ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරය ආසන්නයේ කටානියා බෞද්ධ විහාරය නමින් නව විහාරස්ථානයක් අද පිහිටවීමට නියමිතය.
සිසිලි විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන් පැවසුවේ තමන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටියදී පන්සලේ අපකීර්තිමත් සිද්ධියක් වූ බවයි. එයට වගකිවයුතු පුද්ගලයා පන්සලෙන් ඉවත් කල බවත් ඒ සිද්ධියට තමන් වහන්සේගේ කිසිම සම්බන්ධයක් නැති බවත් පැවසූහ. එවැන්නක් ඇතැයි ඔප්පු කළහොත් තමන් වහන්සේ පන්සලෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට වැඩම කරන බවත් ඒ හිමියෝ පැවසූහ.
මෙවැනි අවස්ථාවලදී දායකයන් නොබෙදී තීරණ ගැනීම වැදගත් බවද විහාරස්ථානයේ දායක සභාව යලි එකමුතු වී පන්සල පවත්වාගෙන යාම සදහා සහය දෙන ලෙස තමන් වහන්සේ ඉල්ලා සිටින බවද පැවසූහ.
මල් ආසන සාදන්නේද, එය කඩා දමන්නේද මිනිසුන් වන අතර මිනිසුන් නොමැතිව ආගමක් ධර්මයක් නොපවතින බව ද මිනිසුන් සමග ක්‍රියා කිරීමේදී යතිවරු කල්පනාකාරී විය යුතුයැයි ද ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නල දරුවන්ට කොහොම පිළිතුරු දෙන්නද මන්දා. බුදු දහම , බොදුනුවා බොදු හැදියාව, වැරදියට අල්ලාගෙන කතා ගොතනාවට.. (නි)
හරි සන්තෝෂයි. (නි)
ලාල් ජකර්තා, දැන් ඔබේ කරුම වැඩේට අනුව ඔක්කොම වෙන්නේ කරුමෙටනේ. ඉතින් ඇයි මේ වද වෙන්නේ? (නි)
මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)
ලාල් ජකර්තා, අපි මැවුම් වාදේ විශ්වාස කරන්නම්. ඔබ කරුමවාදේ විශ්වාස කරන්න. මට නොතේරෙන දේ තමයි ඔය දහම ඔය තරම් රත්තරන් නම් ඇයි අනික් මිනිස්සු ඔය තරම් පහසුවෙන් වෙන ආගම් වලට බැදෙන්නේ කියන එක. (නි)
නන්දලාල් මහත්තයෝ, පල්ලියෙන් බඩු මුට්ටු බෙදන්නේ ආගමට හරවාගන්න නොවේ. හැබැයි බඩු මුට්ටු බෙදුවට පස්සේ ආගමට එන්න නම් අහනවා. (නි)
කිසිම කෙනෙක් කිසිම ආගමකට බලෙන් හරවා ගන්නේ නැහැ. පල්ලියෙන් උදවු කළහම ඒ ගැන පැහැදිලා මිනිස්සු ඒ ආගමට බැදෙන්න පෙළඹෙනවා.මේක දැක්කම සමහරු බය වෙනවා.තව ටික කාලයකින් තේරෙයි. (නි)
මට හිතෙන විදියටනම් මේකට අහවල්ලුන්ගේ සම්බන්ධයක් තියෙනවා වගෙයි. (නි)
ලංකාවේ පල්ලියක් හැදුවොත් අන්‍යාගමිකරණය. පිටරටක පන්සලක් හැදුවොත් සත්‍යාවබෝධය. බලන්න කොච්චර සාධාරණද කියලා. බලාගෙන යනකොට බෞද්ධයින්ට වගේම කතෝලිකයන්ටත් ඉවසීම, සහජීවනය තියෙනවනේ. ඒත් එක බෞද්ධයෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. (නි)
කෙනෙක් කොහොමද තව කෙනෙක් බලෙන් හරවා ගන්නේ.එක්කෝ යාප්පුවෙන් හරවා ගන්න ඕනෑ. නැත්නම් රවට්ටලා හරවගන්න ඕනෑ. මේ මොන විදියෙන් කළත් තමන් රැවටුනා කියලා දැනෙද්දී එතන ඉන්නේ නැහැ, ආපහු යනවා. ඇයි බලෙන් හරවනවා කියන්නේ. (නි)
වතිකානුවේ පන්සල් හදන්න පුළුවන්. ඒත් දඹුල්ලේ පල්ලි හදන්න තහනම්. (නි)
සිසිලි බෞද්ධ විහාරයෙන් සිදු වෙන සේවය මදි නිසා අපි තවත් පන්සලක් දැම්මේ. මේවා අහලා අපි කලකිරෙන්නේ නැහැ. (නි)
මේ අය කතා කරන්නේ කැටේනියා නගරයේ පන්සලේ නියම විස්තරය නොදැනයි. (නි)
අනේ ස්වාමිනි, නිවනට මේ කිසිවක් අදාළ නැහැ නේද? (නි)
මොකද ඒ ගමන දැන් ඉතාලියේත් පටන් ගත්තද පන්සල් හදන්න? (නි)
බුද්ධ දර්ශනය හැමෝටම අවබෝධ වේවා ! (නි)
ඉලේපෙරුම දැක්කේ නැද්ද අන්‍ය ආගමිකයන් ඊයේ පෙරේදා තුම්මුල්ල වට රවුමේ බෞද්ධයන්ට විරුද්ධව පෙළපාලි ගියා.(නදී)
කුමාර්, බෞද්ධයන්ට ගැලවීම ලබාදෙන්න ඔබ හිගන්නේක් වගේ යදීන්න අවශය නැහැ. බෞද්ධයන්ට ගැලවීමේ මාර්ගයක් බූදුන්වහන්සේගේ දර්ශනය තුල තිබේ. කරන යැදීමක් ඔබගේ ගැලවීම වෙනුවෙන් කරගන්න. (නදී)
ඒ කෝන්ට එන්ට එපා කියල පාරවල් ගැනේ කෑගහඟෙන ගියා නේද?(නු)
ලාල් සහ නන්ද ලාල් මෙතන අයගේ අදහස් අනුව ලාල් වෙනුවට පාන් යනුවෙන් ඔබ දෙදෙනාගේ නම් වෙනස් කරගෑනීම මෙම සිංහල අවුරුද්දේ මැනවි. (නි)
ක්‍රිස්ත්‍රියානි, හින්දු, බෞද්ධ රටවල පල්ලි සෑදීමට, බෞද්ධ විහාර සෑදීමට, කෝවිල් සෑදීමට තම ආගම ඇදහීමට නිදහස තිබෙනවා. නමුත් මුස්ලිම් රටවල නිදහස නැහැ. අනෙක් ආගම් වල නිදහස නැති කරමින් තම ආගම ප්‍රචලිත කිරීම, දේවස්ථාන පිහිටුවීමට ඉල්ලීම අසාධාරණයි. මොකද මොහොමඩිලා මේ ගැන කියන්නේ (නි)
වසන්ත සුරන්ජන් මහත්තයා හිටියානම් ඔය කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.(නදී)
මම ජීවත් වන්නේ විදෙස් රටක. මෙහි සිටින මගේ මිතුරියක් ඇය අදහන ආගමට මා ගැනීමට නොගන්නා උත්සහයක් නැහැ. නමුත් මැ අදහන ආගම මම කිසිදු විටක වෙනස් නොකරමි. මෙහි අපගේ ආගමට අදාල කටයුතු කිරීමට ස්ථානයක් නොමැතිමුත් එය මට බාධාවක් නොවේ. රටක අදාල සංස්කෘතියක් තිබෙන බැවින් එයට අනවශ්‍ය බලපෑමක් කිරීමට අපට නොහැක. එය අප රටටත් අදාලය. (නි)
ලාල් මහතාණෙනි, හිගන්නකු ලෙස යැදීමත්,දාසයකු හෝ වහලකු ලෙස වැද වැටීමත් අතරේ කිසිම වෙනසක් මා නම් නොදකිමි. (නි)
ලාල් මහතා අපි හිගන්නෝ වගේ යදින්නම්.... ඔබ දාසයකු නැති නම් වහලකු ලෙස වැද වැටෙන්න... (නි)
බුදුදහම නැති වෙන්නේ අන්‍යාගමිකයින් නිසා නොවේ.බෞද්ධයින් නිසාමය. (නි)
නන්දලාල් මහත්තයෝ, මට කියන්න ඇයි දියවඩන නිලමේකම කුලවාදයෙන් තෝරන්නේ කියලා. (නි)
මස් මාංස අනුභවය හා බුද්ධ ධර්මය පටලවා ගන්න අවශ්‍ය නෑ. දෙව්දත් තෙරුන් බුදු හාමුදුරුවන් වෙතින් ඉල්ලූ වර 5න් එකක් තමා භික්ෂූන් වහන්සේලා දිවි තිබෙනතුරු මස් මාංස අනුභවෙයන් වැළකීම. මෙම ඉල්ලීම් පහම ප්‍රතික්සේප වුණා. බුදු හාමුදුරුවන් විසින් භික්ෂූන් වහන්සේලාට තහනම් නොකල මස් මාංස අනුභවය ගිහියන්ට කොහෙත්ම තහනම් නෑ.(නදී)
ලසන්ත, බුදු දහමේ නිර්මාතෘවරයා, ඔය සමහර ආගම්වල උගන්වන පරිදි, මෙය තමයි සෑම කෙනකු විසින් පිළිපැදිය යුතු සත්‍යය, එසේ නොකරන අයට දෙවියන් විසින් දඬුවම් කරනු ඇතැයි කොතනකවත් පවසා නැත. තවද, තමන් වහන්සේ දේශනා කළ පලියට එය පිළිනොගන්නා ලෙසත්, තම තමන් විසින්ම තේරුම් ගෙන පිළිපදින ලෙසත් දේශනා කළේය. (නි)
දැන් මේ බෞද්ධ අය විතරමද අනික් ආගම්වලට හැරෙන්නේ? ඇයි හින්දු අය හැරෙන්නෙම නැද්ද, ක්‍රිස්තියානි අය හැරෙන්නෙම නැද්ද. නමුත් කියන්නේ බෞද්ධයෝ විතරක් හරවා ගන්නවා කියලා. එහෙම වෙන්න බැහැනේ. (නි)
ඕනෑම කෙනෙක්ට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය උපතින්ම ලැබෙන අයිතියක්. ඔය ලාල් ජකර්තා,නන්දලාල් වගේ අය කියන්නේ එහෙම අයිතියක් මිනිස්සුන්ට නැහැ කියලද? ඔබ එසේ කියනවා නම් අපි කණගාටු වෙමු. නමුත් ඔබ වැනි අය නිසා මේකත් ජිනීවා යන දවස වැඩි ඈතක නැහැ. (නි)
එක එක්කෙනා දාලා ගල් ගස්සන්නේ නැතුව නරකද පන්සලත් මිනිස්සුන්ට උදවු කරලා ආගමට බැදෙන්න කිවුවොත්. එතකොට බෞද්ධයොත් වැඩිවෙයි,හාමුදුරුවන්ට දානේ ගැන බය වෙන්න දේකුත් නැහැ (නි)
නන්දලාල්, යටි කුට්ටු වැඩ කරන්නේ අපි නෙමෙයි ඔහේලයි. (නි)
ලාල් ජකර්තා, එතකොට අර පන්සල් වල තියෙන දේව පිළිම හින්දු ආගමෙන් කොපි කරපුවද? (නි)
ලෝකේ ආගමක් නොමැති ජනගහනේ 26% ඉන්නවා. දකුණු කොරියාවේ ආගමක් නැති කොටස 54%. ආගම තියෙන්නේ ආර්ථික ප්‍රශ්න විසදන්න නොවුණත් මිනිස්සු දුප්පත් වෙද්දී ආර්ථික අවශ්‍යතා නිසා තමයි සාස්තරකාරයෝ ආගම පස්සේ දුවන්නේ. පෝසත් රටවල ආගමක් නැති ප්‍රමානේ වැඩි වෙන්නේ එකයි. (නි)
නන්දලාල්, පල්ලියෙන් උදවු කරනකල් බලාගෙන ඉන්නේ නැතුව පන්සලෙන් උදවු කළා නම් පල්ලියට කරන්න දෙයක් නැතුව යනවා. වෙලා තියෙන්නේ මිනිස්සු පන්සලට උදවු කළ යුතු වීම. අනික් අයට බැන බැන ඉන්නේ නැතුව නරකද පන්සල වැඩේට බැස්සොත්. (නි)
අර සේනා මේ සේනා දැන් කෝ? (නදී)
අද සිසිලියේ හෙට පැරිසියේ ... (නි)
මම පත්තරේක දැක්කා මේ දවස් වල කතරගමට එන විශාල සෙනග නිසා අරක්කු පෝලිම්, කුකුල් මස් පෝලිම්, බිත්තර පෝලිම් හැමතැනම කියලා. මේවා කරන්නේ බෞද්ධ නොවන අයද?. අර රැස්වීම් තිය තිය හු තියන අය ඉස්සරලා කරන්න ඕන තමන්ගේ අයගෙන් ඇග බේර ගන්න එක නේද?(නදී)
මේක තමයි දියුණු රටකයි නොදියුනි රටකයි වෙනස .(නදී)
ඉතාලියේ විතරක් නෙවේ ඕමාන වගේ මුස්ලිම් රටවලත් පන්සල්, කෝවිල් හදා ගන්ට ඉඩ දීල තියනවා. මේක තමා ලෝක ප්‍රජත්න්ත්රවාදේ. මේකට ගරු නොකරන මෝඩයෝ නිසා අපි නිකන් කොන් වෙන එක විතරයි වෙන්නේ.(නදී)
මේක බෞද්ධ ව්‍යාප්ත වාදේ වැඩක් නෙවේද එතකොට? . මේකට දේශපාලන විද්‍යාවේ කියන වචනේ බෞද්ධ වියප්තවාදේ නෙවේද එතකොට?(නදී)
මෙන්න උතුම් මිනිස්සු. ආගම වාදේ, ජාති වාදේ, ඉරිසියාව, කරෝධය, මෛයිත්‍රීය, අන්‍යයන්ට සැලකීම, මානව හිමිකම්, සමානාත්ම තාවය අතින් උතුම් මිනිස්සු. හැබැයි අපේ පුරාජේරු කාරයන්ට අනුව නම් අපි තම ලෝකෙන්ම උතුම්.(නදී)
නියමයි.(නදී)
මොකද ආගම් වාදියෝ ගොලුවෙලා. කටේ පිට්ටු හිර වෙලා වගේ දැනෙනවද මේවා දැක්කම. (නදී)
හිතවතුනි මෙහෙ පන්සලක් හදන්නේ සිංහල බැතිමතුන්ට නිසි අවසර ඇතුව. පන්සලක් හැදුවට අපේ පාඩුවේ ආගමක් අදහනවා මිසක් ලංකාවේ වගේ සංස්කෘතික මංකොල්ලයක් සිද්ද වෙන්නේ නැහැ. බලෙන් ආගමට හැරවීමක් සිද්ද වෙන්නෙත් නැහැ.(නදී)
මෙන්න සේනාවට වචනයෙන් නොව ක්‍රියාවෙන් කනේ පාරක්.(නදී)
දන්නා කෙනෙක් මට කරුණාකර කියා දෙන්න ඇයි බෞද්ධ නොවන කෙනෙක් බුද්දහගමට යද්දී සත්‍ය අවබෝද කලේ කියලත් බෞද්ධ කෙනෙක් වෙන ආගමකට යද්දී හරවා ගත්ත කියල කියන්නෙත් කියලා.(නදී)
මෙන්න මේකට තමයි දෙපිට කාට්ටු කම කියන්නේ. එහෙ පන්සල් හදද්දී එක කතාවක්. මෙහෙ පල්ලියක් හදද්දී බුද්දාගම විනාස කරන කුමන්ත්‍රණ. කාටද කියන්නේ මේවා.(නදී)
සිංහලයා ඉතාලි ගෑනු දුෂනය කලයි කියලා වාර්තා උනා. එතකොට එහෙ අයත් ක්‍රියා කරන්නෙත් සිංහල කෙනෙක් කල විදිහටද නැති නම් සමණිය පුරවැසියෙක් කල විදි හටද?(නදී)
එහෙ කවුරුත් කියන්නේ නැද්ද ඉතාලිය අල්ලන්ට යනවා කියලා. ක්‍රිස්තියානි ආගම සහ සංස්කෘතිය අල්ලනවා කියලා. මෙහෙ වගේ ජාති වාදී රැස්වීම් එස් එම එස් එහෙ නැද්ද?(නදී)
ඉලේපෙරුම කිව වගේ එතකොට එහෙමයි මෙහාට මෙහෙමයි.(නදී)
ලංකාවේ වගේ කුහක ජාති වෙන රටවල නෑ.(නදී)
ආගම සදහා පිල් බෙදීම ගැන කණගාටුයි. (නි)
ඔහොම ගිහින් ඊළගට කට්ටිය කියයිද දන්නෙ නැහැ ඉතාලියේ පාරවල් වලටත් බෞද්ධ නම් දාන්න ඕනෑ කියලා? (නි)
නන්දලාල්ගේ කියමන 100% නිවැරදීයි. (නදී)
ලසන්ත, බෞද්ධ නොවන කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ බූදුන්වහන්සේගේ දර්ශනය තමන් විසින්ම කල පර්යේෂානාත්මක අවබෝධයක් තුලින් පමණයි. සමහර ආගම්වල ගන්න තරම් ධර්ම කරුණක් නැහැ. මැවුම්කාර මනක්කල්පිත දෙවියෙක් නිර්මානය කරගෙන හිගන්නො වගේ යදීන එක තමයි ඉගැන්විම. සමහර මෝඩ බෞද්ධ අයත් මේවට හරවා ගන්නව. එවැනි මොඩ බෞද්ධ අය කරන්නේ රත්තරන් විසිකරලා මළකඩ කාපු යකඩ අතට ගත්ත වගේ දෙයක්. අද කතෝලික රටවල අය බුද්ධිමත්. මනක්කල්පිත දෙවියෙක්ට යාඥා කරලා ගැලවීම ලබන්න නොහැකි බවත් බූදුන්වහන්සේගේ දර්ශනය උසස් බව, නිවැරදී බව එ අය අවබොධ කරගෙන නිසා බූදුදහම ව්යාප්තවිම වේගවත්. බුදුසරණයි! (නදී)
මහේෂ් නමැති පුද්ගලයා මහේෂාක්‍ය අන්දමට අදහස් පළකළත් කිසිම ආගමක් දහමක් නොහදුනන කිසිම ආගමකට ගරු නොකරන අසංවර අශීලාචාර පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. (නි)
බුදු දහම ආගමක් නොව කදිම ආර්ශනයකි. " එව." ..."බලව ".... කියන්නේ ඒ නිසයි. තම තම නැණ පමණින් පමණයි දැන ගත යුතු. නන්දලාල් පුතා කියන්නෙත් ඒකමයි. (නි)
මේ අය ලංකාවේ වගේ කලබල වුණේ නැහැ. සේනා සංවිධානය කළේ නැහැ... (නි)
මෙහි නියම සත්‍ය තේරුම්ගෙන ඇත්තේ නන්දලාල් පමණි . (නි)
මහේෂ්, ඔබ හරි. බණ කියන අය මිසක් ඒවා පිළිපදින අය අද නැහැ. අද ගොඩක් අය බුදුහාමුදුරුවන්ටත් වැඩිය ඉහල බෞද්ධයෝ! (නි)
මිනිසුන්ට උදව් කරන එක මෙහෙ ව්තරක් නෙමෙයි, ඉතාලියෙත් කරනවා. එය මුස්ලිම්,බුද්ධාගම,කතෝලික,හින්දු යන හැමෝටම එකයි. ඒවායින් උදව් අරගෙන ඉන්න අය ඕනෑ තරම් එහෙ ඉන්නවා.ඒ කියලා කිසිම කෙනෙක්ව බලෙන් ආගමට ගන්නෙ නැහැ. ඒ අයට ලෑබෙන ආදායමෙන් අන් අයට උදව් කරනවා. (නි)
ක්‍රිස්තියානි රටක පන්සලක් හැදීමට විරුද්ධව ඉතාලියේ ක්‍රිස්තියානි බල සේනාව පෙළපාලි ගියේ නැද්ද?(නදී)
ඉලේපෙරුම සහ ලසන්ත අහන ප්‍රශ්නවලට ලංකාවේ නියම බෞද්ධයෙක් හැටියට කොහාම උත්තර දෙන්නද කියා මා ලජ්ජාවෙමි. (නි)
මේකේ අදහස් දාලා තියෙන ගොඩක් අයටයි මේ කියන්නේ. ලෝකේ කොහේ පන්සලක් හැදුවත් කවදාවත් කිසිකෙනෙක් ආගම පතුරවන්න හිතාගෙන බදු මුට්ටු බෙදන්නේ නැහැ. ගෙවල් ගානේ ගිහින් මිනිසුන්ට පොඩි පොඩි සහන දීලා බලෙන් ආගමට බදවගන්නේ නැහැ. විවාහයකදී තමන්ගේ ආගමට බදවාගන්න බල කරන්නේ නැහැ. විවිධ සංවිධාන පිහිටවාගෙන අනෙකුත් ආගම විනාශ කරන යටිකූට්ටු වැඩ කරන්නේ නැහැ. වෙන රටවලට බලෙන් ඇතුලු වෙලා එරට ජාතිය විනාශ කරන්න වැඩ කරන්නේ නැහැ.පිහිට පතාගෙන පන්සලට පැමිනෙන පිරිසට සත්‍ය වටහාදෙමින් යථාර්ථවාදය කුමක්ද කියාදෙනවා. (නි)
ඉස්සර රජ කාලේ අසූ හාරදහසක් වෙහෙර විහාර තිබුනලු. මිනිසුන් දහමින් සාමයෙන් කල් ගත කලාලු. මොකද අනේ ඉතින් මේ කෑගහන්නේ? (නි)
ආගම පෙරට ගෙන උඩ පනින්නේ නුගත් බඩගෝස්තරවාදියෝ. (නදී)
සත්‍යවාදී බුදු දහමට අගෞරව නොකරන්න. බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා හැකිතාක් එහි දියුණුවට සරිලන අයුරින් වැඩ කරන්න. නැත්නම් අපි සියලු දෙනාට සසර නැමැති සාගරයෙන් එතෙර වීමක් නොමැත. එසේම අනෙකුත් ආගම් වලට ගෞරව කිරීමද කලයුතුය. (නි)
ලසන්ත අහන ප්‍රශ්නෙම තමයි මමත් මේ කල්පනා කරන්නේ. (නි)
අපි බෞද්ධයෝ වෙනුවෙන් යාඥා කරනවා ගැලවීම ලැබෙන්න කියලා. (නි)