ඉතාලි ජාතික ගණකාධිකාරිවරයකුගේ යුරෝ ලක්‍ෂ දෙක හමාරක් (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක්) සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නාත්තන්ඩියේ කලහේ ලොකුගේ හරීන්ද්‍ර රුපියල් විසි දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මාරාවිල මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කළේය. ඔහුගේ ගමන් බලපත‍්‍රය උසාවිය බාරයේ තබන ලෙස ද හැම ඉරු දිනකම පොලිසියේ පෙනී සිටින ලෙස ද ඔහුට නියම කැරිණි. සොරකමට පෙනී සිටි පුද්ගලයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ හා හරේන්ද්‍ර බන්දුල ලොකුගේ නම්වලින් පෙනී සිටි බව පොලිසිය අධිකරණයට දැන්වීය. හරින්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ සොරකම් කළ පුද්ගලයා තම සේවාදායකයා නොවන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ
අයියෝ සල්ලි
ඕවා අපරාධ
දැඩි දඩුවම් දෙන්න ඕනේ
මේ වැඩේ කරන්නේ ලංකාවේ අය විතරමද? ටිකක් හිතලා බලන්න. මේකට ඉතාලියේ සිටින ලංකාවේ අය කී දෙනෙක් නම් හවුල් ඇද්ද? (නි)
අනේ කාලේ වනේ වාසේ
මෙතනදි තියෙන වැදගත්ම කාරණය තමයි, මේ හොරකම නිසා ඉතාලියේදී ලාංකිකයෙක් කියලා අද රැකියාවක් ඉල්ලිය නොහැකි තත්වයක් උදාවෙලා තියෙනවා. සමහරුන්ගේ අවුරුදු ගානක් විශ්වාසයෙක් කරමින් හිටිය රැකියා පවා නැතිවුණා. සමහරුන්ට ගොඩක් අමාරුවෙන් හොයාගත්ත රැකියාවල් ලාංකිකයෙක් කියලා කිව්ව සැනින්ම නැතිවුණා. ඉතින් අද වෙනකොට ඉතාලියේ රැකියාවක් හොයාගන්න එක කොහොමටත් ලොකු අභියෝගයක්. මෙහෙම එක්කෙනෙක් රජවෙන්න කරන දේවල් වලින් ගොඩදෙනෙක්ගේ ජීවිත විනාශ වෙනවා. ගොඩදෙනෙක්ට බඩේ පහර වදිනවා. නොදන්නා අයනම් හිතන්නේ ඉතාලිය සුරපුරයක් කියලනේ. එහෙම හිතන අයට මම ආරාධනා කරනවා මෙහෙට ඇවිත් කට්ටේ රස බලන්න කියලා. ස්තුතියි. (නි)
සිල්වා , රට ගම කන අයට උදව් කලොත් රට රැකියාවටත් කණකොකාගේ පිහිටයි (ස)
අනේ පවු අප්පා! (නි)
අපොයි ...නීතීඥානම් ඇත්තම කියයි (ස)
මේ හොරා වෙන්නප්පුවේ කෙනෙක්. රුහුණූ සිංහලයා කවදාවත් රටට නින්දා කරන්නෙ නැහැ. (නි)
කරුණාකර මේ පුද්ගලයාගෙ ගම,මාරවිල යන වශයෙන් පාවිච්චි නොකරන්න.මොහුගෙ උපන් පළාත වයඹ නෙවෙයි.දකුණ පළාතයි.මේකට අදහස් ලියන අය එක එක ගම් වලට සහ එක එක ජාතියෙ අහිංසක මිනිසුන්ට මඩ ගහනවා .මම හිතන්නෙ එයාලා අංග සම්පුර්ණ මිනිස් කොට්ඨාශයක් වෙන්න ඈති.(ස)
සල්ලිවලට බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්න විතරයි (ස)
මෙතන වරදක් වෙලා නෑ ඔය කියල තියෙන්නෙ හොරා වෙන කෙනෙක්ද කියල හොරාගෙ අම්මගෙන් අහල බලමු..(නු)
ඇත්ත උනත් බොරු උනත් මොනවා කරලාහරි ලොක්කව බේරගන්න ඕනි (ස)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී කවුරු කොහොම මැවුවද සල්ලී (ස)
බය වෙන්න දෙයක් නැහැ බොරු කියන නීතිඥයන්ට යන්න අපායක් නැහැ..!(නු)
මෙතනත් අහිංසකයෙක්ද දන්නේ නෑ අහුවෙලා තියෙන්නේ (ස)