අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පිටවුණැයි පිළිගන්නා අධ්‍යාපන ඇමැති සහ විභාග කොමසාරිස් අනෙක් විෂයන්හි ප්‍රශ්න පත්‍ර පිට නොවිණියැයි දෙන සහතිකය කුමක්දැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මේ වන විට අධ්‍යාපනගේ අර්බුධ රැසක් ඇති අතර විභාග ගැන විශ්වාසය නැති වී ගොස් ඇති බවයි. මෙවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන ඇමැති හා විභාග කොමසාරිස් ඉල්ලා අස් විය යුතු බව ද ස්ටාලින් හෙතෙම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සැළසුම් සහගත ලෙස අධ්‍යාපන ඇමතිවරයාට සහ රජයට විරුද්ධව මඩ ගැසීමට කවුරුන් විසින් හෝ කරන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
ඇමතිතුමා ඉල්ලා අස්වුණා කියලා මොකක්ද ඇති වාසිය? (නි)
ඔය ප්‍රශ්ණ 19 ට හැමෝටම ලකුණු දෙන්න ගත්ත තීරණය හරිම අසාධාරණයි. හරිනම් කරන්න ඕනේ බහුවරණ ඉතිරි ප්‍රශ්ණ 21 ට ලකුනු 40 න් දෙන්න. අර ප්‍රශ්ණ 19 ලකුණු නොදී ඉන්න ඔනේ. නැතිකම් එස් පාස් එක දෙන ලකුණු සීමාව 19 කින් වැඩිකරන්න. (ස)
ජාතියට, රටට දියයුතු ආදර්ශය ඔබ විසින් දියයුතුයි. (නි)
ඊළග පාරත් වෙන්නෙ මේකම තමයි. බලන්නකෝ. (නි)
උගතුන් නැති කොන්ක්‍රීට් සංවර්ධනයකින් රටට වැඩක් නැත. (නි)
ඡන්දදායකයින්ට ලැජ්ජා නැත්නම් අපි ඇමතිවරුන්ට බැණලා වැඩක් නැහැනේ. (නි)
සිය පවුල බ්‍රිතාන්යේ ජීවත් වන අදිරාජ්‍ය විරෝධී අය ලන්කාවෙ සමාජ වාදය කරන එක සදාචාර සම්පන්නද?එයාල ඉල්ලා අස්වියයුතු නැතිද (දී)
දැන් ඉතින් දෙන්නකෝ උත්තර. (නි)
මාත් හිතන්නේ තුශාර,සම්පත් කිව්ව දේ වගේ දෙයක් තමා වෙන්න ඕනෑ. ඒත් ඉතින් අපේ ලංකාවේ අයට ඕවා මතක සති දෙකයිනෙ. (නි)
අහිංසක ළමයින්ට වෙන අපරාධ වලට ජනතාවද එක් පැත්තකින් වගකිව යුතුයි. (නි)
මම දන්න විදියට පුද්ගලික කණ්ඩායම් පන්ති වලට සම්පූර්ණ ප්‍රශ්ණ පත්තරයම දීලා තියෙනවා. මේ විතරක් නෙවෙයි ගණිතය, ඉතිහාසය ප්‍රශ්ණ පත්තර වලටත් ඒ සන්තෑසියම තමයි වෙලා තියෙන්නේ (ස)
ඒ ප්‍රශ්න 16 ට ලකුණු නොදිය යුතුයි .. ඒ ප්‍රශ්න 19 නොසලකා හැර ඉතිරිය සඳහා ලකුණු දිය යුතුයි (ස)
මේ ප්‍රශ්න 19යම අවලංගු කරලා ළකුණු 40, 21න් බෙදලා දුන්නා නම් ඉවරනේ. (නි)
වරදකරු කවුද (දී)
මේක ලංකාවනේ.මෙහේ අයට ඕවා කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
අමිලට මොකද වෙලා තියෙන්නේ (ස)
අමිල ඔබතුමා නිවැරදියි (ස)
අචිනි, ඇත්තම තමයි. (නි)
වැඩේ කියන්නෙ ඒක නෙමෙයි, අනිත් විෂයයන්ට අදාල ප්‍රශ්න ලබා ගත්ත ටියුෂන් ගුරුවරු මේ වගේ අහුවෙන්නෙ නැතුව, ආරක්ෂාකාරීව තමන්ගෙ සිසුන්ට දීලද කියන එකයි. (නි)
මම දන්න විදියට පුද්ගලික කණ්ඩායම් පන්ති වලට සම්පූර්ණ ප්‍රශ්ණ පත්තරයම දීලා තියෙනවා. මේ විතරක් නෙවෙයි ගණිතය,ඉතිහාසය,බුද්ධාගම ප්‍රශ්ණ පත්තර වලටත් ඒ සන්තෑසියම තමයි වෙලා තියෙන්නේ. (නි)
ඕක ඉල්ලා අස්විය යුතු කාරණයක් නෙමෙයි. (නි)
ලබන අවුරුද්දෙත් ඔය දේම ටිකක් දියුණු ක්‍රමයකට සිද්ධ වේවිද දන්නෙ නැහැ. (නි)
අම්ලගේ වේදනාව මටත් තිබෙනවා. (නි)
මේ ප්‍රශ්නෙදි මොකුත් වෙන්නේ නෑ , මුලදී ඔක්කම කැ ගහයි , පස්සේ යන්න යන්න ඕකත් මුලදී ඇතිවුන ප්‍රශ්න වගේම යටගැහිලා යයි , එකට කරන්න තියෙන්නේ ඔය ප්‍රශ්න පුළුවන් තරම් කල් මරණ එකයි විසදුමක් නැතූව එතකොට ගුරුවරුන්ටම එපාවෙලා ඕක ගැන කතාකරන එක නැවත්වී යයි , වැඩිම උනොත් තව මාසයක් ඕක ගැන කතා කරයි බලන්නකෝ. ඊට පස්සේ ඕකට වාඩා තව ලොකු ප්‍රශ්නයක් අවගමන් හෝ ප්‍රශ්නයක් ඇතිකරයි එතොකොට ඕක අමතකවෙයි , ඔක තමයි ලංකාවේ පුරුද්ද පාලකයෝ ඔය ගැන හොදට දනී (නු)
ලංකාව හැර අනෙක් ඕනම රටක මේ වගේ සිදුවීමක් උනා නම් ඒ මොහොතේම ඉල්ලා අස්වෙනවා..!(නු)
කොහේ යන්නද ආයුබොවන්..? බාබර්ලා කරන වැඩ වලට ඔළුව මොනවා කරන්නද?(නු)
ලංකාවේ අධ්‍යාපනය ගැනනම් කතා කරන්න එපා (දී)
ලංකාවෙ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේකේ තියෙන අදහස් දැක්කම. ගයාන්ලා වගේ අයට ලංකාව ගැන කිසි හැගීමක් නැහැ. ලංකාවෙ මිනිප්සු කවදා හැදෙයිද? ලංකාවෙ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ නැතැව ඔහේ කියවනො. ඒවත් තමන්ගෙ ජාතිය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතිව. සිංහලයට අන්තිමට මොකද වෙන්නෙ කියා හිතන්න තරම් මොලයක් නැහැ. දේශපාළුවො කෑගහන්නෙ මුස්ලිම් අයට පාඩුවක් වෙනකොට විතරයි. සිංහලයට වෙනකොට මොකාවත් නැහැ. ඒ වෙනුවෙන් හාමුදුරුවො විතරයි කතා කළේ. සිංහල අපි ගැනම ලැජ්ජා හිතෙනව අපේ අයගෙ මේ අදහස් ඇහුවහම. අපි මහ අමු මෝඩ ජාතියක් කියලා අනිත් පැත්තෙනුත් අපිට හිනාවෙනවා ඇති. යථාර්තය තේරුම්ගත් ටිකක් දුර පෙනෙන අය 5% ක් විතර තමා ඉන්නෙ චතුර වගේ. 90% කට වඩා කියවනවා විතරයි. කියන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. උදා;සුරංජන් අමුණුගම.මානෙල් (නි)
මේක වගේ තමයි ඔක්කොම (දී)
ඒක ඇත්ත මෙච්චර දෙයක් වෙලත් තවම කොහොමද ඉන්නෙ..!(නු)
මෙයාලා යා යුතුයි තමයි..!(නු)
හරි වැරැද්ද හොයල බලනකල් අපිට එහෙම කියන්න බැහැ (දී)
විභාග ප්‍රශ්නය බරපතළයි තමයි. නමුත් ගුරු සංගමය ගැන මට සැකයක් තියෙනවා. (නි)
කාටවත් හරි කියන්න බැහැ . මේ ඔක්කොම වැරදි (දී)
මෙයාලා ඉල්ලා අස්වෙන්නෙ නැහැ.!(නු)
මොවුන්ට ආත්මගරුත්වයක් ඇත්නම් ඉල්ලා අස්වියයුතුයි(නු)
අපේ රටේ ඇමතිවරු වගකීම් වලින් ලිස්සලා යන්නට හේතුව තමයි ජනතාවගෙන් තෙරපුමක් එන්නේ නැති එක. ඒක කරන්න ඕනෑ විරුද්ධ පක්ෂය. නමුත් ඒ අය නිදි. (නි)
අපි මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අනාගතය එක්ක (දී)
විභාග ප්‍රශ්ණ පත්‍රයට හැමෝටම ලකුණු 19ක් නොදුන්නොත් අසාධාරණයක් වෙන්නේ කලින් අර සම්මන්ත්‍රණ වලට ගිය 1000 ක් පමණ ළමයින්ට. මන්ද ඔවුන් තම හැකියාව ගැන වැරදි (අධි)තක්සේරුවකින් නොගැළපෙන විෂයයන් උසස් පෙළට හා තෘතියික අධ්‍යාපනයට තෝරාගෙන අමාරුවේ වැටෙනවා. දැන් මෙවර විභාගය ලියූ සියලු ළමයි තමන් ගැන වැරදි අධි තක්සේරුවකට ගොස් අමාරුවේ වැටේවි. (නි)
අමිල, නුඹ කුසුමෙකි නිමල... (නි)
ඇමතිතුමා නිවැරදියි. (නි)
වැඩක් වැරදුණුවිට කිසිම දේක කිසිම වගකීමක් ගැනීමට කිසිම කෙනෙකු ඉදිරිපත් නොවන රටේ මෙවන් සිද්ධීන් පුදුමයක් නොවේ. (නි)
බන්දුල ඇමතිතුමනි. ඔබ හරි. මේක තමා හරමදාම අපේ රටේ වෙන්නේ. තව ප්‍රශ්නයක් ආ ගමන් පරණ එක අමතක වෙනවා. (නි)
අධ්‍යාපන ඇමතිතුමා හා කොමිෂනර් ඉල්ලා අස්විය යුතුයි.. මේ වගේ දෙයක් උනාම නම් පිට රටවල නම් අනිවාර්යයි අපි කියන්න දෙයක් නැහැ එයාලා පහුවදාම අස් වෙලා ඇති.. අපේ අස් වෙලා කොහොමද?(නු)
අපොයි එයාලා ගිහින් කොහොමද? (නි)
ලංකාවෙ අය ඉල්ලා අස්වෙන්නෙත් වාසියක් බලාගෙන. වාසි නැත්නම් ඔහේ ඉන්නවා. (නි)