(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කළේය.
චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ අධි චෝදනා පත‍්‍ර බාරදීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් කොළඹ මහාධිකරණයට කැදවමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.
නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.
චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.
මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවෝ 13 දෙනාට සිතාසි
sirimal Thursday, 12 September 2019 09:11 AM
මේ වැඩේ පිටිපස්සෙන් හිටිය "මහා මොළ කාරයාට" නඩු නැද්ද? ඒ වගේ එක්කෙනෙක් "ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නට බලාපොරොත්තුවෙන නිසා තමන්ගේ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන කාලසීමාව තුළ තමන්ට එරෙහි නඩු විභාගය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි පැවැත්වීම තම මැතිවරණ ව්‍යාපාරයට ඉතාම අගතිදායක නිසා එය ජනාධිපතිවරණය අවසන් වනතුරු කල්තබන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට" යනවා කියලත් ආරංචියි. කතාව නම් දෝලාවෙන්... ඒ වුණාට යන්නේ පයින්. අනේ අනිච්චං...
Ranjan Saturday, 14 September 2019 02:36 AM
අලාභය ගණනය කරන්නේ කොහොමද? මීට ප්‍රථම මෙවැනි ව්‍යාපාරයක් තිබුණාද? අපේ ආණ්ඩුවට මෙවැනි ව්‍යාපාරයක් පවත්වන්නට පුළුවන්ද? නාවික හමුදාවට කරන්න බැහැ.
Chanak los angeles Saturday, 14 September 2019 11:29 PM
අපි ළඟදී හෙලිකරන්නම් මුදල් අවභාවිතයෙන් ලොස් ඇන්ජලිස් වල මිලියන 18ක නිවසක් අරගෙන තිබෙන්නේ කොහොමද? කාගේ නමටද? එය තිබෙන්නේ ගත්තේ කොහොමද කියා... මේ සිද්ධිය ඇදිලා අාපු වෙලේ ඒක යටගහන්න උදව් කලේ සූත්තර පුංචා කියන එකත් මතක් කරමි. නමුත් අපි මේවා යටයන්න ඉඩ නොදෙමි. මොවුන් මේ රජ සැප විඳින්නේ දුප්පත් මහජනයාගේ සල්ලි හොරා කාලයි. අනේ මිනිසුනේ ඔබලා මේ වගේ හොරුන්ව මහපුටුවට ඔසවා තබන්න පෙළඹෙන්න එපා...