IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමැති කාලගුණයට දෙහි කපයි

පසුගිය සිකුරාදා හටගත් චණ්ඩ මාරුතය ගැන මහජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වීයැයි ද, ඒ සම්බන්ධයෙන් දෙදිනකින් වාර්තාවක් එවන ලෙස දන්වා ඇතැයි ද, වරදක් සිදුවී ඇත්නම් ඊට වග කිවයුතු අයට දඩුවම් කරන්නේයැයි ද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර නුවරඑළියේදී පැවසීය.

‘අපේ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා පැරණි ආයතනයක්. එය කඩිනමින් මුළුමනින්ම නවීකරණය කළ යුතුයි. ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට බලපොරොත්තු වෙනවා. ඊට වැය කරන මුදල් අපතේ යැවීමක් නොවේ. ආපදාවක් එන්නට කළින් ජීවිත බේරා ගැනීමට එමගින් ඉඩකඩ ලැබෙනවා.‘

 

 



අදහස් (0)

ඇමැති කාලගුණයට දෙහි කපයි

කුමාර Sunday, 09 June 2013 05:59 PM

ඇමරිකානු කාලගුණ ආයතනය මේ පිළිබඳව කලින් අපට අනතුරු අඟවා තිබුණා. අපේ කාලගුණ දෙපාතමේන්තුව අදට ගැළපෙන ලෙස නවීකරණය කිරීමේ වැඩි වගකීම ඇත්තේ අදාළ අමාත්‍යංශ ලේකම් සහ ඇමති වරයාට බැවින් පළමුව ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුය.(නදී)

:       0       0

සරත් Monday, 10 June 2013 12:19 PM

මම ඉන්නේ පිට රටක. අපේ රටේ කාලගුණ විපර්යාසය ගැන බලන්න කාලගුණ වෙබ් අඩවියට ගියාම ඒකේ මෙලෝ දෙයක් නැහැ, සිදු වුන චන්ඩ මාරුතය ගැන. ඒකවත් කරන්න පුළුවන් කමක් නැද්ද අපිට? නිරපරාදේ මිනිස්සු මැරෙන්නේ මේ වගේ දුර්වල ක්‍රියා කලාප නිසා. (නි)

:       0       0

සරත් Monday, 10 June 2013 12:25 PM

ජාතික ධනය විනාශ කරන අපේ අයට වැදගත් දේකට මුදල් යොදවන්න බැරිද? (නි)

:       0       0

අරුණ Sunday, 09 June 2013 06:50 PM

දෙහි කපල හරියන්නේ නැහැ. අපි තවමත් ගල් යුගයේ වගේනේ ඉන්නේ.අපිට නව තාක්ෂණය අවශ්‍යයි (නි)

:       0       0

ජයේ Monday, 10 June 2013 06:53 AM

කාලගුනේ කලින්ම කිව්වා පොඩ්ඩක් පරෙස්සම් වෙන්න කියලා. ඇහුවේ අර මොලේ තියන මිනිස්සු ටික විතරයි. අනෙක් අයට වුන දේ ගැන අපට දුකයි. (නි)

:       0       0

සිල්වා Monday, 10 June 2013 07:02 AM

ඇමතිතුමා කාලගුණ දෙපාර්තමේන්තුව තියෙන්නේ කොහෙද? ඔබ තුමත් වගකිව යුතුයි මේකට.(නදී)

:       0       0

නිමල් Monday, 10 June 2013 07:30 AM

හැමදාම මෙවැනි විපත් වුනහම ඇහැරෙනවා. ආපසු නින්ද යනවා. ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ කල් පැනපු යන්ත්‍ර කියලා අපි හැමෝම දන්නවා.පහු වුන සුනාමියෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද මන්දා (නි)

:       0       0

කුමාරි Monday, 10 June 2013 07:31 AM

මට නම් හිතෙන්නේ උපකරණ වල නෙවෙයි ප්‍රශ්නේ, සේවකයන්ගෙයි. (නි)

:       0       0

නිරාන් Sunday, 09 June 2013 07:13 PM

අර සුනාමිය ආවට පස්සේ කෝටි ගණන් වියදම් කරපු ඒවායේ ප්‍රතිඵල කෝ? අහිංසක මිනිසුන්ට කවුද වගකියන්නේ? (නි)

:       0       0

රංජිත් සිල්වා Sunday, 09 June 2013 07:14 PM

කාල ගුනේ ඉන්න මහසෝනා කෂ්ටිය පින් පඩි ගන්න බව තේරුනේ දැන්ද?(නදී)

:       0       0

පෙරේරා Monday, 10 June 2013 07:33 AM

හාල් මැස්සෙක් දෙන්නෙක් ගෙදර යයි වගේ.(නදී)

:       0       0

හේරත් Monday, 10 June 2013 08:04 AM

අපිතව ඇමති කෙනෙක් පත් කරනවා.ප්‍රශ්නයක් නෑ (අ)

:       0       0

සන්දීප් Sunday, 09 June 2013 07:59 PM

මේ ගැටළු අවසන් වන්නේ කවදාද? (නි)

:       0       0

සෙන්සා Monday, 10 June 2013 08:22 AM

කරුණාකර දැන්වත් වැරැද්ද නිවරද කරන්න. නාස්ති කරන මුදල් ටිකකින් පුලුවන් උපරිම තාක්ෂණය කාලගුණ දෙපාර්තමේන්තුවට මිලදී ගන්න. (නි)

:       0       0

අසේල Monday, 10 June 2013 08:25 AM

උපකරණ තිබුනට ඒත් වැඩක් නැහැ, ලොකු පුටුවල ඉන්නේ ඔලුවක් නැති අය නම්. (නි)

:       0       0

රංජනී Sunday, 09 June 2013 08:25 PM

කාලගුණයට දෙහි කපලා වැඩක් නැහැ. දකුණට ගිහින් අර වැලපෙන අයගේ දුක් ගිනි නිවන්න. වෙන්න ඉස්සරයි මේවා කරන්න තිබුනේ. (නි)

:       0       0

චන්දන Sunday, 09 June 2013 08:26 PM

මිනිසසු මරුන එකට කවුද දැන් වග කියන්නේ (දී)

:       0       0

කොඩිකාර Monday, 10 June 2013 08:43 AM

ඕක එයා නුවරඑලියට ගිහින් කිවවේ. වහින්නේ මෙහෙ. මිනිස්සු මැරුනේ මෙහෙ. දෙපාර්තමේන්තුව තියෙන්නේ මෙහෙ. ඇමතිතුමා ජෝක් කරනවනේ.(නදී)

:       0       0

සුගත් Sunday, 09 June 2013 08:46 PM

අපිට තරහ යන කතා කියන්න එපා. මට මතකයි එක සැරේකුත් වාර්තාවක් ඉල්ලුවා. (නි)

:       0       0

අමිළ කටුනායක Sunday, 09 June 2013 09:14 PM

මම නම් කාටවත් බනින්නේ නැහැ. ඒ වුනාට ඒ අයගේ අම්මලා නම් මතක් වෙනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 10 June 2013 01:37 PM

අමතිතුමනි, පවු අසරණයන්ගේ ජිවිත. කරුණාකර ඔබගේ සියලු වැඩ නතර කර දමා යන්න බලපිටියට. ගිහින් නිසි කටයුතු යොදන්න (නි)

:       0       0

අස්මිත් Sunday, 09 June 2013 09:33 PM

කාලගුනේට බැනල හරියනවද ඒකටනේ අමත්‍යංශ හදලා තියෙන්නේ. හැමදාම හොයන්නේ වරද කාගේ හරි පිටේ ගහලම්යි. එක්කෝ විපක්ෂයට බනිනවා නැත්තම් කොටින්ට බනිනවා. දැන් ඔය ආන්ඩුව අවුරුදු කීයක් ඉන්නවද? ඇමතිලගේ විෂය මාරු වෙනවා, නමුත් එන කෙනත් හිටිය කෙනාට බනිනවා තව කොයි තරම් කාලයක් මේ විදිහට අහිංසක ජනතාව රවටන්නද?(නදී)

:       0       0

මුරුගන් Monday, 10 June 2013 09:46 AM

කමිටුවක් අටවල යටගහන්න. කාල ගුණ උපකරණ වෙනුවට තව ඇමතිලාට වාහන ටිකක් ගෙනෙන්න. මන් දැක්කා පත්තරේක පළාත් සභා වල පැරදුන මන්ත්‍රීලටත් වාහන ගෙනෙනවා කියලා. පොදුරද මළුව පිට දාල රෝල්ස් රොයිස් 200 එනවලු මග. ඔහොම යන්.(නදී)

:       0       0

මංගල Sunday, 09 June 2013 09:55 PM

මම නම් කැමති නැහැ ඒ සම්භන්දව කතා කරන්නවත් (දී)

:       0       0

අසංග Sunday, 09 June 2013 03:12 PM

වරදක් වී ඇත්නම් ජාතියෙන් සමාව අයදීවි. කලබල වෙන්න එපා.(නදී)

:       0       0

වාස් Sunday, 09 June 2013 03:31 PM

ඔව්..ඔව් චීන බඩු දාලා අළුත්ම කාළගුණ දෙපාර්තමේන්තුවක් හදමු. නොරොච්චෝලෙ බලාගාරෙ වගේ කිසිම ලෙඩක් නැතුව වැඩකරාවි. දශමෙටම නිවැරදි අනාවැකි කියන්න හැකිවේවි.(නදී)

:       0       0

මාධව Sunday, 09 June 2013 03:32 PM

ආපදා කළමනාකරණයේ හැටියට දෙපාර්තමේන්තුවට විතරක් වරදක් කියන්න බැහැ. (නි)

:       0       0

මාධව Sunday, 09 June 2013 03:35 PM

කොහොම ..කොහොම .. හරි මිනිස්සු මැරුණා (දී)

:       0       0

සරත් Sunday, 09 June 2013 10:15 PM

කෙවින් , ඔබ හරි. ඇමති හදන්නේ මිටි තැනින් වතුර යවල එයා බේරෙන්න.(නදී)

:       0       0

කෙවින් Sunday, 09 June 2013 03:41 PM

දෙහි කැපීම නෙවෙයි ඇමති තුමා ඉල්ලා අස් විය යුතුයි. මේ මහා පොලොව නුහුලන අපරාදයක් උනාට. මෙතුමා මේවා කියන්නේ කොහොමද?(නදී)

:       0       0

නිමල් Sunday, 09 June 2013 03:43 PM

එකම රෙකෝඩ් එක මොකක් හරි උනාම භූමිතෙල් ගගා දානවා. කොමිස් ලැබෙනවා අඩුයි නෙ ඒකට උපකරණ ගෙනාවම. ඊ ළඟ විනාශයෙදිත් ඔය ටිකම ලියන්න කොපි කරල තියාගන්න. (නදී)

:       0       0

චතුර Sunday, 09 June 2013 10:49 PM

ඕක සුනාමි කාලෙදිත් කිවුවා නේද? තාම කරලා නැද්ද? (නි)

:       0       0

පෙරේරා Monday, 10 June 2013 10:34 AM

ඔව් ඉතින්, කොල්ල බල්ලට බනිනවා, බල්ලා බලු නකුටට බනිනවා, බලු නකුට කිනිතුල්ලට බනිනවා, කිනිතුල්ලා තමයි ඉතින් අන්තිමට වැරදිකාරයා. (අ)

:       0       0

සඳරුවන් Sunday, 09 June 2013 04:08 PM

කාලගුණේට දෙහි කපලා වැඩක් නැහැ දැන්. රටේ දළ දේශීය නිෂ්පාදනෙන් 28.7% ඇමති ගොල්ලෝ නඩත්තු කරනකොට මේවට කොහෙන්ද සල්ලි.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 09 June 2013 04:08 PM

ලොකු පිම්මක් පනින්න වගේ මෙතුමාගේ ලැහැස්තිය.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 09 June 2013 04:13 PM

අව්ව වැටිච්ච ගමන් වේලිලා යන එකේ කටින් බතල කොළ හිටවන්න කාරී නැහැ ආයිබෝවන්ඩ.(නදී)

:       0       0

ජෙෆ් Sunday, 09 June 2013 11:19 PM

සියලු දෙනාම, ඉතාම අවබෝධයන් එකාමෙන් අදහස් ප්‍රකාශ කර තිබීම පිළිබද සතුටු වනවා. ඇමතිතුමනි, ඉතාම කළෝචිතයි ඔබගේ අදහස. ලියන්නට බොහෝ දේ තිබෙනවා. නමුත් මගේ මහන්සිය අපතේ නොයවමි. (නි)

:       0       0

බණ්ඩාර - ඇමරිකාව Sunday, 09 June 2013 04:26 PM

ඕක තමා හැමදාම කියන්නේ අස්සයා පැනලා ගියහම වහන්නේ මොකක්ද. කාලගුණය කියනවා උපකරණ නැහැ කියලා. ඇමති කියනවා පරීක්ෂණයක් කරනවා කියලා. මේවා විලි ලැජ්ජ නැති වැඩ. අහිංසක මිනිස්සු හැමදාම දුක් විදිනවා. රජ පුටුවේ ඉන්න අයට පොඩි උන්ට යකා ගැහුවත් මොකද? (නදී)

:       0       0

හේරත් Sunday, 09 June 2013 11:51 PM

කාල ගුනේ නැති එක අලුත්ම පැටන් එක. ඒක කල ගුනේ නැතිනම් වෙන මොනවා හරි කමුකෝ. දැන් අර විපතට පත් උන පවුල් වලට කන්න බොන්න සහන දෙන්න. නීති පොත ඔහොම අල්මාරියේ තිබුනාවේ. කොන්ද කෙලින් තියන් ඉස්සරහ ගැන හිතන්න.(නදී)

:       0       0

සංදීප් Sunday, 09 June 2013 04:37 PM

අපේ රටේ ලොකු මිනිස්සුන්ට රජ සැප. අහිංසක දුප්පත් අපිට දුක් කදුලු විතරයි. මේවා කාට කියන්නද දෙවියනේ.(නදී)

:       0       0

සෑම් Sunday, 09 June 2013 04:48 PM

දැන් බොරුවට කියවනවා. වෙන්න තියෙන ඔක්කොම උනාට පස්සේ.(නදී)

:       0       0

ගයනි Sunday, 09 June 2013 04:51 PM

මොනවා කලත් වැඩක් නැහැ දැන් (දී)

:       0       0

සිල්වා Sunday, 09 June 2013 04:53 PM

ඉක්මනට චීනෙන් මිලියන 500 විතර අරගෙන හදලා දාන්න.(නදී)

:       0       0

පුබුදු Sunday, 09 June 2013 04:53 PM

පෞද්ගලික ආයතනයකට දුන්න නම් සියලුම දේවල් හරියට හරි , නිලදාරීන්ට ගසාකන්න නම් බැහැ.(නදී)

:       0       0

ෂාන් Sunday, 09 June 2013 04:57 PM

කාලගුනේට දෙහි කප කපා බදු ගෙවන්නන්ගෙන් සැපට හිටියම ඇති. මේ ආපදාවට අඩුම ගානේ ගිහිල්ලා බැලුවද? ආපදා කළමනාකරණය කිනන්නේ මොකක්ද කියලවත් දන්නවද දන්නේ නැහැ මේ අය.(නදී)

:       0       0

උපාලි Sunday, 09 June 2013 05:00 PM

වගකිවයුතු අය වහාම සොයා බලන්න (දී)

:       0       0

වත්සලා Sunday, 09 June 2013 05:04 PM

කතා කරන්න එපා ඒ ගැන (දී)

:       0       0

සදුනි Sunday, 09 June 2013 05:22 PM

සුනාමියේ ඉදලා ගත්තා වුණත් එතැන ඉදලත් කීයක් නම් අපේ කාලගුනේ කට්ටිය වරද්දා ගත්තද? ඒත් කෝ හැදුනායැ? (නි)

:       0       0

දස්පිය Monday, 10 June 2013 02:42 AM

විෂය බාර ඇමතිවරයෙක් කියන කතාවක්ද ඕක? (නදී)

:       0       0

සෙනෙවිරත්න ගාල්ල Monday, 10 June 2013 04:23 AM

මතකද මිනිස්සුනේ ! 2011 නොවැම්බර් මාසෙත් මේවගේ එකක්වෙලා වැලිගම මිනිස්සු ගනනාවක් මැරුණ. එදත් ඔය ඇමති කිව්වේ ඕකමයි කාලගුණය නවීකරනය කරනවා ආයෙමත් මේව වෙන්න ඉඩතියන්නේ නැහැ වාර්තා ගත්තා. දැන් ජනතාව තමත මන්ගේ ඔලු අතගාල බලපල්ල අං ඇවිලලද කියලා.(නදී)

:       0       0

සෙනෙවිරත්න ගාල්ල Monday, 10 June 2013 04:27 AM

කාලගුණය නවීකරණය කරන්න සල්ලි නැද්ද අපිට? මාලුත් මේ මිලට කාලා ඉවරයි වගේ. ඉදිරියට ගණන් යාවි. ‍ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1777 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1114 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1668 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1162 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1143 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site