අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහ කිරීම ගැන ඉතාලියේ සිටින ආගමික නායකයින් හා දේශපාලන පක‍්ෂ ක්‍රියාකාරිහු පිරිසක් මධ්‍යස්ථවද විපක්ෂව ද ලංකාදීප එසැණට තම අදහස් පළ කළහ.
මෝදනා මෛත්‍රි වීහාරාධිපති මෙදිරිපිටීයේ වීමලරතන හිමි
‘‘පාර්ලිමේන්තුවයි අධ්කරණයයි කියන්නේ පවුල් සංස්ථාවේ අමිමයි තාත්තයි වගේ.අමිමයි තාත්තයි රංඩුවෙනකොට දරුවන්ට යන කළ දසාව ගැන කවර නමි කතාද?
පාදෝවා නගරයේ නිහාල් ලින්ටන් ප්‍රනාන්දු පියතුමා.
‘‘අගවිනිසුරුතුමිය ගැන යමි ගරුත්වයක් මා තුල තිඛෙනවා. ඵ් වගේම අධ්කරණ වීනිසුරු වරුන් වැනි රටෙ බුද්ධිමත් පිරිස් දෝශාභියෝග වර්ථාවට හා තීරණයට වීරුද්ධව මෙච්චර හඩ නගන්නේ රටේ නීතීයට මේ දෝශාභියෝග ක්‍රියාදාමයෙන් යමේ අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියලයි මට හැගෙන්නේ. දේශපානඥයින් කියන්නේ ඔනෑම ප්‍රශ්නයක් තමන්ගේ වාසියට හරව ගන්න පිරිසක් ඔවුන් ගැන කතා කිරිමෙන් පලක් නැහැ.
ඵක්සත් ජාතික පකෂයේ මිලානෝ ශාඛා සමිතියේ සභාපති පේරාඩ් අප්පුහාමි මහතා
‘‘අගවීනිසුරුතුමියට විරුද්ධව ගෙනා චෝදනා සාධාරණද අසාධාරණද කියන්න අපට බැහැ. නමුත් ඵම චෝදනා වීමර්ශනය කළ විදියත් ඵතුමියට විරුද්ධව රටෙහි නීතීය අමු අමුවෙහි උල්ලංඝණය කරමින් සිදුකළ ක්‍රියාදාමය අපි තරයේ හෙළා දකිනවා. අධිකරණයේ ස්වාධීනත්වය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනිම සදහා රජයට බල කරමින් වීශාල උත්ගොඝණයක් ඉදිරියේදි අපි මිලානෝ නගරයේදි පවත්වනවා.
ශ්‍රි ලංකා නිදහස් පක‍්ෂයේ ඉතාලි බලමංඩලයේ සභාපති මිහිරි පුංචිහේවා මහතා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ජනාධිපති කවුරුන් හෝ වේවාඔහුට හෝ ඇයට බලය තිඛෙනවායම් යම් නිළයන් සදහා පත්වීම් කරන්න ඵ් වගේම ඵම නිළයන්ගෙන් ඉවත් කරන්න,අගවිනිසුරුතුමියගේ සිද්ධිය සමිබන්ධව ගත්තොත් ඉතා පැහැදිලිවම ඉවත් කැර ඇත්තේපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සියලු නීතීරීතීවලට ඵකගවයි. ඵ් අනුව ජනාධිපතිතුමන්ට ඇති බලතල උපයෝගි කර ගනිමින් කතානායක වර්ථාව ලැබිමෙන් පසු අගවිනිසුරු සේවයෙන් නෙරපලා තියෙනවා. ඵයට විරුද්ධව අධ්කරණය හසුරුවන්නන් ක්‍රියාත්මක වීම වගේම අධ්කරණයේ ඉහළම නිලය දරන අගව්නිසුරුතුමිය ඵයට අනුබල දීම අධ්කරණයේ ස්වාධීනත්වය අධ්කරණය හසුරුවන්නන් වීසින්ම බිද දැමිමක් කියලයි අපට හිතෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ රෝමයේ සංව්ධායක සුගත් අදිකාරි මහතා.
රටේ ඉහළම පුරවැසියා විධායක ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තවත් රාජපක‍්ෂ කෙනෙක්. රටේ ආරකෂාව භාරව ඉන්නෙත් රාජපක‍්ෂ වරයෙක්. රාජපක‍්ෂ කරණය වු ලංකාවේ ඔවුන්ට අවනත කරගන්න යමි තරමකට හෝ බැරි වූ තැනක් තමයි අධ්කරණය.මේ දෝෂාභියෝගය හොර මගඩියෙන් ඵකටත් ඔවුන් අත තිබිබා. අපි පෙනි සිටින්නේ පුද්ගලයන් වෙනුවෙන් නොවේ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අධ්කරණයේ නිදහස හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරාකෂා කර ගැනිම සදහා ඉතාලියෙත් ඉන් පිටතත් උත්ඝෝෂණ හා මානව හිමිකමි සංවිධාන දැනුවත් කිරිමේ ක්‍රියාවලියක් ඉදිරියේදි අපි පවත්වනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු ප්‍රශ්න සදහා විසදුම් ඇත (නි)
විවිද මත එකට ගැටීම (දී)
තුනෙන් දෙකක තිබුණා කියලා එහෙම කරන එක හරිද ? (ස)
ජීව, ඇයි අපි එවන යූරෝ විතරද රටට වටින්නේ? අපිත් ලංකාවේ පුරවැසියෝ. ලංකාව අපි හැමෝගෙමයි. අනිකාගේ අදහසට ගරු කරන්න. එවිට සමාජය ඔබට ගරු කරවී. (නි)
තම තමන්ගේ පුද්ගලික තරහා මේකට ගාව ගන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකිමු (ස)
පියතුමාගේ කීම මම අනුමත කරනවා. (නි)
අනේ මොනම ප්‍රශ්නයන් වුණත් දේශපාලකයින්ගෙන් අහලා වැඩක් නැහැ. (නි)
මම හිතන්නේ පෙරහැර පටන් ගන්න හදන්නේ (ස)
මේවා කාත් හොද පාඩම් (දී)
දැන් පෙරහැර ගිහින් ඉවරයි. (ස)
ඉතාලිය විතරද ලංකාවේ විදේශීය ශ්‍රමිකයින් නියෝජනය කරන්නේ? (නි)
මෝදනා විහාරයේ හාමුදුරුවන්ගේ කියමන නම් සරලයි.අනර්ඝයි (ස)
අපි මේ මත දෙකම එක මතයකට ගන්න ඕනේ (දී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව! (ස)
කිවවියයුතු ලිපියක්
නඩු හාමුදුරුවන්ගේ වුණාට බඩු වෙන කෙනෙක්ගේ. (නි)
ඔය කියන විදියට අපට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත.උසාවියට රට පාලනය කළ හැකියි.අරාබියේ ශරියා නීතිය වාගේ ඕනෑම නීතියක් ක්‍රියාත්මක කළ හැක (නි)
ශ්රී ලංකාව හදන්නේ ආසියාවේ ආශ්චර්යය වෙන්නනේ (නි)
ශ්රී ලංකා ඉතාලි බලමණ්ඩලයක් කියලා එකක් තවම පිහිටවලා නැහැ නේද? (නි)
ඉතලියෙ ඉන්න අයගෙ කීම අපේ රටට වැදගත් නැහැ.ලංකාව කියන්නෙ ඉතාලියෙ යටත් විජිතයක් නොවෙයි. (ස)
උද්ඝෝෂණ කිසිවකින් අවසානෙය් ගන්න කිසිවක් ඉතුරු වෙන්නෙ නැහැ. (නි)
අපි නම් මෙයාලා ගැන මුකුත් දන්නෙ නැහැ. (නි)
අපේ රට ගැන කියන්න කණගාටුයි අපිට. (නි)
ඔල මොට්ටලයින්ට, මන්ද බුද්ධිකයන්ට බණ දෙසුමෙන් ඇති පලයක් නැත අග විනිසුරුවරයිනි. (නි)
ලංකාවෙ ගමේ ගොඩේ මිනිස්සුන්ගෙ අදහස් අහලා පත්තරේ දැම්මා නම් මීට වඩා ගොඩාක් වටිනවා. (නි)
කවුරු මොනවා කියුවත් ලංකාව නිදහස් රටක් (දී)
අධිකරණයේත් පාර්ලිමේන්තුවෙත් දෙතැනම ඉන්නේ මිනිස්සු. ඔය කියන තරම් එකතැනත්වත් සුපිරිසිදු නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
ශ්රී ලංකා මතා (දී)
ලංකාව් ගැන දැන් හැමෝම වාගේ කතා වෙනවා (දී)