IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ  නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.

ශ්‍රී ලංකාවේ සියයට  5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.

(ඩේලි මිරර්)



අදහස් (13)

ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

sharm warn Wednesday, 22 June 2022 10:22 AM

අවුලක් නැහැ... මොකක් හරි ඉඩම් කෑල්ලක් පෙන්නලා වැඩේ ගොඩ දාලා දෙයි... අර විකුණනසිංහලාට..!

:       6       13

කිරි පුතා Wednesday, 22 June 2022 10:30 AM

ඇමරිකා⁣වෙන් උපකාර ගත්තොත් ඔහොම තමයි. හරිම භයානක රටක්... ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි. ලෝකයේ කිසිම රටකට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. මොකක් හරි අංචියක් අදිනවා..!

:       27       11

kamalWednesday, 22 June 2022 12:38 PM

මෙන්න ලන්කාවෙ මිලග මුදල් ඇමති.

:       3       9

ranjith Wednesday, 22 June 2022 10:38 AM

මේ නය ගත්තු පාලකයො ‌කවුද යන්න රටට හෙලි කර මෙම නඩුවට අදාල පුද්යන් යවන්න කටයුතු කරන්න ණය අරන් රට විනාස කරල දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. කයිවාරුනම් ගහනව ස්වයිරී රටක් ස්වාදීනව කටයුතු කරනව කියල ලෝකෙට නය වෙලා ඔය කයිවාරු වලින් වැඩක් තියෙද. මෙව තමා කරපු හපන් කම්.

:       2       18

kamalWednesday, 22 June 2022 01:53 PM

මෙ නය ගත්තු පාලකයො බලයට පත් කල අයට මොකද කරන්නෙ?

:       1       4

santha Wednesday, 22 June 2022 11:05 AM

ණය වෙලා අසාර්ථක ව්‍යාපෘති කරපු නායකයෝ නීතිය හමුවට ගෙනත් ඔවුන්ගේ දේපළ, වත්කම් රාජසන්තක කර මේ ණය ගෙවලාවත් රටේ ගෞරවය ආරක්ෂා කරගන්න..

:       2       23

Cham Wednesday, 22 June 2022 11:09 AM

ඒ කියන්නේ අපි ණයවෙලා තියෙන්නේ ඇමෙරිකාවට. චීනෙට නෙමෙයිද?

:       2       16

sirisenaWednesday, 22 June 2022 06:23 PM

ඒ රටවල් 2 ට විතරක් නෙවෙයි..., ඉන්දියාව, බංග්ලාදේශය, නයිජීරියාව ඔක්කොටෝම ණයයි.

:       1       2

de silva Wednesday, 22 June 2022 11:33 AM

රටෙ ජනපති , හිටපු මුදල් අමති යන දෙනා අමරිකන් කාරයෝ නිසා ඇමරිකවට අාම ඔවුන්ව අල්ල ගන්න.

:       1       15

Prase Wednesday, 22 June 2022 12:39 PM

මේව ගත්ත එවුන්ගෙ දේපල විකුනල ගෙව්වනම් ඉවරයි, මොකාද ගත්තෙ.

:       0       7

ganegoda Wednesday, 22 June 2022 12:43 PM

අගමති දූරය බාරගත්තගමන් අමෙරිකාවෙ ජනාධිපතිතුමා එක්ක පත්තරේ පින්තුර දාගෙන ලොකු නැටුමක් නැටුවෙ මෙකට වෙන්න අති.

:       1       5

ganegoda Wednesday, 22 June 2022 12:47 PM

ලොකු පූජාවක් තියලා, තොවිලයක් නටලා කන්නලව්වක් කෙරුවොත් නේද හොඳ?

:       0       5

Namal Wednesday, 22 June 2022 02:22 PM

දැන් දවස් කිහිපයකට කලින් රනිල් කිව්වා ඇමෙරිකාවෙන් උපරිම සපෝට් එකක් දෙනවා කියලා ජෝ බයිඩ්න් පොරොන්දු වුණා කියලා එහෙම.. අතේ පත්තුවෙන බොරුමයි දැන් මෙයා කියන්නෙත්...! 

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1144 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2708 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 652 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 431 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1382 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 407 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site