චීනයේ හුවැන්හු ප්‍රදේශයේ ජීවත් වු ඔහු සෑම දිනකදීම අධික සෙල මත් පැන් බීවේය.
පසු ගිය සතියේ දිනක ඔහු සේවය අවසන් වී පදමට වෙරි වී වැනි වැනී නිවසට පැමිණියේය. ඉක්මනට නිවසට යාම සදහා පාරේ උසට තිබු කොන්ක්‍රීට් වහලයකට ගොඩ වී වහළ දිගේ නිවසට ගමන් කරන විට වහළ දෙක අතර තිබු දෙබොක්කාවට වැටී ගියේය.
ආපසු ගොඩට එන්නට උත්සාහ කලත් එය අසාර්ථක විය.ඔහු මහ හඩින් හඩා වැටුණේය. කිසිවෙක් නොපැමිණියහ. පසුව පසුදා පහන් වන තුරු දෙබොක්කාවට වී නිදාගෙන අවදීවීමෙන් පසුව යළිත් හයියෙන් ඇඩුවේය.
පාරේ ගිය කවුදෝ කෙනකු එම ස්ථානයට විත් බලන විට වැටී සිටි පුද්ගලයා දුටුවේය. ගොඩට ගන්නට උත්සාහ කලත් එය අපහසු විය.පසුව ගිනි නිවන හමුදාවට දැන්වීය.ගිනි නිවන හමුදා භටයෝ පැමිණ කඹ දාමා අමාරුවෙන් අමාරුවෙන් ඔහු එළියට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ඩේ බැදපු චීන්නු හොද මොලකාරයෝ. පාරේ ගියොත් දඩ ගෙවන්න වෙන නිසාත් ආත්ම ගරුත්වය රැක ගැනීමත් උදෙසාත් තමයි එහෙම ගිහින් තියෙන්නේ (නි)
ගිනි නිවන හමුදාවට කරන්න තියෙන වැඩ! (නි)
අපේ ගමේ පුසෙකුට මේ වැඩේ උනා. වහලවල් උඩින් ෂෝර්ට් කට් දාන්න යනකොට. ගමේ කොල්ලෝ එකතු වෙලා ලනු දාල හරිම අමාරුවෙන් තමා උඩට ගත්තේ.(නදී)
කොහොමද ඉන්න ලස්සන.. (ස)
හෙට මැරුණත් හිත සතුටින් අද ජොලි කරලා.... (නි)
ඒ කියන්නේ හිමින් යන එක දුරයිද
හෙමින් උස්සලා ගන්න. එයාගේ ජොලිය නැතිවෙන්න පුළුවන් (නි)
බලන්නකො ගිනි නිවන බටයන්ගේ ඇඟ උඩ ජොලියේ යන හැටි. මටත් හිතයි බීලා එයාලට කෝල් කරන්න. (නි)
බීපු රඟේ මතක් වෙන්න ඇති නේද? (ස)
අයියෝ සල්ලි
අදහසක් එන්නෙම නැහැ මට නම්. (නි)
දෙබෝක්කාවට වැටුන නිසා ජීවිතේ බේරුනා නැත්නම් මහ මග මරුවට බිලි වෙන්න තිබුනා. (ස)
සහතික ඇත්ත
මේක අපිට නම් ලොකු දෙයක් වගේ... (නි)
දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකද? (ස)
ඉතින් අපට මොකද ? (ස)
මේ වගේ ඒවා අර දෙයියෝ සාක්කි තීරුවට දාන්න එපැයි. (නි)
ඉක්මන පාඩුයි කියුවවාඅ
මාර නිවුස් එකක් නේද ?
මිනිහට කිසිම කරදරයක් වෙලා නැහැනේ. පදමට බිව්වා. දෙබුක්කාවේදී කිසිම තුවාලයක් වුණේ නැහැ. හොඳට නිදා ගත්තා. ගාම්භීර විදිහට හමුදා මෙහෙයුමකින් නිදහස් කර ගත්තා. බේබද්දෙකුට මීට වඩා සැපක් තියෙනවද? (නි)
හරි ලොකු දෙයක් වගේ නේද අපිට? (නි)
ආදෙක් හිටියා නම් ගිනි නිවන හමුදාවත් දෙබොක්කාවෙම හිටීවි (නි)
අනේ මම බිව්වේ නැහැ අනේ. ඒත් මම ඊයේ රෑ ඉඳල තියෙන්නේ දෙබොක්කාවක. නෝනා දැකලා මාව බේරගත්තා.ඔන්න බොන්න කියලා වයින් ඉස්පිරිත්තු බෝතලයකුත් ගෙනත් දුන්නා.මොකද කියන්නේ? (නි)
ලංකාවේ දැවෙන ප්‍රශ්න වලට ජනයා තනි තනිවම මුහුණ දෙනවා.
කතාවනම් 100% අත්ත
හොඳ වෙලාවට දෙබොක්කාවෙ ආඳෙක් හිටියෙ නැත්තෙ (නි)