නොදැනුවත්ව තම පියා පවුල් කෑ දියනියක් පිළිබඳව පුවතක් ඇමරිකාවේ ඇක්රින් බීකන් පුවත් පත වර්තා කරයි. ඇය නමින් වැලේරියාය. මාස තූනේදි පටන් ඇය හදා ගනුයේ ඇගේ සීයා හා ආචිචි වීසිනි. ඇයට මව පියා වුයේ ද ඔවුන් දෙදෙනාය. ගනිකාවක් වු ඇගේ මව 1980දි සිරගත වූවාය. වැලේරියා ඵ් වන වීට ඇයට වඩා වසර 19ක් වැඩි මහල් පුද්ගලයකු සමග වීවහා වී සිටියාය. 1998දි ඔහු මිය යන වන විට ඔහුගේ වයස අවුරුදු හැටකි. ඵතැන් සිට වසර දාහතරකට පසු ඵනමි 2004 වර්ෂයේදි ඇයට අසල්වාසින්ගෙන් දැනගන්නට ලැබෙනුයේ මෙතූවක් කල් තමා පවුල් කා ඇත්තේ තම පියා සමග බවයි. අසල්වාසින් කී දෙය තමන් වීස්වාස නොකලත් මාමා එය සනාත කිරිමෙන් පසු සිදුකල ඩිඵන් ඵ් ජාන පරික්‍ෂනයකින් ඵ් බව තහවුරු වුයේයැයි වලේරියා කියන්ණීය. ඇගේ වයස අවුරුදු හැටකි. තම පියාට දාව ඉපදුණු දරුවන් තිදෙනාට මවක් වු ඇයට මුණුබුරෝ හා මිණිබිරියෝ අට දෙනෙක් සිටිති. වසර 34ක සේවයකින් පසු ඇය විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවන්නීය. මුලු නගරයම මගේ රහස දැනගෙන හිටියා මම වීතරයි නොදැන හිටියේ. අද මේක ලෝකයටම කිවයුතූයි කියලා මට හිතුනා බීකන් පුවත් පතේ මාධ්‍යවේදියා ඉදිරියේ ඇය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං හැමදේම වෙලා ඉවරනේ. ඉදිරියට මෙවන් දේවල් නොවෙන්න කියලා පතමු. (නි)
මේක වුණේ නොදැනුවත්කමින්. (නි)
තියෙන අපචාර මදිවාටද තවත් රටක අපචාර පළකරන්නේ? අපේ රටෙත් කරමු. (නි)
සමහරු හිතන විදියට මේක අපචාරයක් කියා මට හිතෙන්නේ නැහැ. මෙයට හේතුව වී ඇත්තේ නොදැනුවත්කම බව මේ පුවතේ පැහැදිලිව කියවෙනවා. මෙය වරදක් හෝ පවක් වීමට නම් චේතනාන්විතව සිදුකල දෙයක් විය යුතුයි නේද? බෞද්ධ සාහිත්‍යයේ ථේරී ගාතාවක තියෙනවා එක රහත් මෙහෙණියක් ගිහි කල නොදැනුවත්කමින් තම පුතාගේම බිරිය වී සිටි බව. අවාසනාවේ තරම කොතෙක්ද කිවුවොත්, ඇගේ අනෙක් සපත්නිය (දෙවැනි බිරිය) වී සිටියේ කුඩා කල අතුරුදන් වූ ඇගේම දියණියයි !.. තමාට සසරින් එතෙර වීමට මේ සිදුවීමෙන් ලැබූ අවබෝධය හේතු වූ බව එම තෙරණිය පවසනවා. ජීවිතේට කිසිම වැරදීමක් සිදුවෙලත් නැති , සිදුවෙන්නෙත් නැති මහත්වරුන්ට මේවා එක්කෝ විහිලු, නැත්නම් අපරාධ.
ලංකාවේ ඔයිට වැඩිය දේවල් වෙනවානේ.
ඇත්තටම අනුවේදයි. සංසාරේ දුගුයි
ඉන්ද්‍රජිත් 2012-09-23 09:18:45 ඕහෝ... අපේ ආචාර්ය නේද මේ ඉන්ද්‍රජිත් නමින් ඉන්නේ? (නි)
මුළු නගරයම දැනගෙන හිටියා නම්, ඒ මනුස්සයා විතරක් නොදැන හිටියා කියන එක විශ්වාස කරන්න අමාරුයි. (නි)
මිනිසා ගේ එදිනෙදා ජීවිතයේ යෙදී ඇති සියලුම දේ තීරණය වන්නේ සංස්කෘතිය අනුව බවත් එහි එක අංගයක් වූ ලිංගික ක්‍රියාකාරකම් දිහා බලනවිටත් , එය වැරදි අයුරින් කරන විටත් ජනතාව ඒ සදහා දක්වන ප්‍රතිචාරයත්,මෙම ප්‍රතිචාර දෙස බැලූ විට පෙන්වාදීම වටී. මෙම සිද්ධිය දිහා අප කවුරුත් බලනුයේ, ඉතා ජුගුප්සාජනක හැගීමකිනි. මානවයාගේ ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් මානවයා ජීවත්වූ ප්‍රදේශය අනුව සංස්කෘතිය එකිනෙකට වෙනස්ව ගොඩනගාගත් බව මානව ඉතිහාසය හාරා අවුස්සා බලන විට අප කා හටත් පෙනේවි. මේ බව ඇතැම් අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ගෝත්‍රික ජනතාවගේ ජීවන රටාව අධ්‍යයනය කිරීමෙන් තේරුම් ගැනීමට පුළුවන්. මා මෙහිදී මෙය සදහන් කළේ සංස්කෘතීන් වල ඇති වෙනස්කම් හදුනා ගැනීමට පමණි.මෙහිදී මෙම සිදුවීම තුළ ඇත්තේ මානවයා වනචාරි යුගය පසු කොට දියුණු සංස්කෘතියක් ගොඩනගා යුගයක සිටින විටදී ජනතාව ඊට දක්වන ප්‍රභල ප්‍රතිචාරයේ ඇති ප්‍රභලත්වය ගැන දැක්වීම මිස සිදුවී ඇති සිද්ඩිය සාදාරණිකරණයක් කිරීම නොවේ. (නි)
අපේ රටටත් නොදැනුවත්කමින් හෝ මෙවන් වසංගත බෝ වුවහොත්? (නි)
මෙවැනි දේ පළකිරීම මේවාට අනුබල ලබාදීමක් නොවන්නේද? (නි)
නොදැන කරන වරදට සමාව දිය යුතුයි. (නි)
පුදුමයි
ඉන්ද්‍රජිත් ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.. (ස)
මේ පුවතින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? (ස)
අපේ නබී තුමා නම් ඔහොම වැඩ කලේ නෑ.(ස)
ඕහෝ... අපේ ආචාර්ය නේද මේ? මොකද ආචාර්ය කෑල්ල දැන් පළනොකරන්නේ? (නි)
ඔවු ඔවු ඒක ඇත්ත සෆී. (නි)
මේකේ ගණන් හදලම දැන් මගේ ඔළුව රිදෙනවා (නි)
අනිච්චේ දුක්ඛේ... සංසාරේ.. අබුද්ධස්ස කාලේ - ලබුත් තිත්තයි රාළේ... (නි)
ඔයාලා කියන්නේ ලංකාවෙ අයටත් මේ වගේ දේවල් කරන්න කියලාද?(නු)
කතා කරන්න එපා
ඉතාමත් අනුවේදනීය කතාවක් මෙවැනි දේ ඇසීමට වත් නොම වේවා..!(නු)
අළුත් නෑකම් ඇතිවෙන පොටක්..!(නු)
හරිම කණගාටුයි.. පරම්පරාවටම ලෝකෙට මුහුණදීමට අමාරුයි..!(නු)
හොයලා බැලුවොත් ලංකාවෙත් ඔය වගේ ඇති ඕනෑ තරම්. (නි)
අපිට මොකද අනේ
අයියෝ සල්ලි
මෙහෙ වුණා නම් ආශ්චර්යය කියයි. (නි)
ඒක ලොකුම පාපයක්.. මේ වගේ දේවල් අහන්න වෙන එකත් ඇත්තටම පාපයක්..!(නු)
හරිම දුකයි. ලංකාවෙත් මෙහෙම කට්ටිය ඉන්නවා. (නි)
රහස හැමෝම දැනගෙන හිටියනම් හැමෝම මේ පව බෙදාගත යුතුයි.
කණගාටුයි
අපරාදේ. මේ මිනිහා ජීවතුන් අතර හිටියා නම් ස්වාසිලන්තේ රජතුමා වගේ ලංකාවට ගෙන්නලා සම්මාන වෙඩි මුර දෙන්න තිබුනේ. (නි)
ඇත්තටම කණගාටුයි. (නි)
ගොඩක් කණගාටු දෙයක්. (නි)
ඔය රටේ එහෙම වුණාට අනෙක් රටවල එහෙම වෙන්නේ නැහැ. (නි)