තමන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු වන රාහුල් ද්‍රාවිඞ් පසුගිය සිකුරාදා පැවසීය. කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමේ තීරණය ගන්නා විට ද්‍රාවිඞ් 39 වැනි වියේ පසුවිය. ”නව පරම්පරාවකට කී‍්‍රඩා කිරීම සඳහා දැන් අප අයින් විය යුතු කාලයයි” යයි සිය සමුගැනීමේ නිවේදනය ප‍්‍රකාශයට පත්කරමින් රාහුල් ද්‍රාවිඞ් පැවසීය. වසර 16 ක කාලයක් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ මෙම අලංකාර දකුණත් පිතිකරුවා ලෝකය පුරා හඳුන්වන ලද්දේ ඉන්දීය පිලේ ‘පවුර’ ලෙසිනි. පිටියට පිවිසි පසු තමාගේ කඩුල්ල දවාගැනීමට ලෙහෙසියෙන් ඉඩ නොදෙන රාහුල්ගේ පිතිහරඹ රටාව ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබීමට ප‍්‍රධානතම හේතුව විය. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ වන විට දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන ද්‍රාවිඞ් ටෙස්ට් තරග 164 කදී ලබාඇති ලකුණු සංඛ්‍යාව 13,288 කි. ටෙස්ට් ශතක 36 ක් ලබා ඇති ද්‍රාවිඞ්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 52.31 කි. ”මා ඉන්දියාව වෙනුවෙන් කී‍්‍රඩා කළේ ඉතාමත් සුන්දර වකවානුවකයි. මගේ කණ්ඩායම් සගයෝ බොහෝ දෙනෙක් මේ වන විටත් පුරාවෘත්ත බවට පත්වෙලා” යයි එක්දින ලකුණු 10,000 කඩයිම පසුකිරීමට සමත් වූ කී‍්‍රඩකයන් 10 දෙනාගෙන් අයකුද වන ද්‍රාවිඞ් පැවසීය. ශී‍්‍ර ලංකා පිලට එරෙහිව 1996 දී සිංගප්පූරුවේදී සිය පළමුවැනි එක්දින තරගයට සහභාගි වූ ද්‍රාවිඞ් එක්දින තරග 344 කදී ලකුණු 10,889 ක් ලබා ඇත. කෙසේ වෙතත් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 තරගාවලියේදී රාහුල් ද්‍රාවිඞ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
2025 දෙසැම්බර් මස 04
767
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය පිතිකරු හමුදාවේ ‘පවුර’ ද්‍රාවිඞ් අන්තර්ජාතික පිටියෙන් සමුගනී