මිහිකත දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මහත්මිය කොළඹ ගාලු මුවදොර හෝටලය ළඟ සිට ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුව දක්වා වෙරළ තීරයේ කුණු බවත් කරමින් සිය දායකත්වය දැක්වූවාය.
මිහිකත දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මහත්මිය කොළඹ ගාලු මුවදොර හෝටලය ළඟ සිට ගාලු මෝදර පරණ පාර්ලිමේන්තුව දක්වා වෙරළ තීරයේ කුණු බවත් කරමින් සිය දායකත්වය දැක්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක හොඳක් නොදකින ඕනෑම පුවතකට "කුණු" අදහස් දමන්නන්ට හොඳ ආදර්ශයක්. (නි)
අපේ රටට ආදරයෙන් ගෞරවයෙන් අදහස් දමන්නන්ට වඩා හානිකර, අනිත් අයව උසි ගස්සන, අපහාසාත්මකව කරුණු දාන අය බොහොමයි. උඩින්ම ලුම්බිණි ඉන්නවා.. (නි)
රටක් කියලා හිතනවට වැඩිය මහා පොළොවට ආදරේ මිනිස්සු කියලා හිතන්නි ඕනෑ. කුමන්ත්‍රණ කතා හරි මෝඩ මිනිස්සුන්ගේ අදහස්. ලංකාව දියුණු කරන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් කරන්න ඕනෑ. අවාසනාවට අපේ රටේ පාලකයන් ඒක තේරුම් ගන්නේ නැහැ. නැත්නම් මිහිකත දියුණු වුණත් තමන්ගේ පාඩුවේ ඉන්න තිබ්බා... (නි)
මම මේ දේට ගෞරව කරනවා. නමුත් අපේ රටට ඔයාලා කරදර කරන්න එපා. බොරු චෝදනා කරන්න එපා. (නි)
ඉහළ දාලා තියෙන ප්‍රතිචාර වලින්ම පේනවා අපේ රට කවදාවත් හැදෙන එකක් නෙමෙයි කියලා. මේක කොයිතරම් හොද ක්‍රියාවක් වුණත් අපේ අයියලා අගය කරන්නේ නැහැ. (නි)
මොනවා වුණත් මේ දේ අගය කරන්න ඕනෑ (නි)
නමුත් අප ත්‍රස්තවාදය නැති කිරීම වැරදි දෙයක් විදියටයි ඇමරිකාව දකින්නේ. ඉතා සුළු කොටසක් අනතුරුට පත්කළ බොස්ටන් බෝම්බය තැබූ ත්‍රස්තවාදීන් මරා දැමීම හා අල්ලාගැනීම ගැනීම ජයග්‍රහණයක් හා විය යුතු දෙයක් ලෙස සලකන අතර දහස් ගණනකගේ ජීවිත හා දේපල විනාශ කල ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා විනාශ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පළිගැනීමට සැරසෙන්නේ මන්ද? (නි)
අපේ දේශප්‍රේමී ඇමති මහත්තයෙකුත් ලබන අවුරුද්දේ ඇමරිකාවට යනවලු කුණු අහුලන්න. (නි)
මේක දැකලා අපේ අයගේ හිත් උණුවෙන්න පුළුවන්. මෙන්න මේ උපක්‍රමය හින්දා තමයි සුද්දා හැමදාම දියුණු වුණේ. (නි)
මෙතුමිය කරන දේ අගය කරන්න ඕනෑ. තානාපති කෙනෙකුට හැමදාම පොදු වැඩ කරන්න බැහැ. කවුරුත් කතා කරන දවසක මේ වගේ හැසිරීම අගය කරමු. අපේ රට පිරිසිදුව තියා ගන්න මේක හොඳ ආරම්භයක් කරගමු. පරිසරය සුන්දරව තිබුනොත් සංචාරකයෝ වැඩිපුර එනවා. අපිට අලුත් රැකියා ඇති වෙනවා. අපිත් සංවර්ධනයට දායක වෙමු. හැමදේම ආණ්ඩුවෙන් කරනකන් ඉන්න ඕනෑ නැහැ. (නි)
ස්තූතියි ඇමරිකා! (නි)
මේවා අපේ කුණු. මේවා බලලා අපේ වරද හදාගමු. (නි)
අපේ ලංකාවේ මිනිස්සු අපිරිසිදු බව කෙලින්ම කියන්න ඕනෑ. කාපු ගමන් කකුල් දෙක ගාව කොලය විසි කරනවා. පොලිතින් ,ප්ලාස්ටික්, බීම කෑන් වගේ දේවල්දානවා. අනික පෝලිමක ඉන්න දන්නේ නැහැ. තුණ්ඩුව අතේ තියාගෙන පොරකනවා. මම දැනට ඉන්න රටේ අවුරුදු 8 කට මගේ කණට වාහනයක නළා හඬ දෙතුන් වතාවකට වැඩිය මට අහන්න ලැබිලා නැහැ. ඉදිරියෙන් මොනතරම් වාහන තදබදයක් තිබුණත්.. ඒ තරම් ඒ මිනිස්සු නිහතමානීයි. (නි)
සුරංගගේ කතාව සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා (නි)
නායකයන් කටින් පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම වැදගත්. කවුරු මොනවා කිව්වත් ඇමෙරිකාව අපේ හොද මිතුරෙක් වෙනවා හෙට අනිද්දාම ඉයම් දෙයක් අනුමත කළොත් (නි)
වෙරල පැත්තට වෙලා කරන්නේ කාටහරි අහුවුනොත් ජොබ් එකකට ගනිය් කියල බයට වෙන්නැති (අ)
ලංකාවේ මිනිස්සු නොදකින පැත්තක් පිට රටවල ඉන්න මිනිස්සු දකිනවා. ඒ නිසයි ලංකාවට ඇගිලි ගහන්නේ. ලංකාවේ වෙන්නේ ලෝකේ කිසිම රටක නැති අසාදාරණ දේවල්. (නි)
අපේ ලංකාව ගැන හරිම දුකයි. කවදාකවත් රට දියුණු කරන්න බැහැ. (නි)
මිනිසුනේ මේ ඉන්නේ ලංකාවේ ඇමරිකානු තානාපතිනියයි. (නි)
පිටරැටියෝ බොහෝ සේ පරිසරයට ඇළුම් කරති. අපට ස්වභාව ධර්මය සුන්දර වට පිටාවක් ලබා දී තිබේ. එය මනාව රැක බලා ගැනීමත් පිරිසිදුව තබා ගැනීමත් අපගේ යුතුකමකි. ඇමරිකානු තානාපතිනිය අපට ප්‍රදර්ශනය කරන්නේ ආදර්ශයකි. හොද දේ අගය කිරීම යහපත් ගුණාංගයකි. යහපත් ආකල්ප ජීවිතයට එකතු කර ගනිමු. (නි)
ලෝකයා අපේ රටට අත පොවන්නේ පාලකයන්ගේ නිවැරදි දැක්මක් හෝ යහ පාලනයක් නොමැති බැවිනි. (නි)
අපේ අයියලා නම් මේ වැඩේට අඩුම ගානේ කෝටි 10ක් වෙන් කරනවා.එහෙනම් මෙතන ලොකු උත්සවයක් ගන්නවා.අද හැම පත්තරයකම ලොකුවට පොටෝ දාලා තියෙයි. අනේ ඉතින් යද්දි තිබුණටත් වඩා කුණු තොගයක් එතන. ඒත් බලන්නකො මෙතුමිය ළග කවුරුවත් නැහැ. තමන්ගෙ වගකීම අකුරටම ඉටුකරනවා. එහෙයි මෙහෙයි වෙනස ඒකයි. තමන්ගෙ සතුරෙක්ගෙන් වුණත් කමක් නැහැ. අපට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් අපි ලබා ගන්න ඕනෑ. (නි)
සුද්ද කරලා තිබුනනම් එකතු කරන්ඩ කුණු නෑ නේද? (ස)
කොහොමත් ඇමෙරිකාව කරන දේනේ මේක. (නි)
මේ දේවල් අගය කරන්න ඕනෑ මේක රටට ආදර්ශයක් (නි)
ලංකාවේ මිනිස්සු රවට්ටන්න කරන්න වැඩක් වෙන්නත් පුළුවන් (නි)
කුණු කුණු කුණු කොහොම නමුත් කුණු නියම තැනට නොදමා අතන මෙතන විසි කරන අයට මේක හොඳ පාඩමක්.(නදී)
දැන් ඉතින් මේකටත් දේශප්‍රේමියෝ කට්ටිය ඇමෙරිකාවට බන්නින. අපි දේශප්‍රේමයෙන් රත්වේවි ඉදිද්දී රජය මිල වැඩිකිරීමේ යකඩය හොදට තලාගන්නවා. (නදී)
මෙයාගෙ වෑඩේ ඉතින් අනුන්ගෙ කුනු හොයන එකමනෙ.(නදී)
මේකට විරුද්දව වහාම උපවාසයක් කරන්න ඕනේ.(නදී)
මේක දේශ ද්‍රෝහී කුමන්ත්‍රණයක් .(නදී)
වටිනා ක්‍රියාවක් අගය කල යුතුයි.(නදී)
ඇමරිකාව කරන්නෙම අනුන්ගේ කුණු එකතු කිරීමනේ.(නදී)
අගතිගාමී කුණු කන්දල් වලින් ඔද්දල් වූ ඔළු වලින් කුණු අයින් කරන්නට පුලුවන්නම් මහි කතා හැමදාමත් පිරිසිදුව ඉඳීවි.(නදී)
ඕකට ඉතින් මිහිකත දිනයක් ම එන්න ඕනෙද? මෙයාලාට මව් දිනය, පිය දිනය, මිහිකත් දිනය වසරටම එක පාර . එහෙත් අපි මේවා සැමදා සමරනවා. අනේ ඉතින් පත්තරේට නම් ජෝගි තමයි ඉතින්.(නදී)
නියම ක්‍රියාකාරී නායකත්වයක්. බලන්න ගලන දහඩිය මොනතරම් වටිනවාද කියලා.(නදී)
අනේ මැඩම් මහන්සිය නොබලා ඔය ගමන්ම ගිහින් අලුත් පරිලිමෙන්තුවේ කුණු ටිකත් සුද්දකරලා දමන්නකෝ.(නදී)
හොඳ වැඩක් තමන්ගේ රට නෙවිනේ.(නදී)
අපේ දේශපාලක තුමන්ලා නැද්ද මේ වගේ දේකට වත් සහභාගි වෙන්නේ? (නදී)
නියම ක්‍රියාකාරී නායකත්වයක්. බලන්න ගලන දහඩිය මොනතරම් වටිනවාද කියලා. (නි)
ඇමෙරිකාවේ වරදක් නැත.ලංකාවේ ලොකු ලොක්කොයි එහෙම දෙයක් ලොකු කරලා පෙන්නන්න හදන්නේ. එතකොට ලංකාවේ මිනිස්සුන්ගේ කල්පනාව වෙනස් කරන්න පුළුවන්නේ. (නි)
මේකෙන් පෙන්නුම් කරන්න හදන්නේ අපේ පොදු ජනතාව ඉන්න පරිසරය රැක ගන්නට දන්නේ නැති වනචාරියෝ රංචුවක් කියලාද? අපේ ලොක්කෝ පුහුමානයෙන් පිප්පුන මෝඩයෝ රැලක් කියලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් අපේ තානාපතිලත් ඒ රටවල් වල කුණූ එකතු කරන්න පටන් ගනීද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ කුණු නිසා මරා ගන්න මිනිසුන්ට හොද ආදර්ශයක් . (නි)
ඒ වුණාට ලෝකයේ වැඩිම පරිසර දූෂණයට දායක වෙන්නේ ඒ රට නේද? (නි)
අපේ බඩ මහත කට්ටිය මේ වගේ වැඩවලට දායක වෙනවා නම් කුණු කෙසේවෙතත් තමන්ගේ ශරීරයේ මහතවත් අඩු කරගන්න තිබුණානේ. (නි)
වෙන රටක ඉඳල ලංකාවට ඇවිත් ගිය මගේ යාලුවෙක්ගෙන් ඇහුවා ලංකාව කොහොමද කියලා. පොඩි ආඩම්බරකමකුත් මගේ හිතේ නොතිබුනාමත් නෙමෙයි. හැබැයි එයා ලංකාව විස්තර කරන්න වචන තුනයි පාවිච්චි කලේ, ත්‍රීවිලර් , කුණු සහ දුෂණය... (නි)
මොනවා? මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.....? (නි)
මේකත් දැන් බටහිර කුමන්ත්‍රණයක්ද? (නි)
මේ හින්දා තමයි ඒ රටවල් දියුණු රටවල් වෙලා තියෙන්නේ. (නි)
මේක කුමන්ත්‍රණයක් නොවේ මෙයාගේ රස්සාව (අ)
වාසනාවට මෙතුමිය ලංකාවේ තානාපති වුණේ. බැරිවෙලාවත් ඇප්ගනිස්ථානේ තානාපති උනානම් ඇහිදින්න වෙන්නේ ඇමරිකන් බෝම්බ වලින් මැරුණු අයගේ ඇට කටු.(අ)