IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇදුරු රැල්ලට විපක්ෂ නායකයෝත් එති

සරසවි ආචාර්යවරුන්ගේ හා ඔවුනට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ ඒකාබද්ධ රැලිය කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (28)පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ, සරත් ෆොන්සේකා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු විපක්ෂ දේශපාලනඥයෝ ඊට එක් වී ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනිමට සිය සහාය පළ කළහ. මෙම රැලියට ගාලු පාරෙන් හා නුවර පාරෙන් සෙනඟ පැමිණිම නිසා අද පස්වරුවේ සිට කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් ඇති විය.



අදහස් (0)

ඇදුරු රැල්ලට විපක්ෂ නායකයෝත් එති

තාරක Saturday, 29 September 2012 07:28 AM

අනේ මන්දා

:       0       0

රංජිත් Saturday, 29 September 2012 08:00 AM

ආණ්ඩුව නුසුදුසු වැඩ කරනකොට එයට විරුද්ධ වීම විපක්ෂයේ වගකීම. ඒ නිසා මේක මම නම් දකින්නේ රටක විය යුතු දෙයක් ලෙසයි. දැන් මේවා කියලා වරඩක් නැහැ. නමුත් මේකේ ලියන අය නොදන්නා දේවල් කියන්න එපා. (නි)

:       0       0

සම්පත් Saturday, 29 September 2012 08:18 AM

විපක්ෂය කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන සිටිය යුතු පිරිසක් තමා..(නු)

:       0       0

කමල් Saturday, 29 September 2012 08:52 AM

ඔන්න දැන් ආචාර්යවරුන්ටත් විපක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න පුලුවන්. (නි)

:       0       0

චාමර Saturday, 29 September 2012 08:59 AM

අවුරුදු 15 කට කලින් 3.5% අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළා. දැන් 1.8%යි. මේ රටේ විභාග වල දැඩි තරගකාරිත්වයක් තියෙන්නේ. උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි කරලා තව සිසුන් පිරිසකට අවස්ථාව දෙන්න පුළුවන්. (නි)

:       0       0

හසිත Saturday, 29 September 2012 09:00 AM

සුමාල් වගේ හිතන අය ඉන්නකල් රටට දෙයියන්ගේම පිහිටයි. රැළියට ජය වේවා! (නි)

:       0       0

කසුන්-ලක්සම්බර්ග් Saturday, 29 September 2012 09:32 AM

පාලක පක්ෂය වම් අත පෙන්නලා මේ තියෙන්නෙ දකුණ කිවුවත් පිළිගන්න මිනිස්සු ඉන්න රටක අනාගතය ගැන ඉතින් කවර කතාද? ඉතිහාසය තුළ කිසිම ඉල්ලීමක් අරගලයකින් තොරව රිදී බන්දේසියක තබා පාලකයන් ලබා දී නැත. කුඩා දරුවන් යමක් ඉල්ලා හැඩීමද එක් අතකින් බැලූ විට අරගලයකි. එය සුදුසුද නුසුදුසුද ඉටුකළ හැකි ඉල්ලීමක්ද සොයාබලා කටයුතු කිරීම මාපිය යුතුකමකි,වගකීමකි. මේ අරගල අතර සිටින්නේ කුඩාදරුවන් නොව රටේ උගතුන් බුද්ධිමතුන්ය. එනයින් බැලූකල මේ ගැටළු ඉතා පහසුවෙන් විසදා ගත හැකිව තිබුණු බව නම් පැහැදිලිය. ජනතාව පාරම්පරික දේශපාලනයෙන් මිදෙන තුරු රටේ ප්‍රශ්න දෙස බලන ආකාරය වෙනස් නොවනු ඇත. යම් දේශපාලන පක්ෂයකට මනාප වීම තම මාපිය උරුමයෙන් ලැබුණක් යන මතය වෙනස් කරගත යුතු කාලය ඉක්මයමින් තිබේ. බුද්ධියට අවනතව සිතා බලන්න. (නි)

:       0       0

කීර්ති Saturday, 29 September 2012 09:34 AM

මෙම පාලනය භංග වේවා! (නි)

:       0       0

මහින්ද Saturday, 29 September 2012 09:40 AM

සිංහලයිනි නැගිටියවු. ස්වභාෂා පාසල්, විශ්ව විද්‍යාල රැකගනිවු. (නි)

:       0       0

ප්‍රේමා Saturday, 29 September 2012 09:48 AM

මෙතන දේශපාලන ස්වරූපයක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Saturday, 29 September 2012 09:55 AM

මෙතන ප්‍රතිචාර දාලා තියෙන හුගක් අය ආණ්ඩුවම පක්ෂයි වගේ. (නි)

:       0       0

අමල් Saturday, 29 September 2012 08:14 PM

අපේ රටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ දරුවෙකුගේ ජීවිතේ හෝ රටේ අනාගතය වැදගත් නැහැ.. (නු)

:       0       0

වසන්ත Saturday, 29 September 2012 10:01 AM

1987, 1988, 1989 කාලයේ කරපු විදියටම තව ටික කාලයකින් වැඩ පටන් ගනීවි. බලය තරමටම මොළය පාලකයන් ලළ ඇත්තෙ නැහැ. (නි)

:       0       0

සුනිල් Saturday, 29 September 2012 10:15 AM

මරේ මරුනේ. නියම කට්ටිය එකතු කරගෙන අයිතින් දිනා ගන්න යන්නේ. (නි)

:       0       0

සහන් Saturday, 29 September 2012 08:17 PM

මේකෙ උඩ ප්‍රතිචාර දාලා තියෙන මෝඩයින්ට එයාලගෙ ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන දවසට තේරෙයි මොකක්ද මේකෙ තේරුම කියලා. (නි)

:       0       0

සහන් Saturday, 29 September 2012 08:24 PM

මේකෙ අදහස් දාල තියෙන අයට ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන දවසට තේරෙයි මොකක්ද මේකෙ තේරුම කියලා...(නු)

:       0       0

මාලිංග Saturday, 29 September 2012 10:25 AM

එල්ලෙන්න වැල් නැතුව සිටිය අයට වැලක් හම්බුවෙලා. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 September 2012 10:20 AM

මේ අය ආණ්ඩු පක්ෂයේ හිටියා නම් අද මෙහෙම මෙතන ඉදීද? (නි)

:       0       0

නිරාන් Saturday, 29 September 2012 10:35 AM

ඒකාධිපති පාලනය වහා අවසන් කළ යුතුයි. (නි)

:       0       0

කුමාරි Saturday, 29 September 2012 10:37 AM

රු. 15,000 පඩි ගන්න බහුතරය ඉන්න රටක රු. 1,00000 ට වඩා පඩි ගන්න ගන්න වැටුපට සේවයක් නොකරන අතලොස්සකට කඩේ ගිය මහා ප්‍රභුවරුනි, පුද්ගලික අංශයේ මැරි මැරී වැඩකරන ජනතාව ගැන ඔහේලට ඔය කැක්කුම නැත්ද? ඔබ නැගී හිටින්නේ මොන පන්තිය වෙනුවෙන්ද? (නි)

:       0       0

යසිත් Saturday, 29 September 2012 10:41 AM

ඔය ඉන්නේ ඇදුරෝ ටික... (නි)

:       0       0

රෝහණ Saturday, 29 September 2012 09:13 PM

සංජය මල්ලි.. ඔය කාලෙට ඔහොම හිතෙනවා.. සිලබස් වෙනස් කරන්නවත් පුද්ගලික විශ්වවිද්‍යාල පිළිබදවවත් ගැටලුවක් නෙමෙයි තියෙන්නේ මෙයාලගේ වැටුප වැඩිකරගැනීම පිළිබද ගැටළුවක්..!(නු)

:       0       0

සෙනා Saturday, 29 September 2012 09:08 PM

සුගත් ඔහොම කියලා අපි අවුරුදු තිහක යුද්ධයක් කළා. ඒ කතා දැං හරියන්නේ නැහැ.. පළමුව මොකටද එන්නේ කියලා බලන්න..!(නු)

:       0       0

නන්දන Saturday, 29 September 2012 11:15 AM

කමල් මහත්තයෝ, එල්. ටී.ටී. එකේ අය අද ඇත්තටම මොන පක්ෂයේද ඉන්නේ. ඔයාට මතක නැහැ වගේ නේද. ඔහොම තමයි, ඔහොම තමයි. ඔයාලා ආරක්ෂා කරන පාලකයන් නිවැරදිව හා සාධාරණව පාලනය කළා නම් මේ කිසි ගැටලුවක් නැහැ නේද? (නි)

:       0       0

පරාක්‍රම Saturday, 29 September 2012 09:19 PM

මොනවා කිව්වත් දැං අපිට මේක ගැන තියෙන්නේ දෙගිඩියාවක්..!(නු)

:       0       0

ශක්ති Saturday, 29 September 2012 11:29 AM

ස්ට්‍රයික් කරපු කාලයට පඩි එපා. (නි)

:       0       0

ගාමා ගාමිණී Saturday, 29 September 2012 11:48 AM

ඔය මහ සෙනගක්යැ. පහුගිය කාලෙ සෙනග ආවෙම නැති දේශපාලන පක්ෂ වලට විශ්ව විද්‍යාලෙ කොල්ලොන්ට පිං සිද්ධ වෙන්න ඔය නම් මහ සෙනගක් තමයි. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් ලු. (නි)

:       0       0

ශෙහාන් Saturday, 29 September 2012 12:53 PM

ආණ්ඩුව ජනතා විරෝධී මගක යනවිට විපක්ෂය එයට විරුද්ධ විය යුතුයි. එනිසා විපක්ෂයේ මැදිහත්වීම සාධනීයයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සල්ලි වෙන් නොකරන ආණ්ඩුව මෙතනදී කොහොම එකක්ද කියලා පැහැදිළියි. (නි)

:       0       0

ආර්.එම්.ප්‍රදීප් සංජය Saturday, 29 September 2012 01:36 PM

මම කොළඹ සරසවියේ කලා අංශයේ තුන්වන වසර ඉගෙන ගන්නා අයෙක්.. අද වෙනකොට මේ වර්ජනයට මාස තුනක් වෙනවා අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයත් සමග. මේ වෙනතෙක් මේකට විසදුමක් දෙන්න බැරිවෙලා තියෙනවා.. මේකට හේතුව රජයට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට තිබෙන අවශ්‍යතාවයයි.. (නු)

:       0       0

පරාක්‍රම විතානවංශ Saturday, 29 September 2012 01:37 PM

දැන් කට්ටියට පැහැදිලියි නේද(නු)

:       0       0

ජීව Sunday, 30 September 2012 03:35 PM

සරත් ෆොන්සේකා මැතිතුමාත් මේකට සහයෝගය දක්වනවා නම් ඇමරිකාවෙනුත් මේ සම්බන්ධයෙන් උදවු ගන්න පුළුවන් වෙයි. අවශ්‍ය නම් ආයුධත් ගෙන්න ගන්න පුළුවන්. වික්‍රමබාහුත් ඉන්න එකේ, තමිළ්නාඩුවෙනුත් උදවු ගන්න බලන්න. (නි)

:       0       0

ෂෙරීෆ් Saturday, 29 September 2012 11:15 PM

ආදිවාසී ජනයා හැරෙන්නට අනෙක් සියල්ලෝම මෙතන ඉන්නවානේ. (නි)

:       0       0

සුගත් Saturday, 29 September 2012 02:30 PM

මේ සටන පිටිඅස්සේ ඉන්නේ කවුද කියන එක නෙවෙයි, ප්‍රශ්ණය මොකක්ද කියලා හොයල බලන්න. පිටිපස්සේ කවුරුන් හිටියත් කමක් නැහැ, අරමුණ හොඳ එකක් නම්.මේ සටන ජයග්‍රහණයකින් කෙළවර විය යුතුයි. (නි)

:       0       0

සේනාරත්න Monday, 01 October 2012 03:23 PM

මේක රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් විය හැකියි (නි)

:       0       0

කළණ ජේ. Friday, 28 September 2012 08:21 PM

හයිඩ් පාක් එකට 500ක් දැම්මත් 5000ක් වගේ පේන්නෙ. අන්තිමට ආචාර්යවරුන්ගේ හම ගියා. කොහෙන්වත් පාත් වුණු බංකොලොත් දේශපාලඥයින්ගේ නම ගියා. ඇදුරුකම එන්.ජී.ඕ. කාරයෝ, ත්‍රස්තවාදියෝ වෙනුවෙන් ජිනීවා ගිය මිනිස්සුම, මමීනිමරුවන් ඉස්සරහා තුට්ටු දෙකට විකිණුනා. (නි)

:       0       0

චරිත Saturday, 29 September 2012 02:42 PM

අද පීඨ වල උගන්වන්න ප්‍රමාණවත් දේශක‍යෝ නැහැ. එයාලා රැලි වලට ගිහිල්ලා (නි)

:       0       0

මධු Friday, 28 September 2012 08:39 PM

දුෂ්ට පාලනය භංග වේවා! (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 September 2012 08:43 PM

අපි මෙයාලට ආයෙත් කුමාරෝදය උගන්වමුද? (නි)

:       0       0

අනුර Friday, 28 September 2012 08:54 PM

ලැජ්ජා නැද්ද මන්දා? (නි)

:       0       0

සමරහේවා Monday, 01 October 2012 11:17 AM

සමහර ඉල්ලීම් සාධාරණ නෑ (ස)

:       0       0

ඉන්දික Friday, 28 September 2012 08:50 PM

මිනිසුන් විසින් අතීතය අමතක කර හමාරයි (නි)

:       0       0

භාග්‍යා Saturday, 29 September 2012 02:58 PM

දැන් සමහරු චීවරය‍ටවත් ගරු කරන්නෙ නැහැ (නි)

:       0       0

සුරංග Friday, 28 September 2012 08:58 PM

පළමු ඡායාරූපයේ කලු කණ්ණාඩි දාගෙන වාඩිවෙලා ඉන්නේ කවුද කියන්න පුලුවන්ද? (නි)

:       0       0

රෝහණ Friday, 28 September 2012 08:58 PM

දැන් කට්ටියට පැහැදිලියි නේද? (නි)

:       0       0

සුනිල් Friday, 28 September 2012 08:59 PM

නයි, මුගටි ඔක්කොම එකම බෝට්ටුවක.... (නි)

:       0       0

කමල් Friday, 28 September 2012 09:06 PM

මෙතන ටී.එන්.ඒ. එකයි එල්.ටී.ටී.ඊ එකයි විතරයි අඩු..!(නු)

:       0       0

සුමිත් Friday, 28 September 2012 09:06 PM

දැන්නම් ඔක්කොම ඉල්ලීම් ටික ලැබෙයි..!(නු)

:       0       0

සමිත් Friday, 28 September 2012 09:02 PM

මේක පිටුපස කවුද ඉන්නේ කියන එක දැං හොදටම පැහැදිළියි..!(නු)

:       0       0

සේනා Friday, 28 September 2012 09:09 PM

ළමයින්ගේ අධ්‍යාපනයත් සමග දේශපාලනය කරන්න එපා..!(නු)

:       0       0

රාජා Saturday, 29 September 2012 03:16 PM

ගිලෙන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවා. (නි)

:       0       0

ප්‍රභෝධ Friday, 28 September 2012 09:10 PM

නිදහස් අධ්‍යාපනය රුකගන්න ඇදුරන් කරන සටනට මම ආශිර්වාද කරනවා.. සටන දිනන තුරු මොන භාදක ආවත් අපි ඔබ සමග ඉන්නවා..! දේශපාලන පක්ෂ සම්බන්ධ කර නොගන්නවානම් හොදයි කියලා හිතෙනවා.,!(නු)

:       0       0

කුමාර Friday, 28 September 2012 09:12 PM

බලන් ගියහම මේකත් අමුතුම සෙල්ලමක්නේ. (නි)

:       0       0

සිල්වා Friday, 28 September 2012 09:12 PM

ඔය ඉන්නේ තල්ලුව දීපු කට්ටිය... (නි)

:       0       0

සුමාල් Friday, 28 September 2012 09:08 PM

වැටුප වැඩි නොකර 6% අධ්‍යාපනයට වෙන් කලා නම් මේ අය හොයාගන්නවත් නැති වෙයි.!(නු)

:       0       0

සෑම් Friday, 28 September 2012 09:09 PM

ලෝක පුදුමයක්. (නි)

:       0       0

චින්තක Friday, 28 September 2012 09:18 PM

ගාල්ලේදී - ඇදුරන් ඇත. දේශපාලකයන් නැත. කොළඹදී - දේශපාලකයන් ඇත. ඇදුරන් නැත. (නි)

:       0       0

පබා Friday, 28 September 2012 09:28 PM

ලංකාවට විප්ලවයක් අවශ්‍යයි. (නි)

:       0       0

සමන් කොළඹ සිට Friday, 28 September 2012 09:31 PM

ගහගෙන යනකොට එල්ලෙන්න වැලකුත් එපායැ.එල්.ටී.ටි.ඊ. එකෙනුත් ඔතන ඇති සමහරවිට. (නි)

:       0       0

හේරත් Friday, 28 September 2012 10:02 PM

රට කමු - අපි හැදෙමු. (නි)

:       0       0

නෙළුම් Saturday, 29 September 2012 04:03 PM

හැමදෙනාටම එක දෙයක් අමතක වෙලා වගෙයි (නි)

:       0       0

ප්‍රැන්සිස් Friday, 28 September 2012 10:14 PM

මේ රුළියට දායකත්වය දුන්න දේශපාලන නායකයින් තමන්ගේ පටු දේශපාලන අරමුණු කරා දුවන්නන් බව මා නොපැකිලිව කියන්න කැමතියි..!(නු)

:       0       0

වසන්ත Friday, 28 September 2012 10:08 PM

අපේ ඇදුරුතුමාලත් බංකොලොත් දේශපාලනයට යට වුණා! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 28 September 2012 10:23 PM

ආචාර්යවරු කාගේහරි හොද ලණුවක් කාලා වගෙයි පෙනෙ‍න්නේ. (නි)

:       0       0

සිසිර Friday, 28 September 2012 10:26 PM

රුවන් මහත්තයත් ඉන්නවා.. මෙන්න රටට ඕන සැබෑ නායකයෝ.. ඇදුරු සටනට ජය වේවා..!(නු)

:       0       0

ජීව Friday, 28 September 2012 10:46 PM

ඔය ඇවිල්ල තියෙන්නෙ බළළ්ලු ටික මල්ලෙන් එළියට... (නි)

:       0       0

සේනානායක Friday, 28 September 2012 11:24 PM

වෙන වැඩකුත් නැහැනේ ඉතිං. ඔහොම යන්කෝ. (නි)

:       0       0

දිල්රුක්ෂි Saturday, 29 September 2012 04:32 PM

අපේ ළමයි නම් ඉන්නෙ පිටරට විශ්ව විද්‍යාල වල (නි)

:       0       0

චාමිකා Friday, 28 September 2012 11:33 PM

විපක්ෂය ඉතිං ඕනෑම තැනකට රිංගනවනේ. (නි)

:       0       0

පූජි Saturday, 29 September 2012 04:46 PM

මොනවා උනත් අපි ස්වාමින්වහන්සේලා ළගදි හෝ පන්සලේදි හිස්වැසුම් ගලවනවා.. ඇදුරු තුමන් පළමුව ඒක දැනගන්න.. මේවා රටේ පොඩි අයත් බලනවානේ..!(නු)

:       0       0

රංජිත් Saturday, 29 September 2012 12:11 AM

මේ ගොල්ල ඇවිල්ලා තියෙන්නේ මොකටද?(නු)

:       0       0

චරිත් Monday, 01 October 2012 12:44 PM

බලය නෑති උනාම ඔක්කොමලා පෙලපාලි.....බලය තියෙද්දී මේවා නෑ.....(ස)

:       0       0

රූපා Saturday, 29 September 2012 05:14 PM

අනේ අපේ ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර බලලා දෙන්න. පින් සිද්ධ වෙයි. (නි)

:       0       0

ජනිත් Saturday, 29 September 2012 12:17 AM

මෙයාලට කොහෙන් හරි සල්ලි ලැබෙනවා..!(නු)

:       0       0

ඩබ්.ජේ.එස්. රණතුංග Saturday, 29 September 2012 12:19 AM

ඔහොම යං ඔහොම යං...!(නු)

:       0       0

අසන්ක Saturday, 29 September 2012 01:01 AM

නිදහස් අධ්‍යාපනය රැකේවා! (නි)

:       0       0

රොෂාන් Saturday, 29 September 2012 01:22 AM

මෙයාලා ටිකම තමා ඉතින් 2010 ආවෙත්. එල්ලෙන්න වැලක් නැහැනේ ඉතින් දැන්. පවු. (නි)

:       0       0

සිල්වා Saturday, 29 September 2012 01:32 AM

එන්.ජී.ඕ. එකට සරසවි සිසුනුත් අහුවෙලා වගෙයි. (නි)

:       0       0

සුසන්ත Saturday, 29 September 2012 01:30 AM

විපක්ෂය ගෑවුණු තැන, නිකන් කිරි කළයට ගොම බිදක් වැටුනා වගේ. අනික මම නම් දැක්කේ නැහැ, වෙනද දැකලා පුරුදු ආචාර්ය,මහාචාර්ය කියන අය. ඒ මොකද? (නි)

:       0       0

ජයන්ත Saturday, 29 September 2012 01:38 AM

ආණ්ඩුවේ සමහර ඇමතිවරු බුද්ධිමතුන්ට බයයි. නීතියට බයයි. මේ අයගේ මොළය සහ කට සම්බන්ධ නැහැ. (නි)

:       0       0

විනිත් Saturday, 29 September 2012 01:59 AM

මෙයාලට සටන් පාඨ නැතිව හිටියෙ..!(නු)

:       0       0

නාලිකා Saturday, 29 September 2012 02:14 AM

ඇස් පරිස්සම් කරගන්න. කොයි වෙලේ ඇහැට අනීද කියන්න නොදනී. (නි)

:       0       0

කෙනත් Saturday, 29 September 2012 02:36 AM

"දී කිරට බළල්ලුත් සාක්කිලු!" ඔහොම තැන බල බලා ඒවාට රිංගලාවත් මොකක් හරි පොටක් පාදාගන්නවා හැරෙන්නට වෙන මොනවා කරන්නද දැන්? නේද !"කොහොම වුණත් මේ යන පිළිවෙල හරි නැහැ. රටේ අනාගත බුද්ධිමතුන් වැඩි වී යාමටත්, ඉන්න මේ ටික දෙනත් රටින් පිටවීමටත් මේ වගේ වැඩ නිසා වෙන්න පුළුවන්. අනේ මෙහෙම රටක්! (නි)

:       0       0

කාන්ස් Saturday, 29 September 2012 03:06 AM

මැද පෙරදිග වසන්තය වගේ වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Saturday, 29 September 2012 06:50 PM

ආණ්ඩුව රැකගනිමු. මාලක සිල්වා රැකගනිමු. (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 29 September 2012 03:40 AM

මට නම් පෙනෙන්නේ කට්ටියම එකතුවෙලා බොර දියේ මාළු බාන්න වගේ කල්පනාව . (නි)

:       0       0

පුබුදු Saturday, 29 September 2012 04:52 AM

ඔය පැන්නේ බළල්ලු රංචුවක්ම මල්ලෙන් එළියට... (නි)

:       0       0

ලුම්බිණි Saturday, 29 September 2012 05:21 AM

විපක්ෂයේ අයට මේක හොඳ අවස්ථාවක්. අඩු වශයෙන් රට වෙනුවෙන් එකතුවෙලා යමක් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 74 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 237 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 376 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 130 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 755 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 510 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site