ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඈතුළු මැති ඇමතිඅවරුන්ගේ නම් භාවිතා කරමින් ඒ මගින් අනිසි බලයක් ගෙන සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට හිරිහෑර හා නොයක් මෑර ක්‍රියාවල නිරතවන මිලානෝ ලක් පාතාලය පිලිබද අනාවරණය කළ ඉතාලියේ එසෑණ වර්ථාකරු චමින්ද මඩවලට එල්ලවු ජිවීත තර්ජනය පිලිබඳව ඉතාලි පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
රෝම තානාපති කර්යාලයයේ නිලධාරින්ගේ පුර්ණ සහය ද මෙහිදි ඉතාලි පොලිසියට ලැබෙන අතර මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටියේ ඉතාලි පොලිස් වර්ථා අනුව ආරක්ෂක අමාතයාංශයේ පුර්ණ සහයෝගය ඔවුන්ට ලබා දෙන බවය.
ලක් පාතාලයට හිතවත් පිරිසක් චමින්ද මඩවල පදිංචි නිවසේ හිමිකරුවන්ට කතා කරමින් ඔහු නිවසින් ඉවත් කරන්නැයි කියමින් නොයෙක් බලපෑම් කරතියි ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් වල ළමයි ගැන අදහස් දාන්නෙත් වැස්සටවත් කැම්පස් නොගිය ඉතාලියේ පාතාලේ කට්ටියද? මම ගොඩක් දැකලා තියෙනවා පාතාල භාෂාවෙන් කැම්පස් ළමයින්ට බනිනවා. අනික දේසපාලන සම්බන්ධකම් නැතුව මේවා කරන්නේ නැහැ. (නි)
ක්‍රිස්ටි වන මම මෙම පුද්ගලයා ගැන නොදැනීමෙන් සහ බල කිරීම උඩ ඔහුගේ කඩය විවෘත කිරීමට සහබාගි වුණා. මේ ගැන මිලානෝ ලාංකිකයින්ගෙන් සමාව ඉල්ලන අතර පාතාල නදුන්ව හැකි ඉක්මනින් ආරක්ෂක අංශ වලට අල්ලා ගැනීමට අවශ්‍ය සහයෝගය අප සියල්ල දිය යුතුය. (නි)
මේ පාතාලයා ආපහු ලංකාවට ගෙනියලා දකුණට නම් එවන්න එපා. සුදු වෑන් එකක දාලා උතුරටම යවන්න. මොකද අපි දකුණේ කොල්ලෝ. (නි)
මම අම්බලන්ගොඩ හිතවත් කෙනෙකුගෙන් මොහු ගැන අහලා බැලුවා. ඒ මනුස්සය කියනවා නදුන් අම්බලන්ගොඩ ආවොත් මිනිසුන්ගෙන් ගුටිකන්න වෙනවා කියලා. මේ වගේ රටම දන්නා අපරාධකරයටත් සුදු හුණු ගාන මිනිස්සු ඉන්නවනේ? ලංකාදීපය කරුණාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු අරගෙන මොහු පිලිබඳ සියලු තොරතුරු ප්‍රසිද්ධ කරන්න (නි)
ඔය චතුර කියන කොලුවයි චන්දි කියන කොලුවයි දෙන්නම ලියන්නේ මේ කාමරේම ඉදන්. මෙයාලා ඉටුකරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද කියලා අපි නම් දන්නවා. (නි)
ඉතාලි පාතාලය කියන්නේ නදුන් විතරක් නෙමේ. නදුන්ට වඩා මිනිස්සුන්ට කරදර කරන අය ඉන්නවා (නි)
මේ වගේ කෙනෙකුට සමාව දිලා යහමගට ගන්න බැරිද...? සමහර විට බැරිකමකුත් නැහැ...එක ලොකු පිනක් ...යේසුස් වහන්සේ සහ බුදුහාමුදුරුවෝ දෙසු ධර්මය තුලින් එය කල හැකියි....අපි එවන් අය වෙනුවෙන් අන්කම්පා කරලා...ඔහුගේ දරුවන් වෙනුවෙන් සමාව දි ...හොද නරක පහදා දෙන්න කියලා පන්සලේ හාමුදුරුවන්ට භාරදෙන්න...ඔහුව යහ මගට ගනි...(ස)
ඔව්. ලංකාවේ ඉන්න ගොඩක් නුගත් මිනිස්සු තමයි ඉතාලියට ගියේ. විශේෂයෙන් ඉස්සර ඉතාලි ගියේ බෝට්ටුවෙන්. ඒ කියන්නේ මීගමුව වෙන්නප්පුව නාත්තන්ඩිය වගේ පැති වල මිනිස්සු තමයි මුලින්ම ඉතාලියට ආවේ.ඒ වගේ මිනිසුන්ට සමාජීය දැනුමක්, යහපාලනයේ දැනුමක් නැහැ. නමුත් ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටකට අපි ගියොත් දකින ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් උගත්කමෙන් සමාජීය හා හැමපැත්තෙන්ම උසස්. ඒකයි වෙනස. මම හිතන්නේ ඉතාලියේ ඉන්නවට වැඩිය වැඩි යමක් දන්නා ශ්‍රි ලාංකිකයෝ මැද පෙරදිග ඉන්නවා. අද ඉතාලිය කියන්නේ සීග්‍රයෙන් අභාවයට යන රටක්. එයාලට තව අවුරුදු 25ක් යනකොට දකින්න වෙන්නේ කුඩා රටවල් රාශියකින් හැදිච්ච රටක්. ඒ අතර කුඩා ලංකාවකුත් බිහිවෙනවා. (නි)
ඒ වගේම දුරකථන මගින් කථා කිරීම පහසුම රටක් ඉතාලිය. කවුරු කොහොම කිවුවත් මේවා සත්‍ය ද කියා සොයා බැලිය යුතුව ඇති අතර එසේ කළහොත් ලංකාදීප පුවත්පත පිළිබඳ විශ්වාසයද ගොඩක් කල් රැඳී තිබෙනවා ඇත. ලොව සුපිරිම මාෆියා පාලනය කරන ඉතාලි පොලිසිය ට අප අවමන් නොකළ යුතු වෙමු. (නි)
දකුණෙ කොල්ලනේ, දුටුගැමුණු වගේ අති උතුම් විරුවන් ඉපදුන දකුනට අවමන් කරන්න එපා.මඩවල මහත්මයානනි, බිය වෙන්න එපා.නිර්බීතව ලියන්න.ඔබේ පෑන්තුඩ තුවක්කුවට වඩා ප්‍රබලයි.අපි සැවොම ඔබ සමග සිටින බව මේ පිටුව ඔබට සාක්කි දරනවා. (නි)
කොහොමද චන්ද්‍රිකා ගේ අදහස, මෙයාලා බුදු දහම ගැනත් අදහස් දානවා, ඉතාලි ගිහිල්ල සල්ලි ටිකක් හොයාගත්තට මොළයක් නැති මෝඩ මිනිස්සු, සල්ලි වලට හැමදේම කරන්න බැහැ, ජීවිතේ සීමා සහිතයි, කල්පනාවෙන් ජීවත් වෙන්න, රටේ නම කන්න එපා, හෙට දවසේ ඉතාලි ජාතිකයෝ අපි දිහා වපර ඇහෙන් බලයි.(ස)
දිල්කා, ඇත්තටම සමාව දුන්නම හැදෙන මිනිසුන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. නමුත් නදුන් කොයිතරම් සමාව දුන්නත් කවදාවත් හැදෙන මිනිහෙක් නෙවෙයි. (නි)
චන්ද්‍රිකා වෙරෝනා,බය වෙන්න එපා චමින්දට ලියන්න දෙන්න. ලගදීම ඔය බුතයෝ ටික අල්ලනවා. චමින්ද,ඔබට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ වේවා ! (නි)
දයාබර ලංකාදීප, ඔබ ඉතාලි පාතාලය නැති කරලා එහි සිටින නිදහස් අහිංසක ශ්‍රී ලාංකික මිනිසුන්ගේ සතුට තවදුරටත් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව මට තේරෙනවා. මම ඒ වෙනුවෙන් ඔබට තුති පුදමි. මම ඔබ කතෘ මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ මිලාන් වලට ලොකුම විෂබීජයක් වී තිබෙන කෙනාගේ ෆොටෝස් එක්ක ලොකු විස්තරයක් එසැන පුවත් සහ මුද්‍රිත මාධ්‍යයේ පලකරන්න. ඒක ලොකු දෙයක්. (නි)
කොටුවේ නම් මටත් බණ්ඩක්කා කංකුන් ටිකක් කඩන් වරෙන් බබී අක්කේ. (නි)
අදිසි විදෙස් හස්තයක බලයෙන් දකුණේ පාරවල් රටේ පාලන බලයට පත්වෙලා මව්බිමට සිදුවී තිබෙන නස්පැත්තිය ක්‍රමයෙන් ඉතාලිය ඇතුළු ලෝකයේ අනෙකුත් රටවලටත් පැතිරෙන බවයි මගේ අවංක හැගීම. (අ)
නදුන් කියන්නේ එසේ මෙසේ අල්ලන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි. නමුත් උත්සාහ කළොත් අල්ලන්න පුළුවන්. (නි)
මුදල් වලට තියෙන කෑදරකමට මොවුන් මෙවැනි ක්‍රියා කරලා නවතිනවා නෙමේනේ ජීවිතත් බිලිගන්නවනේ, මොවුන්ට නිසි දඬුවම් නිසි වෙලාවට නොදුන්නොත් රට ජාතිය ඔක්කොම වැනසෙනවා.(ස)
අමිත, දෙන්න ඕන තැනට කප්පම් දුන්නොත් සම්මාන නෙවෙයි ඊට වැඩ දේවලුත් ලැබෙවි.(ස)
ඔය තියෙන්නේ දකුණ ගැන හොද විග්‍රහයක්. පුවතේ හැටියට හතර වටින්ම කොටු වෙයි කිව්වට වෙලා තියෙන්නේ මඩවලට තර්ජනය කළා කියල නේ? (නි)
මිලානෝ අපි දකුණේ කොල්ලෝ. මේ අහන්න දකුණේ කියලා වෙනසක් නැහැ, වරදට දඩුවම් දිය යුතුමයි. (නි)
මමත් දකුණේ තමයි ! දකුණේ ඉන්නේ නිර්බීත අය... ඒකත් ඇත්ත කියමුකෝ. ඒ වුණාට මේ පාතාලේ කියා කියා මිනි මරන්නයි,මංකොල්ල කන්නයි ඉඩ දෙන්න එපා. දකුණේ නෙමෙයි තුත්තුකුඩියේ වුණත් කමක් නැහැ අල්ලලා හම ගහන්න (නි)
සන්තෝස ජනක පුවතක් (දී)
සමන්,ඔයා ලියල තියෙන්නේ චතුර කියන කොලුවයි, චන්දි කියන කොලුවයි ලියන්නේ මේ කාමරේම ඉදන් කියලා .මම දැනගන්න කැමතියි ඔයා ඉන්නේ මොන රටේද කියලා? ලියන්න දෙයක් නැත්නම් නොලිය ඉන්න බොරු ලියන්නේ නැතුව. හැබැයි මම කොල්ලෙක් වගේ කෙල්ලෙක් නෑ නෑ මට වැරදුණා මිනිහෙක් වගේ ශක්තිමත් එඩිතර ගැහැණියෙක්.(නදී)
සමහරුන් පල කර ඇති අදහස් දැක්කම , උගත්කම කෙසේ වෙතත් ඔවුන්ගේ විකෘති මානසිකත්වය පිලිබඳ විශාල ගැටළුවක් ඇති බව පෙනියනවා . අහුන්ගල්ලේ හිතවතුන් යැයි අදහස් පළකර ඇති පිරිසක් ඔවුන්ගේ නිහීන මානසිකත්වය ප්‍රදර්ශනය කර තිබෙන බව පැහැදිලියි .මුලින්ම ඉතාලියට පැමිණියේ වෙන්නප්පුව අවට ප්‍රදේශ වල කාන්තාවන් බවත් ඔවුන් පැමිණියේ කතෝලික පල්ලිය අනුග්‍රහයෙන් බවත් දැනගන්න. එදා ඔවුන් ඉතාලියට පැමිණ වැදගත් ලෙස හා ඉතාලි ජාතිකයින් අතර විශ්වාසී වන්ත ලෙස ජීවත් වූ බවත් පසුව ඉතාලියට පැමිණි ලාංකිකයින්ට තම අනන්‍යතාවයකින් යුතුව ජීවත් විය හැකි පරිසරය ඔවුන් සකසා තිබුන බවද හොඳින් මතක තබාගන්න . ඔබට යමක් කිව යුතුව ඇත එනම් , ඉතාලියේ ජීවත් වන උගත්, වැදගත්, බුද්ධිමතුන් ඔබලාට කිසිදා හමු නොවනු ඇත .ඊට හේතුව ඔබ ඇසුරු කරන කල්ලි ගත සමාජයේදී ඔවුන් ඔබට කිසිදා හමු නොවීමයි. ඔවුන්ට ඔබලා වැන්නවුන් මුනගැසුනත් ඔවුන් ඔබ මගහැර යනු ඇත. ඔය නඳුන් නමැති පුත්ගලයත් ඔබගේ කල්ලියේ පැරණි සාමාජිකයෙක් බවත් ඉතා පැහැදිලියි. ඔහු ඔබලා සමග එකම බෝට්ටුවේ ඉතාලියට පැමිණියාදැයි සැකහැර දැනගන්න.(නදී)
කියල වැඩක් නැහැ හේරත් ඇල්ලක් විතර රටේ උතුර දකුණ බටහිර ගනන් බලනවා.(නදී)
පාතාලය නිසා ලංකාවම නැති වෙනවා (දී)
නදුන් ඉතාලියෙන් කැනඩාවට පැන ගිහින් කියන්නේ ඇත්තද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කොන්ද පන තියෙන කොල්ලෝ ටිකක් නැද්ද ? මට වීසා එකක් එවන්න සති 2 කට (නි)
නදුන් විතරක් නොවේ නදුන්ට තමුන්ගේ වහල දමපු කඩේ දීල නදුන් ඉස්සරහට දමල අපිට ඉතාලියේ සල්ලි වලට පොලු තියල ඒවා ඉල්ලනකොට නදුන් හරහා තර්ජනය කරන එරංග ෆ්රනාන්දු කියන මිනිහත් අල්ලන්න ඕන. මිනිහගේ මාමා ලංකාවේ සංස්ථාවක සභාපති කෙනෙක් කියල තමා මිනිහ කියන්නේ . ඇත්ත නැත්ත දෙවියෝ තමා දන්නේ. (අ)
නමට ඉදිරියෙන් මිනිමැරුම් 15 කට වැඩිය තියෙන, ළමයින් ඇතුළුව කාන්තාවන් මරපු ,ස්ත්‍රී දුෂණ 4 ක් 5ක් කළ කෙනෙකුව ඔබට පුලුවන් නම් හදන්න. ඒක පිනක් තමයි. නමුත් මේ පුද්ගලයා නීතියෙන් සහ සොබා දහමින් දඩුවම් ලැබිය යුතුයි. (නි)
කසුන් පැරිස්, ලංකාවට ආව වෙලාවක අයිඩේන්ටිෆයි වෙන්න, අපිවත් මුණගැහෙන්න පුළුවන්. (නි)
ඉහත අදහස් දැක්වූ ඔබිනාමුණි, මම ඔබව හැදිනගත්තෙමි. ඔබ වන්-ෆෝ බේස් ඇම්බුෂ් එකේ හිටිය නේද ඔය කෝඩ් නේම් එකෙන්? මම පැරිස් ඔබ කොහෙද? අමතන්න.(නදී)
බලපිටිය කොස්ගොඩ අම්බලන්ගොඩ හික්කඩුව ? (ස)
ඔය කියන නදුන් මම දැනුවත්ව මිලානෝ වල කාටවත් අතක් උස්සලා නැහැ. ගොඩක් වෙලාවට මෙට්‍රෝ එකේ තනියම යන්නේ. කඩේ ලඟට ආවම මිනිහා වටේ කට්ටිය පිරෙනවා ගොඩක් තරුණ කොල්ලෝ. පන්සල පැත්තේ පින් දහම් කටයුතු වල මුලිකව කටයුතු කරනවා. හිනාවෙලා සුහදව ඉන්නවා කව්රුත් එක්ක (නි)
මම නම් ලංකාවේ ඉපදුන එකෙක් මොනවද මේ දකුනලු, අම්බලන්ගොඩලු, මාතරලු පිස්සුද මුන්ට ?(නදී)
මොකටද මෙයාලව ලංකාවට යවන්නේ? යවන්න ඕනේ මෙහෙ හිරගෙවල් වලට අප්‍රිකාවේ මොරොක්කෝ,ඇල්බේනියන් කාරයොන්ගේ සංග්‍රහය විදගෙන එන්න.(නදී)
මම නම් කැමති ඒ වැඩේට (දී)
ලෝකෙන්ම පාතාලය අතු ගාලා දන්න (දී)
බලමුකෝ ඔය කියන පාතාලයව අල්ලලා කූඩු කරාවිද කියලා. (නි)
එපා අනේ නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න.(ස)
මිනිස්සු හොදින් ඉන්නකොට ඉරිසියාකාරයෝ වැඩියි. ඔය කොච්චර කිව්වත්, ප්‍රතිචාර දිහා බැලුවහම තේරෙනවා ඒක. (නි)
මේ පාදඩ පාතාලයෝ නිසා ලංකාවත් විනාශ වෙලා තියෙන්නේ. ඔය නපුන්සකයන්ට බැරිද රස්සාවක් කරගෙන ජීවත් වෙන්න? පාතාල කියන්නේ කිසිම ආත්ම ශක්තියක් නැති නිවට බලු රෑනක්. ඔවුන්ට දෙන්න ඕනෑ රජකාලේ දඩුවම්. ඔය කාඩ්බෝර්ඩ් වීරයෝ රටෙන් පැනලා ඉන්නේ උන්ට උන්ගේ ජීවිත වටිනා නිසානේ. එතකොට උන් නැති කරන අනිත් මිනිසුන්ගේ ජීවිත වටින්නේ නැද්ද? (නි)
ඉටැලි මෆියා කල්ලියකටම කන්ට්‍රැක්ට් එකක් දුන්නා නම් ඉවරයිනේ. විසෙන්ම විස නැසිය යුතුයි නේද? (නි)
මෙහේ පාතාලයෝ වැඩිපුරම ඉන්නේ දේශපාලන උදවු ඇතුව. වැඩි සෙල්ලම් එපා. අපි බලාගෙන ඉන්නේ (නි)
ලංකාවේ ඉන්නකන් රටම කාලා ගිහින් දැන් රටේ නමත් කනවා. පිටුවහල් කරන්න තියෙන්නේ රටටම. ටික කාලයයි කොහොමත් ඔය චන්ඩි. ඉස්සරත් ඔය නම ගිය පාතාලයෝ කියලා කට්ටියක් හිටියේ,දැන් මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා. "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති " (නි)
අමුණුගම මහතයා ලග ඕවට බෙහෙත් තියනවා. රටට වුවමනා කරන රත්තරන් මනුස්සයෙක්
අපි පාතාලයට බියවිය යුතු නැහැ. බලාගෙනයි , ඔය මා පියා කාරයන් ඉතාලියේ විතරක් නොවෙයි කොහෙත් ඉන්නවා.ප්‍රවේශම් වියයුතු අය එමටයි. (නි)
නදුන් කියන එකා සින්ගපුරුවේ ඉන්න කොටත් මිනිස්සුන්ට පාට් දාන්න ගිහින් ඉන්න බැරුව තමයි පැරිස් ගිහින් එහෙන් ගහල එලවල ඉතාලි ගියේ . ඕක ඔහොම හිටියට බයයි .(අ)
හතර වටෙන්ම වටකරලා හරියන්නේ නැහැ .අල්ල ගන්න. (නි)
මමත් ඉන්නේ ඉතාලි නිසා දන්නවා. සියයට 90ක් නුගත් අය ඉන්නේ ඉතාලි වල. කටින් බතල කාරයෝ. එකට ඉන්න යාලුවට පිහියෙන් ඇනලා මරනවා , බීපු ගමන්. ඔක්කොම චන්ඩි වෙන්න යන්නේ (නි)
අපිත් ඉන්නේ ඉතාලි. චන්ඩි නැති කරලා දැම්මා ඉස්සරත්. දැන් අපි ඔක්කොම ඔය චන්ඩි ආපහු නැති කරනවා (නි)
මෙහෙම සිදුවීම් ඉතාලියේත් වෙන්නේ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ තියෙන නිවටකම නිසා.කාට හෝ මේ මැරයන්ගෙන් හෝ වෙනත් මැර කණ්ඩායමකින් හිරිහැරයක් සිදුවෙනවා නම් ඉතාලි පොලිසියට පැමිණිලි කලොත් ,පොලිසිය මේ අයට නිසි දඬුවම දේවි. මේ පුවත අනාවරණය කල මඩවල මහතාට මාගේ ප්‍රණාමය . (නි)
යක්කු කියන තරම් කළු නැහැ චමින්ද (නි)
මේ අය රටේ ප්‍රභූවරුන්ගේ නම් භාවිතා කරමින් , පාතාල වැඩ කරන්නේ මොකද දන්නෙ නැහැ (නි)
ඉතාලි රටේ පොලිසියට උදව් කරන්න ඕනෑ මේ අය කොටු කර ගන්න (නි)
ඉතාලියේ වැඩි හරියක් පාතාලයන් හරි මෝඩ වැඩ කරන කට්ටිය තමා ඉන්නේ (නි)
කාගෙවත් නම් කිව්වට බය වෙන්න එපා. කට්ටිය වට කරලා දෙන්න තියන්නේ. (නි)
ඉතාලියේ ඉන්න ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපිත් එනවා ඔයාලගේ උදව්වට. හොඳින් හෝ නරකින් මේ වගේ එවුන්ව ලංකාවට යවන්න අපි එකතු වුනාම පුළුවන්. සිසිලියේ ඉන්නවා මේවට උදව් කරන්න ඕන තරම් අය. (නදී)
මේ පාතාලයන්ට ඉතාලියේ පදිංචි වෙන්න විසා හම්බවුනේ කොහොමද කියල ඉස්සෙල්ලම බලන්ඩ.(නදී)
කඩෙන් බඩුමුට්ටු ගැනීම අත්හරින්න. නිකම්ම සල්ලන්.(නදී)
ලංකාවට පිටුවහල් කරලා ,එල්ලුම් ගහ දඩුවම දෙන්න ඕනෑ (නි)
චමින්ද මහත්තයො, මේ පාතාලය මිලානො කඩේ ඉන්නවා. නිතරම කලු කණ්නාඩියක් දාගෙන තට්ටය තියෙන, නිතරම කැප් එකක් දාගෙන ඉන්නෙ. ඇග පුම්බ ගත්ත තවත් මෝඩ චන්ඩි කොලුවෙක් නිතරම පස්සෙන් යනවා. බොඩි ගාඩ් වගේ ඉන්නෙ මහා මෝඩ කොලුවෙක්. මිනිස්සු මුන්ව ගනන් ගන්නෙ නැහැ. ඒවගේම පාපතර වැඩ වලට කැමති එවුන් තමයි පස්සෙන් ඉන්නෙ. මේ අය හිතන්නෙ හැම දාම මේහෙම ඉන්න පුලුවන් කියලා. පොතක් පතක් කියවන්නෙ නැති සමාජ දැනුම නැති මෝඩ මිනිස්සු. මේ හැම චන්ඩියෙක්ම පොලීසියෙ මහත්වරු ලග දනින් වැටෙනවා. නීතිය ඉදිරියෙ දුවනවා. මඩවල මහත්තයා බය වෙන්න එපා මේ අයගෙ සියලු තොරතුරු අපි දෙනවා. සමාජ යහපත වෙනුවෙන් අපි පෙනී හිටිනවා. මිනීමරල කප්පම් අරගෙන හොරකම් දූෂන කරල පැනල මෙහෙ ඉන්න ඉඩදිය යුතු නැහැ. අපි මේ කතා කරන්නෙ මිනිහෙකු නරක් කරන්න නෙවේ. මිනිස්සුන්ට නරකක් කරපු අය ගැනයි.(නදී)
ගෝඩ් ෆාදර් හදපු රටනේ ඕක .(නදී)
මේ රටට ගෙන්න ගන්න. ගෙනත් හොද ටොක්කක් අන්නවන්න ගෑනු 1000 ට විතර කියලා (නි)
සුභපතනවා හොද වැඩක් (දී)
නුවන්, ඔබ සඳහන් කරන පන්ති බේදය මේ මුල් බැස ගෙන ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වරදින් ඉගෙනීමට තිබෙන අයිතිය සීමා කිරීම මගිනුයි. (නි)
හැතැප්ම 144 ක් පළල රටක මිනිස්සු බෙදෙන හැටි. (නි)
වැරදි කල උන්ට නිවැරදි වෙන්නට ඉඩක් දෙමු ඔවුන් යහ මගට ගමු !!!(ස)
ඉතාලියේ පාතාලයන් එනතුරු වැලිකඩ බලා සිටි (නි)
මේ වෙන දේවල් වලින් පෙනෙනවා ඉතාලියට සංක්‍රමණය වෙලා ඉන්නේ මොන පන්තියේ අයද කියන එක. උගත්කමක් හැදියාවක් නැති අය බුරුතු පිටින් ගිහින් ඉන්න හන්දයි ඒ රටේ එහෙම වෙලා තියෙන්නේ . පොඩ්ඩක් ඕස්ට්‍රේලියා දිහාවත් හැරිලා බලන්න . උගත් වැදගත් අයට විතරයි ඒ රටට යන්න පුළුවන්. ඒ හන්දා ඔය වගේ ප්‍රශ්නයක් මෙතෙක් තිබුනෙම නැහැ. නමුත් ළඟක ඉඳලා එහාටත් බෝට්ටු වලින් ඉතාලි ගිහින් ඉන්න අයගේ පන්තිය යන්න පටන් අරන් හන්දා ඒ රටත් ළඟදීම ඉතාලියක් වෙයි . (නි)
මොන තරම් හොදද (දී)
ලෝකෙ සාමය පැතිරේවා (දී)
මෙම පාතාලයන්ට පදිංචි වීමේ සහතිකය හම්බ වුනේ කොහොමද? 'ස්පොන්සර්' කළේ කව්ද යන්න සොයා බලා දන්නා කෙනෙක් සියල්ල මේ පිටුවටත් ලියා ලංකාවටත් යවන්න . (නි)
සියල්ල නැවත ලංකාවට ගෙන්වා නීතිය ඉටු කරන්නයි බලාපොරොත්තුව. ඒ නිසා ඉතාලියේ සිටින සෑම පාතාලයෙක් ගැනම දන්නා සියලු තොරතුරු මේ පිටුවට ලියන මෙන් ඉල්ලා සිටිමි. (නි)
සල්ලි ටිකක් වියදම් කරලා සිසිලියන් කලන එකකට වැඩේ බාර දෙන්න ඒ ගොල්ලෝ නියමෙට වැඩක් දේවි!(අ)
ගැමුණු සිල්වා සර්ට හොඳටම කේන්ති යාවි ඔයපාර.(නදී)
බලා ගෙන ඉන්න අනේ නදුන් ව අල්ල ගන්න කම්... හුහුහු බලපිටියේ කොස්ගොඩ අම්බලන්ගොඩ කොල්ලෝ මිලානෝ ඉන්න කම් නදුන් ට නෙමේ ගහන්න පුලුව එයාගේ අවතාරයට .. (අ)
නදුන් හිත හොද පපුව හොද, කාටවත් බය නොවෙන, බෙන්තර පාලමින් එහා ඉපදුන, හොද සමාජ සේවකයෙක් බව මුළු මිලානෝ ඉන්න සියලු ජනතාවම දන්නවා. නදුන්ව වට්ටන්න අපි ඉඩ තියන්නේ නැහැ. (නි)
නදුන් කියන්නේ තමුන්ගේ මහන්සියෙන් ව්‍යාපාරයක් කරගෙන යන හිත හොද කොල්ලෙක්. බය වෙන කොල්ලෙක් නෙමේ. අපි බලපිටිය කොස්ගොඩ අම්බලන්ගොඩ හික්කඩුව සියලු දෙනා ඉන්නේ නදුන් මල්ලි එක්ක. නදුන්ට ජය වේවා! අපි ඔබ සමගයි (නි)
දැන් බලපුවම ඉතාලියත් ලංකාවේ අය වගේ පාලනය කරන්නේ.පාතාලේ අය ඔක්කොම ඉතාලිය වගේ රටවලට යැව්වා නම් අපිට මුළු ලෝකෙම පාලනය කරගත හැකියි (නි)
චමින්ද, ටිකක්වත් බය වෙන්න එපා. ඔයාට ඕනෑම දේකට අපි ඉන්නවා. (නි)
අපි මේ අයව ටික ටික කොටු කරලා ලංකාවට ගෙන්වමු (නි)
සම්මානයක් දෙන්න ඕනේ ලංකාවට ගෙන්නලා....(ස)
මේ කට්ටිය නාපොලි වල නම් නැතෝ (නි)
මෙවන් නිවටයන්ට සහ නිවට වැඩවලට පැරිසිය තුල ඉඩක් නැහැ.පුලුවන්නම් පැරිසියට එන්න කියන්න.තුට්ටුවට ගණන් නොගෙනීමයි හොදම ක්‍රමය. (නි)