කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් නීතිපති උපදෙසින් අද උදේ නිදහස ලැබූහ.
මර්වින් සිල්වා ඇමැතිගේ පුත් මාලක, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් චෝදනා ලබා සිටියහ.
එක් සැකකරුවෙක් නඩුව අතරදී මරුමුවට පත් විය.
2012 සැප්තැම්බර් 8 වැනි දා පහර දී මේජර් ගේ ගිනි අවිය සහ ජංගම දුරකතනය පැහැරගත් බව පොලිසියට පැමිණිලි කර තිබිණි. සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩුව කැඳැවිණි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නඩුවත් ඉවරයි. අනේ අර පොල්ගෙඩි 8 අහුලගත්ත ළමයාගේ නඩුවත් ඉක්මනට ඉවරකරන්න කියල අපි ඉල්ලා සිටිනවා.(නදී)
දැන් අධිකරණවල නඩු වැඩිකල් තියාගෙන ඉන්නේ නැහැ (දී)
මම නම් හිතන්නේ මේජර්ම ගහගන්න ඇති.(නදී)
දුටුගැමුණු පරම්පරාවේ නේ.(නදී)
රට කට ගිය කලක් (ස)
පැමිණිලිකරුට සැකකරුවන් හඳුනාගන්න බැරිනම් නිදහස් නොකර වෙන මොනවා කරන්නද ? (ස)
මට නම් කියන්න දෙයක් නැහැ (දී)
වැරදි කරලා ඇතුලට යනකොට මුණ වහගෙන යන්නේ, නිදහස් උනාම හිනාවේගෙන යන්නේ. (නදී)
කොහොමද අපිවගේ කෙනෙක්ගෙන් මේක උනානම්...(ස)
ප්‍රශ්න නැවත ඇතිකර ගන්න එපා
මිනී මරල අල්ලලා දීලත් චෝදනා නැහැ කි යනවනම් මේ පොඩි සිද්දියකට නිදහස් කළාම මොකද වෙන්නේ.(නදී)
අනේ පව් අහිංසකයෝ දෙන්නා.(නදී)
දැන්වත් සිහලුනි ඇස් ඇරපල්ලා. (නි)
ජයවේවා! මේජර්ව ජාතික වීරයෙක් කරමු.(නදී)
ලැමිබෝ ගිනියක් වගේ.(නදී)
කලවානේ ඝාතන නඩුවේ විත්තිකරුවන් වු දේශපාලකයාත් නිදහස්.මාලකත් නිදහස්.සම්බන්ධයක් තියනවද?(නදී)
රටට ගිය කලක්.මේවා බලමින් අසමින් සිටීම තරම් අපි අවාසනාවන්තද ?(ස)
හඳුනා ගන්න බැරි උනා? රටේ සාමාන්‍ය මිනිහත් මේ අයව අඳුරනවා පත්තර වලයි වෙබ්සයිට් වලයි දැකලම.(නදී)
නිතියට අපිට අභියෝග කරන්න බැහැ
පොල් ගෙඩි 2ක3ක් හරි පාරේ ලස්සනට හිටවල තිබ්බ බතල වැලක් හරි හොරෙන් ගලෝල උසාවි යමුකෝ බලන්න?(නදී)
සුද්දන්ගෙන් නිදහස ඉල්ලා සටන් කරපු අපේ වීරයෝ මේ වනවිටත් ලංකාව අන්ත ආගාදයකට ගෙන ගොස් අවසන්. ජාති හා ආගම් බේද නැති එකම ජාතිය තමයි දේශපාලකයන් කියන්නේ.(නදී)
සමන්ත, අපි වගේ අය මෙජර්ලට ගහන්න යයිද?(නදී)
ජයවේවා. අපි දැනගෙන හිටියා මාලක සිල්වා මහතා නිර්දෝෂයි කියලා. මාලක මහතා ගේ ඉදිරි දේශපාලන ගමන විනාශ කරන්න විවිද අය අසත්‍ය පුවත් පතුරනවා. ඒ උනාට සත්‍ය ජය ගන්නවා.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
අනේ අපේ රටට ගිය කලක්. (ස)
නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය.(නදී)
මම හිතුවෙ මගුල් ගෙදරක යනව කියල. අපරාදෙ කියන්න බැහැ ලස්සනට ඇඳල සතුටෙන් ඉන්න එක ලොකු දෙයක්. මටත් හිතයි හිරේ යන්න. (නදී)
ඕක ඔහොම වෙන බව දැන සිටියා (ස)
බලන්නකෝ මේ මහතුරු හරියට පිට රට හිපි මහත්තුරු වගේ. ඔය හැම ලොකු ලොක්කන්ගේ පුතාල දුවල පිට රට හැදිලා සර සර ගාල ඉංගිරිසි කතා කර කර හරියට බිල් ක්ලින්ටන් ගේ දුවලට වඩා චාර්ල්ස් ගේ පුතාලට වඩා බටහිර වෙලා. මොනවා උනත් පියාගේ මවගේ උරුමයෙන් පාර්ලිමේන්තුවට යන්න ලං වෙනකොට සරමක් කමිසයක් අදින්න පුරුදුවෙලා මල්වට්ටියක් අරන් සතියෙන් දෙකෙන් සිංහල බෞද්ධ වෙලා පාර්ලිමේන්තුවට ගිහින් අපේ ගමේ පියදාසගේ සොමවතිගේ දුවලගේ පුතාලගේ නායකයෝ වෙලා මේ රට පාලනය කරනකොට අපි ගොඩම තමා. ලංකාව අමෙරිකාවක් එංගලන්තයක් වෙලා අපිට හොඳට සැප ලැබෙනවා ලැබෙනවා ෂුවර්. ඒ වෙනකොට අපේ හමත් සුදු කරගන්න බෙහෙතක් හොයාගන තිබුනොත් අපි ලෝකයේ ඉහලම ජාතියක් වෙනවා වෙනවාමයි. මගේ පොඩි දුවගේ පුතාගේ අනාගතය ගැන බයක් නැතිව අපිට මැරෙන්න පුළුවන් ලකුණු තියනවා. හිතට දැන්නම් සැනසීමක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි.(නදී)
දැන්නමි රට ගන්න ෙදයක් නෑ. නිතිය අහිංසක මිනිස්සුන්ට පමනයි.(ස)
මන් කිව්වේ කලින්ම ඇමති පුත්තු දෙන්නව පරිස්සමට ගෙදර යවන්න කියල, කෝ මං කියනදේ කවුරුත් ඇහුවේ නැනේ එදා. හමුදාවේ මහත්තයව තමි දාන්න ඕන ඇතුලට.(නදී)
රටේ මුදල් නාස්ති කරන්නේ නැතිව ඕක මුල් දවසෙම කරන්න තිබුනනේ.(නදී)
අගවිනිසුරු වීමේ පෙරමග සලකුණු (ආසියාවේ ආශ්චර්ය ).(නදී)
සාමාන්‍ය මිනිසුන්ට දෙයියන්ගෙම පිහිට තමා.(නදී)
අසභ්‍ය ලෙස හැසිරුණු ඔහු සිටි විලාශය විස්තර කිරීමට බැරි බව ද පොලීසිය පවසයි.(නදී)
නීතියේ දෙවගනගේ අනුකම්පාවත් අමෙති පුත්තුන්ටම තමයි.(නදී)
නීතිපති අණ පරිදි ආර් දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කල වගයි.(නදී)
ආසියාවේ නෙමෙයි ලෝකයේ ආස්චර්ය.(නදී)
අපෝ හැටි විතරක්.(නදී)
නිතිය අපි කාටත් පොදුයි (දී)
දඩුවන්, ජීවන බර දුප්පතාට, සැප සම්පත් නීතියෙය් සෙවන බලවතාට.(නදී)
තවත් මෙයාට මේජර් කියන්නෙ ඇයි? යුධ හමුදාවට කල නිගරුවට තරු ගලවල ගෙදර යවන්න ඕනෙ. බොරු චෝදනා කරලා අර අසරණ වැදගතුන්ට කල අපහාසයට සහ මාධ්‍ය වල සහ අපගේ වටිනා කාලය සිදු නොවුන සිද්ධියක් වෙනුවෙන් කාලා දැම්මට වන්දි ගෙවන්න ඕන.(නදී)
අනේ මාලක පුතේ ඊළඟ වතාවේ කාටහරි ගහනකොට ගහපන් මැරිලා වටෙන්නම. එතකොට පුතාට පාර්ලිමේන්තුවට යන්නත් එතෙනත් ඉහලටම යන්නත් නියත වශයෙන්ම පුළුවන්. එහෙම ගිහින් අපේ ගමේ මෝඩ පුතාලට දුවලට හොඳ අනාගතයක් හදල දෙන්න පුළුවන්. තව ඔය පුතා වගේ පුතාල ගොඩක් අපේ අනාගතය වෙනුවෙන් එතැනදී එකතු වෙන බව අපි දන්නවා. ඇස් බි මාමගේ පුතා මෛත්‍රී මාමගේ පුතා. ඕන තරම් ඔය පුතා වගේම හොද ගති තියන පුතාල ගොඩක් ඉන්නවා. මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයෙට දළදා හිමි සරණයි , උපතින් මා හට මේ හැම උරුමයි..............//(නදී)
අනේ අපිට රට ගැන තියන කැක්කුමත් නැතිවෙනවා ! කෝ යහපාලනය ජිනීවා වලින් ගේන්න වෙයිද?(නදී)
මේ දන්නේ නැති නිසයි අහන්නේ අපිත් කාගේ හරි රිවෝලවරයක් හොරාට අහුලගෙන පස්සේ ගෙනත් දුන්නොත් නඩු නැහැ නේද?(නදී)
බැලුවම අහිංසකයි මිනිහ හරි වසයි කලේ වැරදිමයි දාමරීක වැඩ තමයි හොද මිනිහෙකු වෙන්නයි මේ නිදහස දුන්නයි දැනවත් එය තේරුම් යන්නයි.(නදී)
ලංකාවේ සියලු අපරාධ කරුවෝ නිදහස්.(නදී)
වසර 2020 දී හිරගෙවල් නැති රටක්. උසාවි ඇතත් නඩු නොඅසන රටක්. අපේ සුබපැතුම්.!(නදී)
මාලකට එහා පැත්තේ ඉන්න ගැහැණු ළමය ඔහොමද උසාවියට ආවේ. එයාට මොකුත් කියලා නැද්ද? (නදී)
මෙහෙව් රටේ පිස්සු කෙලිති ඇමති පුතුන් සහ හෙන්චයියන්. ජිනිවා යන අය මේවා ගැන කථාවක් නැහැනෙ හැබැටම.(නදී)
ඇදුම් ඇදගෙන මේ අයටම චන්දෙ දෙන්න. නීතියක් නැති රටක් හදන්න බැහැ. මේක දැන් තමිල්නාඩුවට අනත තැනක් වෙලා.(නදී)
මෙහෙම රටක අපිත් ඉපදුනානේ.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ .බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
අනේ අපොයි ලංකාදීපේ.(නදී)
අභීත යුධ හමුදාව පාවාදුන් මේජර් වරයාට නිසි දඬුවම් ලබාදෙන්න. කුමන හෝ බලපෑමක් මත විත්තිකරුවන් හඳුනා නොගැනීම බරපතල වැරදි ක්‍රියාවකි. මෙවැනි දේ මතුවටත් නොවීමට වග බලාගැනීම හමුදාව සතු වගකීමකි.(නදී)
මේ කට්ටිය යන වාහන, කාගේද මේ සල්ලි ? මහජනතාවගේ සල්ලි .(නදී)
ගුටි කාපු එකා නම් බයටම තමා අදුනගන්න බැහැ කිව්වේ. ලොකු ලොකු තැන්වලින් බලපෑමත් ඇතිනේ.(නදී)
නීතිපති උපදෙසින් නිදහස ලැබූහ?. කවුද එයා?(නදී)
ඕක තමයි ලංකාවේ වෙන්නේ. ලොක්කෝ ටික තර්ජනේ දාපු ගමන් සේරම ඉවරයි. පොඩි මිනිහා තමා හැමදාම අසරණ වෙන්නේ. කැමරා වල සටහන් වුන සාක්ෂි කෝ? ඒවගෙන් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්නේ කවුද ගැහුවේ කියලා.(නදී)
මාර සැප නේද. අපේ පන යනවා රට සල්ලි හොයල. අපි හැමදාම කුවෛට් එකේ.(නදී)
බලන්නකෝ කාර් එක... (නි)
නැතුව නැතුව මීලග අගමැති වරයාගේ පුතාව නිදහස් නොකර කොහොමද නේද ? (නදී)
අපි සියලු දෙනාටම සුභ අනාගතයක් ලබමිනුයි යන්නේ (නි)
අධිකරණ දැන් නඩු ඉක්මනින් ඉවරයක් කරලා දානවා
අද අප්‍රේල් 01 වෙනිදා ද? (නදී)
නිතිය කියන එක කාටත් පොදුයි (දී)
ගොරක දඩ මස් කරන දඩමස් ගොරක කරන නීති රාමුවක් තුල ඕව මොනවාද. (නදී)
අද හෙටම "අර මොනවත් මතක නැති එක්කෙනා" ගැනත් මෙහෙම සුභ ආංචියක් අහන්න ලැබේවා! (නි)
වාහනේ කොහොමද (දී)
නීතිපති කියන්න කලිං අපි දැනගෙන හිටියා ඕක වෙන බව. රටකට ගිය කල. (නදී)
මේ කට්ටියගෙම අතේ වැරදි තියෙනවා මමනම් කියන්නේ (දී)
බක් මාසේ නිසා නිදහස් කරන්න ඇති, ඇතුලේ ඉඳල සිංහල හින්දු අව්රුදු සමරන්න අමාරුයිනේ. (නදී)
සිද්ද වෙන්න ඕන විදිහටම වැඩ කටයුතු වෙලා තියනවා. මේක සාමාන්‍ය මිනිහකුට උනානම් මීට වඩා වෙනස් විදි හට වෙන්නේ .අනික සාමාන්‍ය මිනිස්සු මේ අය වගේ වැඩ කරන්නේ නැහැනේ.(නදී)
ඊලගට දුම්න්ද සිල්වා. ජුලම්පිටියේ අමරේ, සාරුව ලියනගේ සුනිල්, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පේ, හසිත මඩවල, මර්වින් සිල්වා ඇමතිතුමගේ ලේකම්ලා.(නදී)
දැන් ලංකාවේ වෙන වැඩ එකක් බලුවහාම මේවා සාමාන්‍ය සිද්දි වෙලා (දී)
මට මං ගැන දුකයි (දී)
දේශපාලනයට නිතිය යටවෙලා කියුවොත් කවුරු හරි වැරදි නේද ඒ කතාව (දී)
නීතියෙන් ගැලවුනත් යම් දිනක දෙවියන්ගෙන් කරන වැරදිවලට දඩුවම් ලැබෙනු ඇත .(නදී)
අර ගල්ගහන්ට කුණු බිත්තර ගහන්ට,හරක්මස් කඩ වහන්ට කතාකරන අය ප්‍රදනත්වේ දෙන්ට ඕන මේ වගේ අවශ්‍ය දෙකට. මේවා නොදැක්ක වගේ ඉන්න නිසා තමා අපට සැක එයාල අනියම් අකාරෙන් ආණ්ඩුවේ කොන්තරක් ඉටු කරනවාදෝ කියල.(නදී)
මෙජර්ට අමතක වෙන්න අර තුමා කොච්චර මුදල් දුන්නද දන්නේ නැහැ,(නදී)
සුභපැතුම් (දී)
මේවට මොනවා ලියන්නද?(නදී)
අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ පුතුන් නිසා වෙන්න ඇති නිදහස දුන්නේ. මේ වැඩේ ගමේ පොල් කඩන මිනිහෙකුට උනානම් ජිවිත කාලයටම හිරේ තමා. කාට කියන්නද කැකිල්ලේ රජ්ජුරුවොත් නැනේ.(නදී)
අර හිරේ ඉන්න ඔක්කොම වැරදිකාරයෝටික නිදහස් කරලා, හිර ගෙවල් ටිකත් වැහුව නම් හරි.(නදී)
අපිට ගැහුවානම් දෙන්නටම හුලං විස්කෝතු කවනවා.(නදී)
සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම (දී)
මේක පත්තරේ පලකරන්න තරම් අලුත් ප්‍රවෘතියක් නෙවෙයි. තීන්දුව මේකයි කියල අපිනන් එදාම කිව්ව.(නදී)
දිට්ට දම්ම වේදනීය කර්ම එකපාරටම පටිසන් දෙන්නේ නැහැ. අපිත් ඉන්නේ මේ රටේනේ බළමු යාළුවනේ මොකද වෙන්නේ කියලා.(නදී)
සේනාවගේ කටේ පිට්ටුදෝ.(නදී)
සේනාව මේවා නොදැක්ක සේ ඉන්නේ මේ පැලැන්තියේ උවමනාව ඉෂ්ට කරන්න නේද?(නදී)
මේයාලගේ පියවරුන්ට ඡන්දය දීපු අපියි මෝඩයෝ. ඉදිරි ඡන්දවලදී චන්දය නොදී ඉමු . මානව අයිති වාසිකම් හමුදා නිලධාරීනට සහ සාමාන්‍ය සිවිල් වැසියන්ටත් තිබෙනවා.(නදී)
අනේ අපොයි.(නදී)
බය නැතිව තව ගේමක් දෙන්න පුළුවන් .(නදී)
මේජර් කියන්නත් ලැජ්ජයි.(නදී)
අනේ මුහුණේ තියෙන පින් පාට වඩා ගන්න හිතෙනවා.(නදී)
මෙජර් කියන්නෙ එයාම ගහගත්ත කියලනෙ.(නදී)
බලය වගේම මොළයත් උපතින්ම ලැබිල තිබ්බනම් මොනතරම් වටීද?(නදී)
අපොන්සු මොනතරම් වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්ද? දැක්කහම බඩ පිරෙනවා.(නදී)
මෙහමත් රටක් .(නදී)
ලංකාවේ නිතිය ගැන අපි ආඩම්බර වෙනවා (දී)
එලවන කාර් එක නම් හරි වටිනා පාටයි. මොකක්ද දන්නේ නෑ මේ මහත්තයාගේ රැකියාව? (නදී)
මතක තියා ගන්න ලංකාවට උත්තරීතර නීතියක් තියෙනා බව (දී)
මලක අප්පොට ජයවීවා. අපේ අනාගත කැළණි නායකයට ජයවීවා.! කැළණි පුතා.(නදී)
කැකිල්ලේ රජතුමා.(නදී)
තරුණ ලමයි ජීවිත පුජ කරලා රට බේරාගත්තේ මේකටද?(නදී)
පිස්සු හැදේයි ව්හිලු රටක්.(නදී)
සන්තෝසයි ...... (දී)
නැවත කලබල ඇතිකර ගන්න එපා (දී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කොටකෙතන ගාතන සැකකාරයත් නිදහස් මාලකත් නිදහස් තව ටික දවසකින් දුමින්දත් නිදහස් මන්ත්‍රීගේ පුතත් නිදහස්.(නදී)
අළුත් කස කාරයො පත්වීම් ලබනකොට පෙරහැර පස්සෙන් එන බව අපටනම් දැනුනා!රජතෙමේ පෙරහැර නටවයි. නැට්ටුවෝ රජතෙමේ නටවයි!!!(නදී)
හැදුනු බව පෙනුම කියයි. (නි)
ඕවා ගැන වැඩිය හිතන්න එපා. බෙන්තර පාලමෙන් මෙහාට පූස්පැටියෙක් වත් ගේන්න එපා කියලා කියල තියෙනවනේ.(නදී)
ඇමතිගේ පුතා හරියට සුද්දෙක් වගේ නේ.(නදී)
ආනේ, මෙයත් එයාගේ තාත්ත වගේමයි. එච්චර උස නැහැ නේද? (නදී)
ලෝකේ නරකම රට වේගෙන යනවා. මගේ පැතුම ආයේ මේ රටේ ඉපදීමට නොඉපදේවා කියලයි.(නදී)
සීට් බෙල්ට් දාලත් නැහැ නේද ? (නි)
මෙජර්ට මරණ තර්ජන එන්න ඇති. ඒකයි අදුන ගන්න බැරිවෙලා තියෙන්නේ. ඒ වුනාට රටේ අය නම් හොදට අදුරනවා.(නදී)
අනේ මම මිනී මස් කන ගෝත්‍රිකයෙක් වුණා නම් ? (නි)
ආසියාවේ ආශ්චර්ය. (නදී)
ආශ්චර්යමත් රටේ ඕකත් මහ කජ්ජක්ද? (නදී)
දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, නැවත ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
අනේ අපි කවදා හිනැහෙම්ද මේ සොඳුරු දේශයේ ?(නදී)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා වැඩියිලු. හරි හපන් කරලා වගේ බලා ඉන්න ලස්සන.(නදී)
දැන් අර හිරුනිකා නෝනට හරියට ඇඳගෙන එන්න කිවිවනේ. එතකොට කොන්ඩෙ මලකඩ කාපු අයටත් උසාවියට යන්න පුලුවන්ද? (නදී)
මේවා ඉතින් උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනේ.(නදී)
ඔහොම යං, ඔහොම යං.(නදී)
හරි හොදයි. ඔහොම තමා වෙන්න ඕනෑ. (නි)
නීතියේ කැමැත්තට අපිට මොකුත් කියන්න බැහැ (දී)
මේක ශ්‍රී ලංකා නිදහස් පාර්ටියේ ලංකාව නේ. මට මතක නැහැ අනේ.(නදී)
මේවා පත්තරවලට දානවනේ.(නදී)
බලය තියනවනම මොනම බලු වැඩක් කලත් කමක් නැහැ කියන එක තමා මේකෙන් පෙන්නේ.(නදී)
වහින ගොරවන වෙලාවක සිදුවිය යුතු නැහැ.(නදී)
නීතිය තියෙන්න පෙරකදෝරුවන්ට නඩ්කාරයන්ට සල්ලි හම්බකරන්ට විතරයි.(නදී)
නියම කාර් එක සෑහෙන ගානක් වටිනවා ඇති. අපරාදේ ඇමතිතුමා පඩියෙන් ඉතුරු කරපු සල්ලි.(නදී)
අනේ රටට මෙහෙම විනාසයක් වීවී කියල හීනෙකින්වත් අපි හිතුවද.?(නදී)
නීතියට අපි කවුරුත් යටයි මතක තියා ගන්න (දී)
අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ප්‍රභාකරන් ජීවත් වුන කාල පරිච්චීදයට වැඩ භයානක කාල පරිච්ඡේදයක. නීතිය මුළුමනින්ම විනාස වුන රටක.(නදී)
හමුදා මේජර් කෙනෙකුටත් ගහලා, නඩුවෙනුත් දිනලා යන අපුරුව බලාපල්ලකො. කොහොම හිටිය හමුදාවක්ද අද මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන නිසා තමයි හිටපු හමුදාපති ජෙනරල් පොන්සේකා වැනි නායකයෙක් රටේ නායකයා කරන්න ඕන කියලා කිව්වේ.(නදී)
අපිට පිට රට මැරෙනකම් හරි හම්බ කලත් ඔය වගේ කාර් එකක් ගන්න පුලුවන්ද? හරි හමන් රැකියාවකුත් නොකර, කෝටි ගානක් වටිනා කාර් ගන්නවා කියන්නේ හරි පුදුමයි.(නදී)
ශිරාණි මැතිනියව ගෙදර යැව්වේ ඔය ටික කරගන්නනේ.(නදී)
නුඹ නාඩන් අපිට පිස්සු.(නදී)
ඇමෙති පුත්තුන්ට ඕනෙම වැඩක් කරලා බේරෙන්න පුළුවන් , අහිංසකයන්ට දඬුවම්, ලංකාවේ නීතියට ජයවේවා!(නදී)
මෙහෙම ගියොත් මින් ඉදිරියට රට කොට උඩ තමයි.(නදී)
මේ දෙන්න පැමිණිලි කරුට ගැහුවා නම් නේද දඬුවම් කරන්නේ ?(නදී)
මොණරු පිල් විදහාගෙන නැටුවට පස්ස පැත්ත එළියේ.(නදී)
අහිංසකයෙක් හමුදාවේ ඉන්න පහලම කෙනෙකුට ගැහැව්වත් හමුදාවෙන් ඇවිත් ගමක්ම වනසනවා. අද හමුදාව ඇමති පුතුන්ගෙන් හොදට ගුටි කනවා.(නදී)
කෝ වෙනදට බුදු බව පතල දාන පුතිචාර ටික. ලැජ්ජයි නේද?(නදී)
පේනවනේ දෙන්නගේ හිනාව. තව ගේමක් දෙන්නම් කියලයි යන්නේ.(නදී)
ඡන්දව දුන් අපි සැම මෝඩයෝ වෙමු.(නදී)
දෙන්නවම ගස් බන්දින්නයි තිබුනේ.(නදී)
ලංකාවට හොද නායකයෙක් පහළ වෙන්න ඕන කාලෙ තමයි මේ. මෙහෙම වැරදි කරද්දි අපි කොහොමද ශ්‍රී ලංකිකයෙක් කියල කියන්නෙ. තව ටික කාලෙකින් ලෝකය අපට කෙල ගහන්ඩ ගනී.(නදී)
මේජර් තමන්ගේ ජීවත ආරක්ෂාවට ගත් තිරනයක් මේක. නැත්නම් දන්නවනේ සිල්වලාග් වැඩ කොහොමද කියලා.(නදී)
ලංකාවේ නීතිපති කවුද? (ත)
බඩගින්නට කොස්ගෙඩිය කඩපු පීටර් මාමට දඩය රුපියල් පන්දාහයි. මාස 3ක් හිරබත් කන්න උනා. අනේ අනිච්චන් රටට වෙච්ච හරියක්.(නදී)
මේවා දැකල පන පලයන් පෙරේදා.(නදී)
ඒකත් ජයසිරි මංගලම්!(නදී)
කමක් නෑ අපි කුණු බිත්තර පාරවල් කකා හරි නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. (නදී)
මෙතැන දාල තියන සියගණනක් අදහස් අපේ මහත්වරු බලනකොට , අපි යන්නේ මොනවගේ පාරකද කියලා හිතෙන්නේ නැද්ද දෙයියනේ! (නි)
බලපොරොත්තු සහගත ප්‍රවෘත්ති දැන් අහන්න ලැබෙන්නෙම නැහැ. (නි)
අපි බෝට්ටුවක එල්ලිලා හරි රට අතහැරලා යන්න ඕන (ත)
සේනාවට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)
සමාවෙන්න මෙහෙම කියනවට.මම කැනඩාවට ඇවිත් දැන් අවුරුදු 5 වෙනවා. මම මෙහෙ සුළු ජාතිකයෙක්. නමුත් මට මගේ රටේදී දැනෙනවට වැඩි ආරක්ෂාවක් හැම අතින්ම දැනෙනවා. (නි)
මේ සැබෑ වෙන්නේ කොසොල් රජුන්ගේ එක සිහිනයක් පමණි .තවත් බොහෝ සිහින මේ අතරතුරේ සැබෑ වෙමින් පවතිනවා. (නි)
අර ගැහැණු ළමයගේ අඩුව පෙනුනා වගේ මෙයාගේ කොන්ඩේ පෙනුනේ නැද්ද?(නදී)
අනේ අහසින් විදුලිය කොටන්න.(නදී)
මටත් හිතෙනවා ජයලලිතාට එකතු වෙන්න. (ත)
රට යන ගමන් මග නම් හොඳයි. නමුත් වේගයනම් ටිකක් මදි. (ත)
නීතිපති විසින් සේරම විත්තිකාරයෝ ටික ඔය වගේ නිදහස් කරන්න කියලා නිර්දේශ කළානම් වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. (ත)
මෙයාලටනම් සුබ අනාගතයක් ලබල තියෙන්නේ. එත් අපිට ? (ත)
මේජර්ට මොකද වුණේ? (ත)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මාලකගේ මෝස්‌තර ඔයාලට සංවරද? (නි)
බලාපොරොත්තු වන්න!!!!!11 1111ඊ ළඟ ප්‍රවෘත්තිය, දුමින්ද සිල්වා නිදහස් කරයි! පාඨකයිනි ආසියාවේ ආශ්චර්‍යට හොඳ අත්පොලසන් නාදයක් දෙන්න.(නදී)
අයියෝ අපේ හමුදාවට ගිය කළක්.(නදී)
මේ දේවල් වලට අපිට කියන්න දෙයක් නැහැ. (නි)
මේ දේවල් වලට අපිට කියන්න දෙයක් නැහැ. (නි)
අපරාදේ අධිකරණයේ කාලය, ඕං ඔය ඔක්කෝම විත්තිකාරයෝ ටික නිදහස් කොරලා දාලා සාම විනිසුරු පට්ටං දුන්නනම් අඩුම තරමේ පාස්පෝට් ඔපීසිය ලඟ සීල් වත් ගහනවා. මෙව්වා අධිකරන අමාත්‍යාංශයේ බලතල. නිකං නිදහස් කරලා හරියන්නෑ.(නදී)
නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ.(නදී)
සුබ අනාගතයක් කියන්නේ අන්න ඒකයි. (නි)
මේ අයගේ පින්තූර පත්තරේටත් දාලා. මීට කලින් ඇමති කෙනෙග්ගේ දුවෙක් උසාවියට සුදුසු නැති විදිහට ඇදගෙන ආව කියල චෝදනා කරලා තිබුනා.(නදී)
දැන් පේනවනේ රට යන හැටි. ඔය වගේ කාර් ගන්නේ කොහොමද ඔය වගේ අය? පියා හම්බ කරන ඒවා අනේ ඉතින් දුප්පත් අපිට සුබ අනාගතයක් .(නදී)
අර හිරුනිකට කිවුව වගේ කිවුවේ නැද්ද උසාවියට එනකොට කොන්ඩේ පාට කරගෙන ඇවිල්ල උසාවියට අගෞරව කරන්ඩ එපා කියල. පේනවා නේද වෙනස.(නදී)
ලොකු අයට දන ගහල වදින්න පුරුදු වෙන්න එතකොට ගොඩ.(නදී)
මිනිස්සු දැනගන්න ඕනෑ මේ වගේ දේවල් වලට බුද්ධියෙන් උත්තර දෙන්න. (නි)
දැන් එතකොට සියඹලා ගෙනල්ලම නෑ.(නදී)
මට මතකයි අපේ ඇමතිතුමා වරක් දේශපාලන වේදිකාවක කියා සිටියා කෙටි විරාමයක් අරගෙන කරන දෙයක් ගැන. (නි)
හසන්ත මහත්තයෝ , මේවා අහන්න දකින්න අපිත් පින් කරලා තිබුනනේ. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මේවා දකින්න ලැබීම අපේ වාසනාවක්. (නි)
අර මොන දේටත් අපේ රටේ උතුම් යැයි ජප කරන උදවිය කෝ? (නි)
කවුරු මොනවා කිවුවත් හැම ඇමති පුතෙක්ම පසුකාලීනව බලේට පත් වෙනවා.මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම කරන්නේ කවුද? (නි)
ලංකාවෙ මොකක්ද ලොකු වෙනසක් තියෙනවා. ඒකට කියන්නේ ආශ්චර්යය ද මන්දා. (නි)
ඔහේ පලයන් මට රූපේ දැක්කමනේ තේරුනේ යර හිටපු ජනපති තුමීය කිවේ ඇත්ත කියලා. . මෙහෙම අයටද ලංකාවේ "බුද්දිමත්" ජනයා කතිරේ ගහන්නේ.(නදී)
අනික් දියුණු රට වල මෙන් අපේ රටේද දේශපාලනයට අද්යාපන සුදුසු කමක් දිය යුතු කාලය ඇවිත්. (ස)
තත්ත්වය මෙහෙම තිබියදී සමහර සංවිධාන වැදගත්කමින් අඩු ජාතිවදේ, හරක්මස්, ක්‍රිස්තියානි පල්ලි වගේ දේවල් අල්ලාගෙන රට දෙවනත් කරමින් වැදගත් ප්‍රශ්න අමතක කරවනවා. (නි)
ආදරණීය පුත් රුවනකි මාලකය ....... ඔබ අප දුටුගැමුණු පුත් සාලියය..... මත්තල මොනර යානා දැන් ඇති සැටිය...... අරඹනු මැනවි ඔබගේ පෙම් දිවිනැගුම ........(සුබ අනාගතයක්.) (නි)
මිනිසුනේ, එක්කෝ පුරාජේරු ගහන එක නවතන්න. නැත්නම් මේවාට මොනවාහරි ක්‍රියාමාර්ගයක් ගන්න. (නි)
මේ නීතිපතිතුමාට මතුයම් දවසක අග විනිසුරු වෙන්න ලැබේවායි පතමු. (නි)
සිංගප්පුරුවේ මොන තරම් උගතෙක් උනත් දේසපාලන විද්‍යාවට උපාදියක් නැතිනම් චන්දෙ ඉල්ලන්න බෑ. දොස්තර කෙනෙක් උනත් දේසපාලන විද්‍යාවට උපාදී ඕන. ඒ උපාදිය ගන්න වෙනම ආයතනත් තියනවා.(නදී)
ඇයි ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ ගන්නේ නැත්තේ? (නි)
හිටපු නීතිපති තුමීය අයින් කරද්දී කිරිබත් කාපු අය ගැන මට නම් අප්පිරියි.(නදී)
රටේ අනාගතය නේද මේ? (නි)
බලන්නකෝ, කාර් එක. රටේ දුප්පත් , එදා වේල කන්න නැති පවුල් කොච්චර ඉන්නවද ? (නි)
ජනාධිපතිතුමනි! මේ වගේ අයගෙන් කිසිම වැඩක් නැහැ. මේ වගේ අයව ආණ්ඩුවට ලංකරගෙන වරද්දවාගන්න එපා.(නදී)
රටේ මිනිස්සු මොලය පාවිච්චි කරලා චන්දය දෙනවනම් හොඳයි. (ස)
මාලක අයියා එක්ක ඉන්න මේ නෝනා කවුද? (නි)
කොටින්ට ගහපු අපේ ආමි එකේ මේ වගේ මේජර්වරු ඇති කියලා මට නම් හිතාගන්නවත් බැහැ. (නි)
අන්න පුතේ, අර මාමා යන අපුරුව බලන්නකෝ. (නි)
ඒකත් ඉවරයි එහෙනම්. (නි)
සිදධ වුණ දේ වෙලා ඉවරයි. නමුත් මට දැනගන්න ඕනෑ මෙම සිදුවීම් මාලවේදි ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් මෙම මේජර්වරයාට ලැබුණ සහයෝගය මොකක්ද කියලා. (නි)
මටනම් තාම කිසිදෙයක් මතක නෙහෙ අප්පා. (ස)
මට දුක හිතෙනවා අපි යුද්ධ කළේ මේකටද කියලා. මම වගේම රණවිරු පවුල් වල අය මෙය ප්‍රවෘත්ති නොදකීවා!! (නි)
අර සේනා මේ සේනා කෝ? කවුරුත් නැහැනේ. (නි)
දැන් බලනකොට ඡන්දෙ දීපු කවුරුවත් කතා නැහැනේ. (නි)
කොන්ඩෙට කුකුල් ක්‍රීම් තීන්ත ගාලා වගෙයි. (නි)
විශාල පර්වත පොඩි වෙඩි බෙහෙත් ටිකකට සුනුවිසුනු කරන්න පුළුවන් බව අමතක කරන්න එපා. (ස)
රණවිරුවන් ජීවිත පරිත්‍යාගතරලා මිනීමරු ප්‍රබාකරන්ගෙන් රටම නිදහස් කරගෙන බාර දුන්නේ කාටද?(නදී)
අපිට තියෙන්නේ එවසිල්ලෙන් බලන් ඉන්න එක විතරයි. සැමට සුභ අනාගතයක්. ! (ස)
හමුදා බුද්දි අංශයේ මේජර් කෙනෙකුට ගහල පිස්ටල් අකත් පැහැරගෙන ගිහින් නඩුත් කියල බේරිලා යන හැටි දැක්කම මටනම් හිතෙන්නේ සිංහල අපි කලිසම ගලවල ගව්මක් ඇදගත්තොත් හොදයි කියලා.(නදී)
ඉන්දියාවෙ නම් යම් කිසි අපරාදයක් කලොත් පොලිසියේ බුද්දි අංශයෙන් කරන විමර්ශනයට අමතරව ඉන්දියාවේ පුවත් පත් වලිනුත් ඒ ගැන තොරතුරු එත් රැස් කරගෙන අදිකරණයට තොරතුරු සපයනවා. ඒකට ලංකාවේ මාධ්‍ය වැල යන අතටම මැස්ස ගහනවා.(නදී)
ඔය මේජර් බයගුල්ලෙක් මටනම් ලංකාව එපාවෙලා තියෙන්නේ රට විනාසයි.(නදී)
මොනවා නැතත්, කොණ්ඩ මෝස්තරය නම් මරු. (නි)
මම හිතන්නෙ හමුදාව විතරක් නෙවෙයි, මුළු ලංකාවම මෙම මේජර්වරයා තනි කළා. අතහැර දැමුවා. වෙන මොනම රටකවත් මේ වගේ වැදගත් හමුදා නිළධාරියෙකුට ගහලා ආයුධ උදුරගෙන නීතියෙන් නිදහස් වෙලා යන්න ලැබෙන්නේ නැහැ. ආයුධය පැහැරගත් චොදනාවම ඇති වසර ගනනාවක් හිරේ තපින්න. මට මේ හමුදා නිළධාරියා ගැන අනුකම්පා හිතෙනවා.(නදී)
මේ අයට පාර්ලිමේන්තු යන්න හොඳටම සුදුසුකම් තියනවා. (නි)
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ? (නි)
ඇයි මීට කළින් කාටවත් ඇප දෙනව දැකල නැද්ද ? (ස)
සෑම දෙනා දෙස බලමින් හිනාවෙලා විකසිත අනාගතයක් දැන් උදාවෙලා... (නි)
අපේ රණ විරුවන්ට කෝචෝක් කරපු අයට වැඩක් දෙන්න කව්රුවත් නැද්ද? නිලධාරී තුමනි !!!මම ඔබට සීරුවෙන් සිට ආචාර කරමි.
අප්පට ඉහලින් වැඩක් දෙන්න බැරි උනානම් නොට්ටිගේ පුතලානේ!(නදී)
ලෝකේ ලස්සනම රට වගේම ඒකේ අනිත් පැත්තටත් ගිනස් වාර්තාවක් ජීනිවා වලින් ලබා ගන්න අනාගතේ හැකි වේවි (නි)
උඩතලවින්නේ දස පුද්ගල ඝාතනේ මතකද? 88,89 ඝාතන වලට චෝදනා එල්ල උන දෙසපාලඥයන්ගේ පුතාලා අද ඉන්නේ පාර්ලිමේන්තුවේ. 83 දෙමල සන්හාරේට වග කිව යුත්තෝ මැරිලා ගියේ පාර්ලිමේන්තුවට ඇවිත් සැප විදලා. මෙයාලට කතිරේ ගහන්නේ එෆ්.බි.අයි එක නොවේ.(නදී)
මෙහෙව් මිනිසුන්ටනේ අපි චන්දෙ දෙන්නෙ. අපේ දේශපාලයනත් එකයි, නීතියත් එකයි. හැම කෙනාම මුදලට තමයි.(නදී)
මේ පුතා ගහලා නෑ වෙන්න බැ. කාට හරි වැරදිලා. මුණ හරිම පින් පාටයි.(නදී)
නිතිය කියන්නේ නිතිය අපිට ඒකට උඩින් යන්න බැහැ (දී)
අදුනන්න බැහැ කියන්නේ ඇයි? (නි)
අනේ මේ අහිංසක මාලක පුතා නිදහස් වීම ගැන සතුටුයි...(ස)
සිංහල ශබ්දකෝෂයට අලුත් වචනයක් (ස)
මුව පෙටව් වගේ අහිංසක ළමායි දෙන්නා. ඔයාලට සුබ අනාගතයක් රටට?(නදී)
දෙදහස් විසි පහ පමණ වන විටත් අපේ ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් ලබා දිය නොහැකි වුනොත් තත්වය අයහපත් විය හැකිය. (නි)
ගෙදර වතුර බට මලකඩ කාලා වගේ. වතුර බට මාරු කරලා එස්ලෝන් බට දැම්මා නම් හරි වගේ. (නි)
මගේ එකම පැතුම යලි මතු බවයකදී ලංකාවේ ඉපදෙන්න එපා කියලයි. මෙයාගේ තාත්තා කට ඇරියම තියෙන නූගත්කම පේනවා නේද? චන්දෙ දෙන මිනිස්සු ඉන්නවනේ මෙහෙම එයාටත්. (නදී)
මෙයා ඡන්දෙ ඉල්ලන කාලෙට අපේ අය උඩ පැන පැන ඡන්දෙ දෙයි.(නදී)
අපි කල්පනා කරලා මොලේ තියන අයට බලේ දුන්නා නම් හරි. (නි)
ඉක්මනින් විසදන්න පුළුවන් නඩු ඉකමනින් විසදා දැමීම තමයි සුදුසුම (දී)
අලුත් අවුරුද්දේ අලුත් ජිවිතයක් (දී)
කමක් නැහැ ....කමක් නැහැ .... (දී)
මේක දැන් මහා හිරිකිත දේශපාලුවෝ ඉන්න රටක් වෙලා.(නදී)
අපේ රටේ නීති පද්දතිය තුල දේශපාලකයන් සහ අඹු දරුවන් සඳහා විශාල හිලක් ඇත . ඕස්ට්‍රලියාවේ ඉන්න මට කිව හැක්කේ වචන දෙකකි. (නදී)
මම නම් මේ වගේ ඇමති පුත්තුන්ට හරිම කැමතියි. මොකද මාව රස්සාවට දාලා දුන්නෙත් මේ වගේම ඇමති තුමෙකුගේ මැදිහත් වීම නිසායි. මම නම් කියන්නේ ඇමති පුතුන්ට කුමන හෝ දෙයක් කිරීමට රටතුළ නිදහස සකස් කරලා දෙන එක අපේ රාජකාරිය කියලයි. (නදී)
සියළු නඩු ඉක්මනින් අවසන් වෙනවා. කහවත්තේ සිද්ධිය අවසන්. මාලකගෙ සිද්ධියත් අවසන්. අනෙක් සියළු නඩුත් ඉක්මනින් අවසන් කිරිමට හැකිවේවා! (නි)