ඉතාලි රැකියා දෙන බව කියා අනුරාධපුරය, මැදවච්චිය, බදුල්ල, බණ්ඩාරවෙල, මන්නාරම, වව්නියාව, මඩකලපුව ඇතුළු පෙදෙස්වලින් දහසකගෙන් පමණ මුදල් වංචා කළැයි සැකපිට සුබ්‍රමණියම් ශෂිකලා නම් කතක වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ලබන හත් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඇයට එරෙහිව වත්තල පොලීසියට පමණක් පැමිණිලි 40ක් ලැබී ඇත.
රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙකහමාර දක්වා එක් අයකුගෙන් මුදල් ලබා ගෙන ඇතැයි අධිකරණයේදී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරතල් කතා වලට අපේ මෝඩයොත් අහු වෙන හැටි? (නි)
ලක්ෂ ගනන් මුදල් දෙන්න කලින් දෙපාරක් හිතලා බලන්න ඕනේ. මුදල් ලබා ගත්ත කාන්තාවන්ට දැඩි දඩුවම් දෙන්න.(නදී)
බයවෙන්න දෙයක් නෑ මේ විදියට වංචා කරලා, මොකද අපේ රටේ නීති නෑ මේවට. අහිංසක මිනිස්සු තමයි කරදරේ වෑටෙන්නේ. ගෙවල් උකස් තියලා සල්ලි දීලා ඈත්තේ. යන එන මන් නෑතිවෙන්නේ අන්න ඒ මිනිස්සුන්ට. ඈප දීලා එලියට දායි. පුලුවන් විදියට සල්ලි ගෙවන්න කියයි. ඕකයි මේ රටේ නීතිය. මොකද මොරටුවෙත් මේ වගේ හොරෙක් ඈල්ලුවා. කෝටි ගානක් මිනිස්සුන්ගෙන් අරගෙන. ඒත් ඔය ඉන්නේ සෑපට.(නදී)
එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? (නි)
ඉතාලි එන්න සල්ලි වියදම් කරන්න එපා . ඉතාලිය වැටිලා තියෙන්නෙ. සියට 37කගෙ රැකියා නැතිවෙලා 2012 වසරේදී. ලබන වසරෙදී ඊට වඩා වැඩියි. ලංකාවේ රුපියල් 50,000 ආදායමක් ලබනා කෙනෙක් සිටී නම් ඉතාලියට එන්න එපා. රැකියා නැතුව පාක්වල නිදාගන්න අය කොපමණ සිටීද? (නි)
සයස් එන්න එපා කියන්න එපා පව්නේ...(ස)
අප්පා... අපේ පැත්තෙත් කට්ටියක් වැඩේට අහුවෙලානේ....(ස)
ඉතාලියට එන්න එපා කියන බොහෝ දෙනා එහෙම කියන්නේ ඊර්ෂ්‍යාවට. (නි)
ඉතාලියට එන්න එපා කියලා අනුන්ට ඔවදන් දෙන අයනම් තමන්ගේ ඥාතියෝ, නෑදෑයෝ කොහොම හරි ගෙන්න ගන්නවා.(නදී)