කොළඹ ඩී.ආර් විජයවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෂින් මත් කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනා සහ ශ්‍රී ලාංකිකයා රැඳවුම් නියෝග යටතේ අද (9) වනතුරු රඳවාගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඉන්දියාවේ සිට සඟරා අස්සේ මත්කුඩු එවා ඇත්තේ ජනප‍්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලකට පෙර පදිංචිවී සිටි ලිපිනයටය. අතියට පත් පාර්ශවය වෙනුවෙන් ඇන්ජලා ද අද උසාවියට ආවාය. මේ සිද්ධිය නිසා තමා අපකීර්තියට පත්වී රැකියාවද අහිමිවූ බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට දැන්වීය. ඇය නඩුවේ සැකකාරියක නොවන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ඇය සේවය කළේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේය.
අත් අඩංගුවට පත්ව සිටින විදේශ ජාතිකයන් දෙදෙනා ඇප අයදුම් පතක් ඉදිරිපත් කළහොත් තමන් එයට විරුද්ධ විම සඳහා මෙසේ පැමිණි බවත් මෙම සිද්ධියට තමන් කිසි ලෙසකත් සම්බන්ධ නොවු බවත් ඇය මාධ්‍ය සමග පැවසීය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇන්ජලාත් උසාවි එයි.
පුසන්ග Wednesday, 09 May 2012 08:15 AM
ඕනම දේක දෙපැත්තක් තියෙනවා. මෙතුමිය වැඩ කළේ තානාපති කාර්යාලයක නිසා මේ වැඩේට සම්බන්ධ වෙන්න ලේසියි. අපිය ඒ ගැන තියෙන්නේ සාධාරණ සැකයක්
අනුර - ඉරාකය Tuesday, 08 May 2012 03:22 PM
බය වෙන්න එපා. ඔබට රැකියාව ලැබෙයි.
රුවන් Tuesday, 08 May 2012 03:30 PM
මෙතුමියත් දේශපාලනයට එන්න වගේ.
ඉන්ද්‍රජිත් Tuesday, 08 May 2012 03:35 PM
නිරපරාදේ මිනිසුන්ට මඩ ගසා පසුව ඒ ගැන පොඩියට නිවැරදි කිරීම් පලකරන, පල කල පසුත් ඔවුන්ව නැවතත් අපහසුතාවට පත් කර තම අලෙවිය වැඩිකර ගැනීමට වලිකන, හොල්මන් ගුප්ත විද්‍යා හා ගණිකාවන් විකුණන, මෑතකදී එළිදුටු පුවත්පත් වලට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනවානම් හොඳයි. මේ ප්‍රශ්නයේදී ලංකාදීපයේ හැසිරීම අගය කරමු.
සමන් Wednesday, 09 May 2012 09:21 PM
ආයෙත් මෙතුමියට කොටි වලිගයක් අහුවෙලා වගේ
අලිබබා Tuesday, 08 May 2012 04:05 PM
ඇත්තටම කණගාටුයි. චරිතෙත් ඝාතනය වුනා. රස්සාවත් නැතිවුනා. නැතිවු දෙයක් නැවත ලබාගන්න ලේසි නෑ නෝනේ.
ඇලෙක්ස් Tuesday, 08 May 2012 04:27 PM
ඔබ නිවැරදියි. වරද කරුවන්ට දඩුවම් දෙමු.
ගාමිනී Tuesday, 08 May 2012 04:34 PM
නිර්දෝශී නම් ඇයි වන්දි ඉල්ලන්න බැරි?
සෑම් Tuesday, 08 May 2012 05:05 PM
මේවා හොදයි දැන් කාලේ වැරදි වැඩ කරන අයට ඉගෙන ගන්න.
මංජුල Tuesday, 08 May 2012 05:26 PM
ඔය කියන වර්ගයේ මත් කුඩු සෞදි අරාබියේ ගොඩක් ජනප්‍රියයි. හරියට අපේ රටේ ගංජා වගේ. මේ කියන නෝනත් සෞදි තානාපති කාර්යාලයේ වැඩ කරන නිසා මේ ගැන ටිකක් හොයා බැලුවොත් ගොඩක් හොදයි.
සුදර්ශන Tuesday, 08 May 2012 08:21 PM
දැන්වත් තමන්ගේ කියල ගෙයක් හදාගන්න.