පසුගිය සිකුරාදා හටගත් චණ්ඩ මාරුතය ගැන මහජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වීයැයි ද, ඒ සම්බන්ධයෙන් දෙදිනකින් වාර්තාවක් එවන ලෙස දන්වා ඇතැයි ද, වරදක් සිදුවී ඇත්නම් ඊට වග කිවයුතු අයට දඩුවම් කරන්නේයැයි ද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර නුවරඑළියේදී පැවසීය.
‘අපේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා පැරණි ආයතනයක්. එය කඩිනමින් මුළුමනින්ම නවීකරණය කළ යුතුයි. ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට බලපොරොත්තු වෙනවා. ඊට වැය කරන මුදල් අපතේ යැවීමක් නොවේ. ආපදාවක් එන්නට කළින් ජීවිත බේරා ගැනීමට එමගින් ඉඩකඩ ලැබෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ කොහෙද? ඔබ තුමත් වගකිව යුතුයි මේකට.(නදී)
අපිට තරහ යන කතා කියන්න එපා. මට මතකයි එක සැරේකුත් වාර්තාවක් ඉල්ලුවා. (නි)
මම නම් කාටවත් බනින්නේ නැහැ. ඒ වුනාට ඒ අයගේ අම්මලා නම් මතක් වෙනවා.(නදී)
කාලගුනේට බැනල හරියනවද ඒකටනේ අමත්‍යංශ හදලා තියෙන්නේ. හැමදාම හොයන්නේ වරද කාගේ හරි පිටේ ගහලම්යි. එක්කෝ විපක්ෂයට බනිනවා නැත්තම් කොටින්ට බනිනවා. දැන් ඔය ආන්ඩුව අවුරුදු කීයක් ඉන්නවද? ඇමතිලගේ විෂය මාරු වෙනවා, නමුත් එන කෙනත් හිටිය කෙනාට බනිනවා තව කොයි තරම් කාලයක් මේ විදිහට අහිංසක ජනතාව රවටන්නද?(නදී)
මම නම් කැමති නැහැ ඒ සම්භන්දව කතා කරන්නවත් (දී)
කෙවින් , ඔබ හරි. ඇමති හදන්නේ මිටි තැනින් වතුර යවල එයා බේරෙන්න.(නදී)
ඕක සුනාමි කාලෙදිත් කිවුවා නේද? තාම කරලා නැද්ද? (නි)
සියලු දෙනාම, ඉතාම අවබෝධයන් එකාමෙන් අදහස් ප්‍රකාශ කර තිබීම පිළිබද සතුටු වනවා. ඇමතිතුමනි, ඉතාම කළෝචිතයි ඔබගේ අදහස. ලියන්නට බොහෝ දේ තිබෙනවා. නමුත් මගේ මහන්සිය අපතේ නොයවමි. (නි)
කාල ගුනේ නැති එක අලුත්ම පැටන් එක. ඒක කල ගුනේ නැතිනම් වෙන මොනවා හරි කමුකෝ. දැන් අර විපතට පත් උන පවුල් වලට කන්න බොන්න සහන දෙන්න. නීති පොත ඔහොම අල්මාරියේ තිබුනාවේ. කොන්ද කෙලින් තියන් ඉස්සරහ ගැන හිතන්න.(නදී)
විෂය බාර ඇමතිවරයෙක් කියන කතාවක්ද ඕක? (නදී)
මතකද මිනිස්සුනේ ! 2011 නොවැම්බර් මාසෙත් මේවගේ එකක්වෙලා වැලිගම මිනිස්සු ගනනාවක් මැරුණ. එදත් ඔය ඇමති කිව්වේ ඕකමයි කාලගුණය නවීකරනය කරනවා ආයෙමත් මේව වෙන්න ඉඩතියන්නේ නැහැ වාර්තා ගත්තා. දැන් ජනතාව තමත මන්ගේ ඔලු අතගාල බලපල්ල අං ඇවිලලද කියලා.(නදී)
කාලගුණය නවීකරණය කරන්න සල්ලි නැද්ද අපිට? මාලුත් මේ මිලට කාලා ඉවරයි වගේ. ඉදිරියට ගණන් යාවි. (නි)
කාලගුනේ කලින්ම කිව්වා පොඩ්ඩක් පරෙස්සම් වෙන්න කියලා. ඇහුවේ අර මොලේ තියන මිනිස්සු ටික විතරයි. අනෙක් අයට වුන දේ ගැන අපට දුකයි. (නි)
මිනිසසු මරුන එකට කවුද දැන් වග කියන්නේ (දී)
හැමදාම මෙවැනි විපත් වුනහම ඇහැරෙනවා. ආපසු නින්ද යනවා. ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ කල් පැනපු යන්ත්‍ර කියලා අපි හැමෝම දන්නවා.පහු වුන සුනාමියෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද මන්දා (නි)
මට නම් හිතෙන්නේ උපකරණ වල නෙවෙයි ප්‍රශ්නේ, සේවකයන්ගෙයි. (නි)
හාල් මැස්සෙක් දෙන්නෙක් ගෙදර යයි වගේ.(නදී)
අපිතව ඇමති කෙනෙක් පත් කරනවා.ප්‍රශ්නයක් නෑ (අ)
කරුණාකර දැන්වත් වැරැද්ද නිවරද කරන්න. නාස්ති කරන මුදල් ටිකකින් පුලුවන් උපරිම තාක්ෂණය කාලගුණ දෙපාර්තමේන්තුවට මිලදී ගන්න. (නි)
උපකරණ තිබුනට ඒත් වැඩක් නැහැ, ලොකු පුටුවල ඉන්නේ ඔලුවක් නැති අය නම්. (නි)
ඕක එයා නුවරඑලියට ගිහින් කිවවේ. වහින්නේ මෙහෙ. මිනිස්සු මැරුනේ මෙහෙ. දෙපාර්තමේන්තුව තියෙන්නේ මෙහෙ. ඇමතිතුමා ජෝක් කරනවනේ.(නදී)
කමිටුවක් අටවල යටගහන්න. කාල ගුණ උපකරණ වෙනුවට තව ඇමතිලාට වාහන ටිකක් ගෙනෙන්න. මන් දැක්කා පත්තරේක පළාත් සභා වල පැරදුන මන්ත්‍රීලටත් වාහන ගෙනෙනවා කියලා. පොදුරද මළුව පිට දාල රෝල්ස් රොයිස් 200 එනවලු මග. ඔහොම යන්.(නදී)
ඔව් ඉතින්, කොල්ල බල්ලට බනිනවා, බල්ලා බලු නකුටට බනිනවා, බලු නකුට කිනිතුල්ලට බනිනවා, කිනිතුල්ලා තමයි ඉතින් අන්තිමට වැරදිකාරයා. (අ)
මම ඉන්නේ පිට රටක. අපේ රටේ කාලගුණ විපර්යාසය ගැන බලන්න කාලගුණ වෙබ් අඩවියට ගියාම ඒකේ මෙලෝ දෙයක් නැහැ, සිදු වුන චන්ඩ මාරුතය ගැන. ඒකවත් කරන්න පුළුවන් කමක් නැද්ද අපිට? නිරපරාදේ මිනිස්සු මැරෙන්නේ මේ වගේ දුර්වල ක්‍රියා කලාප නිසා. (නි)
ජාතික ධනය විනාශ කරන අපේ අයට වැදගත් දේකට මුදල් යොදවන්න බැරිද? (නි)
අමතිතුමනි, පවු අසරණයන්ගේ ජිවිත. කරුණාකර ඔබගේ සියලු වැඩ නතර කර දමා යන්න බලපිටියට. ගිහින් නිසි කටයුතු යොදන්න (නි)
ඉක්මනට චීනෙන් මිලියන 500 විතර අරගෙන හදලා දාන්න.(නදී)
ඔව්..ඔව් චීන බඩු දාලා අළුත්ම කාළගුණ දෙපාර්තමේන්තුවක් හදමු. නොරොච්චෝලෙ බලාගාරෙ වගේ කිසිම ලෙඩක් නැතුව වැඩකරාවි. දශමෙටම නිවැරදි අනාවැකි කියන්න හැකිවේවි.(නදී)
ආපදා කළමනාකරණයේ හැටියට දෙපාර්තමේන්තුවට විතරක් වරදක් කියන්න බැහැ. (නි)
කොහොම ..කොහොම .. හරි මිනිස්සු මැරුණා (දී)
දෙහි කැපීම නෙවෙයි ඇමති තුමා ඉල්ලා අස් විය යුතුයි. මේ මහා පොලොව නුහුලන අපරාදයක් උනාට. මෙතුමා මේවා කියන්නේ කොහොමද?(නදී)
එකම රෙකෝඩ් එක මොකක් හරි උනාම භූමිතෙල් ගගා දානවා. කොමිස් ලැබෙනවා අඩුයි නෙ ඒකට උපකරණ ගෙනාවම. ඊ ළඟ විනාශයෙදිත් ඔය ටිකම ලියන්න කොපි කරල තියාගන්න. (නදී)
කාලගුණේට දෙහි කපලා වැඩක් නැහැ දැන්. රටේ දළ දේශීය නිෂ්පාදනෙන් 28.7% ඇමති ගොල්ලෝ නඩත්තු කරනකොට මේවට කොහෙන්ද සල්ලි.(නදී)
ලොකු පිම්මක් පනින්න වගේ මෙතුමාගේ ලැහැස්තිය.(නදී)
අව්ව වැටිච්ච ගමන් වේලිලා යන එකේ කටින් බතල කොළ හිටවන්න කාරී නැහැ ආයිබෝවන්ඩ.(නදී)
ඕක තමා හැමදාම කියන්නේ අස්සයා පැනලා ගියහම වහන්නේ මොකක්ද. කාලගුණය කියනවා උපකරණ නැහැ කියලා. ඇමති කියනවා පරීක්ෂණයක් කරනවා කියලා. මේවා විලි ලැජ්ජ නැති වැඩ. අහිංසක මිනිස්සු හැමදාම දුක් විදිනවා. රජ පුටුවේ ඉන්න අයට පොඩි උන්ට යකා ගැහුවත් මොකද? (නදී)
අපේ රටේ ලොකු මිනිස්සුන්ට රජ සැප. අහිංසක දුප්පත් අපිට දුක් කදුලු විතරයි. මේවා කාට කියන්නද දෙවියනේ.(නදී)
දැන් බොරුවට කියවනවා. වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ.(නදී)
මොනවා කලත් වැඩක් නැහැ දැන් (දී)
වරදක් වී ඇත්නම් ජාතියෙන් සමාව අයදීවි. කලබල වෙන්න එපා.(නදී)
පෞද්ගලික ආයතනයකට දුන්න නම් සියලුම දේවල් හරියට හරි , නිලදාරීන්ට ගසාකන්න නම් බැහැ.(නදී)
කාලගුනේට දෙහි කප කපා බදු ගෙවන්නන්ගෙන් සැපට හිටියම ඇති. මේ ආපදාවට අඩුම ගානේ ගිහිල්ලා බැලුවද? ආපදා කළමනාකරණය කිනන්නේ මොකක්ද කියලවත් දන්නවද දන්නේ නැහැ මේ අය.(නදී)
වගකිවයුතු අය වහාම සොයා බලන්න (දී)
කතා කරන්න එපා ඒ ගැන (දී)
සුනාමියේ ඉදලා ගත්තා වුණත් එතැන ඉදලත් කීයක් නම් අපේ කාලගුනේ කට්ටිය වරද්දා ගත්තද? ඒත් කෝ හැදුනායැ? (නි)
ඇමරිකානු කාලගුණ ආයතනය මේ පිළිබඳව කලින් අපට අනතුරු අඟවා තිබුණා. අපේ කාලගුණ දෙපාතමේන්තුව අදට ගැළපෙන ලෙස නවීකරණය කිරීමේ වැඩි වගකීම ඇත්තේ අදාළ අමාත්‍යංශ ලේකම් සහ ඇමති වරයාට බැවින් පළමුව ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුය.(නදී)
දෙහි කපල හරියන්නේ නැහැ. අපි තවමත් ගල් යුගයේ වගේනේ ඉන්නේ.අපිට නව තාක්ෂණය අවශ්‍යයි (නි)
අර සුනාමිය ආවට පස්සේ කෝටි ගණන් වියදම් කරපු ඒවායේ ප්‍රතිඵල කෝ? අහිංසක මිනිසුන්ට කවුද වගකියන්නේ? (නි)
කාල ගුනේ ඉන්න මහසෝනා කෂ්ටිය පින් පඩි ගන්න බව තේරුනේ දැන්ද?(නදී)
මේ ගැටළු අවසන් වන්නේ කවදාද? (නි)
කාලගුණයට දෙහි කපලා වැඩක් නැහැ. දකුණට ගිහින් අර වැලපෙන අයගේ දුක් ගිනි නිවන්න. වෙන්න ඉස්සරයි මේවා කරන්න තිබුනේ. (නි)