ඇමෙරිකාවේ බූස්ටන් නගරයේ පැවති මැරතන් ධාවන තරඟයකදී පුපුරා යන ලෙස අටවා තිබූ බෝම්බ හතකින් දෙකක් පිපිරී තිදෙනකු මියගොස් 141 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ බූස්ටන් නගරයේ පැවති මැරතන් ධාවන තරඟයකදී පුපුරා යන ලෙස අටවා තිබූ බෝම්බ හතකින් දෙකක් පිපිරී තිදෙනකු මියගොස් 141 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි ඇමරිකාවට හොද පාඩම් ඉගෙනගන්න පුළුවන් (නි)
මිය ගිය අය වෙනුවෙන් මගේ කණගාටුව. අනතුරට පත් සියලුදෙනා ඉක්මනින් සුවපත් වෙන්න කියා පතනවා. (නි)
ලංකාවේ කොටිද දන්නෙ නැහැ (නි)
කරන දෙයක් සාමකාමීව ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න. ඕවා ලොකු දේවල් නෙමෙයි. අපේ රටේ එදා කොටි අටවන බෝම්බ වලින් එක පාර 40ක් 50ක් මැරුනා. ඔයාලට ඕවා තේරෙන්න තව ප්‍රමාද වේවි. (නි)
ඇමරිකාව කරන පව් වලට ස්වභාවධර්මය වද දීලා ඉවරවෙනකොට මෙයාලම ආයිත් කරගන්නවා වගේ... (නි)
මැරුණ මිනිස්සු පවු. හැබැයි ලංකාවට රිද්දුවොත් ඔයවගේ දේවල් වෙනවාමයි (නි)
ඇමරිකාවට දැන් තේරෙනවා ඇති බෝම්බ වල රස.......... (නි)
ඇමෙරිකාව කරන්නේ අනිත් රට වල ත්‍රස්තවාදීන්ට උදව් කරන එක. දැන්වත් තේරුනොත් හොදයි කොහේ හිටියත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයම තමයි කියලා. හැමදාම වෙන්නේ අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි. (නි)
ලංකාවේ එහෙම වුණත් ඇමරිකාවෙ එහෙම වෙන්නෙ නැහැ කියලා හිතන්න ඇති ඉස්සර (නි)
ලුම්බිණීගේ අදහස මගෙත් අදහසයි (නි)
දෙන දෙයියෝ ඔය ගෙටම ගෙනත් දීලා තියෙන්නේ... (නි)
ඇමරිකාවට දැන් සතුටු ඇති. (නි)
අපේ රටේ බෝම්බයකින් 50 ක් 60ක් මැරුනා. සතියට බෝම්බ දෙක තුන පත්තු වුණා. ඒත් ඉතින් අන්තිමට කිව්වෙ ඒක ත්‍රස්තවාදින්ගේ මානව අයිතිවාසිකමක් කියලනෙ. දැන් ඉතින් දොහොත් මුදුන් දීලා පිලිගන්නකෝ. (නි)
මට අපේ රටේ බෝම්බ පිපිරුණු හැටි මතක් වුණා (නි)
ඕක පොඩි එකක්. තව ඉවසන්න (නි)
පව් අසරණ මිනිසු. (නි)
සමහරුන්ට ඇමරිකාව ගැනත් අනුකම්පාවක් ඇති වෙලා. ඒ මොකද? (නි)
ඇමරිකාව වහාම බෝම්බ ඇටවූ පාර්ශව සමග සාකච්ඡා කොට ප්‍රශ්න විසදාගත යුතුයි. ඇමරිකාවෙන් කොටසක් ඉල්ලනවා නම් ඒකත් දෙන්න සළකා බලන්න (නි)
ඇමෙරිකාවේ නොවෙයි ලෝකේ කොහේ බෝම්බ පිපිරෙව්වත් එය ත්‍රස්ත ක්‍රියාවක්. ශ්‍රේෂ්ට මිනිසුන් ලෙස අපි එය හෙලා දකිමු. (නි)
ඒ රටේ මිනිස්සුන්ගේ සහ පාලකයන්ගේ යුධ මානසිකත්වය තියෙනකල් ඕවා නැති වෙන්නේ නැහැ. දිගටම ඔහොම ගියොත් මුළු ඇමරිකාවම අමු සොහොනක් වේවි (නි)
බෝම්බ පිපිරේවා නව වසරේ කියලා තමයි අළුතෙන් කියන්න වෙන්නේ (නි)
හොඳ වැඩේ තමයි එයාලටත් වුණේ (නි)
ඔන්න පේනවා නේද? කොරියාවේ අයට ඕවා ගානක් නැහැ (නි)
ලෝකේ වටේම උගුල් අටවලා අන්තිමට එයාලත් ඒකෙම පැටලිලා වගේ (නි)
ලුම්බිණි ඔබ තමයි නියමම සිංහල බෞද්ධයා... (නි)
අනුන්ට උගුල් අටවනකොට ඒ උගුලේ තමන්ම පැටලෙනවා කියලා දැනගත්තා නම් ඔහොම වේවිද නේද අනේ? (නි)
අසරණ මිනිසුන්ට ඉක්මන් සුවය පතමි ! එහෙත් මෙම සිදුවීම ගැන මා ගොඩක් සතුටුවෙනවා. මන්ද ත්‍රස්තවාදය යන්නෙහි අර්ථය ඔවුන්ට එදාට වඩා අද වැඩියෙන් ඒත්තු ගැන්විය යුතුයි. අපිත් දිනපතා ඔයිට වැඩි වේදනා විදි බව ඔවුන් නොදනී (නි)
අනේ ලුම්බිනිගේ බොරු අනුකම්පාව. එයා අනිත් ප්‍රවෘත්ති වලට දාන අදහසුත් මම කියවලා තියනවා (නි)
අද වෙද්දී ලෝකේ එකට එකක් බද්ද වෙලා. ලංකාවේ අපනයනෙන් 36% තනිකරම මිලට ගන්නේ ඇමරිකාව. අපේ අය බර ගානක් එහෙ ඉන්නවා. ඉරාකෙට ගහද්දි අපේ මුස්ලිම් විරෝදියෝ හුරේ දැම්මා. අන්තිමට වැදුනේ අපේ තේ වෙළදාමට.(නදී)
ශ්රී ලංකාවේ සිටින ත්‍රස්තවාදීන් පිලිබදව, මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ඇමෙරිකාවට මේක තවත් පාඩමක්. එහෙත් මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් කණගාටු වෙනවා. (නදී)
හුරේ දාන අය දන්නේ නෑ මේකෙන් වදින්නේත් අපේ බඩටමයි කියලා. දැන හෝ නොදැන අපිට කන්න දෙන්නේ වෙන රටවල්. කොරියාවට ගැහුවොත් අපේ කොල්ලෝ ගෙදර. ඇමරිකාවට ගැහුවොත් අපි වගේ නය අරන් සැප විදින කම්මැලියෝ බඩගින්නේ.(නදී)
ඇමරිකාවට කට්ටිය හරි තරහයි හැබැයි ඇමරිකන් තානාපති කාර්යාලේ පැත්තේ රවුමක් දැම්මොත් අපේ අය පෝලින් ගැහිලා ඉන්නවා 365 දවසෙම එහෙ යන්න. ඇත්තටම මොකද්ද මේ කුහකකම.(නදී)
අනුන්ට කපපු වලේ වැටුනා නේද? ඕවා කාට කාටත් හොද පාඩම් (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති කිව්වලු , අනුන්ට අටවන උගුල් තමන්ටම කැරකිලා.(නදී)
ඇමරිකාව මුස්ලිම් යට ගහන කොට මෙහෙ හුරේ දානවා. ඇමරිකාවට වෙන අය ගහන කොටත් මෙහෙ හුරේ දානවා. හැබැයි අපේ ගනු වැඩකරන්නේත් මැදපෙරදිග. ලොක්කන්ට බඩේ අමාරුවකට බෙහෙත් ගන්නෙත් ඇමරිකාවෙන්. සේනාව බණට යන්නෙත් එහෙ.(නදී)
මොන රටේ උනත් බෝම්බෙන් මැරෙන්නේ මිනිස්සුනම් ඒකට මම විය විරුද්දදයි.(නදී)
දෙයියනේ! මට දැන්නේ මතක් වුණේ. අපේ අහවල් කට්ටිය එකත් එකටම වීරකමක් පෑවද මන්දා... (නි)
අපේ රටේ බෝම්බ පිපිරුවට ඇමරිකන් ආර්ථිකේට වදින්නේ නැහැ.හැබැයි එහෙ මොකක් හරි වුණොත් අපට වදිනවා.ඒක තමා වෙළදපල ආර්ථිකේ හැටි.කොටින්ම කිවොත් අපට එයාල ඕනෑ.පුරාජේරුකාරයෝ මොන කතා කිවුවත් ඒ කතා වලට ආර්ථික විද්‍යාව එකග නැහැ. (නි)
තව හොඳ දේවල් ඇමෙරිකාවට වේවි. දැන් හිටන්න අපේ රටෙත් 30 අවුරුද්දක් ඕවා තමයි වුණේ කියලා. (නි)
මේක බ්බ්ස් එකේ වැඩක් වෙන්න ඇති. ළගදි කට්ටිය ඇමෙරිකාවට ගියානේ. බෝම්බ තියන්ඩ වෙන්නැති යන්න ඇත්තේ. (නදී)
අනික් මිනිහෙකුගේ විපතේදී සතුටු වෙන්න තරම් අපි දියුණුවෙලා කියලා මේ ලියලා තියෙන දේවල් දැක්කම හිතෙනවා. (නි)
කොහේ වුනත් අහිංසක ජිවිත නැති වීම ගැන මම කණගාටු වෙමි. එය, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, ඇමෙරිකාවේ සහ අපේ රටේ කියා භේදයක් නැත. නමුත්, ඇමෙරිකානුවා එසේ නොසිතයි.(නදී)
මෙතන අදහස් දාන අය කියන විදියට ඇමරිකාව පාඩම් ඉගනගන්නවා නම් ඒක විය යුතුව තිබුනේ 9/11 ප්‍රහරේදී. නමුත් එහෙම වෙන්නේ නෑ. මේ ප්‍රහාරයේ ත්‍රස්තවාදී එකක් කියලා තාම කියන්නේ නෑ. ඔබාමා කියන්නේ එලව එලව ගහනවා කරපු අයට කියආ.(නදී)
අපේ රටේ මේවා වෙනකොට කවුරුත් මොකුත් කිවුවේ නැහැ. නමුත් කොහේ වුණත් පවු අහිංසක ජනයා. (නි)
දැන් ඇමෙරිකාවටත් තියෙන්නේ බෝම්බ ගහපු අයත් එක්ක සාකච්ඡා කරලා දෙපැත්තටම සාධාරණ විසඳුමකට එන්න.. (නි)
අන්න හෙට ඉදන් විදුලි බිල වැඩි වෙනවා.(නදී)
මේ අය ලොව කරන අපරාධවලට වන්දි ගෙවීම ඇරබුණා පමණයි. දිට්ට ධම්ම වේදය .හියුමන් රයට්වොච් බෝම්බ කරුවන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.(නදී)
කරුණාකර මේ කරුන ජීනිවා වලට ගෙනියන්න (නි)
හොඳ වෙලාවට 2යි පුපුරලා තියෙන්නේ. අනිත් 5ත් පිපිරුවා නම් කොච්චර ලොකු විනාශයක් වේවිද? බෝම්බ 7ක් තිබුනා කියලා හොයාගත්ත එකත් ලොකු දෙයක්. (නි)
තරඟයට සහභාගී වූ සුදු නංගිලාටත් මල්ලිලාටත් සිදුවූ කරදරය ගැන අපිට දුකයි! (නි)
ඕවට තමා කල කල දේ පල පල දේ කියන්නේ. අනේ ඔහොම යන්න. ඇමරිකාවටනම් ඕව පොඩි වැඩි ඇති. ,කනගාටුව අහිංසක මිනිස්සු ගැන .(නදී)
පව් අහිංසක මිනිස්සු! බෝම්බ තියන්න තිබුනේ ලංකාවේ ඇමෙරිකන් තානාපතිටයි. හිටපු රෝබෙර්ට් බ්ලයෙර්ටයි.(නදී)
එකයිලු. හතරේ පාරවල් නැතිලු. ලොකු අයට නම් මොකෝ. අහිංසකයෝ විඳවනවා. අපි අවුරුදු 30 ක් මේ දුක් වින්දා. මානව හිමිකම් තිබුනේ නැහැ. (නි)
මේවට තමයි දිටිට දම්ම වේදනීය කර්මය කියන්නේ.(නදී)
විජේ, හතුරෙකුටවත් හෙණ ඉල්ලන්න එපා. "අවි ගත්තෝ අවියෙන් නසි" මේවා කට කහනවට කියපුවා නෙමෙයි (නි)
කොහේ වුණත් බෝම්බ පුපුරන එක, මිනිස්සු මැරෙන එක සතුටක් නෙමෙයි. ඒත් අපට ඉගෙන ගන්න හැකිවේවි පූර්ණ විනිවිදභාවයක් ඇතුව සහ මානව හිමිකම් රැකෙන විදිහට ත්‍රස්තවාදය සමග සටන් කරන්නේ කොහොමද කියලා (නි)
කල කල දේ පල පල දේ මේකට උතුරු කොරියාව සම්භාදක දාන්නේ නැහැ.(නදී)
ඇමරිකාවට ගහන කොට අපේ අය හුරේ දානවා. ඒ ලොක්කෝ කන් කැක්කුමක් හැදුනත් අපේ සල්ලි වියදන් කරන බෙහෙත් ගන්ට දුවන්නෙත් ඇමරිකාවට. ඒ ලොක්කෝ නයට ඉල්ලන්නෙත් ඇමරිකාවෙන් ඒ ලොක්කෝ පත් කරන්නෙත් හුරේ දන ඇමරිකන් විරෝදියෝ.(නදී)
ශ්රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ චේතනාව හොඳ වූවා නම් අද මෙම කර්මයට අසුවන්නේ නැත. නිර්මල බුදුදහමට පිටතින් කිසිවක් සිදුවන්නේ නැත. (නි)
ජනාධිපති ඔබාමා ඇතුළු ඇමරිකන් ජනතාවට සාතිශය සංවේගය හා කණගාටුව පළකරමු. මෙකී බෝම්බය ඇටවීමට ක්‍රියා කළ පුද්ගලයින්ගේ හෝ කණ්ඩායමේ මානව හිමිකම් සහ බෝම්බ තැබීමේ හිමිකම ඉහළින්ම ආරක්‍ෂා කරනු ඇතැයිද උදක්ම බලාපොරොත්තු වෙමු. සාකච්ඡා මාර්ගෙයන් ප්‍රශ්ණ විසඳාගැනීම සුදුසු බවද වැඩිදුරටත් දන්වමු. (නි)
මිය ගිය අය වෙනුවෙන් මගේ කණගාටුව. අනතුරට පත් සියලුදෙනා ඉක්මනින් සුවපත් වෙන්න කියා පතනවා.(නදී)
ශ්රී ලංකාවේ ආර්ථික අධ්‍යාපන සහ මානව සංවර්ධන කටයුතු සඳහා වන ඇමෙරිකානු දායකත්වය 'USAID' වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඇගළුම් අපනයන මගින් ශ්‍රී ලංකාවේ දායකත්වය අති මහත්ය. ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකි. ඇමෙරිකාව නිර්දය ලෙස විවේචනය කරන උදවිය නිරන්තරයෙන් ඇමෙරිකාවේ සංචාර වල යෙදෙනු දක්නට ලැබේ. (නි)
මෙතන ඔක්කොම ඇමරිකන් විරෝධී වෙලා ඉන්නේ විලාසිතාවට. නමුත් හරි සැලැස්මක් තියනවා නම් උද්ඝෝෂණ,වැඩවර්ජන,දේශපාලන වන්දිබට්ටකන්, ඉරිසියාව, වර්ගවාදේ, ආගම්වාදේ, කැපිලි,පෙත්සම්, කකුලෙන් ඇදිලි නවත්තලා නැවත ජපානේ ජර්මනිය වගේ පැය 12ක් වැඩ කරලා ආර්ථිකේ දියුණු කරන්න ලෑස්තිද? නැත්නම් ණයට අර මුහුදට ආවඩනවාද? (නි)
මෙතන අදහස් දක්වා ඈති වැඩි දෙනෙක් තණකොළ අනුබව කරන බවක් පෙනී යයි. කතාව නිර්මල බුදු දහමින්, මැරෙන්නෙ මිනිහෙක් නම් ඇමරිකාවෙ වුණත් ලංකාවෙ වුණත් මිනිස්සුමයි. (නි)
මොනවා වුණත් පවු අහිංසක ජනතාව (නි)
ඇමරිකාව තරම් මානව හිමිකම් උල්ලංඝනය කරන වෙනත් රටක් ලෝකයේ කොහේවත් නැහැ (නි)
අහෝ දුකකි. ඒත් සතුටකි.(නදී)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නයට ගන්නවා කියන එක නෙමෙයි. සිංගප්පුරුව ජපානේ,කොරියාව දියුණු උනේ නයට අරන්. ඇමරිකාවත් නය ගන්නවා. ඒක තමා දැන් ආර්ථික ක්‍රමය. නමුත් අපි දියුණු වෙන්නේ නැත්තේ හොරකම නිසා. ඒ හොරු පත්කරන්නේ මෙතන හුරේ දාන අය.(නදී)
ඇත්තෙන්ම ඇමෙරිකාව කතා කරන්නේ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව ගැන මිසක් එල්.ටී.ටී එකට සටන් කරපු අය ගැන නෙවෙයි. එත් මේ ගොඩක් අය මේ අදහස් දාලා තියෙන්නේ අමෙරිකාවේ එල්.ටී.ටී.ඊ එක තහනම් කරලා නැහැ වගේ. ඔයාල දන්නේ නැති උනාට අපේ ලංකාවට වඩා ඉක්මනට එහෙ ඒ සංවිධානේ අයට දඩුවම් කරලා තියෙනවා.. ඒකට ලංකාවේ බලන්න එල්.ටී.ටී.ඊ කියල කී දෙනෙක් බොරුවට ගිහින් බන්දනාගාර වල දාගෙන ඉන්නවද? කී දෙනෙක් අරන් ගිහින් මරල දැම්මද? දෙගොල්ලොම කලේ අහිංසක මිනිස්සු මරපු එක. මම ප්‍රාර්ථනා කරනවා මින් පසුවටත් මේ පින් බිමේ ප්‍රභාකරන්ලා ඉපදෙන්න එපා කියලා.(නදී)
ඇමරිකාව අපි වගේ රටවලට අත දන්නේ අපේ වැරදි නිසා. ඒකට එහාට බැනල වැඩක් නෑ. හොදම උදාහරණය වෙන්නේ මෙ රටේ සිදුවන අගමුල නැති ඝාතන. ඒ විතරක් නොවේ දේසපාලන බලපෑම්. ඒ නිසා අපේ ප්‍රශ්ණ ගැන කල්මැරිම නිසා කලකිරෙන අය පිට රටට ගිහින් උදවු ඉල්ලනවා. ඉතින් උදවු කරනවා.(නදී)
අපේ ප්‍රස්නේ අපට විසදගන්න පිට උදවු ගන්න උනේ අපේ වැරදි නිසා. මේ දවස් වල සේනාව කරන වැඩ ගැන ආණ්ඩුව නිහඩයි. මුස්ලිම් අය අනවශ්‍ය දේ කරනවා නම් එකට පිළිගත් ආකාරයකට ක්‍රියා කරන්න එපැයි. මේ ලගදී ලන්ඩන් වල අපේ තානාපති කාර්යාලේ ඉස්සරහ මුස්ලිම් අය උද්ඝෝෂනේ කලේ ඒකයි. ඉතින් මේවා නවතන්න එරටවලට මැදිහත් වෙන්න වෙනවා. කාගේද වරද?.(නදී)
ඒ පලාතට වහාම ස්වයං පාලනය දෙන්න කියල ඔබාමාට කේබල් යවමු. නැතිනම් ඇමරිකන් තානාපතිනිය මේ රටේ ආයෙ යුද්දෙ ඇතිවේවි කිව්ව වගේ එහෙත් තව බෝම්බ පිපිරෙයි.(නදී)
බෝම්බ ඇටවූ අසරණ පාර්ශයවන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කරනු ඇතැයිද උදක්ම බලාපොරොත්තු වෙමු. (නදී)
ඔහොම වෙලා මදි.(නදී)
ලෝක යුද්දෙන් පස්සේ හිට්ලර්ගේ ආණ්ඩුව කඩාන වැටිලා. ජර්මනියේ මිනිස්සු බීවේ ගෝවා සුප්. ඒ රට නය ගත්ත බිලියන් ගණන්. අද ඒ රට ලෝකේ 4 වෙනි ආර්ථිකේ. මොකද්ද ඒ වෙනස. නිකන් මෙතන බයිලා කියවන්නේ නැතිව චන්දෙට හරි තීරණ ගන්න.(නදී)
අපේ අය චන්දෙකදී බලන්නේ අදින ඇදුම, පන්සල් යනවද නැද්ද, පිරිත් නුල් අතේ බැදලද නැද්ද, පල්ලි යනවද නැද්ද. කෝවිල් යනවද නැද්ද, මැර වැඩ කරනවද නැද්ද වගේ බාල දේවල්. වැඩ පුලුවන්ද, අධ්‍යාපනය, ආර්ථික ප්‍රතිපත්ති ගැන නෙවේයි. එහෙම ඡන්දේ දීලා අමාරුවේ වැටුනම බනිනවා සුද්දට.(නදී)
මිය ගිය සිවිල් පුරවැසියන් ගැන අපි කණගාටු වෙමු. ත්‍රස්තවාදියා හරියට හදුනාගත් සහ ත්‍රස්තවාදියා සම්පුර්ණයෙන් විනාස කල ශ්‍රී ලංකාවට කෙනහිලි කම් නොකර ත්‍රස්තවාදය විනාස කිරීමට ලංකාවෙන් අදාර ලබා ගන්න.(නදී)
අනුන්ගේ රටවල් වල මිනිස්සු මරණ මුන්ට මීට වඩා වඩි දෙයක් වෙන්න ඕනේ දෙවියනේ.(නදී)
ඔබාමාට දැන් තියෙන්නේ බෝම්බ පුපුරපු කෙනත් එක්ක සාම සාතච්ඡා තියල රටෙන් බාගයක් දෙන එකනේ.(නදී)
සමහරුන්ට අමතක වෙලා අපේ දරුවොත් එහෙ උසස් අධ්‍යාපනය ලබන බව. ඒ ගොල්ලනුත් මේ නගරවල යනවා එනවා එකයි අපි එහෙම හිතන්නේ. අනික ඇමෙරිකාවට වයිර කරන්නේ සාමාන්‍ය මිනිස්සු විතරයි. ලොකු උදවිය අපේ සල්ලිවලින් පවුල් පිටින් එහෙ ගිහින් සතුටු සාමීචියේ යෙදෙනවා. විනෝද වෙනවා. මෝඩ කමක තරම.(නදී)
අපි ලංකාවේ අවවුරුදු 30ක් දුක් වින්ද එක අමෙරිකාවට අමතක වෙන්න ඇති. ඒකනේ අපිට ලෙඩ දාන්නේ. ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් කියල එකක් නැහැ. තර්ස්තවාදින්ව පුනරුප්තාපනය කරන එකම රටත් අපි නේද? අනික ත්‍රස්තවාදීන්ගේ ළමයිට සලකන එකම රට අපි නේද. දැන් බෝම්බ දුක දැනෙනවා ඇති නේද. අපගේ බලවත් ප්‍රීතිය සහ ශෝකය !(නදී)
බෝම්බ තියපු කට්ටිය අල්ල ගත්තහම දඬුවම් කරන්න නං එපා. මානව හිමිකම් උල්ලංගනය වෙයි. අපි නොදන්නා ඇමරිකාවේ මානව හිමිකම්.(නදී)
බිල් ලාඩ්නුත් මියගියා, සදාම් හුසේනුත් ගියා, ප්‍රබාකරනුත් නැහැ, දැන් ඉතින් ඊළගට කවුද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලංකාවේ මිනිසුන්ගේ පර ගැති කම අඩු වෙලා නෑ.(නදී)
මෙඩ් ඉන් ඇමෙරිකා නම් අසුචිත් කයි.(නදී)
මදුවා මන්චති බාලෝ. යාව පාපන්ච පච්චති. යදාච පච්චති පාපන් අත බාලෝ දුක්කන් නිගච්චති. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.(නදී)
අපට වැඩිය පොඩි සිංගප්පුරුවට ඇමරිකාව උදවු කරනවා. මාලදිවයිනටත් ඉන්දියාවටත් ඇමරිකාව අපට වැඩිය උදවු කරනවා. ඒ ඇයි? මොකද්ද අපිත් එක්ක තියන තරහා? (නි)
අපේ රටේ බෝම්බ පිපිරෙනකොට ඇමරිකාව හිටිය ස්ථාවරය දැන් ක්‍රියාවට නංවලා අනෙක් රටවලට ආදර්ශයක් දෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පළදීමකි. අපගේ බලවත් ශෝකය මියගිය සියළුම දෙනාට! (නි)
මේක කළවුන් වහාම අත්අඩංගුවට ගනු! (නි)
මොනතරම් තාක්ෂනේ දියණු උනත් වැඩක් නෑ, කල කම් පලදෙනවා. අනිත් රටවල් විනාශ කල ඇමෙරිකාවේ විනාශය ඉදිරියේදී.(නදී)
ලෝකේ කොතැනක වුණත් ත්‍රස්තවාදය අනුමත කරන්න බැහැ. තමාගේ වාසිය තකා ඒවාට උදව් කරන අයට සහ කරපු අයට දහස් වාරයක් කම්පවෙන්න වෙනවා කියලා දැන්වත් වැටහෙන්න ඕනෑ (නි)
ඔහොම වෙන්න ඕනෑ තේරෙන්න (නි)
ඇමෙරිකාවේ බෝම්බ පුපුරනකොට ඒක දිට්ඨධම්ම වෙධනීය කර්මය නම් අපේ රටේ බෝම්බ පිපිරුවෙත් දිට්ඨ ධම්ම වෙධනීය කරුමෙටද?(නදී)
ඇමරිකාව අපට කෙනෙහිලිකම් කරන්නේ එයාලගේ උදව් නැතිව අපි යුද්දේ දිනපු නිසා ඇතිඋන ලැජ්ජාව වහගන්න. එයාලට රිදෙන කොටවත් තේරුම් ගනීවි ගුටිකන කෙනා තමයි එකේ වේදනාව දන්නේ කියලා.(නදී)
ලංකාව දියුණුවෙන්නේ නැතේ හොරකම, පගාව ,වංචාව නිසා. ඒකට පිට රටවලට දොස් කියලා හරියන්නේ නැහැ. අපි අපේ වැරදි හදාගන්න ඕනේ. තමන්ගේ මිනිහා කියලා හොරුන්ට , මිනීමරුවන්ට, වංචාකාරයන්ට චන්දය දුන්නේ අපි. ඇමරිකන්කාරයෝ නෙවෙයි.(නදී)
මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගෙන් විසදා ගන්න බලන්න. ඇමෙරිකාවේ කොටසක් මේ බෝම්බකාරයන්ට දෙන්න. එම කොටසේ ඇති ඇමෙරිකන් හමුදා කදවුරු ඉවත් කරගන්න. බෝම්බකරුවන් මර්දනය කිරීමේදී ඔවුන්ගේ මානව හිමිකම් වලට ප්‍රමුකස්ථානය දෙන්න. ඝාතනය උන සිවිල් වැසියන්ගේ මානව හිමිකම් ගැන සැලකිලිමත් විය යුතුයි.(නදී)
අනුන්ට විකුණලා අහිංසක ජීවිත විනාශ කරන්න හදපු බෝම්බ උන්ටම පත්තුවෙලා. මියගිය අහිංසකයන්ට බලවත් ශෝකය නමුත් ඔවුන්ගේ රට තමා අද මුළු ලෝකෙයේ සාමයට බාධාවක් වෙලා ඉන්නේ. හදපු ආයුධ විකුණගන්න බැරිව හිටයා වෙන්න ඇති .(නදී)
මිය ගිය අය ගැන මම ශෝක වන අතර, අවිගත්තෝ අවියෙන්ම නසී කියන කතාව බොරු නෙමෙයි. (නි)
තව ටික දවසිකින් රොමේ පුපුරන්නේ මහගෙදර (නි)
සුනඛයෝ සමග නිදා සිට ,මැක්කොත් සමග අවදි වීම අරුමයක්ද? (නි)
හුරේ...!!! (නි)
දිට්ටදම්ම වේදනීය කර්මය පල දෙනවා කියන්නේ ඕකට තමා !(නදී)
දැන් ඔය ඇමරිකාවට විරුද්ධව අදහස් දාන අයට කියන්න පුලුවන්ද ලංකාවට ඇමරිකාවෙන් වෙච්ච ඇත්තම හානිය මොකක්ද කියලා. ඔය දැන් ලංකාවට එරෙහි යෝජනා ගෙනාවනෙ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිලා ලංකාවට ලොකු හානියක් වෙලා තියෙනවද ?(නදී)
කල කම් පල දේ. බුදුදහමට අනුව දිට්ට ධර්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි.(නදී)
ඇමරිරිකාව !!!! උතුරු කොරියාවට ආපසු හැරෙන්. (නදී)
බොදු බල සේනාවට දුක ඇති යන යන තැන ලෙඩ.(නදී)
හැම ඇමරිකන් මනුස්සයකුම අප හා සමාන මිනිසුන් බව මතක තබාගන්න. මනුස්සයෙකුට කරදරයක් වුණ වෙලාවට සතුටු වන අය මනුස්ස ආත්මයක් ලබන්නට සුදුසු නැති අයයි යන්නයි මගේ හැගීම. (නි)
හොද හොද සෙල්ලම් පහුවෙනකොට බලාගන්න පුළුවන් වේවි. (නි)
කොයි රටේ උනත් තුවාල වෙච්ච මිනිස්සු අහිංසක අය. හුඟක් දෙනෙක් සමාජ සේවා කටුතු වලට සල්ලි එකතු කරන්න තරගෙට දුවපු අය සහ ඔවුන්ගේ පවුල් සහ මිතුරෝ. කොහේ ගියත් සාමාන්‍ය රට වැසියෝ තමයි පරිප්පු කන්නේ. ඔබ සියලු දෙනාගේම දුක් ගිනි ඉක්මනට නිවීයන් කියල ප්‍රර්ථනා කරමි.(නදී)
දැන් තියන හොදම විසදුම පිපිරීමට වගකිය යුතු සංවිධානයත් සමග සාකච්ඡා කර විසදුමකට පැමිණීමයි. මන්ද පෙර සේ රටවල් ආක්‍රමණය කිරීමෙන් මානව හිමිකම් උල්ලංගනය වෙනු ඇත. (නි)
උඩ පැන්නොත් බිම වැටෙනවා කියන එක ඇත්තනේ නේද ? ඔය පටන්ගත්තා පමණක් විය හැකියි. (නි)
අපගේ බලවත් ශෝකය..! (ස)
බලන්නකෝ ඇමරිකාව මේ ත්‍රස්තවාදීන් දෙන්නෙක් අල්ල ගන්න විදපු දුක. (නි)