්සො එනවා.. සෙල්ම් කරන ළමයි අල්ලන් යනවා..(අම්මා) අමිමි බොරු ටෙක් කතා එපා බොරු කියා මා නලවන්න එපා..!(පුතා)(නු)
පියාඹන බොරුවක්. (නි)
අනේ උකුස්සෝ, පැටියව තියලා නෝනව උස්සගෙන යන්නකෝ. (නි)
අර හදට ගියා වගේ එකක්ද කොහෙද?(නු)
මේක කැනඩාවේ ඇනිමේශන් පාඨමාලාවක් හදාරන හතර දෙනෙක් නිර්මාණය කරපු වීඩියෝ එකක්. අන්තිම රාමුවල පෙන්වන දරුවා සහ පියා හැර අනිත් දේවල් නිර්මාණය කරපු දේවල්. අන්තර්ජාලයේ හොයලා බැලුවොත් ඇත්ත හොයා ගන්න පුලුවන්.(නු)
පුදුමයි. ඒ උකුස්සෙක්ද? (නි)
උකුස්සා නිසා අත්හැරලා ගියා කියලා හිතාගන්න. (නි)
මම ඉන්නේ ප්‍රංශයේ.. ඒ අය කතා කරන්නේ ප්‍රංශ භාෂාව.. කැනඩාවෙ අය ගොඩක් ප්‍රංශ භාෂාව කතා කරනවා.. ළමයාගේ තාත්තා නෙමයි ඕක කැමරා කරලා තියෙන්නේ? එතැන හිටපු වෙන කෙනෙක්.. එයා ඇවිත් ළමයාගෙ තාත්තගෙන් අහන්නේ ළමයාට කරදරයක් නැහැ නේද කියලා..!(නු)
බලන්න මේක..!(නු) http://www.bbc.co.uk/news/world-us-canada-20794346
කෝ මේකේ ළමයා සෙල්ලම් කරනවා දාල නැහැ නේ (දී)
ඇත්ත වුණත් බොරු වුණත් මේ වගේ සිදුවීම් දකින්න කාටවත් සිද්ධ වෙන්න එපා.හද කම්පා කරවනවා (ස)
බොරු නෙමෙයි. කුඩා දරුවා, කුඩා සතෙක් වගේ උකුස්සාට පෙනුනා වෙන්න පුලුවන්. (නි)
මේක කැනඩාවේ ශීත ඍතුව. මේකෙදී තණකොළ වැවෙන්නෙ නැහැ. (නි)
බොරුවක් කියන්නමත් අමාරුයි. (නි)
සමහරවිට වෙන්නත් පුලුවන් නේද? (නි)
පොඩි දවස් වල නම් අපි මෙහෙම කතා අහලා තියෙනවා. (නි)
ඇස් පනාපිට ඔප්පු වන රස කතා.. (නි)
මේක කැනේඩියානු ළමයි කරපු ව්‍යාපෘතියක්. (නි)
අතීතයේත් මෙවන් දේ සිදුවී තියෙනවා (දී)
මෙතරම් දුරක සිට උකුස්සාව වීඩියෝ කරනවද? (නි)
ඇත්ත වෙන්න ඇති
මේක බොරුවක් වෙන්න ඇති. (නි)
මට නම් හිතෙන්නේ ඇත්ත වගෙයි. (නි)
ඇත්ත වෙන්නත් පුලුවන්. (නි)
දරුවාට නිය පහරක් හෝ වැදී තිබේද? (නි)
මේක බොරුවක් නෙමෙයි. හොදින් බලන්න. (නි)
මේක ඇත්ත වගෙයි නේද? (නි)
අපිත් ඉන්නේ කැනඩා වල. හැබැයි මෙහෙම දෙයක් අපිට නම් ආරංචි වෙලා නැහැ. (නි)
ඒ උකුස්සාව වීඩියෝ කරලා තියෙන්නෙත් තාත්තාමද? (නි)
මෙය බොරුවක් බව ටිකක් විතර හිතන්න පුළුවන්, අම්මගෙයි, තාත්තාගෙයි ඒ වෙලාවේ දක්වන ප්‍රතිචාර බැලුවම, උකුස්සෙක් ළමයෙක්ව අරන් යන්න හදනවා කියන්නේ ඇග කිළිපොලායන දෙයක්. ඒත් මෙයා ඒක එකදිගට රුපගත කරනවා. (උකුස්සා එක පාරට හැරිලා ආපු ගමන් ගොදුරු කර ගන්නේ නැහැ) උකුස්සෝ ගොදුර දිහා උඩ ඉදල බලාගෙන ඉදලයි පහත් වෙන්නේ, නමුත් මේකේ වෙන දිහාවකට යනගමන් එක පාරටම හැරිලා ඇවිත් ලමයව උස්සනවා, ඒක දකින අම්ම ප්‍රතිචාර දක්වන්නේත් ගොඩක් හිමින්, රගපෑම දුර්වලයි, ඒත් සංස්කරණය හොදයි. (නි)
උකුස්සන් ලොකු කුකුලන්ව අල්ලගෙන යනවා මම දැකලා තියෙනවා. මට හිතෙන්නෙ මේක ඇත්ත. (නි)
මේක මමත් බැලුවා. මේක පරිඝනක ජිල්මාට් එකක් කියලයි මම නම් කියන්නේ. (නි)
මේක ඇත්ත. මේක මේ පැති වල සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. (නි)
මට පෙනෙන විදිහට නම් මේක සත්‍ය සිදුවීමක්. (නි)
මේක හදපු වීඩියෝ එකක්ලු. හැදුවේ මොන්ටි‍්‍රයල් වල ඉස්කෝලෙක ළමයි වගයක්ලු. ඇත්තක් නොවෙයිලු. (නි)