IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉදිරියේදී මාව වෙනස් චරිතයකින් දැකගන්න පුළුවන්

2016-11-17-ent-47

නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි මේනකා මධුවන්ති වර්තමානයේ රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින්නීය. ඇය පසුගිය කාලයේ රංගන ශිල්පිනියක ලෙස දකින්නට නොලැබුණත්, ඉදිරියේදී සිනමා හා ටෙලි නිර්මාණ කිහිපයකින් වෙනස් ආරේ චරිතවලින් හමුවීමට සූදානමින් සිටින්නීය. මෙවර "තරුණයා" තරු කතාබහ තුළින් මේනකාට ඉඩක් වෙන් කරන්නට අපි සිතුවේ ඒ පිළිබඳව දැනගැනීමටය.

 

මොනවද අලුත් වැඩකටයුතු?

2016-11-17-ent-41මේ දවස්වල ටිකක් විතර කාර්ය බහුලයි. මොකද අලුත් වැඩ කිහිපයක රූපගත කිරීම් කටයුතුවලට දායකවෙලා ඉන්න නිසා. ඒ අතරේ මගේ ව්‍යාපාරික කටයුතු සුපුරුදු පරිදි සිදු කරගෙන යනවා.

 

පසුගිය කාලයේ ඔබ විදෙස් පැජන්ට් තරගාවලියකට සහභාගි වෙන්න හිටියා කියලා ආරංචියක් ආවා?

ඔව්, ඇමෙරිකාවෙ පවත්වන්නට තිබුණ "මිස් ලැටීනා ඉන්ටර්නැෂනල්" පැජන්ට් එකට තමයි මම සහභාගි වෙන්න හිටියේ. නමුත්, ඒ පැජන්ට් එක තියෙන කාලයේ තිබුණ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඒ පැජන්ට් එක තාවකාලිව අවලංගු කළා. නමුත්, මේ පැජන්ට් එක ආයෙත් ලබන වසරේ පෙබරවාරි තියනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර ඒ කාලෙදි මම කියන්නම්.

 

ඔබ පසුගිය කාලෙදි අපි ඔබව කලා කටයුතුවල දැක්කේ නැහැ. ඒ ඇයි?

නිර්මාණ සඳහා ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත්, මම භාර ගත්තේ නැහැ. මොකද, මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. ඒ නිසා ලොකු උවමානවක් තිබුණෙ නැහැ හැමවැඩක්ම භාරගෙන කටයුතු කරන්න. ඊට වඩා මම කැමතියි මිනිස්සුට මතක හිටින චරිතයකින් හමුවෙන්න. ඒ නිසා එවැනි චරිතයක් ලැබෙනකම් මම කලාවෙන් ඈත්වෙලා හිටියා.

 

දැනට ඒ වගේ මතක හිටින චරිතයක් ලැබිලා තියෙනවාද?

එකක් නෙමෙයි, කිහිපයක් ලැබිලා තියෙනවා. පසුගිය කාලයේ මම අර්ජුන් කමලනාත් අයියාගේ චිත්‍රපටයක රඟපෑවා. එහි ප්‍රධාන චරිතය කරන්නේ මම. බොහෝ විට ඒ චිත්‍රපටය ලබන වසරේ මුලදි තිරගත වේවි කියලා හිතනවා. ඒ චිත්‍රපටය වැඩ නිමවෙනවත් එක්ක තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ දිනවල එහි රූපගත කිරීම් කටයුතු සඳහා දායක වෙනවා. මේක මගේ රංගන දිවියේ මට ලැබුණ සුවිශේෂම චරිතයක්. චිත්‍රපටය තිරගත වන කාලයට ඒ ගැන වැඩි විස්තර කියන්නම්. මේ චිත්‍රපටයට අමතරව තවත් අලුත් ටෙලියක වැඩ කරනවා. එහි මම රඟපාන චරිතයත් වෙනස්ම ආරේ එකක්.

 

තාමත් "චායා" ටෙලි නාට්‍යයේ "හර්ෂණි" කියන චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි නේද?

ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ සඳුන් රාජකරුණා මහත්මයාගේ "චායා" ටෙලි නාට්‍යයේ %හර්ෂණි^ කියන චරිතයට අදටත් රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට අවුරුදු දෙකක් විතර වෙනවා මේ ටෙලි නාට්‍යය විකාශය වෙලා. නමුත්, ප්‍රේක්ෂකයන්ට එහි තිබුණ මගේ රංගනය තවමත් අමතක නැහැ කියලා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා.

 

ඒ වගේ ඔබ මිනිස්සු අතරට ගිය වෙනත් චරිත තියෙනවාද?

ඔව්. "චායා" ටෙලි නාට්‍යයේ "හර්ෂණි" කියන චරිතයට සමානව ස්වර්ණවාහිනියේ %සිටුමැදුර^ ටෙලි නාට්‍යයේ "කිෂානි" කියන චරිතයත් බොහෝ දෙනෙක් කතා කළ චරිතයක්.

 

මේනකා දැන් කලා ක්ෂේත්‍රයට පිවිසිලා කොපමණ කල්ද?

දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 7ක් විතර වෙනවා.

 

මේ ගෙවුණු කාලය පිළිබඳව ඔබ කලා ශිල්පිනියක් විදිහට තෘප්තිමත්?

ඔව්, ලොකු කාලයක් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කළා. නමුත්, මම දායක වුණ නිර්මාණ ගත්තොත් තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. මම මේ ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිනියක් විදිහට. ඒත්, දැන් මම රංගන ශිල්පිනියක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ ගෙවුණු කාලය තුළ කලා ශිල්පිනියක් විදිහට මම ගොඩක් සතුටු වෙනවා.

 

පසුගිය කාලයේ දකින්න නොලැබුණ එක පාඩුවක් කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මම කලින් කිව්වා වගේ මට අවශ්‍ය කරන්නේ හොඳ නිර්මාණයක් තුළින් මගේ රසික, රසිකාවියන් මුණගැසෙන්න. ඉතින් ඒකට කාලයක් බලාගෙන හිටියට කමක් නැහැ කියලා හිතනවා. අනික ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන චරිතයක් කරන්න ලැබෙනවා නම්, ඒක තමයි ගොඩක්ම වටිනම දේ. මාව කලා කටයුතුවලින් නිතර දැක්කෙ නැහැ කියලා ප්‍රේක්ෂකයන්ට මාව අමතක නැහැ. අද වුණත් පාර තොටෙදි මාව දැක්කොත් ඒ අය ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා.

 

2016-11-17-ent-46
2016-11-17-ent-45
2016-11-17-ent-44
2016-11-17-ent-43
2016-11-17-ent-42



අදහස් (0)

ඉදිරියේදී මාව වෙනස් චරිතයකින් දැකගන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1118 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 78 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 333 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1184 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 277 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2791 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site