ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අයත් ජිග්ලියෝ දූපතේ දී නැවේ බඳේ ඇතිවූ කුහරයකින් ඇතුළට ජලය කාන්දුවීමෙන් 14 වැනි දා සවස් වන විටත් නැව ගිලෙමින් තිබිණ. නැවේ කාර්ය මණ්ඩලයට අයත් 1023 දෙනා ඇතුළු 4223 දෙනෙක් ඒ වන විට නැවේ සිටියහ. එයින් 4156 දෙනෙකු බේරා ගැනීමට ඉතාලි පොලිසියට හා සහන සේවකයනට හැකිවිය. තිදෙනෙක් මරණයට පත්වූහ. හැත්තෑ දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා විය.
ජර්මන් ජාතිකයෝ 500 දෙනෙක් ද, ස්පාඤ්ඤ ජාතිකයෝ 200 දෙදනෙක් ද, දකුණු ඇමෙරිකා ජාතිකයෝ 200දෙනෙක් ද, ප‍්‍රංශ ජාතිකයෝ 173දෙනෙක් ද එහි සිටි අය අතර වූහ.
මීටර් 292ක් දිගැති මේ නැව මීටර 36ක් පළලය. මීටර් 52ක් උසය. ඉතාලියේ ජෙනෝවා නුවර සෙස්ටි‍්‍ර පොනෙන්ට් නැව් සමාගම 2006 සැප්තැම්බරයේ දී නැව කොස්තා කොරියේරා සමාගමට බාරදුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව ගිලුනත් බෑන් චූන්. හිතන්නේ නැති විදිහට මරණය ලගාවෙන්නේ.මේවා හොද පාඩම්.
ඉතාලියේ සිටින අපගේ බලවත් ශෝකය..
මිනිස් ජිවිත අපරාදේ
ලස්සන සමදේ අග දුක..
සියලු දේ අනිත්‍යයි.
මේවගේ දේල් අපිට බලන්න දාන එක ගොඩක් හොදයි.
අටලෝ දහමට අනුව හැමදෙයක් සිදුවෙයි
අපට අයිති දෙයක් නොවුනත් ඉතාමත් වේදනාකාරී දසුන් පෙලක්... ස්තුතියි...ලංකාදීපයට
ලස්සන සැමදේ ලඟ කවදාහරි දුකක් ඇති.
හැම දෙයක්ම අපේ හොදට නෙමෙයි
ටයි ටැන්ක් නැවට වූන දේ වෙන්න නොදී ජීවිත ගොඩක් බේරගත්තු එකට පින් දෙන්න ඕනේ.
ඉතාමත් කණගාටු දායක අවස්ථාවක් ..
ඇත්තටම කනගාටු වෙනවා.
අතිශයින් සමාවන්න