සිකුරාදා සිට දින තුනහමාරක් පමණ තම දෑස් බැඳ ආරක්ෂක ස්ථානයක වැනි තැනක රඳවා සිටි බවත්, කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවට යැවූ පසු තමා නිදහස් කරන බවත් තමා අත්අඩංගුවට ගත් පිරිස් පැවසීයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගල මෙනවිය පැවසුවාය.
මාදිවෙල පක්ෂ කාර්යාලයට ඇය අද උදේ පැමිණියාය. තලවතුගොඩ අතුරුපාරකදී තමා නිදහස් කළ පිරිස ඇයට කියා ඇත්තේ වාහනයේ අංකය හෝ තමන් කවුදැයි සොයා බැලීමට උත්සාහ නොකරන ලෙසයි.
‘ඔවුන් වාහනයකින් මා පාරට බැස්සුවා. එය වැලි පාරක්. වාහනය ගියාට පසුව ඇස් බැඳ තිබූ රෙදිකඩ ඉවත් කරන්න කීවා. ‘ ඇය සිය අත්දැකීම් විස්තර කළාය.
ඇය පක්ෂ කාර්යාලයට පැමිණියේ පැහැරත් අය විසින් දෙන ලද මුදලිනි. තමා රඳවාගෙන සිටි නිවසේ අවි ගැටෙන හඬත් ‘සර්‘ යනුවෙන් ආමන්ත්‍රණය කරන හඩත් ඇහුනා. ජනතා විමුක්ති පෙරමුණේ දෙනේනෙකුත් එහි සිටියා වගෙයි යනුවෙන් ඇය කීවාය.
ගුණරත්නම් හා තමා එකතැනකට ගෙනවුත් දිගින් දිගටම ප්‍රශ්න කළ බවද කොටි සංවිධානයට සම්බන්ධතා ඇත්ද යන්නද විමසූ බවත්, අලුත් පක්ෂය පිහිටුවීම ගැන ඉතා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බවත් ඇය කීවාය.
තමා ළග කාන්තාවක සිටි බවද, ආහාරපාන හොඳට සැපයූබවද කී ඇය තම සංවිධානයට මුදල් ලැබෙන ආකාරය ගැන විමසූ බවද ආටිගල මෙනවිය ප්‍රකාශ කළාය.
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ඇස් බැඳ තිබුණත් හොඳින් සැලකුවා‘
අලිබබා Tuesday, 10 April 2012 02:15 PM
ඔය විදියට බේරලා එවපු එකත් ඇතිනේ.
නවුෂාඩ් Tuesday, 10 April 2012 02:27 PM
ඔහොම යමුකො..
cmd Tuesday, 10 April 2012 02:48 PM
මේක ප්‍රසිද්ධිය ලබාන්න කරපු වැඩක්ද දන්නේ නෑ..
සේනානායක Tuesday, 10 April 2012 02:52 PM
අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නෙමු.
සංජු Tuesday, 10 April 2012 03:01 PM
පැහැරගෙන ගියාට වැඩිය හොදට එන්නේ. කවුරුත් නොදන්න කෙනෙක් එක දවසින් මුළු රටම කතාවෙන කෙනෙක් බවට පත්වුණා.