යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේනට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ රිය ගාලේ පහරදීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන වාර්තා ඇතුළත් ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව කෝම්පඤ්ඤවීදිය පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිට යොමු කළ ලිපිගොනු අංකය ඊළඟ නඩුදිනයේ අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජෙරත්න මහතා නඩුව මාර්තු 11 දිනට කල් තැබීය.
සැකකාර මාලක සිල්වා, රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනා අද අධිකරණයේ පෙනී සිටියහ.
පසුගිය සැප්තැම්බර් 9 වැනි දා මේ පහර දීම සිදුවිය.
මේජර් චන්දන ප්‍රදීප් සූරසේනගේ පැමිණිල්ල අනුව ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑමට ලක්වූ මේජර්වරයා පසුව දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා සහ රොහාන් විජේරත්න තමාට පහර නුදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයා කවුද කියල බලන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
කොයිඑකටත් කල්පනාවෙන්. (නි)
හමුදා නිලධාරියෙකුටවත් කොන්ද කෙළින් තියාගෙන දැන් කාලේ තීරණයක් ගන්න බැහැනේ. (නි)
බලමු අවුරුදු කීයක් යාවිද කියලා (ස)
මාලකව අමාරුවේ දාන්න කරපු වැඩක්. ෂුවර්. පවු අහිංසක මාලක. ඊයෙත් පන්සල් ඇවිත් හිටියා මං දැක්කා. (නි)
ගැහුවේ නැ කියලා කිව්වමත් ඇයි නඩු ?? ඇයි නීතිපති උපදෙස් ?? (ස)
අන්තිමට මේජර් එයා එයාටම ගැහුවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයිද දන්නෙ නැහැ. (නි)
අර වීර සෙබලුන් මේවා දන්නවා නම් වළෙන් නැගිටලා හරි එයි. (නි)
අනේ මන්දා (දී)