ඉතාලියේ දෙමළ සංවිධානය විසින් සංවිධානය කැරුණු ශ්‍රී ලංකා විරෝධි උද්ඝෝෂණයක් පලෙර්මෝහිදී පැවැත්විණි.
තරුණ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී මාකෝ ෆරීනා පැවසූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයනට ස්වයං පාලනයකට සහාය දෙන බවයි.
ඇමෙරිකාවේ මූලිකත්වයෙන් සම්මත වූ ජිනීවා යෝජනාව එම සමුළුවේදී ප්‍රතික්ෂේප විය.
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ ගෙන යන උද්ඝෝෂණවලට සහාය දැක්වීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඉන්දියාව තීරණාත්මක පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ‘සමූල ඝාතනය‘ ගැන අන්තර් ජාතික ප්‍රජාව නිහඩව සිටීම හෙළා දකිමින් රට රටවල දෙමළ ජනයා උද්ඝෝෂණය කළ යුතු බවත් එහිදී කතා කළ එඩ්වඩ් බුවනේන්ද්‍ර රාජා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද්‍රවිඩ සහෝදරයෝ එකමුතු වෙලා අපේ රටට විරුද්ධව පෙළ ගැසෙද්දී අපේ අය දෙපැත්තකට වෙලා මෙහෙ කාගන්නවා. (නි)
ඕකට සැලෙන්න හොද නැහැ (දී)
මේ ප්‍රශ්න වලට අපි සාර්ථකව මුහුණ දෙනවා (දී)
ඇයි මෙයාලා ස්වයං පාලනයක් ඉල්ලලා ලංකාවටම අරියාදු කරන්නේ? (නි)
තානාපති සේවය මීටවැඩිය මේ ප්‍රශ්නය ගැන උනන්දු වියයුතුයි. (නි)
තමිල්ණාඩුවෙන් ඊළම ඉල්ලනවානම් අපේ සහයෝගයත් අපි දෙමළ ජනතාවට දෙන්න කැමතියි. (නි)
ඔය බොරුවට කෑගහන ඔක්කොම මතක තියාගත්තොත් හොදයි අපි මැරුවේ කොටින්ව මිසක් දෙමළ ජනතාව නොවෙන බව. (නි)
මේ රට ද්‍රවිඩ ජාතිකයින් ඉන්නේ 15% ක් වගේ. තමිල්නාඩුවෙන් වෙනම පාලනයක් දෙන්න. අපිත් උදවි කරන්නමි.(නදී)
පාර්වතී, ඉන්දියාවේ ජාතික ගීය ඉංග්‍රීසිද? දෙමළද? මෝඩකතා කියන්න එපා. (නි)
දැන් සියළුම දෙනාට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ නැවත කලබල ඇති කරන්නයි. (නි)
මම නම් කියන්නේ වෙන රටවල් වලට ඒ අයගේ පාඩුවේ ඉන්න කියලයි. (නි)
පාර්වතී කියන විදියට හෙට මුස්ලිම් මිනිස්සුත් ෆෙඩරල් ඉල්ලයි. (නි)
ප්‍රනාන්දු සහ පනාගොඩ නන්දන, ඔබගේ අදහස් වලට ස්තූතියි. (නි)
එක්කෝ අපිත් කැනඩාවේ හෝ ස්විස්ටර්ලන්තයේ වගේ ව්‍යවස්ථාවක් හැදිය යුතුයි. නැත්නම් ඇමරිකාවේ වගේ පෙඩරල් ක්‍රමයක් ගෙන ආ යුතුයි. (නි)
ඇමරිකාවට ඕනෙත් ඕක කරන්නම තමයි (දී)
ලංකාව විනාශ කරන්න කාටවත් ම බැහැ (දී)
මොකද්ද අපිත් එක්ක තියෙන මේ තරම් තරහා (දී)
මහේෂ්ගේ කතාව ඇත්ත.. අපිට මේ වැඩ ලෙහෙසියෙන්ම විසදා ගන්න පුළුවන් (දී)
අපි අමාරුම දේ කළා යුද්දේ ඉවර කළා (දී)
සැලෙන්න එපා ....සැලෙන්න එපා .... (දී)
අපිත් එක්ක පුදුම තරහක් තමයි තියෙන්නේ (දී)
ඉතාලි ඉන්නේ සිංහලයෝ රණ්ඩු ඇතිකර ගන්නේ සිංහලයින් සමග පමණයි (නි)
නන්දන , පනාගොඩ වගේ අවංක පුද්ගලයෝ මේ ගැන අදහස් දැක්වීමත් සතුටක් (ස)
ලංකාව විනාශ වෙනකල් තමයි ඒ කට්ටිය බලාගෙන ඉන්නේ (දී)
පාර්වතී, ශ්‍රී ලංකාව කියන්නේ ඇමරිකාව නෙමේ. ඇමරිකාව කියන්නේ ලොකු රටක්, ඉතින් ඒකේ පාළනය ලේසියටයි එහෙම තියෙන්නේ. ශ්‍රී ලංකාව ඔහොම බෙදන්න පුළුවන් ලොකු රටක් නෙමේ. තව දෙයක්, ඇමරිකාව ඔච්චර ලොකු වෙලා තියෙන්නේ හොරා කාපු දේ වලින්. මුලින්ම රතු ඉන්දියානුවන්ගෙන්, ඊට පස්සේ මෙක්සිකෝව වගේ රටවල් වලින්.(නදී)
මේ අයට තමන්ගේම පිරිස එක්කත් සාමයෙන් ඉන්න බැහැ. තවත් ජාතියක් සාමයෙන් ජිවත් වෙන්නත් බැහැ. මොනවා කළත් අන්තිමට ජයග්‍රහනයක් නොලබා ලැජ්ජාවට පත්වෙනවා. ඉදිරියටත් මේ විදිහමයි. වෙනස් කරන්න බැහැ. (නි)
අපිත් ඉන්නේ ඉතාලියේ. ඔච්චර කාලගෝට්ටියක් නම් මෙහෙ දකින්න නැහැ. මේ ගැන ඉතාලියේ පත්තරයකවත් සඳහන් වෙන්නේ නැහැ. බල්ලෝ බිරුවට ගෙවල් බිඳෙන්නේ නැහැනේ. සිංහල අපිත් ඉන්නවනේ මෙහෙ 30000 විතර.(නදී)
අනේ මගේ කට. තමිල් නාඩු ගියානම් ඉවරයි නේද?(නදී)
බල්ලෝ බිරුවට කන්ද පාත් වෙන්නේ නැහැ.(නදී)
මේ සෙල්ලම් දාලා ද්විත්ව ගමන්බල පත්‍ර ඉල්ලන එක නම් වානා.(නදී)
අපේ ඉතාලියේ සිටින ස්වාමින් වහන්සේලා ලෝකයට දැනෙන යමක් කිරීමට ඉදිරිපත් වියයුතුයි. (නි)
බොදු බල සේනාවට මීට මැදිහත් වෙන්න නොහැකිද? (නි)
අපි ඊට විරුද්දව නැගී සිටින්න ඕනේ (දී)
මට කියන්නට තියෙන්නේ මෙයයි. දෙමල ජාතිකයිනි, ඔබලාට කන්න බොන්න දෙන්න පදිංචි කරගන්න ලෝකයේ රටවල් ගොඩාක් තියෙනවා. සිංහලයාට තියෙන්නේ මේ අල්ලක් විතර ශ්‍රී ලංකාව පමණයි. ලැජ්ජා නැති තුච්ච ජාතියක් විදියට හැසිරෙන්නේ නැතුව අපගේ මව් බිමට කෙනෙහිලිකම් නොකර, ජාතිවාදයක් අටවන්නේ නැතුව ශ්‍රී ලාංකිකයෝ විදියට ඒකීය රටක ජීවත්වෙමු. එහෙම බැරිනම් අපට පාඩුවේ ඉන්නදීලා ඔබලාට උල්පන්දම් දෙන රටකින් කොටසක් ඉල්ලාගෙන ඊළම අටවාගන්න හොඳයි. (නි)
පනාගොඩ නන්දන ප්‍රනාන්දු. ඔබ වැනි අය අපේ රටට ආඩමිබරයක්.(නදී)
හැම දෙනාම මතක තියාගන්න, මේ විරුද්ධකම් සියල්ල අපේ රටට එරෙහිවයි. එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ . (නි)
ඔහේ බැණුපවාවේ. අපේ ඇගේ වදිනවැයි? (නි)
සිංහල අපි ජාතියක් විදිහට අපේ යුතුකම් කොටස ඉටුකළේ නැත. යුද්ධයෙන් තම ජීවිත මාතෘ භුමිය වෙනුවෙන් කැපකළ උදාර සිංහලුන්ටත් අපහාසයක් මේ යන වැඩ පිළිවෙල. තානාපති සේවා වල් බිහි වී ගිය අම්බලම් වී ඇත. එහි සේවකයෝ රට වෙනුවෙන් නොව ආත්මාර්ථය වෙනුවෙන් වැඩ කරති. සිංහල සංවිධාන මුනිවත රකිති. (නි)
එතකොට සිංහල මිනිස්සු අමු අමුවෙ කපල කොටල මරපුවා,අරන්තලාව,කැබිතිගොල්ලෑව,ශ්‍රී මහ බෝධිය අසල වගේම රටපුරා කරපු ඝාතන ගැන කතා කරන්න බැරි මාකෝ ෆෙරීනා කියන්නෙ අන්ධයෙක්ද?නැත්නම් ඩයස්පොරාවෙ සල්ලිද මේ කතා කරන්නෙ ?(නදී)
මාකෝ ෆෙරීනා කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වගේ. මෛ එයාලට කරන්න එච්චර වැඩකුත් නැහැ. ඕනම කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්.(නදී)
ඊළග ජිනීවා සමුළුවේදී මෙයාලා ලංකාවට විරුද්ධව තව තව ඒවා කරයි. දැන්නම් වැඩේ හරියන්නෙ නැහැ වගේ. (නි)
නන්දනල ඉන්නේ මිලානො නමුත් මම ඉන්නෙ පෑලෑර්මො. මෙහෙ ඈත්තටම ඔය කියන සමුලුව පවත්වල තිබුනා. තාමත් මෙහෙ කොටි ක්‍රියාකාරකම් සක්‍රියයි. කොටි කොඩි අරගන පෙලපාලි ගිහිල්ලත් තිබුනා. නමුත් ඒවට විරුද්දව ක්‍රියාකරන්න මෙහේ කවුරුත්නෑ.(නදී)
මේක නිකම් බොරු ඝෝෂාවක් පමණයි. ලෝක සිතියමේ ලංකාව තියෙන්නෙ කොහෙද කියලවත් කියන්න දන්නෙ නැති අය බොරුවට කෑගහනවා. (නි)
අපි කෙලින් හිටගනිමු. චාවේස්ව ආදර්ශයට ගනිමු. (නි)
පනාගොඩත් එක්ක මා එකගයි. මානව හිමිකම් කියකියා මෙයාලා කරන්නේ වෙන දෙයක්. (නි)
දෙමළ කොටි ජනතාවට ස්වයං පාලනයකට සහ වෙනම රාජ්‍යකට සුදුසුම තැන තමිල්නාඩුවයි. (නදී)
හැබැයි ඔය වැඩට ඉතාලියත් සුදුසුයි. ඉල්ලලා බලන්න බන්දේසියක තියලම දේවි.(නදී)
ඔය ඔක්කොම සෙල්ලම් දාලා ගිවිසුම් ගහලා බෙදන්න ලංකාවට ගොඩබහින්න වෙනවා. (නදී)
ලෝකේ වටෙන්ම දෙමළ අය ජිනීවා ගියා රටට විරුද්ධව. නමුත් එක ලාංකිකයෙකුටවත් බැරිවුණා ලංකාව වෙනුවෙන් හඩක් නගන්න. හැබැයි ගිය අවුරුද්දෙ නම් කට්ටිය එකතු වුණා නේද? (නි)
ඇයි පෙඩරල් ක්‍රමයට බය. අරමරිකාව කියන්නේ එකම රටක්. විවිධ ප්‍රාන්තවල නීති වෙනස් වුනාට රට එකක්. ද්‍රවිඩයන්ට සමතැන හෝ ඉංග්‍රීසි රජයේ භාෂාව, ජාතික ගීය දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන්, ජනාධිපතිවීමට සිංහල බෞද්ධ විය යුතයි. ඒවා වෙනස් වෙන්නේ නැතිනම් පෙඩරල් දෙන්න.(නදී)