එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව බෙදීමකින් තොරව සම්මතවිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකරතියි ආදී වශයෙන් එල්ලවූ චෝදනාවලට මහින්ද සමරසිංහ ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම තවත් වර්ධනය කැර ගැනීම සඳහා කාලයක් අවශ්‍ය බවයි.
ඒ සඳහා ශ්‍රී ලංකාව ඇපකැප වී සිටි බව ද ශ්‍රී ලංකාවට දොස් කියන බොහෝ දෙනා කොටි සැහැසිකම් ගැන කතා නොකරන බව ද ඔහු කීවේය.
මේ අතර ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොයුරියක් ජිනීවා සමුළුවට සමගාමීව රාජ්‍යනොවන සංවිධානයකින් පවත්වන වැඩමුළුවක් ඇමතුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට කල්පනා කරන විට අපිම තමයි අපිට ගහපන් කියන්නේ. (ස)
ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොයුරියක් දැන් ජිනීවාහි ගියේ දුමින්ද සිල්වා ගැන කරගෙන යන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැරිද ? (ස)
මේවා දකිද්දී හිතට දුකයි. රටට ආදරය කරන්න පුරුදු කිරිම කළ යුත්තේ පාසල් අධ්‍යාපනය තුළිනුයි. (නි)
අයෙත් අපි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමු. (නි)
ලංකාවට ජයවේවා (දී)
කීර්ති වගේ මෝඩයෙක් හැබෑටම? (නි)
අපි දන්නවා දැන් කතන්දරේ. (නි)
දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කරන පරීක්ෂණ ගැන ජනතාවට එච්චර විශ්වාසයක් නැති බවයි පෙනෙන්නේ. (නි)
යන්තම් ඇති ලංකාව බේරුවා (ස)
අපේ රටට කවදාවත් වරදින්නේ නැහැ. මේ බෞද්ධ රටක්නේ (අ)
ඇත්තනේ ගහෙන් ගෙඩි එන්න වගේ මේ තරම් ප්‍රබල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුලුවන්ද (දී)
කොටිඅතින් මානව හිමිකම් කඩ වී නැතුව ඇති ලංකාවේ තරම් වෙන කොහෙවත් (දී)