IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉතාලි ලාංකිකයන්ට දැන් හොඳ සේවයක්

දුර බැහැර සිට විවිද කාරණා සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට මෑතක සිට ඒ මොහොතේම සේවාවාන් සපයන බව ඉතාලි ලාංකිකයෝ කියති.

උදේ නමයට පෝරමයක් බාර දුන් විට ඊට පිළිතුරු බලාපොරොත්තුවෙන් සවස 3 දක්වා රැඳීසිටීමට කළින් සිදු වුවත්   රාණි බුලත්වෙල මහත්මිය   පැමිණීමෙන් පසු එය වෙනස් වී ඇති බව ද, තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශයෙන් සිදුවන සේවයේ ගුණාත්මක වර්ධනයක් ඇති බව ද ඔවුහු කියති.

රාණි බුලත්වෙල මහත්මිය ‘එසැණ‘ට පැවසුවේ තානාපති කාර්යාලයයේ සියලු දෙනා එක්ව එරට සිටින ලාංකිකයන්ට උපරිම සේවාවක් ලබා දෙන බවයි.

වැසිදිනවලට එළියේ තෙමීගෙන සිටින ශ්‍රී ලාංකිකයනට මින් පසු එලෙස සිටීමට සිදු නොවනු ඇති බව ද බුලත්වෙල මහත්මිය කීවාය.



අදහස් (0)

ඉතාලි ලාංකිකයන්ට දැන් හොඳ සේවයක්

විරාජ් Tuesday, 14 May 2013 11:00 PM

කලාතුරකින් අහන්න ලැබෙන හොද දෙයක් (නි)

:       0       0

පාරා Wednesday, 15 May 2013 12:06 AM

ඔන්න ඕක තමයි කියන්නේ මොළයක් තියෙන අයව පත් කරන්න කියලා.(නදී)

:       0       0

මංජු Wednesday, 15 May 2013 12:06 AM

ඔබ තුමී හොද සේවයක් කරයි කියල හිතනවා. නමුත් අපේ තානපති කාර්යාලය වෙන ඉඩකඩ තියන පහසු තැනකට අරන් යන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්. මොකද මමත් කිපවාරයක්ම ඇවිත් තියනවා ඔතනට. ලාංකිකයෝ ඉන්නවා දවසට 100 ක් 200 විතර වැස්සට තෙමි තෙමි. අව්වට කරවී කරවී. මට නම් ගොඩක් ලැජ්ජා හිතුනා අපේ තානාපති කාර්යාල ඉස්සරහින් තියන කැනඩා තානාපති කාර්යාලය දකිනකොට.(නදී)

:       0       0

ඩිනෝ Wednesday, 15 May 2013 12:22 AM

ඇති යන්තම්, ජනතාවට සේවය කරන්න කැමති කෙනෙක් සහ කැමති තානාපති කෙනෙක් ඉතාලියේ අපට ලැබුනා.බොහොම සන්තෝෂයි (නි)

:       0       0

රනිල් Wednesday, 15 May 2013 12:36 AM

ගොඩාක් කාලෙකින් ඉතාලි තානාපති කාර්යාලයෙන් අහන්න ලැබුන හොද පුවතක් (නි)

:       0       0

සාදි Wednesday, 15 May 2013 11:33 AM

දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 May 2013 01:37 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. හොද සේවයක් කියන්නේ කොහොමද වැඩ බාර අරන් දවස් දෙකකින්? ඔහොම යමුකෝ. කොහාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කියනවනේ... (නි)

:       0       0

මිලානෝ සිරිපාල Wednesday, 15 May 2013 01:49 AM

අනේ හොදයි. තානාපතිතුමියට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඇතීනා Wednesday, 15 May 2013 02:04 AM

කොන්සියුලර් කාර්යාලයක්වත් නොමැතිව අන්ත අසරණ වූ ග්‍රීසියේ ඉන්න අපි ගැනත් හිතන්න කව්රුවත් නැද්දෝ? (නි)

:       0       0

වජිර Wednesday, 15 May 2013 02:05 AM

හොඳ වැඩක් වෙනවා නම් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ලංකාවේ අපි හරි කුහක ජාතියක්. (නි)

:       0       0

දම් Wednesday, 15 May 2013 02:51 AM

අන්න ඒකටත් එක්ක අපේ ලන්ඩන් වල එක? (නි)

:       0       0

ජයන්ත Wednesday, 15 May 2013 07:18 AM

හොදම තානාපති සේවය කොරියාවයි.(නදී)

:       0       0

රිස්වාන් සව්දි අරාබිය Wednesday, 15 May 2013 07:25 AM

හොඳම තානාපති සේවය කොරියාව නම් ඇයි හැමදාම පත්තර වල වෙන වෙන දේවල් තියෙන්නේ? (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 15 May 2013 07:38 AM

"කොන්සියුලර් කාර්යාලයක්වත් නොමැතිව අන්ත අසරණ වූ ග්‍රීසියේ ඉන්න අපි ..." ආ.. ග්‍රීසිය මොකටද? අපි දැන් උගන්ඩාවේ කම්පාලා වල එකක් දැම්මනේ. ග්‍රීසිය වගේද කම්පාලා? (නි)

:       0       0

ජනක Wednesday, 15 May 2013 12:47 PM

ඔහොම යන් ඔහොම යන්.. (ස)

:       0       0

දේශා Wednesday, 15 May 2013 08:33 AM

නියම සේවයක් වෙන්න ඕනෑ මේ වගේ සියලු තැන් වලින්ම. ඉන්දුනිසියාවේත් මේ වගේ සේවයක් බලාපොරොත්තු වෙනවා ලගදීම අලුත් තානාපතිවරයෙක් යට‍තේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 15 May 2013 09:19 AM

එම කර්තව්‍ය තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට සියල්ලන්ගේ සහයෝගය මෙතුමියට ලැබේවා! (නි)

:       0       0

චන්දා Wednesday, 15 May 2013 09:28 AM

කොරියාවට ගිහින් ඉන්න අයගේ නරක කාළේ තමයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 09:52 AM

පිටරටවල ඉන්න බොහෝ දෙනෙකුට ඉංග්‍රීසිත් බැහැ. ඒ රටේ භාෂාවත් බැහැ. තානාපති කාර්යාලයේ වැඩ ගොඩක් තියෙන්නේ කොන්සියුලර් අංශයට. ගමන් බලපත්‍රයක් ගැනීමට,අලුත් කිරීමට,ඒ රටේ කාන්තාවක් විවාහ කරගැනීමට,දරු උපතක් ලියා පදිංචි කර ගරනීමට , ආදී කරුණු ඉටු කර ගැනීමේ අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් වෙබ් අඩවි මගින් දැනුවත් කිරීම, ප්‍රශ්න අඩු කර ගැනීමට මාර්ගයක් වෙනවා ඇත. (නි)

:       0       0

ජෝන් ප්‍රනාන්දු Wednesday, 15 May 2013 09:58 AM

කෝකටත් අපි තව ටික දවසක් ඉවසලා බලමුකෝ. (නි)

:       0       0

රසිනා Wednesday, 15 May 2013 09:58 AM

ඇයි අසිත පෙරේරා දැන් කොරියාවෙද? (නදී)

:       0       0

චූලා Wednesday, 15 May 2013 09:59 AM

චරිත සහතික දෙන්න තාම කල් මදි. මොකෝ අපිට ඒ තරම්ම හොද අතීත අත්දැකීම් තියෙන්නේ.බලමු ඉස්සරහට වෙන දේ. (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 09:10 PM

හොඳ කල ආදා පයට මිනි මුතු පෑගෙනවලු. හොඳ තානාපතිවරයෙක් ඇවිත් ඇති. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 09:13 PM

අර තානාපති කාර්යාලය පිටුපස තියෙන බාර් එකේ සවස හයෙන් පසු සිදුවෙන ගනුදෙනු මේ මහත්මියවත් වෙනස් කෙරුවොත් හොදයි (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 14 May 2013 09:21 PM

එතකොට අසිත පෙරේරා මොකද ක‍ළේ? (නි)

:       0       0

සම්පත් Tuesday, 14 May 2013 09:25 PM

ජයවේ ශ්‍රී ලංකා! (නි)

:       0       0

සෑම් Wednesday, 15 May 2013 03:08 PM

කවී මට ටිකට් එක බුක් කරන්න එන්නම්. ගින්දර නම් සීතලත් නැතිව ඇති මගේ හිතේ.(නදී)

:       0       0

කවී Wednesday, 15 May 2013 10:39 AM

අනේ ඔයාලා එන්නකෝ ඇන්ටාක්ටිකාවේ තියෙන එම්බසි එකට. ගින්දර වගේ වැඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 161 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 527 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 481 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 507 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1199 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 460 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site