IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමෙරිකාව ලංකාවට ආධාර කපයි?

ශ්‍රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා හරින්නැයි ඇමෙරිකා රජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි.

ජෝන් කෙරී මෙම යෝජනාව අඩංගු අය වැය යෝජනා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා ගිය සතියේ ඉදිරිපත් කළේය.

ඔහු යෝජනා කරනුයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් එක්කෝටි දස ලක්ෂයක් (රුපයල් කෝටි 139.7)දිය යුතු බවයි.

එම මුදල 2012 දුන් මුදලට වඩා සියයට 20ක අඩුවීමකි.

යුද්ධයේ අවසන් කාලයේ සිදුවීයැයි කියන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා  ජාතික එකමුතුව සම්බන්ධයෙන් වන ප්‍රශ්න ඔහුගේ යෝජනාවෙන් පිළිබිඹු වෙයි.

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයක් වන මාලදිවයිනට ඇමෙරිකාව ඉතා වැඩි ආධාර මුදලක් දීමට යෝජනා කරයි.

ශ්‍රී ලංකාවට දෙන අධාරවලින් වැඩි කොටසක් අධිකරණ ප්‍රතිසංස්කරණය සඳහා වේ.

මාලදිවයිනට දෙන ආධාර ත්‍රස්තවාදය මර්ධනය කිරීමට වන උත්සාය සඳහා යෝජනා කර ඇත.

ඉන්දියාව හා ඇමෙරිකාව මාලදිවයින සමග සමීපයෙන් වැඩ කරතියි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.

 

 



අදහස් (0)

ඇමෙරිකාව ලංකාවට ආධාර කපයි?

රාණි Monday, 15 April 2013 05:34 PM

සේනාව මේවා දැනගෙනද අරයට එන්ට එපා කිවුවේ? (නි)

:       0       0

ජෝයි Monday, 15 April 2013 05:34 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

ගාමිණී Monday, 15 April 2013 05:36 PM

ණය නොදෙනවා නම් අපේ සේනාවට කියන්න. (නි)

:       0       0

දාස් Monday, 15 April 2013 06:12 PM

ඔය ඇඹුල් මිදි අපිට එපා. අපිට තියෙනවා චීනයේ කටු ලොවි (නි)

:       0       0

කමල් Monday, 15 April 2013 07:57 PM

එන්.ජී,ඕ. වලට දෙන ආධාර දෙගුණයක් කරලද දන්නෙ නැහැ (නි)

:       0       0

අසේල Monday, 15 April 2013 07:59 PM

ඇමරිකාව රැකෙන්නේ මුස්ලිම් බහුතරයක් ඉන්න මැද පෙරදිග තෙල් නිසා. එයාලා හරාම් එහෙට දීලා හලාල් ගන්නවා. අපිට නම් ආධාර දෙන එක නවත්තලාම දාන්න ඕනෑ. අපේ අය දැන් පිනටම කාලා පුරුදු වෙලා. (නි)

:       0       0

චමින්ද ජයනාත් Monday, 15 April 2013 08:18 PM

අපි නම් ඕවා දන්නව. අනේ අපට කව්රුත් නැතිව යනවා තව ටික කාලයක් යද්දි. (නි)

:       0       0

ගාමිණී Monday, 15 April 2013 09:02 PM

ඇමරිකාව, වෙළඳ කලාපයට තහංචි දැමු වෙලාවට , ඒ අහිංසක ජීවිත වලට කවුරුන් නම් වග කියනවද ? (නි)

:       0       0

කීර්ති Monday, 15 April 2013 12:00 PM

ඕකත් නොගෙනම හිටියා නං ඉවරයි (නි)

:       0       0

රොෂාන් Monday, 15 April 2013 12:09 PM

ඉතුරු 80% ත් නොගන්නවා නම් තමයි හොද (නි)

:       0       0

ෂර්ෆාස් Monday, 15 April 2013 12:31 PM

දැන් අපි බලමුකෝ අපේ අහවල් කට්ටිය යෝජනාව ගෙනාපු අයට සහ සහනාධාර කප්පාදු කරපු අයට මොනවාද කියන්නේ කරන්නේ කියලා. (නි)

:       0       0

ලලිත් Monday, 15 April 2013 10:55 PM

මේ හොර තක්කඩි දේශපාලකයන්ට ශත පහක් වත් ආදාර දෙන්න හොද කැහැ.(නදී)

:       0       0

ඩිල්ශාන් Monday, 15 April 2013 12:42 PM

ආධාර නොදෙන තරමට හොදයි. (නි)

:       0       0

පාල Monday, 15 April 2013 12:42 PM

අනුන්ගේ ආධාර මත ජිවත්වෙන එක හොද වැඩක් නම් නෙමෙයි. මෙහෙම දේකින් හරි ටිකෙන් ටික මග හැරෙනවා නම් හොදයි. (නි)

:       0       0

රත්න Monday, 15 April 2013 01:11 PM

මම හිතාගෙන හිටියේ ඇමරිකන් ආධාර ගන්නේ නැහැ කියලා. දැන් අපේ මහත්තයා ඇ.එ. ඉස්සරහා උපවාසයක් කරාවිද? (නි)

:       0       0

රණ රාල Monday, 15 April 2013 01:14 PM

හත්පොලේ බනින ඇමරිකාවෙන් "ආධාර", බදාගෙන ඉඹින චීනෙන් "ණය"... කවුද හොඳ? (නි)

:       0       0

ජීවන්ත Monday, 15 April 2013 01:18 PM

අවුලකුත් නැහැ. ප්‍රථිසංස්කරණය කරන්න දැන් "ඔය කියන එක" තියෙනවායැ? (නි)

:       0       0

කමල් Monday, 15 April 2013 01:18 PM

කරුණාකර අපේ තක්කඩි දේශපාලකයින්ගේ හොරකම්, මැර කම්, දූෂණ, භීෂන වලට වැට බදින්න. ජනතාව එකතුවෙලා අපි ගහක් ගලක් ගානේ වවමු. එවිට නිදහස්ව නිවහල්ව කෙලින් සිටිය හැකිවේවි. සුභ අළුත් අවුරුද්දක් ලැබේවි. (නි)

:       0       0

කරුණාරත්න Monday, 15 April 2013 01:21 PM

අපේ සිංහල ජාතියට තේරුණ දේ හෙට වෙද්දි අපේ අහවල් ඇමතිතුමා කොහොම තේරුම් ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Monday, 15 April 2013 01:24 PM

ඕක නැතිවුණාට අපි බඩගින්නේ ඉන්නේ නැහැනේ. (නි)

:       0       0

නිමල් Monday, 15 April 2013 01:27 PM

බොහොම හොදයි. බොහෝම හොදයි (නි)

:       0       0

මධු Monday, 15 April 2013 01:40 PM

හොඳ පුවතක්. ඔය කියන ආධාර දුප්පත් අය‍ට ලැබෙනවාද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 12:54 AM

වැඩේ කියන්නේ මමත් ඕක හිතුවානේ.... (නි)

:       0       0

සම්පත් Monday, 15 April 2013 02:00 PM

එයාලගේ ආධාර අපිට නැතුවට කමක් නැහැ කියලා රජය ඇමෙරිකාවට දැනුම් දුන්නා නම් හරි. (නි)

:       0       0

හේරත් Tuesday, 16 April 2013 01:31 AM

" ශ්‍රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා සියයට 120 එල් ටී ටී ඊ වලට මුදා හරින්නැයි ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි.(නදී)

:       0       0

සනත් Monday, 15 April 2013 02:01 PM

ශ්‍රී ලංකාවේ ජාතික දල නිෂ්පාදනයට වැඩිම දායකත්වය සපයනු ලබන්නේ ඇමෙරිකාව ප්‍රමුක යුරෝපා සංගමය බව මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 April 2013 02:11 PM

ඉතාමත් හොඳ යෝජනාවක්. ආධාර අරගෙන ගෙවලා ගෙවලා අපි හෙම්බත් වෙලා ඉන්නෙ. (නි)

:       0       0

සෙන්තිල් Monday, 15 April 2013 02:15 PM

නියමයි. 20%ක් නෙමෙයි 100%ක්ම කපා දැම්මොත් හරි. (නි)

:       0       0

සෙන්තිල් Monday, 15 April 2013 02:17 PM

ඉල්ලන්නකෝ ආධාර රුසියාවෙන් සහ චීනයෙන්. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 16 April 2013 01:57 AM

අපි මොන බයිලා ගැහුවත් අපිට වැඩිපුරම උදව් කරන්නේ යුරෝපේ රටවල් සහ මැදපෙරදිග රටවල්නේ. අනිත් කාරණාව තමයි හෙල දෙරණේ අය හොඳට පුරුදුවෙලා ඉන්නේ ආධාර සහ ණයට අරන් සැප විදින්න. (නි)

:       0       0

දාස් Tuesday, 16 April 2013 02:03 AM

ඕනෙම නැහැ. (නි)

:       0       0

සුපුන් Monday, 15 April 2013 02:23 PM

අනේ මහත්තයෝ, මෙහෙ නඩුවක් ඉවර වෙද්දී නඩු දාපු මිනිහා මැරිලා ගිහිල්ලා. ඔබතුමාලා සල්ලි ඔක්කොම වුණත් කමක් නැහැ, කපලා දමන්න. (නි)

:       0       0

සුබසිංහ Monday, 15 April 2013 02:24 PM

දැන් පාලකයන්ට පුළුවන් ඇමරිකන් විරෝධී සිංහ කතා ටිකක් කියලා හින් නුලෙන් තව මොනවා හරි වැඩි කරන්න. (නි)

:       0       0

මාලක Monday, 15 April 2013 02:25 PM

හැබැයි ඇහුවම නම් කියන්නේ ජාත්‍යයන්තර කුමන්ත්‍රණ කියලා. (නි)

:       0       0

ලලිත් Monday, 15 April 2013 02:26 PM

දැන් කියන්න මේ සල්ලි දෙන්නේ ආදරේට නෙමෙයි කියලා. එතකොට මේවා නැති වෙනකොට දුක් වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

රීටා Monday, 15 April 2013 02:29 PM

මට නොතේරෙන දේ නම් කලින් ජි එස් පි ප්ලස් නැති වෙද්දී එක ලබාගන්ට සටන් කරලා කරලා බැරි උනාම සිංහ කතා කිවා. "කුවේණි කපු කෙටුව කලේ සුද්දෝ හිටියේ හෙළුවෙන්, එහෙවු ජාතියක් අපි" කියලා. ඊට ටික දවසකට පස්සේ කියපු කෙනා බෙහෙත් ගන්ට ඇමරිකාවේ ගීයා.(නදී)

:       0       0

දේවින්ද -බ්‍රේෂියා Tuesday, 16 April 2013 03:26 AM

ඇමරිකාවට බනින අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය, ඇමරිකන් ආධාර එපා යනුවෙන් පිකටිං කළ දවසක් නම් මගේ මතකයේ නැහැ (නි)

:       0       0

අපොන්සු Tuesday, 16 April 2013 03:27 AM

මට නිව්යෝර්ක් යන්නත් බැරිවෙවිද මන්දා? (නි)

:       0       0

ගමාල් Monday, 15 April 2013 02:35 PM

හොද වැඩේ. ජාතියේ එකමුතුව ඕනෑ නැහැ. ආධාර අපට එපා, අපි ණයට ගන්නවා. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 16 April 2013 03:38 AM

මේ මොනවා ලැබුණත්, අපට නැහැ සරණක්. (නි)

:       0       0

ඩොන් Tuesday, 16 April 2013 04:14 AM

ඕව කියන්න ඕනෑ ඔය කියන වේදිකා වල සිවුරු දාගෙන කෑගහන අයට. (නි)

:       0       0

ෆසල් Monday, 15 April 2013 02:45 PM

නුවරඑලියේත් වසන්ත කාලයට විදේශ සහ දේශීය සංචාරකයන් අඩුවෙලාලු, අපනයනයත් අඩු වෙලා. මේ සියලු දේවල් වලට වගකිව යුත්තේ කවුද? (නි)

:       0       0

අරුණ Monday, 15 April 2013 02:49 PM

මම හිතුවේ ඩොලර් බිලියනයක් විතර කපලා දාල කියල. සින්දු කිවුවත් කියන්නේ, සුද්ද කරපු දෙයක් මිසක් වෙන දෙයක් නැහැ කියලා. (නි)

:       0       0

රනා Tuesday, 16 April 2013 06:02 AM

ඇමරිකාව පාවිච්චි කරන්නේ මැදපෙරදිග තෙල් වලින් 2.75 ක් පමණි. (නි)

:       0       0

සරත් Tuesday, 16 April 2013 06:09 AM

ඔය දැන් කෑගහන වංශක්කාරයෝ ගොඩ දෙනෙක් ඉස්කොලේ යන කාලේ ගිල්ලේ ඇමෙරිකාවෙන් පිනට දුන්න ඇදිහෙස විස්කෝතු. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 16 April 2013 01:40 PM

අපේ සමහර චණ්ඩි කියනවා අපි ඇමරිකාවට බය නැහැ කියලා. ඒත් සද්ද නැතුව දෙන ආධාර ටික නම් ගන්නවා (නි)

:       0       0

රාජා Monday, 15 April 2013 03:14 PM

අනේ පවු. අපි වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා දුක් විදින මැති ඇමැත්තන්ට තමයි ඒකෙනුත් පාඩුවෙන්නේ. (නි)

:       0       0

සරත් Monday, 15 April 2013 04:46 PM

අධිකරණ ප්‍රතිසංස්කරණයට ආධාර දෙනවා ඇත්තේ නීතිය ආරක්ෂා කර ගන්න වෙන්න ඇති නේද. ඒ වුණාට අපේ කට්ටියට කන්න ඕනෑ වුණහම කබරයත් තලගොයා ප්‍රතිපත්තිය දානවනේ. ඉතින් ආධාර වලින් වැඩක් නැති වේවි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 16 April 2013 10:06 PM

මේවා අපිට දෙන නය. මේවා යම්කිසි දිනයකදී අනාගත පරපුර පොලියත් සමග ගෙවන්න වෙනවා. , දේශපාලකයන් මේවා ගන්න කැමති වියපෘති වලින් ඔවුන්ට කොමිස් සහ වෙනත් ලාබ ප්‍රයෝජන තිබෙනවා. මේක අඩු උන එක අපේ අනාගත පරපුරට හොදයි.(නදී)

:       0       0

රීටා Monday, 15 April 2013 05:05 PM

ඉතුරු ටිකත් කපල දාන්න මහත්ත‍යෝ. මොකෝ දුන්නත් වැඩක් නැහැ .ඉපදෙන දරුවන්ටත් ඔය ණය ගෙවන්න වෙනවා. නමුත් කට්ටියක් සැප විදිනවා. (නි)

:       0       0

ශීලා Monday, 15 April 2013 05:05 PM

මෙච්චර සල්ලිත් අරන්ද අර ඇමරිකන් විරෝධියෝ උතුරු කොරියාවෙන් ගහනවා කියන කොට හුරේ දාන්නේ....? (නි)

:       0       0

සුබසිංහ Monday, 15 April 2013 05:06 PM

දැන් කට්ටිය කියයි මේවා අපට ආදරේට දෙන සල්ලි නෙමෙයි කියලා. (නි)

:       0       0

මාලක Monday, 15 April 2013 05:10 PM

දැන් සිංහ කතා කියා කියා ඇමරිකන් විරෝධියෝ අවුස්සන්න. අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියා කියන්න. මෙච්චර කල් ලැබුන සල්ලි වලට එතකොට මොකද කළේ? (නි)

:       0       0

ස්ටීව් Tuesday, 16 April 2013 08:54 AM

අපි සේනාවට කියලා බලමු. (නි)

:       0       0

ජනක Monday, 15 April 2013 05:22 PM

මේවා අපට ආදරේට දෙන සල්ලි නෙමෙයි. හැබැයි හොරකම් කරන්න දෙන සල්ලිත් නෙමෙයි.මේවා ආදරේට දෙන සල්ලි නොවන වග දැන දැන ඇයි ගත්තේ? බලෙන් දෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 485 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1814 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1125 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1919 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1329 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38531 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site