අම්බලන්තොට මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත ප්‍රදේශ වල වැසියන්ගේ ජාතික හැඳුනම්පත් හා කාර්යාල හැඳුනුම්පත් තොගයක් වළ දමා තිබියදී ගොඩගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
උහපිටගොඩ ඩී3 ඇළ රක්ෂිතයේ පස් කපමින් සිටි බැකෝ රියදුරකු එම හැඳුනුම්පත් පොලිසියට භාර දී ඇත.
ජේවීපී දෙවැනි කැරැල්ළ සමයේ හැඳුනුම්පත් රැසක් වළ දමා තිබිණි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
89 ජේවීපී කාලේ මට මගේ පියා මරල දැම්ම දැන් ජාතිවාදය ගැන කතා කරන ජේවීපී උන් (බ)
මහා ලොකුවට දකුණේ උදවිය පාරම්බානවා මේ රටට ආදරය දක්වන්නේ ඒ පැත්තේ උදවිය විතරයි කියලා. පේනවනේ 80 දශකයේ අපේ රටේ කළ විනාශය. ජවිපෙ කතා කරන්නේ මේ රටේ අහිංසක ජිවිත 500000 කට වැඩි ගණනක් මරුකටට ඇරියේ නැති සර්ව සාධාරණ එකම පක්ෂය විදියටයි. එ්කනේ තවම එක දහ දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යන්න බැරිවෙලා තියෙන්නේ. මරණයේ තිබුන ගරුත්වය නැති කළ එකම පාපකාරී දේශපාලන පක්ෂය තමයි ඔය හැඳුනුම්පත් වළදමා හංගා තියෙන්නේත්. මහලොකු දේශප්‍රේමියෝ? (නි)
සත්‍ය පසුබිම ගැන කිසිවක් නොදැන අදහස් ලිවීම මේ හැඳුනුම්පත් අයිතිකරුවන්ට හෝ මැරුණ අයට කරන අපහාසයක්. තනි තනි හැඳුනුපතේ සඳහන් පුගලයින් තවම ජීවතුන් අතර සිටීද කියා පළමුව සොයාබැලිය යුතුයි. ඊළඟට ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් හා වයස් කාණ්ඩ වශයෙන් වර්ගීකාරණයක් කර කුමන පළාත් වලට අයත් අයද කියා සොයා බැලුවිට බොහෝ සැඟවුන තොරතුරු හෙළිකරගත හැකිවනු ඇත. සමහරවිට 88-89 වකවානුවේදී ඝාතනය කර වළලනු ලැබූ තරුණ තරුණියන්ගේ හැඳුනුම්පත් වෙන්නත් පුළුවන්. (නි)
මෙන්න ජවිපෙ හතර මහා නිධානය හම්බවෙලා. (නි)
කාබන් පරික්ෂණයක්වත් කරලා බලන්න කාගේ වැඩක්ද කියලා (නි)
අලුතින් ඉපදුනු අය හරි, මැරිලා ඉපදුන අය දැනනොගත්තට අපි කවුරුත් දන්නවා එදා මේවා එකතුකළේ කවුද කියලා. (නි)
මටත් හිතෙන්නේ ඡන්ද කාලෙක හංගපුවා කියලා (නි)
මේක ජේවීපී අයගේ විතරක් නෙමෙයි, තව කට්ටියකගේත් නිධානයක් (නි)
මෙයාලා 2004 පාර්ලිමේන්තුවට ගියේ ලෝක බැංකුවේ ප්ලග් ගලවනවා කියලා. අන්තිමට ආණ්ඩුව එක්ක බැහැ කියලා මෙයාලා වගකීමෙන් ගැළවුණා. දැන් වර්තමාන ආණ්ඩුව එක්ක එකතුවෙලා කරන්නේ මොකක්ද කියලා ජනතාව දන්නවා. ජාතික හැඳුනුම්පත නැතුව ඒ දවස්වල අපේ මිනිස්සු මොන දුකක් වින්ඳද. මොකුත් කියන්න බයයි දේශපාලන සංහිඳියාවට බාධාවේවි කියලා. (නි)
වැළලුනු අතීතය නැවත හාරා බලන එක වැඩක් නැති වැඩක් (නි)
ජේ වී පී කාරයින් කළ තවත් එක් ජාතික අපරාධයක් අනුරලා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කළත් වැඩක් නැහැ ඔයවගේ දේවල් එලියට එනකොට නැවත අවරුදු ගානක් පස්සට යනවා (බ)
සමහරවිට ජේ වී පි නමින් අපේ පරණ කෙනෙක් කරපුවා වෙන්නත් පුළුවන්. ඒ කාලේ ගමට වෙලාත් හිටියනේ (නි)
මේ යස අගේට තියෙන කැලයක් නේද සුද්ද කරන්නේ. හැඳුනුම්පත් පැත්තකින් තියලා මේවට අවසර දීපු අයට හොඳ දඬුවමක් දෙන්න. වහාම මේ වැඩේ නතර කිරීමට පියවර ගන්න. (නි)
අහිංසක අසරණ මිනිස්සු කීයක් මරන්න ඇතිද? අනේ මෙහෙමත් අපරාදයක් (ම)
එහමනං මේවා කළේ වර්තමාන ජේ වී පී නායකයෝ නැවේ (බ)
රාජපක්ෂලගේ වැඩක් (බ)
අවුරුදු ගානක් පරණ ඒවා වගේ.(හේ
කවුරු කරන්න ඇත්ද මේක.(හේ)
ජේ වී පී කාරයින් කළ තවත් එක් ජාතික අපරාධයක්. (බ)
රජයක් පෙරලීමට ගත් සහෝදරවරුන්ගේ අතීතයේ අභිමානවත් යයි කියූ ක්‍රියා මාර්ග. දැන් ඒවා නවත්තල කඩේ යනවා. (බ)
අනුර කුමාර මන්ත්‍රීතුමා, ඔයා එකතුකරපුවද ඒ කාලේ? (බ)
මේ දේ කවුරු කරන්න ඇත්ද?(හේ)
අනුරලා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරත් වැඩක් නැහැ ඔයවගේ දේවල් එලියට එනකොට නැවත අවරුදු ගානක් පස්සට යනවා (හේ)
මේ ගැන විදිමත් පරික්ෂණයක් සිදු කරන්න.(හේ)
මේක ජාතික අපරාධයක්.(හේ)
ඒ කාලේ වල දාපුවා වෙන්න ඇති.(හේ)
ඇල රක්ෂිතයේ පස් කැපීමට අවසර දුන්නේ කවුද? වාරිමාර්ග නිලධාරින් හෝ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් නැත්ද? (බ)
අනේ ඔය පරණ කුණු අවුස්සන්න එපා මෙයාලා.......සහෝදරවරුන්ට දුක හිතේවි.(හේ)
මේ ළඟදි ජාතික දේපොළ ගැන කතාවකුත් කළා නේද? මෙයාලා රටට කරපු එක හොඳක් කියන්න පුලුවන්ද? (නි)
මෙන්න සහෝදරයෝ සොයායන සමාජවාදී ජනවරමේ ගුණ සුවඳ රැව්පිළි රැව් දෙන දෝංකාරය. (නි)
අවුරුදු 28 ක් පොළොව යට තිබුණා නම් ඔය තත්වයෙන් තියෙන්නේ නැහැ. පස් කපන එක වෙනත් පැත්තකට යොමුකිරීමක්ද? මොකද, ඇළ රක්ෂිතයක පස් කැපීම තහනම් දෙයක් (නි)
මේවා ඡන්ද කාලෙකදි වළදාපුවා වෙන්න බැරිද? (නි)
රතු අලි පැටවුන්ට මඩ ගහන්න එපා. ඔවුන් අහිංසකයි (නි)
අනුර කුමාරලා වර්තමාන සහ පසුගිය රජයේ දුෂිතයන් ගැන කතා කරනකොට ඕවා මතුකරලා ගන්නවා... හරි විහිළු තමයි (නි)