වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලියේ මොදනා නුවරදී ‘එසැණ ‘සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
ප‍්‍ර: ප‍්‍රථමයෙන් අප ඔබට ස්තුතිවන්ත වෙනවා මොදනා බක්මහ උළෙලට සහභාගි වෙමින් තම සහෝදර රටවැසියන් සමග විදෝනයෙන් සිටින මොහොතක අප සමග එක්වීම පිළිබඳව. ඔබගේ දේශපාලන ආගමනය ගැන කෙටි හැඳින්වීමක් කළොත්.
පි: ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක්, පළාත් සභා මන්ත‍්‍රිවරයෙක්, පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් වගේම නියෝජ්‍ය ඇමැතිවරයෙක් සේම මේ වන විට ප‍්‍රධාන ඇමැතිවරයෙක් දක්වා දීර්ඝ දේශපාලන ගමනක් මා පැමිණ තිබෙනවා.
ප‍්‍ර: හොඳයි ඔබ ආ දේශපාලන ගමනේදී ඔබේ ආයතනයට දිස්ත‍්‍රික්කයට හා රටට ඇමැතිවරයෙක් විදියට ඔබෙන් සේවයක් වුණා කියලා ඔබ තෘප්තිමත් ද?
පි: සත්තකින්ම ඔව්. ඒ වගේම මම ප‍්‍රාදේශීය දේශපාලනද නියෝජිතයින්ටත් කියන්නේ අපි ආදර්ශයට ගන්න කියලා. අද තියෙන්නේ උඩ ඉඳලා පහළට එන දේශපාලන සම්ප‍්‍රදායක්. නමුත් ජනතාවත් එක්ක පහළ ඉඳලා ඉහළට යන ගමන තමයි වඩා ශක්තිමත්.
ප‍්‍ර: ඔබ මෙවර ඉතාලියට පැමිණීමේ අරමුණ කුමක් ද?
පි: ඉතාලියේ ඉන්න අපේ අය එක්ක මගේ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. රටට විරුද්ධව එන ඕනෑම අභියෝගයකදී ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් පාරට බහින්න සූදානම්. ඔවුන් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා ඔවුන් සමග අවුරුදු සමරන්න මම නොයෙක් අවස්ථාවල ඉතාලියට පැමිණ තිබෙනවා.
ප‍්‍ර: මේ වන විට යුද්ධය අවසන් වෙලා අවුරුදු හතරකට ආසන්න වෙනවා. යුද්ධයට වැය වූ ඒ අතිවිශාල මදල රටේ ආර්ථිකයට බැර කරන්න පුළුවන්. ගෙවුණු අවුරුදු හතර තුළ රට ආර්ථික දියුණුවක් ලබා තියෙනවද?
පි: ගෙවුණු වසර 30 තුළ රටට ආයෝජකයෝ පැමිණියේ කොහොමද කියලා ඔබ දන්නවා. සංචාරක කර්මාන්තය ධීවර හා කෘෂිකර්මාන්තය එහෙන් පිටින්ම වැටිලා තිබුණේ. දැන් ඒ හැම එකක්ම ක‍්‍රමානුකූලව නැගී සිටිනවා. ඉස්සර අපි ගමට යන විට තිබුණු බොරලූ පාරවල් දැන් නැහැ. පොල් අතු නිවාස වෙනුවට හොඳ නිවාස ඉදිවෙලා. වරාය ගුවන් තොටුපොළ නවීන පාලම් අධිවේගී මාර්ග මේ හැම එකකින්ම පේන්නේ ආර්තික දියුණුවයි. එක පාරටම හීන සැබදෑ කරගන්න බැහැ. රට වැසියන් සමග එකතු වෙලා තව තවත් ආර්ථිකය ශක්තිමත් කරගෙන යුරෝපයේ වගේම ලස්සන රටක් නිර්මාණය කිරීමේ ගමන තමයි ජනාධිපතිතුමා මේ අරඹා තියෙන්නේ.
ප‍්‍ර: ඔබ කියනා පරිදි රටේ ආර්ථිකය ඉදිරියට ගියත් රට සාමාජික කඩා වැටීමකට ලක්වෙලා කියලා චෝදනාවක් තියෙනවා. ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර මිනිස් ඝාතන, කොල්ලකෑම් දිනෙන් දින උග‍්‍ර වෙනවා. මේ හැම එකකින්ම පේන්නේ ඒක සමාජ කඩා වැටීම නේද?
පි: මාධ්‍යවේදියෙක් වශයෙන් මම ඔබට ගරු කරනවා. මෙවැනි ප‍්‍රශ්නයක් මගෙන් ඇසීම ගැන. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් කළා. මේ හැම එකක්ම අද ඊයේ ඇති වූදේ නෙමෙයි. යුද්ධය පැවැති අවුරුදු තිහේදී මෙවැනි ක‍්‍රියා සිද්ධ වුණා. මාධ්‍යයකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ උණුසුම් පුවත් ඒ දවස්වල ඒ තරම් අලූත් අලූත් පුවත් ඒ දවස්වල පළ වුණේ. එදා අන්තිම පිටුවේ පළවූ පුවත් අද මුල් පිටුවට ඇවිත්. මම මේවා අනුමත කරනවා නෙමෙයි. ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත දේත් නැති වොල යාවි. එහෙම නැතිව ඉස්සර ආණ්ඩු වගේ කොළ බලල්ලූ, කලූ බලල්ලූ දාලා ආණ්ඩු විරෝධීන් උස්සන, තැනක අපි නැහැ. අද රටේ උපරිම නිදහස මේ මෑතකදී ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ස්ත‍්‍රී දූෂණයක් කළ බවට චෝදනා ලැබුවා. අපේ පක්ෂය නියෝජනය කළත් අපි ඔහු ආරක්සා කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔහු තනතුරින් ඉවත් කළා. මම මාධ්‍යයට කිව්වේ එවැනි පහත් දේ කරන උන් එල්ලිය යුතු බවයි.
ප‍්‍ර: රටේ පවතින සුදු වෑන් භීතිය ගැන ඔබතුමා මොකද කියන්නේ?
පි: රටේ ප‍්‍රබල මාධ්‍ය හැම එකක්ම පරද්දනවා කටකතාව. මේකත් ආණ්ඩු විරෝධී රැල්ලට එක් වූ තවත් කටකතාවක්. මේවා පිටුපස ඉන්න අය රජය වට්ටන්න නොයෙක්දේ කළා. පාසල් හා සරසවි සිසුන් කම්කරුවන් වෛද්‍යවරුන්, නීතිවේදීන් පාරට බස්සන්න උත්සාහ කළත් බැරි වුණා. මේ වගේ කටකතාවක් ගොතලා හරි ආණ්ඩුව වැට්ටීමේ සිහින ලෝකේ ඔවුන් ඉන්නවා.
ප‍්‍ර: රටේ ප‍්‍රබල ඇමතිවරුන්ගේ පුතුන් රාත‍්‍රී සමාජ ශාලාවල නොයෙකුත් ගැටුම් ඇති කර ගන්නවා. වැරදිකරුවන් ඔවුන් වුණත් එයින් නිදහස් වෙන විදිය හරිම හාස්‍යජනකයි. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
පි: රටට ඇමැතිවරු හයසීයක් හත් සියයක් නැහැ. අපි ඉන්න ටික දෙනා ආදර්ශමත් වෙන්න ඕනේ. රටේ ජනතාව අපේ දරුවෝ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්නේ. මම මේවා අනුමත කරන්නේ නැහැ. පිළිකුල් කරනවා.
ප‍්‍ර: මෑතකදී රවි කරුණානායක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළා, මත්තල ගුවන් තොටුපළ් ඉන්ධන ගබඩා සංකීර්ණය ජාත්‍යන්තර ප‍්‍රමිතියට නැහැ කියලා. එහිදී ඔහු පැවසුවේ ඉන්ධන ලීටර් ලක්ෂ තුනක් පමණක් ගබඩා කළ හැකි පහසුකම් පමණයි එහි තියෙන්නේ කියලා. ගුවන් යානයකට ඉන්ධන ලීටර් හැත්තෑපන්දහසක් අවශ්‍ය බවත් ගුවන් යානා තුනක් පැමිණිය හොත් ඉන්ධන අවසන් වන බවත් ඔහු පැවසුවා.
පි: ඒ මන්ත‍්‍රීතුමා සුන්දර කතාවක් කියන්නේ. ඔවුන්ට ඕනේ වුණේ ආණ්ඩුවට මඩ ගහන්න. වරාය ඇමැතිවරයා වශයෙන් මම දන්නවා මාගම්පුර වරායෙ ඉඳලා මත්තල ගුවන් තොටුපළට අදිවේගී තෙල් නළ මාර්ගයක් ඉදිවෙමින් පවතිනවා. තව මාස දෙකකින් එහි වැඩ අවසන්. විපක්‍ෂය මේවා කිය්නනේ නැහැ.
ප‍්‍ර: තිස්ස අත්තනායක එජාප මහලේකම්වරයා කියා සිටියා, එක්සත් ජාතික පක්‍ෂ රජයක් යටතේ මත්තල ගුවන් තොටුපළ කටුගෙයක් කරනවා කියලා. ඒක එහෙම වෙයිද?
පි. එතුමාට තැන් දෙක මාරු වෙලා.ක සිරිකොත තමයි කටුගෙයක් වෙන්නේ. අපි දරුවො අරගෙන සිරිකොතට ගිහින් පෙන්නන්න වෙන්නේ රටේ හා පක්ෂයක් තිබුණා. ඩඞ්ලිලා, ඞී.එස්.ලා හදපු, ඒ පක්ෂය විනාශ කරපු අය තමයි මේ ඉන්නේ කියලා. ඔය අයගෙ පඹයෝ හඳලා පෙන්නනවා. එහෙම නැතිව මත්තල කටුගෙයක් වෙන්නේ නැහැ.
මෝදනා නුවර වසන්ත කීර්තිරත්න මහතාට ‘එසැණ‘ තුති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සේවයට යන එක ගැන මොනවත් කිවුවේ නැද්ද? (නි)
ඔවා දෙනු පර හට තමා සම්මතයෙහි පිහිටා සිට..!(නු)
ප්රාදේශීය දේසපාලනය කරන අය මෙයාව ආදර්ශයට ගත්තා නම් නියමෙට තියේවි.(නදී)
මොනවා කියනවාද අපි ආයෙත් ඡන්දෙ දෙමු..!(නු)
සදාම් හුසේන්වත් නැති කළේ පුතාලා.(නදී)
යුද්ධයෙන් පස්සේ ධීවර කර්මාන්තය කොයිතරම් දියුණුද කිව්වොත් මාලු 500ක් රුපියල් 400යි. (නි)
පුතාලගෙ ආරවුල් ගැන කතා කරන්න ඉස්සර වෙලා ඒ පුතාලගේ අප්පොච්චිලාගෙ වැඩ කිඩ පොඩ්ඩක් කතා කරලා බලමුද? (නි)
ඔනම ඒවා අහලත් නැහැනේ..!(නු)
කවුද මෙයාලත් එක්ක සම්මුඛසාකච්චා තිබ්බෙ..!(නු)
රටට ඇමැතිවරු හයසීයක් හත් සියයක් නැහැ නේද? අපි ඉන්න ටික දෙනා ??? (නි)
අල්ලස් කොමිසම ගෙදරට එද්දී නයෙක් ගැහුවේ කාටද දන්නේ නැහැ.(නදී)
අශෝක ඔයා බය වෙන්න එපා..(නු)
පරිස්සමින්.(නදී)
ඇමතිවරුන්ගේ පුතාල කරන වැරදි ගැන කතා කරන්න කලින් හොයන්න දේවල්, කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා (නි)
මැදපෙරදිග යාලුවෝ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඉතාලි ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කරන රජයෙන් වෙන්න ඕනෑ යුතුකම් ගැනත් උනන්දු විය යුතුයි
මෙයා ඇමති පුත්තු ගැන කතා කරනවා. මෙයාට මනාප අඩුවෙන් ලැබුන කියල මෙයා ගමකටම හොදට සලකපුහැටි මතක නැද්ද.(නදී)
ඉතාලි අය තමන්ගේ රත්‍රන් මිල ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ .(නදී)
අනේ මෙයාගේ බොරු (නු)
රටේ පාලකයෝ අනිත් අයට ආදර්ශයක් වුණොත් නේද රටක යහපත් මිනිස්සු බිහිවෙන්නේ? (නි)
රටේ පාලකයෝ අනිත් අයට ආදර්ශයක් උනොත් නේද රටක යහපත් මිනිස්සු බිහිවෙන්නේ. (ස)
මැදපෙරදිග තමයි අපේ මිනිස්සු ලක්ෂ 20 විතර වැඩ කරන්නේ? එහෙ පැත්තේ යාලුවෝ නැද්ද? අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇමතිතුමාලගේ යාලුවෝ මැද පෙරදිග එහෙම නැද්ද? මේවගේ කතා තමයි මට නොතේරෙන තැන්. (නි)
එතකොට පයාගලදී වාහනයකට යටකරල මිනිස්සු දෙන්නෙක් මරල තවත් ගැහැණු කෙනෙක් තුවාල කලේ අපේ කව්රු හරිද?(නදී)
පිටරට ඉන්න අයව හදුන්වන්නේ රටවිරුවා කියලා. ඒත් අපට අඩුමගානේ නිදහසේ වාහනයක්වත් ගෙනියන්නේ දෙන්න නැහැ. (නි)
කොලුකම කාටත් පොදුයි (නි)
එතකොට පක්ෂය විනාශ කරපු උදවිය ඉන්නේ කොයිපැත්තේද? (නි)
කැත විතරක් නම් මොකෝ. රටම මේවායින් ගද ගස්සනවා (නි)
දේශපාලනයවත් ඉතිහාසයවත් නොදන්නා අය මේ වගේ දේවල් කියනවා තමයි. (ස)
ඇමති පුතුන්න්ට මොන බණ කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ (නි)