IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇඳුම්වලින් නිරූපණය මනින්න බෑ

2016-11-22-ent-02

අධ්‍යාපන කටයුතු කරන සමයේ නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි ඇය වසර දෙකකට අධික කාලයක් අත්හදා බැලීම් සිදුකරමින් නිරූපණ කටයුතු සඳහා දායක වන්නීය. නමින් ගිෂානි නමදගල වන ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් පිළිසඳරේ යෙදුනේ මෙලෙසිනි.

 

ඔබව හඳුන්වාදුන්නොත්?

2016-11-22-ent-09මගේ නම ගිෂානි නමදගල.

 

රැකියාවක් කරනවාද?

දැනට මම Culture Fund එකේ Course එකක් කරනවා. Trainer කෙනෙක් විදිහට වැඩකටයුතු කරනවා.

 

නිරූපණයට එන්න හිතුවේ ඇයි?

මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ 2014 වර්ෂයේදී වගෙයි. එදා ඉඳලා මේ තාක් නිරූපණ කටයුතු සඳහා දායක වෙනවා.

 

පළමුවෙන්ම දායක වුණේ?

ඉස්සෙල්ලාම බ්‍රයිඩල් ෂූට්වලින් තමයි ආවේ. ඊට පස්සේ Tv Commercialවලට ගියා. ඉදිරියේදී තරගයකට යන්න තියෙනවා. මිස් යුනිවර්සිටි සඳහායි. ඉදිරියේදී ඒ සඳහා දායක වෙන්න ඉන්නවා

 

කරපු වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්?

මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. වෙනත් දේවල් සඳහා දායක වෙන්න බැරිවුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා. දැන් අධ්‍යාපන කටයුතු අවසන් නිසා ඉදිරියේදී වැඩි ඉඩක් නිරූපණය සඳහා ලබා දෙනවා.

 

වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?

එහෙම නැහැ. මගේ විනෝදාංශයටයි නිරූපණය කරන්නේ. මම ඒකත් කරගෙන රැකියාවේ කටයුතුත් කරගෙන ඉන්නවා.

 

නිරූපණ පිළිබඳ ලංකාව තුළ ඇති මතය එතරම් සුබදායක නැහැනේ ඉතිං මේ සඳහා ගෙදරින් කැමැත්ත ලැබුණද?

ලැබුණා. නමුත් මම තෝරාගත් දේවල් සඳහා තමයි දායක වන්නේ. කතාකරන හැමදෙයක් සඳහාම යන්නෙ නැහැ. ගොඩක් ඇඳුම් පිළිබඳවත් සැලකිලිමත් වෙනවා. ගොඩක් දේවල් තෝරගෙන තමයි දායකවෙන්නේ.

 

නිරූපිකාවක් සඳහා බලපාන සාධකය ලස්සන විතරද?

ලස්සනම බලපාන්නෙත් නැහැ. සමහර කට්ටිය ලස්සන කියන්නෙත් සුදු අයටයි. ඇතැමුන් ලස්සනයි කියනවා කළු අයටත්. එහෙම නැහැ. ලස්සන එකිනෙකාට වෙනස් වෙනවා. ඉතිං නිරූපණයට ලස්සන වගේම හැකියාව සහ දක්ෂකමත් තියෙන්න ඕනේ.

 

ලංකාවේ නිරූපණය පිළිබඳව තියෙන මතය පිළිගන්නවාද?

සමහර අය නිරූපණය පිළිබඳව එක එක විදිහට හිතනවා. සමහර කට්ටිය ඇඳුම්වලින් මනිනවා. ෂූට් එකකට එද්දී ඇඳුම මොකක්ද කියලා තමයි මුලින්ම අහන්නේ. ඇඳුමෙන් නෙමෙයි නිරූපණය කියන එක මනින්නේ.

 

රංගනය පැත්තට දායක වෙන්න හිතනවාද?

රංගන පැත්තෙන් දායක වෙන්න අවස්ථාව ගොඩක් හම්බුණා. මට ගැළපෙන චරිතයක් තාම ලැබුණෙ නැහැ. ඒක හින්දා මට ගැළපෙන චරිතයක් හම්බුණෝතින් මං දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඒ කියන්නේ සිනමාව පැත්තටද? පුංචි තිරය පැත්තටද?

සිනමාව සහ ටෙලි නාට්‍ය කියලා විශේෂයක් නැහැ. ගැළපෙන චරිතයක් තිබුණොත්, පිටපත කියවලා රංගනය සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරි කටයුතු පිළිබඳව කිව්වොත්?

ඉදිරියට මගේ රස්සාවත් කරගෙන නිරූපණය පැත්තෙන් මට යන්න පුළුවන් පැත්තට ගිහිල්ලා. මගේ වැඩ කටයුතු සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

උදවු කරපු අය ගැන කිව්වොත්?

මගේ අම්මා, අප්පච්චි, මගේ යාළුවෝ. මම ඉස්සෙල්ලාම නිරූපණය කියන තැනට ආවේ මින්ෂු අක්කා හින්දා. එයාගෙන් තමයි මම මේ තැනට ආවේ. යාළුවෝ තමයි මට ගොඩක්ම උදවු කළේ. අම්මා අප්පච්චි හැමදෙනාම. හැම දවසෙම එයාලා තමයි මගේ පස්සෙ හිටියෙ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-11-22-ent-11
2016-11-22-ent-10
2016-11-22-ent-08
2016-11-22-ent-06
2016-11-22-ent-05
2016-11-22-ent-04
2016-11-22-ent-03
2016-11-22-ent-07



අදහස් (0)

ඇඳුම්වලින් නිරූපණය මනින්න බෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1509 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 147 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 109 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 60 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site