ජනතාව ග්ලූකෝමා නම් අක්ෂි රෝගය පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ.
කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යටතේ එම රෝහල් කාර්ය මණ්ඩලය මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
ශල්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙයට එක් වූහ.
වයස අවුරුදු 40 ඉක්මවූ, අධික රුධිර පීඩනයෙන් හා දියවැඩියා රෝගයෙන් පෙළෙන හා දුර පෙනීම දුර්වල රෝගීන්ට ග්ලූකෝමා වැළඳීමේ ඉඩක් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවේද මේ? අදහා ගන්නත් බැහැ. මෙහෙම දෙයක් දැක්කමයි. (නි)
මෙට රට පුරාම ක්‍රියාත්මක කළ යුතුයි (නි)
අගය කල යුතු වැඩක් (ස)
ගොඩක් හොඳ වැඩක් මේක . නොදන්න මිනිස්සු මේ විදියට දැනුවත් කිරීම උතුම් ක්‍රියාවක් (ස)
ශල්‍ය වෛද්‍යවරුත් පාරට බැස්සා?? (නි)
හේතු හොයලා කරන දේ කරන්න. (නි)
ජනතාව අතරට පණිවිඩය ගෙනයා හැකි හොදම කාලෝචිත ක්‍රමයක් (දී)
නියමයි, මමනම් 100% එකඟයි මේ පණිවිඩය ජනතාව අතරට අරගෙන ගිය ක්‍රමයට (දී)
දැනුවත් කලාට ඔබලාට ස්තුති (දී)
ජාතික අක්ෂි රෝහලේ සේවක මණ්ඩලයට අපේ ප්‍රණාමය! (නි)
පින් සිද්ධ වෙන වැඩක්. (නි)
හරිම හොඳ වැඩක් .අපි දන්නේ ඉල්ලීම් පමණක් ඉල්ලන සෞඛ්‍ය සේවකයෝ. ඒ අතින් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය ලංකාවේ හැම රජයේ නිලදරිකුටම ආදර්ශයක් .ජාතික අක්ෂි රෝහලේ සේවක මණ්ඩලයට අපේ ප්‍රණාමය
මෙන්න උතුම් වැඩක්. (නි)
හැම උද්ඝෝෂණයකම පෙනෙන්න ඉන්න කට්ටියක් මෙතන නම් නැහැ. (නි)
ජයවේවා....ජයවේවා....
මම කියන්නේ මේ වගේ වැඩ රට පුරා පවත්වන්න ඕනේ (දී)
වෙනස් විදිහක දැනුවත් කිරීමක්, කමක් නැහැ, ඒක හොදයි. හොදින් ජනතාව අතරට යනවා (දී)
මොනවා... පුදුමයි... (දී)
දෙයියනේ.. අඳ වෙයි වත්ද .. මෙන්න හොද දෙයක් වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය උද්ගෝෂණය කරනවා (දී)
හැබැයි ඒක වටිනා උද්ගොෂනයක් (දී)
අපිව දැනුවත් කලාට ස්තුති (දී)
හොද වැඩක්. (නි)
ඉතාම වැදගත් වැඩක් (දී)