මහනුවර ඇම්බැක්කේ රජමහා විහාරයේ බුද්ධ රූපයට නිගා දෙන ආකාරයේ පින්තූරද බුදු හාමුදුරුවන්ගේ හස්ත මුද්‍රාව අනුකරණය කරන පින්තූරයක්ද ඩිජිටල් කැමරාවකින් ගත් ප‍්‍රංශ කතුන් දෙදෙනකුට හා ප‍්‍රංශ ජාතිකයකුට ගාල්ලේදී අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කෙරිණි. මහනුවර සංචාරයෙන් පසුව ගාල්ලට ආ ඔවුන් එහිදී ඡායාරුප මුද්‍රණය කර ගැනීමට ඡායාරූප ශාලාවට ගොස් ඇත. බුද්ධාගමට අපහාස වන ආකාරයේ එම ඡායාරූපය ගාලූ පොලිසිය අතට පත්වීමෙන් පසුව ඔවුහු ගාලූ මහේස්ත‍්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එක් අයකුට මාස හයක බරපතල සිරදඬුවමක් බැගින්ද රුපියල් 1500 බැගින් දඩද නියම කෙරිණි. සිර දඬුවම වසර පහකට අත්හිටැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු හතක් තිස්සේ කැස්බෑව පැත්තේ මිනීමැරුම් නඩුවක් අහලා, අන්තිමේදී දේශපාලන බලේ තියෙන චූදිතයාව නිදහස් කලේ 'සාක්ෂි මදි' කියලා, නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කළ නිසයි. අපි ඉතින් මේ සුද්දන්ව අල්ලලා උල තියන්න කතාකරනවා. (නි)
මොකක් හරි නීතියක් ගෙන්න (දී)
අපේ රටට මොකද වෙන්නේ?(දී)
කව්ද මේවට වග කියන්න? (දී)
දඩය යුරෝ 9.09, ඔවුන්ට සිනහව නවත්වගන්න බැරුව ඇති..(ස)
සංචාරකයින්ව දැනුවත් කල යුතුයි .මොකද ඒ අය එන්නේ විනෝදෙට මිසක් වන්දනා ගමන් නෙමෙයිනේ...(ස)
රටට මොනවා වුණත් අවුරුද්ද අවසානයේ සංචාරකයන් මෙච්චර ආවා කියලා ගණන් වාර්තා පෙන්නුවොත් මදෑ නේද? (නි)
දීපු දඩුවම නම් මදි. ඒත් අර අධිකරණයට ගල් ගහපු අයට තවම දඩුවම් දුන්නේ නැහැ නේද? (නි)
දඩය මෙච්චරයිද? කවුද කියන්නේ? මොනවද මේ විහිලු? (නි)
මේ වගේ ඒවාට දඩ ගහන එක නෙමෙයි කරන්න ඕනෑ, මිනිස්සු දැනුවත් කරන එකයි විය යුත්තේ. (නි)
මෙහෙම විහිළු දඩුවමක් දුන් කෙනාටත් දඩුවමක් දෙන්න ඕන..(ස)
මේ අය මෙහෙම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම හරිහැටි නොදන්නා නිසයි. (නි)
බෞද්ධයෝ හිටියේ නද්ද?(දී)
මේවගේ දේවල් වන්න දෙන්න එපා (දී)
මේ ඡායාරූප ගැන පොලීසියට දැනුම් දුන් ඡායාරූප ශාලාවේ කාර්ය මණ්ඩලය ගැන ආඩම්බරයි. සංචාරක ව්‍යාපාරය නග්ගලා ගන්න කතා කරන රටකට හිතු හිතු හැටියට විදේශිකයින්ව දණ්ඩනයට ලක් කරලා නම් ඒ වැඩේ කරන්න ටිකක් අමාරු වෙයි. ජාතික වගකීමක් අධිකරණයකට තියෙනවා. සමහර විට මොවුන් මේ පිළිම ආගමික දේවල් බව නොදන්නවා වෙන්නත් පුළුවන්. හැමදේම දන්නා අපේ අයියලා වගේ නෙවෙයි, මෙහෙ ආවාට බුදු සසුන ගැන මොනවත්ම නොදන්නා උපාධිධාරී විදේශිකයෙක් මට වරක් මුණගැසුනා . (නි)
ඕනම ආගමික නායකයෙකුට ගෞරව කරන්න ඕන කියලා වෙනම උගන්වන්න ඕන නෑ.සාමාන්‍යයෙන් විදේශ රටක සංචාරය කරනව නම් ඒ රටෙ සංස්කෘතිය ගැන හරි හොයලා බලනවා නියම සංචාරකයො නම්. මෙහෙම සිල්ලර දඩුවමක් දීලා එලියට ගිහින් ආයෙත් ඒ වගෙම ෆොටෝ ඕන තරම් ගනීවි.(ස)
උපරිම දඩුවම් දෙන්න යැයි මම කියමි (නි)
මේ මොන විහිලුවක්ද? (නි)
මෙතන තියෙන්නේ සංස්කෘතිකමය ප්‍රශ්නයක්නේ. ඒකට දඩ ගැහුවයි කියලා වැඩක් නැහැ. (නි)
මම දැකලා තියෙනවා අපේ ලංකාවේ අයත් ආගමික තැන් වලදී නුසුදුසු විදියට ඡායාරූප ගන්නවා. අනෙක් අය හදන්න කලින් අපි හැදිලා හිටියොත් නරකද? (නි)
මේ වගේ තැන්වල විනීතව හැසිරෙන්න කියල හැම භාෂාවකින් දැන්වීම් ගහන්න ඕන, මේවට වැරදි විදේශිකයෝ නොව් අපේ කට්ටිය. (අ)
විදේශිකයෝ දැනුම්වත් කරන්නෙ ඕනේ. (අ)
අවවාද කළා නම් ඇතිනේ. (නි)
මොන සිර දඩුවම්ද? දඩයක් ගහලා මෙහෙන් පන්නලා දානවා ඇරෙන්න. (නි)
ඒ අයියාව දැනුවත් කරනු! (නි)
ගුණරත්න, මේක මුස්ලිම් රටක් වුණා නම් අපේ රටටත් මුස්ලිම් වසන්තය ඇවිල්ලා. (නි)
බුදු පිළිම කඩලා සිරස හාරන අයව අත්අඩංගුවට ගන්න බැරි අයි..? (ස)
බුදු හාමුදුරුවන් ජිවත්ව වැඩ සිටි කාලයේත් නොයෙක් දෙනා බුදු හාමුදුරුවන්ට නිගා දෙන දේ කළා. නමුත් ඒ කාලයේ හිටපු රජවරු ඒ මිනිසුන් අල්ලල උල තියන්න, හිරේ දාන්න ගියේ නෑ. අපි මේ අය ගැන අනුකම්පාවෙන් බැලිය යුතුයි .(ස)
අපිට අපේ බුදු දහම තරම් වටින දෙයක් වෙන නැහ ඒකටත් නිගා දෙන්න එන්නන්ට මෙහෙම දඩුවම් දීම ගැන අපේ ස්තුතිය..(ස)
ගෞරවය රකින් විදේශිකයන් දැනුවත් කරන්න.. දැන්වීම් හෝ දාන්නන..!!(නු)
නමට බෞද්ධයෝ..(ස)
මේ සුද්දන්ව යවන්න තියෙන්නේ ඒ අයගේ රටටම. (නි)
මේ මිනිස්සු නම් ඉතිං ඡායාරූප අරන් විතරයිනේ. බුදු දහම වනසන අපේ හාමුදුරුවරුන්ටයි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඉතා හොදයි. (නි)
දඩෙත් රැපියල් 1500යි.. දඩුවමත් වසර පහකට අත්හිටුවලා.. ලංකාවෙ මෙයට වඩා සුළු වැරදි කරපු අයට මීට වඩා දඩුවම් දීලා තියෙනවා...!(නු)
චායාරුප හලේ අයට ස්තුති (දී)
අනේ මෙහෙමත් විහිලු.. අත්හිටවු සිරදඩුමව් අවුරඅදු පහකට දෙකක් දීල පන්නන්නෙ නැතිව.. මෙයා මෙච්චරකල් ලංකාවෙ ඉදීද අධිකරණය ජනතාවට විහිලු උගන්නනවා..වෙන රටක මේවගේ දේවල් උනානම් බලන්න තිබුණා වෙන දේ..!!(නු)
අවුරුදු පහක් අත්හිටවූ දඩුවම් දෙන්නේ මොකටද? මේ අය ලංකාවෙ දිගටම ඉන්නේ නැහැනේ.. මේවගේ දඩුවම් නොදී කෙලින්ම අවුරුදු පහකට හිරේ යවන්න තිබුණේ.. අනිත් අයට මේක පාඩමක් වෙන්න.. හැම කෙනාම සෙල්ලම් කරන්නෙ බුද්ධාගමත් එක්කනේ..!!(නු)
අපගේ නිර්මල බුදුදහම කිසිවෙකුට කොලෙසිය නොහැක....බෞද්ධයනි දැංවත් නැගීසටිමු.. පමා නැත තවම...!!(නු)
කුමාර, නැගී සිටලා.., ඊට පස්සෙ මොකද කරන්නේ? (නි)
දඩය ඇ. ඩො. 12 යි. මේ ඔය වගේ රටක කොපි කෝප්පයක ගණන. දැන් මේ අය ආයෙත් ඔය වැරැද්ද නොකරාවිද? බලන්න, ඔය වගේ නඩුවක් අහන්න කොතරම් වියදම වෙනවද? පොලිස් නිලධාරීන්ගේ, එතකොට උසාවියක් පවත්වාගෙන් යන්න. ඒ වියදමවත් ආවරණය වෙන්නේ නැහැ නේද? දියුණු රටවල දඩ නියම කරනකොට ඒ වගේ වියදමුත් ගණන් ගන්නවා. නවසීලන්තයෙ නගරයක බාර් එකක් තියෙනවා; එකේ නම: "නිර්වාණ්". ලෝගෝ එකට යොදාගෙන තියෙන්නේ බුදු හිමියන්ගේ පින්තූරයක්. (නි)
අනෙක් අයටත් පාඩමක් වශයෙන් දැඩි දඩුවම් දෙන‍්නයි තිබුණේ, නිකන් නළවන්නේ නැතුව. (නි)
සංචාරකයන් පැමිණෙද්දි මේ ගැන දැනුවත් කරන ක්‍රියාදාමයක් හැදුවොත් නේද හොද? (නි)
බුදු දහම රැකගත යුත්තේ බෞද්ධයන්ගෙන්මයි...අභියෝගය තියෙන්නෙත් බෞද්ධයන්ගෙනුයි...(ස)
නියම දඩුවම (දී)
මේක මුස්ලිම් රටක උනානම් මොකද වෙන්නේ..(ස)
විදේශිකයෝ කොහොමද එහෙම කරන්නේ? (දී)
මට පේන්නේ බුදු දහමත් මුස්ලිම් ආගමේ තත්වයට පත් වෙමිනුයි තියෙන්නේ කියල. පිළිමයක පින්තුර ගත්තම එක ආගමට නිගරුවක් නම් හැම පෝයටම බණ අහමින් සමහර 'සිල්වත්' අය කරන දේවල් වලට සදාකල් හිරේ දාන්න වෙයි නේ. (ස)
ගුවන්තොටුපලේදීම දැනුවත් කිරීමක් තිබුණනම් තමා හොද. එහෙම උනානම් මේහෙම කරන්න පෙළඹෙන්නෙ නැහැ. කළොත් ඒ බුදු දහමට නිගා කිරීමේ අරමුණින්මයි. දඩය නම් හොදටම මදි. 150,000/- ක් වත් තිබුණනම් ආයෙ කරන්නෙ නැහැ ඔහොම. මොකද මම හොදටම දන්නව එයාලගේ රටවල් වල දඩ ඒ වගේ ඉහල අගයන් ගන්නව.
නවසීලන්තයේ කොහේද ඒක තියෙන්නේ ලලිත්? (නි)
මෙලොවම පඩිසන් දෙනවා (දී)
ඇයි මේකට පැත්තක ඉන්න මුස්ලිම් ආගම ගාවගන්නේ..(ස)
විහිලුනේ .. මේවා දඩුවම්ද ? (ස)
මේවාට නිසි දඩුවම් දෙන්න (දී)
ඇම්බැක්කේ විතරක් නෙමෙයි. ලංකාවේ හැම තැනම ඔය වගේනේ (දී)
මේක අපිට ඉදිරියට ලොකු ප්‍රශ්නයක් (දී)