යකඩ උල් හා පිහි රැගෙන ඉතාලියේ මෙසිනා නුවර පාරක දී ප්‍රහාර එල්ල කැරගත් ශ්‍රී ලාංකිකයෝ සිවු දෙනෙක් මෙසිනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
යුද හමුදා හදිසි ඇමැතුම් අංකයට දුන් තොරතුරක් අනුව කකුලක් කැඩී සිටි හෙට්ටිහේවා සංජීව සම්පත් (31) අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බවත් කේ කරුණාතිලක මදුරංග අශාන් සිල්වා (24) වර්ණකුල සූරිය එම් ෂෙනන් නිලේන්ද්‍ර ප්‍රනාන්දු (21) හා පට්ටිවිලගේ ජානක ප්‍රියාන් ප්‍රනාන්දු (24) සුළු තුවාල ලබා ඇති බවත් රෝහලෙන් පිටවී ගිය ඔවුන් නිවාස අඩස්සියේ තබා ඇති බවත් ඉතාලි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් වලින්ම අපි දැනගත්තා වෙන්නප්පුවේ කියලා. (නි)
මේ වැඩ වලින් අපේ රටේ නම කැතවෙනවා වගේම අපේ රටට තියෙන පිළිගැනීමත් අඩුවෙනවා. (නි)
ප්‍රියා වැරදියි. රට යන්නේ සල්ලි ගැන විතරක් හිතලා නෙමෙයි. (නි)
මේ දවල් වල ඉතාලියේ ප්‍රශ්න වැඩියි තමයි. (නි)
කැළේ මාරුවුණත් කොටියගේ පුල්ලි මාරුවෙන්නෙ නැහැ කියන්නේ ඕකතමයි. (නි)
කවුද මෙහෙම අයට වැදගත් දෙමාපියන්ගේ පුත්තු කියලා කියන්නේ? (නි)
අජිත් කරුණාරත්න අපේ අය කිව්වේ කාටද අනේ? ඔයාෙග් නෑදෑයෝද ?
නැති බැරි කමට නේද රට යන්නේ. ඇයි ලංකාවේ අට පිටරටදි ගහ මරාගන්නේ.(නදී)
හිරමනේ රට ගියත් පොල් ගානවනේ.(නදී)
අයියෝ මොකද්ද මේ කරන වැඩ (දී)
වර්ණකුල,මිහිඳුකුල ,කුරුකුල කියන නම් තියෙන සූරිය කෙනෙක් හිටියොත් ඇති. (නි)
අපේ අය සෙල්ලම් දාන්නේ අපිටම තමයි . (ස)
ලංකාවේ නම තමයි ඔය වැඩ වලින් කැත වෙන්නේ (දී)
ලන්කාවෙ නම කතා කරනවා (දී)
තමන්ගෙ හැදියාව තමයි මේ පෙන්නන්නේ. (නි)
මම දැක්කා ඊයේ එක මහත්තයෙක් එංගලන්තේ ඉදලා ලියුමක් ලියලා තිබුනා ලංකාවේ අය කොහොමද යුරෝපා රටවල ජීවත්වෙන්නේ කියලා. ඔය තියෙන්නේ පිළිතුරු.(නදී)
ඔන්න ඕකනේ ඉතින් බැරි (දී)
ආරේ ගුණ නෑරේ කියන්නේ කට කහනවටැයි? (නි)
පේනවා නේද ලංකාවේ උතුම් ගති එහෙත් ප්‍රදර්ශනය කරලා තියෙන අපූරුව? (නි)
ලාබෙට තියෙන හින්දා විස්කි බොනවා. ඉන්පස්සේ යාළුවෝ කවුද කියලා මතක නැහැ. (නි)
පුදුම පිස්සුවක්නේ අපේ අයටත් තියෙන්නේ. ඉතාලි ගියේ සල්ලි හම්බ කරන්නද? නැත්නම් ගුටි ගහගන්නද? (නි)
අපේ අය ගියහම ඉතින් උරුලෑවා ගියා වගේ තමයි. (නි)
වැදගත් දෙමවුපියන්ගෙ නැහැදිච්ච පුතුන් තමයි ලංකා මාතාව කෙළෙසන්නේ. (නි)
අනේ ඇත්තට. අපේ රට කනවා... (නි)
ලන්කාව්වේ මානසිකත්වය ද ? (දී)