පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය.
එම පා පන්දුවේ හිමිකරු 16 හැවිරිදි මිසාකී මුරකාමීය. රෙකුසෙන්ටකාටාහි පිහිටා තිබූ මිසාකීගේ මුළු නිවසම පසුගිය වසරේ කඩා වැදුණු සුනාමියට ගියේය.
ඇලස්කාවට අයත් මිඞ්ල්ටන් දූපතට ගසාගෙන ගිය තිබූ එම පා පන්දුව වසරකට පසු 51 හැවිරිදි ඬේවිඞ් බැක්ස්ටර්ට හමුවිය. ඔහුගේ බිරිය ජපන් කාන්තාවකි.
මිසාකීගේ පාසල් මිතුරන් මිසාකීට සුබ පතා පා පන්දුවේ සුබ පැතුමක් ද පාසලේ නම ද ලියා තිබූ හෙයින් මිසාකී සොයා ගෙන පා පන්දුව ඔහුට යළි බාර දීමට බැක්ස්ටර් යුවළට හැකිවිය.
”මා සතු හැමදේම සුනාමියෙන් අහිමි වුණා. මගේ පා පන්දුවවත් ආපසු ලැබීම හරිම සතුටක්.” යැයි මිසාකි පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න තියෙනවා නම් එතනට කොහොමත් යනවා.ලැබෙන්න තියෙනවා නම් කොහොමත් ලැබෙනවා