පසුගියදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත්වූ කොස්තා කොන්කොරිදියා සුඛෝපභෝගි නෞකාව අනතුරට පත්වීමේ වගකීම එහි කපිතාන් ප‍්‍රැන්වෙස්කෝ ස්කෙත්තියෝ වෙත පැටවී තිබේ.නැව අනතුරට පත්වීමත් සමග ඔහු මගීන් හා නැව අතහැර ගොඩබිමට පැනගිය බවට චෝදනා එල්ල වී ඇත. මිනිස් ඝාතන චෝදනාව යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් කපිතාන් නිවාස අඩස්සියට යටත් කර තිබේ. මගීන් හා නෞකාව අතහැර කපිතාන් වෙනත් ස්ථානයකට වී සිටි බවට ඇති ප‍්‍රධානම සාක්කිය නම් ලිවොර්නෝ වරායේ අණදෙන නිලධාරි ග්‍රෙරේගෝරියෝ ෆල්කෝ විසින් නැවේ කපිතාන්වරයාට නැවත ගොඩවෙන ලෙස ලබාදෙන ලෙස නියෝගයයි. තම අණ නොපිළිපැදීමෙන් කෝපයට පත් ඔහු කපිතාන්ට අමු කුණුහරුපයෙන් බැණ වැදුණේය.
එම කුරුහරුප වැකිය ඇතුළත් ටී ෂර්ට් දැන් ඉතාලියේ අලෙවි වෙයි. දෙදෙනා අතර කතා බහ මෙසේය.
මම මේ කතා කරන්නේ ලිවොර්නෝ වරායේ අණදෙන නිලධාරි ෆාල්කෝ ඔබ නැවේ කපිතාන්වරයාද?
ඔව්/ කොමාන්ඩර්
මට ඔබේ නම කියන්න
මම කපිතාන් ස්කෙන්තිනෝ
ස්කෙත්තිනො මේ අහන්න ඔබ දැන් නැවත වතාවක් නැවට යා යුතුයි. නැව අසලට මම එවන ලද නිලධාරියෙක් සමග ඔබ නැවට නගින්න. නැවට ගොඩවූ ගමන් මට දැනුම් දෙන්න. නැවේ තව කීදෙනෙක් ඉන්නවද කියා. මේ දුරකථන සංවාදය මම පටිගත කරනවා.
මේ වෙලාවේ නැවට නගින්න බැහැ. නැව ඇලවෙලා තියෙන්නෙ
තවම නැවේ මිනිස්සු ඉන්නවා. වහාම ගිහින් නැවට ගින්න. ඔබ නොවෙයි දැන් මම අණදෙන්නෙ. ළමයිනුත් වැඩිහිටියනුත් කොච්චර ඉන්නවාද කියලා වහාම මට දැනුම් දෙන්න. නැව අතහැර දමා ඔබ කොහෙද ගියේ.
මම කෙහෙවත් ගියේ නැහැ. එළියේ ඉන්නේ.
මම ඔබට නැවත වතාවක් නියෝග කරනවා නැවට නගින්න කියලා. ඔබ මගේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කරනවද?දැනටමත් නැවේ මැරිච්ච අය ඉන්නවා තුවාලකරුවන් ඉන්නවා.
කී දෙනෙක් මැරිලද කොමාර්ඩර්.
ඔබ ඒක මගෙන්ද අහන්නේ. නැවේ කපිතාන් වශයෙන් ඔබයි ඒක මට වර්තා කළ යුත්තේ වහාම නැවට නගින්න.
ඔබට තෙරෙන්නේ නැහැ. කෙමාන්ඩර් නැවේ දැඩි අඳුරක් තියෙන්නේ කිසි දෙයක් පෙන්නෙ නැහැ.
මගේ නියෝගය පිළිබඳ කපිතාන් වහාම නැවට ගිහින් සියලූ දේ සුදානම් කරන්න.තමන්ගේ මගීන් ගැන හොයලා බලන්න ඔබට තේරුණාද?
ඔව් කොමාන්ඩර්?
ඔහු ඒ අණ නොපිළිපැදීම නිසා අණදෙන නිලධරයා ඔහුට කුණුහරුපෙන් බැන නැවට නගින ලෙස යළිත් විධාන කළේය. ඒත් ඔහු ඒ අණ පිළිපැද්දේ නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලඥයෙකුගේ ගෝලයෙක් වෙන්න ඇති
නොගැලපෙන අය කපිතාන්ලා වුණාම ඔහොම වෙනවා
ආත්මාර්ථකාමී කපිතාන්ට කමාන්ඩර් හොද ප්‍රථිචාරයක් දී ඇත
තමාගේ රාජකාරිය අමතක කරලා විනෝද වෙන්න ගිහින්. අසරණ මිනිස්සු කරදරේට පත්වුණා
නැව අනතුරට පත්වීම පිලිබඳ සිද්ධිය කනගාටුදායක පුවතක්. නමුත්, බලන්න නරක දේට තියෙන ඉල්ලුම. නරක වචනය දැන් වෙළඳ භාණ්ඩයක් වෙලා උණු කැවුම් වගේ අලෙවි වෙනවා. නැවක් ගිලුනාම කූට වෙළෙන්දන්ට "බෑන් චූන්".
කුමක්ද ඔහු කළේ? ඔහුගේ වරදක් නොවේ?
මේ කුණුහරුපෙ සිංහලෙන් ගහපු ටී ෂර්ට් නැද්ද ගන්න.
මාර වැඩක්නේ?