ඉතාලියේ රෝම අගනුවර වීදියක සපත්තු නැතිව ඉතා අමාරුවෙන් ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකිකයකුට රෝම පොලිසිය පිහිට විය.
පදිංචියට තැනක්ද නැතිව තුවාලද ලබා ඉබාගාතේ යන ඔහු දුටු ව්‍යාපාරිකයෝ පිරිසක් ගිලන් රියක් ගෙන්වා ඔහුගේ මුහුණේ වු තුවාල වලට ප්‍රතිකාර ද කැරවුහ. පොලසිය එහි පැමිණ ඔහුට අවශ්‍ය සපත්තු ආදිය සපත්තු කඩයකින් මිලට ගෙන තෑගි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මෙහි ඉන්න අපේ අය අපි ලංකාවේ අය නේද කියලා මුහුණ බලන්නේත් නැතුව යනවා. තව මොන කතාද? (නි)
ඉතාලි යන්න ඉන්න යට හොද පාඩමක්.(නදී)
මොනතරම් උත්සහ කරලා පිටරටකට ගියත් තමන් ආවේ ඇයි කියන එක හුඟදෙනෙකුට අමතක වෙනවා. යාලුවන්ගේ ඇසුර ,බීමත්කම නිසා කෙටිකලකින් නොමගට යොමුවෙලා අන්තිමට මිනිහා - නොමිනිහා වෙලා මහපාරට වැටෙනවා. මේ වගේ දේවල් ලංකාවේ අය දැක්කත් '''අනේ අපට ඔය කුණුගොඩවල් වලට කරගහන්න ඕනෑ නැහැ ''' කියන අදහසින් අහක බලාගන යන්නේ ඒ නිසයි. (නි)
අදහස් දක්වන හැමෝම මේ ගැනත් හිතන්න. ඉතාලිය වගේ රටකට යන්න හැමෝටම පුලුවන්ද? ඒකට හැකියාවක්, උත්සාහයක් වගේම ලැබීමක් තියෙන්න ඕනෑ. එහෙම තියන කෙනෙක් ඔය විදියට හැසිරෙන එක මනුස්සකමට නිගාවක්. (නි)
ඉතාලි ඉන්න ලාංකිකයෝ නිදිද? ඇයි උදව්වක් කරන්න බැරි? කියලා වැඩක් නැහැ, ඉතාලි ඉන්න අය ගැන නම්. ලංකාවේ අයව දැක්කහම අහක බලනවා. ලංකාවේ ඉදලා ආවා කියලා දැනගත්තොත් උදව් කරන්න වෙයි කියලා වෙන්න ඇති. අපි නම් ලංකාවේ කෙනෙක් දැක්කොත් උදව් කරනවා. අපේකම තියෙන්නේ එතනනේ (නි)
මෙයා ලංකාවට කියලා ඇත්තේ එහේ හොටෙල් එකක අයිතිකාරයෙක් කියලා වෙන්න ඇති. අපේ කට්ටිය එහෙමනේ. (නි)
ඉතාලියේ මිලානෝ , කාර්ලෝ, ෆරිනි වලත් ඉන්නවා ලංකාවේ වැඩකට නැති ටිකක් (නි)
දමයන්ති, ඔයත් එහෙමද? (නි)
අයියෝ සල්ලි
ලංකාවේ පොලිසියට වැඩිය ඉතාලි පොලිසිය දහස් ගුණයකින් හොදයි. (නි)
චමල් මල්ලී ,සමාවෙන්න කියනවට. ජපානයේ වීසා තියෙන ඇත්තන්ට ඕනෑතරම් රැකියා තියෙනවා. අවාසනාව කියලා ජපන් කාන්තාවක් බැදගෙන වීසා ගත්තට වාසනාව බලාගෙන,මත් පැටන ගොදුරු වුණොත් ආත්මයක් නැහැ. මල්ලී, අවුරුදු 5 ක් වීසා නැතුව නිකම් ජපානයේ හිටියා කියන්නේ අතිශයින්ම ලැජ්ජාවට කරුණක්. (නි)
ඔය චමිල් කියන්නේ නම් මිහිපිට උපන් කම්මැලියෙක්. ඕකට කරුමේ කියල ආගමට නිගා කරන්න එපා .(නදී)
ඇතැම් අය මෙහෙ ආවම නිම් හිම් නැතිවෙලා විනෝද වෙන්න පටන් ගන්නවා. නිදහස උපතේ සිටම බුක්ති විදිනවා වගේ නෙවේ ඒක. ලංකාවේ පීඩනයෙන් ඉදල මෙහෙ ආවම අහසින් වැටිලා වගේ කරන්නේ මොනවද කියල තමන් දන්නේ නෑ. කාටවත් බැනල වැඩක් නෑ.(නදී)
කතාව ඇත්ත. අවාසනාව තියෙනවා නම්, උත්සාහය නැත්නම් ලෝකයේ මොන රටේ හිටියත් දියුණු වෙන්න බෑ. මමත් ජපානයේ අවුරුදු 5 කට වැඩියෙන් රැකියාවක් නොකර නිකම්ම ජීවත්වෙනවා. කොටින්ම කියනවා නම් අතේ සතයක් නෑ. ජපානයේ විසා එකත් තියෙනවා. කරුමේ කියන්නේ ඇත්ත.(නදී)
ඩියෝ, ඔබ වැරදියි. මුහුදේ ගිලෙන්න තියෙනවා නම් , ගෙදර ඉඳලා ඔහු මුහුද හොයාගෙන යනවාමයි (නි)
ලංකාවේ මේ දේවල් වෙනවද? (නි)
පනාගොඩ මහත්තයෝ, ඔබ කියන විදියට නම් මුහුදේ ගිලෙන්න ඉන්න කෙනා ගෙදර හිටියත් මුහුදේ ගිලෙනවාමයි (නි)
අපේ පොලිසියෙ නම් ඉන්නෙ ... කියලා වැඩක් නැහැ ඒ ගැන. (නි)
හිගා කන්නද මෙච්චර දුක් විදලා හොරෙන් යන්නේ ? (නි)
අනුර පනාගොඩලට හැමදේම කරුමේ ! එතකොට අනික් මිනිහා ගැන බලන්න ඕනෑ නැහැනේ. නැති බැරී ලෙඩක් දුකක් හැදුන කෙනෙකුට පිහිට වෙන එක උතුම් සත් ක්‍රියාවක්. මනුස්සකමක්. එහෙම නැතුව කරුමෙට බාර දීලා අහක බලන එක වසල ක්‍රියාවක් (නි)
මේ පුද්ගලයට යම්කිසි මානසික අමාරුවක් තියෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ (නි)
රෝමයේ හිඟා කනවද? ඊට වඩා හොඳයි ලංකාවට ඇවිත් හිඟා කන්න. ලංකාවේ හිඟන්නන්ගේ බැංකු පොත්වල ලක්ෂ ගණන් තියෙන්නේ. (නදී)
ලංකාවේ නම් එහෙම නෑ, පොලිසියෙන් හොද සපත්තු පාරක් තමයි කන්න වෙන්නේ.(නදී)
අපේ පොලිසිය නම් තියෙන දේවලුත් ගලවා ගනී නේද ? (නි)
ඉතාලියේ රෝම පොලිසියට සහ එහි වෙසෙන වැසියන්ට මගේ ආචාරය !! (නි)
ලාංකිකයන්ට එහෙම වෙලා තියෙන්නේ ඇයිද දන්නෙ නැහැ. සමහරක් අයට රටකට ගියාම තමන් කවුද කියලත්, ආවේ මොකටද කියන එකත්, ලංකාවේ කියන එකත් අමතක වෙනවනේ. (නි)
කරුමයක් පලදෙන්න තිබේ නම් ලෝකයේ කොහේ හිටියත් එය ගෙවන්න වෙනවා වෙනවාමයි. ලෝක සත්‍යය ඕක තමයි. (නි)
රොමේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ නිදිද? (නි)
රෝමේ ඉන්න මහප්‍රාණ වලින් නම් දාගත් අයට සහ චේන් පොරවාගත් 'කහකුරුල්ලන්ට' මේ අහිංසකයන්ව මුණගැහිලා නැද්ද? (නි)
ඉතාලි ගිහිනුත් හිඟා කනවද? (නි)