ශ්රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා හරින්නැයි ඇමෙරිකා රජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි.
ජෝන් කෙරී මෙම යෝජනාව අඩංගු අය වැය යෝජනා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සඳහා ගිය සතියේ ඉදිරිපත් කළේය.
ඔහු යෝජනා කරනුයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් එක්කෝටි දස ලක්ෂයක් (රුපයල් කෝටි 139.7)දිය යුතු බවයි.
එම මුදල 2012 දුන් මුදලට වඩා සියයට 20ක අඩුවීමකි.
යුද්ධයේ අවසන් කාලයේ සිදුවීයැයි කියන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ජාතික එකමුතුව සම්බන්ධයෙන් වන ප්‍රශ්න ඔහුගේ යෝජනාවෙන් පිළිබිඹු වෙයි.
ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යයක් වන මාලදිවයිනට ඇමෙරිකාව ඉතා වැඩි ආධාර මුදලක් දීමට යෝජනා කරයි.
ශ්‍රී ලංකාවට දෙන අධාරවලින් වැඩි කොටසක් අධිකරණ ප්‍රතිසංස්කරණය සඳහා වේ.
මාලදිවයිනට දෙන ආධාර ත්‍රස්තවාදය මර්ධනය කිරීමට වන උත්සාය සඳහා යෝජනා කර ඇත.
ඉන්දියාව හා ඇමෙරිකාව මාලදිවයින සමග සමීපයෙන් වැඩ කරතියි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර තක්කඩි දේශපාලකයන්ට ශත පහක් වත් ආදාර දෙන්න හොද කැහැ.(නදී)
ඉතුරු ටිකත් කපල දාන්න මහත්තයෝ. මොකෝ දුන්නත් වැඩක් නැහැ .ඉපදෙන දරුවන්ටත් ඔය ණය ගෙවන්න වෙනවා. නමුත් කට්ටියක් සැප විදිනවා. (නි)
මෙච්චර සල්ලිත් අරන්ද අර ඇමරිකන් විරෝධියෝ උතුරු කොරියාවෙන් ගහනවා කියන කොට හුරේ දාන්නේ....? (නි)
දැන් කට්ටිය කියයි මේවා අපට ආදරේට දෙන සල්ලි නෙමෙයි කියලා. (නි)
දැන් සිංහ කතා කියා කියා ඇමරිකන් විරෝධියෝ අවුස්සන්න. අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියා කියන්න. මෙච්චර කල් ලැබුන සල්ලි වලට එතකොට මොකද කළේ? (නි)
මේවා අපට ආදරේට දෙන සල්ලි නෙමෙයි. හැබැයි හොරකම් කරන්න දෙන සල්ලිත් නෙමෙයි.මේවා ආදරේට දෙන සල්ලි නොවන වග දැන දැන ඇයි ගත්තේ? බලෙන් දෙන්නේ නැහැනේ. (නි)
සේනාව මේවා දැනගෙනද අරයට එන්ට එපා කිවුවේ? (නි)
කෝ අපේ සේනාව? (නි)
ණය නොදෙනවා නම් අපේ සේනාවට කියන්න. (නි)
ඔය ඇඹුල් මිදි අපිට එපා. අපිට තියෙනවා චීනයේ කටු ලොවි (නි)
එන්.ජී,ඕ. වලට දෙන ආධාර දෙගුණයක් කරලද දන්නෙ නැහැ (නි)
ඇමරිකාව රැකෙන්නේ මුස්ලිම් බහුතරයක් ඉන්න මැද පෙරදිග තෙල් නිසා. එයාලා හරාම් එහෙට දීලා හලාල් ගන්නවා. අපිට නම් ආධාර දෙන එක නවත්තලාම දාන්න ඕනෑ. අපේ අය දැන් පිනටම කාලා පුරුදු වෙලා. (නි)
අපි නම් ඕවා දන්නව. අනේ අපට කව්රුත් නැතිව යනවා තව ටික කාලයක් යද්දි. (නි)
ඇමරිකාව, වෙළඳ කලාපයට තහංචි දැමු වෙලාවට , ඒ අහිංසක ජීවිත වලට කවුරුන් නම් වග කියනවද ? (නි)
අධිකරණ ප්‍රතිසංස්කරණයට ආධාර දෙනවා ඇත්තේ නීතිය ආරක්ෂා කර ගන්න වෙන්න ඇති නේද. ඒ වුණාට අපේ කට්ටියට කන්න ඕනෑ වුණහම කබරයත් තලගොයා ප්‍රතිපත්තිය දානවනේ. ඉතින් ආධාර වලින් වැඩක් නැති වේවි. (නි)
වැඩේ කියන්නේ මමත් ඕක හිතුවානේ.... (නි)
" ශ්රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා සියයට 120 එල් ටී ටී ඊ වලට මුදා හරින්නැයි ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි.(නදී)
අපි මොන බයිලා ගැහුවත් අපිට වැඩිපුරම උදව් කරන්නේ යුරෝපේ රටවල් සහ මැදපෙරදිග රටවල්නේ. අනිත් කාරණාව තමයි හෙල දෙරණේ අය හොඳට පුරුදුවෙලා ඉන්නේ ආධාර සහ ණයට අරන් සැප විදින්න. (නි)
ඕනෙම නැහැ. (නි)
ඇමරිකාවට බනින අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය, ඇමරිකන් ආධාර එපා යනුවෙන් පිකටිං කළ දවසක් නම් මගේ මතකයේ නැහැ (නි)
මට නිව්යෝර්ක් යන්නත් බැරිවෙවිද මන්දා? (නි)
මේ මොනවා ලැබුණත්, අපට නැහැ සරණක්. (නි)
ඕව කියන්න ඕනෑ ඔය කියන වේදිකා වල සිවුරු දාගෙන කෑගහන අයට. (නි)
ඇමරිකාව පාවිච්චි කරන්නේ මැදපෙරදිග තෙල් වලින් 2.75 ක් පමණි. (නි)
ඔය දැන් කෑගහන වංශක්කාරයෝ ගොඩ දෙනෙක් ඉස්කොලේ යන කාලේ ගිල්ලේ ඇමෙරිකාවෙන් පිනට දුන්න ඇදිහෙස විස්කෝතු. (නි)
අපි සේනාවට කියලා බලමු. (නි)
අපේ සමහර චණ්ඩි කියනවා අපි ඇමරිකාවට බය නැහැ කියලා. ඒත් සද්ද නැතුව දෙන ආධාර ටික නම් ගන්නවා (නි)
මේවා අපිට දෙන නය. මේවා යම්කිසි දිනයකදී අනාගත පරපුර පොලියත් සමග ගෙවන්න වෙනවා. , දේශපාලකයන් මේවා ගන්න කැමති වියපෘති වලින් ඔවුන්ට කොමිස් සහ වෙනත් ලාබ ප්‍රයෝජන තිබෙනවා. මේක අඩු උන එක අපේ අනාගත පරපුරට හොදයි.(නදී)
ශ්රී ලංකාවේ ජාතික දල නිෂ්පාදනයට වැඩිම දායකත්වය සපයනු ලබන්නේ ඇමෙරිකාව ප්‍රමුක යුරෝපා සංගමය බව මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. (නි)
ඉතුරු 80% ත් නොගන්නවා නම් තමයි හොද (නි)
දැන් අපි බලමුකෝ අපේ අහවල් කට්ටිය යෝජනාව ගෙනාපු අයට සහ සහනාධාර කප්පාදු කරපු අයට මොනවාද කියන්නේ කරන්නේ කියලා. (නි)
ආධාර නොදෙන තරමට හොදයි. (නි)
අනුන්ගේ ආධාර මත ජිවත්වෙන එක හොද වැඩක් නම් නෙමෙයි. මෙහෙම දේකින් හරි ටිකෙන් ටික මග හැරෙනවා නම් හොදයි. (නි)
මම හිතාගෙන හිටියේ ඇමරිකන් ආධාර ගන්නේ නැහැ කියලා. දැන් අපේ මහත්තයා ඇ.එ. ඉස්සරහා උපවාසයක් කරාවිද? (නි)
හත්පොලේ බනින ඇමරිකාවෙන් "ආධාර", බදාගෙන ඉඹින චීනෙන් "ණය"... කවුද හොඳ? (නි)
අවුලකුත් නැහැ. ප්‍රථිසංස්කරණය කරන්න දැන් "ඔය කියන එක" තියෙනවායැ? (නි)
කරුණාකර අපේ තක්කඩි දේශපාලකයින්ගේ හොරකම්, මැර කම්, දූෂණ, භීෂන වලට වැට බදින්න. ජනතාව එකතුවෙලා අපි ගහක් ගලක් ගානේ වවමු. එවිට නිදහස්ව නිවහල්ව කෙලින් සිටිය හැකිවේවි. සුභ අළුත් අවුරුද්දක් ලැබේවි. (නි)
අපේ සිංහල ජාතියට තේරුණ දේ හෙට වෙද්දි අපේ අහවල් ඇමතිතුමා කොහොම තේරුම් ගනීද දන්නෙ නැහැ (නි)
ඕක නැතිවුණාට අපි බඩගින්නේ ඉන්නේ නැහැනේ. (නි)
බොහොම හොදයි. බොහෝම හොදයි (නි)
හොඳ පුවතක්. ඔය කියන ආධාර දුප්පත් අයට ලැබෙනවාද? (නි)
එයාලගේ ආධාර අපිට නැතුවට කමක් නැහැ කියලා රජය ඇමෙරිකාවට දැනුම් දුන්නා නම් හරි. (නි)
ඕකත් නොගෙනම හිටියා නං ඉවරයි (නි)
ඉතාමත් හොඳ යෝජනාවක්. ආධාර අරගෙන ගෙවලා ගෙවලා අපි හෙම්බත් වෙලා ඉන්නෙ. (නි)
නියමයි. 20%ක් නෙමෙයි 100%ක්ම කපා දැම්මොත් හරි. (නි)
ඉල්ලන්නකෝ ආධාර රුසියාවෙන් සහ චීනයෙන්. (නි)
අනේ මහත්තයෝ, මෙහෙ නඩුවක් ඉවර වෙද්දී නඩු දාපු මිනිහා මැරිලා ගිහිල්ලා. ඔබතුමාලා සල්ලි ඔක්කොම වුණත් කමක් නැහැ, කපලා දමන්න. (නි)
දැන් පාලකයන්ට පුළුවන් ඇමරිකන් විරෝධී සිංහ කතා ටිකක් කියලා හින් නුලෙන් තව මොනවා හරි වැඩි කරන්න. (නි)
හැබැයි ඇහුවම නම් කියන්නේ ජාත්‍යයන්තර කුමන්ත්‍රණ කියලා. (නි)
දැන් කියන්න මේ සල්ලි දෙන්නේ ආදරේට නෙමෙයි කියලා. එතකොට මේවා නැති වෙනකොට දුක් වෙන්න ඕනෑ නැහැ (නි)
මට නොතේරෙන දේ නම් කලින් ජි එස් පි ප්ලස් නැති වෙද්දී එක ලබාගන්ට සටන් කරලා කරලා බැරි උනාම සිංහ කතා කිවා. "කුවේණි කපු කෙටුව කලේ සුද්දෝ හිටියේ හෙළුවෙන්, එහෙවු ජාතියක් අපි" කියලා. ඊට ටික දවසකට පස්සේ කියපු කෙනා බෙහෙත් ගන්ට ඇමරිකාවේ ගීයා.(නදී)
හොද වැඩේ. ජාතියේ එකමුතුව ඕනෑ නැහැ. ආධාර අපට එපා, අපි ණයට ගන්නවා. (නි)
නුවරඑලියේත් වසන්ත කාලයට විදේශ සහ දේශීය සංචාරකයන් අඩුවෙලාලු, අපනයනයත් අඩු වෙලා. මේ සියලු දේවල් වලට වගකිව යුත්තේ කවුද? (නි)
මම හිතුවේ ඩොලර් බිලියනයක් විතර කපලා දාල කියල. සින්දු කිවුවත් කියන්නේ, සුද්ද කරපු දෙයක් මිසක් වෙන දෙයක් නැහැ කියලා. (නි)
අනේ පවු. අපි වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා දුක් විදින මැති ඇමැත්තන්ට තමයි ඒකෙනුත් පාඩුවෙන්නේ. (නි)