(නිමල කොඩිතුවක්කු)

පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්‍රදේශ ආශ්‍රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කොළඹදී පැවසිය.

පිරිවැය සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශය ඉන්දන මිල වැඩිකිරීමට ඉල්ලා සිටින බවද අමාතයවරයා සඳහන් කළේය.

පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පාරිභෝගිකයාට සහන සැලසිමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බවද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසිය.