(තිලකරත්න දිසානායක)
ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි.
මේ වනවිට කුඩා මෝල් හිමියන් සතුව වී තොග නොමැති බව සදහන් කළ සභාපතිවරයා , බොහෝ දෙනා වී රැස් කිරීම හේතුවෙන් නාඩු සහ සම්බා වී මිල ඉහළ යාම මත ප්‍රවාහන ගාස්තු ඇතුලු සියලු වියදම් සමග කිලෝ 64 ක වී මිටියක් මරදගහමුලට ලැබෙන විට රුපියල් 10,350 ක් වන බවත් මේ අනුව අද වනවිට නාඩු සහල් කිලෝවක් රුපියල් 290 ක තොග මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනු ලැබීය.
පවතින තත්ත්වය අනුව රජයේ පාලන මිලට සහල් ලබාදීම කළ නොහැකි බව පෙන්වා දුන් සභාපති රංජිත් මහතා, රට තුල සහල් හිගයක් ඇති වීමට හේතුවක් නොමැති බවත් ඉදිරි මාස තුනක කාලයක් සදහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බවත් පැවසූ අතර පොහොර අවශ්‍ය පරිදි නොමැති වුවද වර්ෂාව ලැබීම මත ගොවීන් කුඹුරු අස්වැද්දීම හේතුවෙන් යල කන්නයේ අස්වැන්නද ඉදිරියේදී ලැබෙන බැවින් බියවිය යුතු තත්ත්වයක් නොමැති බවත් පැවසීය.
රට තුල සහල් හිගයක් ඇති වන බවට ජනතාව කැළඹීම හේතුවෙන් වී රැස් කිරීමට යොමුවීම මත වී තොග පවතින ප්‍රදේශවල සිට දුම්රියෙන් විශාල වශයෙන් විවිධ ප්‍රදේශයන්ට ගෙන්වන තත්ත්වයක්ද පවතින බවද සභාපති රංජිත් මහතා පෙන්වා දෙනු ලැබූ අතර මේ බව දුම්රිය ස්ථාන මගින්ද තහවුරු විය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘
කිරි පුතා Monday, 13 June 2022 03:09 PM
පාර්ලිමේන්තු ගිය අය ඔහේ කතා පවත්වනවා. රටේ අනෙක් හැමකෙනාම කරන්නේ කූඨ විදිහට හම්බ කරන්න හදන එක. නැත්නම් තමන්ට හැකි පමණින් හොරකම් කරන එක. මේ රට හදන්න නම් ඉස්සෙල්ලාම තද නීති ගෙනැල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෑ.
Praba Monday, 13 June 2022 04:53 PM
අගමැතිතුමාත් ඔය කතාව කිව්වානේ...
Rohana Monday, 13 June 2022 06:45 PM
යම් දෙයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතාකරන විට එම ප්‍රකාශය නිසා සමාජයට වියහැකි ප්‍රතිවිපාක පිළිබඳ මනා ඇගයීමක් කර එවැනි ප්‍රකාශ කළයුතුද? නැද්ද? යන්න තීරණය කළයුතුයි. වී මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට මේ ප්‍රකාශ හේතුවන්නට ඇතැයි සිතිය හැක...