නිල නිවසේදී අද අලුයම 4.30ට පමණ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතා මින් මද වේලාවකට කලින් අනුරාධපුරයේ සිට කොළඹ ඇස් රෝහලට මාරු කළ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු මහතා කියයි.
ඔහුගේ ඇස් වළට ද තරමක හානියක් සිදුව ඇති බව පෙනෙන හෙයින් ඇස් රෝහලට යොමු කළ බව ඔහු පවසයි.
බෙහෙත් ගැනීමේ මුවාවෙන් ඇසිඩ් ගැසීමට ආ තරුණයන් දෙදෙනා ඔහු සමග ටික වේලාවක් කතා කරමින් සිටි බවත්, ඇසිඩ් ගඳක් දැනෙන බව වෛද්‍යවරයා පැවසීමත් සමග අත තුබූ ප්ලාස්ටික් බඳුනෙන් ඇසිඩ් ගසා ඇති බවත් සිද්ධිය දුටු ඔහුගේ පුතා පොලීසියට කියා ඇත.
සැකකරුවන් හදුනාගන්නට හැකි බව ද ඔහු කියයි.
පෙර දින මාතර සිට පැමිණි බව කියන දෙදෙනා මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධ කරන අයව ප්‍රසිද්ධ ස්ථානවලට ගෙනවිත් දඩුවම් කළ යුතුයි.(නදී)
මෙවැනි දේට නීතිය අකුරට කෙරෙනව නම් තමයි හොද.(නදී)
දොස්තර මහත්තයා ගොඩක් හොද කෙනෙක්. මට ඊයෙත් හමුවුණා. ඉක්මන් සුව පතනවා. (නි)
මෙම සිදුවීම අපි හෙළා දකිමු. වැරදිකරුවන් නීතියේ රැහැනට හසුවේවා! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
මේ වගේ පහත වැඩ නොකරන්න ඕනේ (දී)
නීතිය වෙනුවට අවනීතිය. බෝම්බ වෙනුවට ඇසිඩ්. ත්‍රස්තවාදය වෙනුවට මාෆියාව... (නි)
එයාගේ අතෙත් මොකක්හරි වැරැද්දක් තියෙන්න පුලුවන්. (නි)
වෛරය පිරිමැහීමට කළ ත්‍රස්තවාදී පිළියමක්... (නි)
වෙඩ් තිබ්බා නම් කමක් නැහැ. ඔය වගේ දස වද විදින වැඩ කරන්න එපා.(නදී)
මෙවැනි දේ කරන අයට අලුතින් දැඩි දඩුවම් එක්කරන්න.(නදී)
මහජනයාගේ ආරක්ෂාව අයෙමත් අනතුරේ. (නදී)
ලලිත්, මෝඩ කතා කියන්න එපා.(නදී)
ඔක්කෝටම මුල නූගත්කම.(නදී)
ඇත්තටම අපේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ.(නදී)
නිශ්ශංක, ඇයි හේතුව අහල ඔයා මොනව කොරන්නද? (නදී)
බටහිර ඖෂද මාෆියාව විය හැකියි.(නදී)
ලංකාවේ නීතිය වෙනස්කර මේ වගේ දේවල්වලට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(නදී)
ඇසිඩ් ගැසීම පරණ සෙල්ලමක්. අලුතින් අසන්නට සිදුවුනේ දෙවැනි වතාවට.(නදී)
ගම්පලාත් වල නූගත් මිනිස්සු තමයි මේ වගේ වැඩ කරන්නේ. මිනිහෙක් විරූපී වුනහම කාටවත් ඒකෙන් ලැබෙන වාසිය මොකක්ද?(නදී)
මෙයට හේතුව මොකක්ද? (නදී)