විරාට් කෝලිගේ (නොදැවී 133) විශිෂ්ට ඉනිම නිසා ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව හෝබාට්හිදී අද (28) පැවැති තීරණාත්මක තරගයෙන් අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලබා ඉන්දීය පිල තව දුරටත් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රදවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව අවසන් තරගාවලියට පැමිණීමට නම් මාර්තු මස 2 වැනිදා මෙල්බන්හිදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබිය යුතුය.
විරාට් කෝලි පන්දු 86 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 4 ට 320 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 160, කුමාර් සංගක්කාර 105, මහේල ජයවර්ධන 22, ඇන්ජලෝ මැතිව්ස් 14)
ඉන්දියාව ඕවර 36.4 කදී කඩුලූ 3 ට 321 (විරේන්ද්‍ර සෙවැග් 30, සචින් තෙන්ඩුල්කාර් 39, ගෞතම් ගාම්බීර් 63, විරාට් කෝලි නොදැවී 133, සුරේෂ් රයිනා නොදැවී 40)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංගගෙ වැඩ පෙන්නන්නෙ මුම්බයි ඉන්ඩියන් එකට විතරයි. අපරාදෙ තව 6ක් ගහන්න දුන්නා නම් මාලිංගටත් 100ක් එකතු වෙනවා... ඕවර් 7ට 94නෙ. 321 ක ඉලක්කය ඕවර් 34න් ගැහුවා කියන්නෙ පන්දු යැව්වෙ පාසැල් කණ්ඩායමක් වගේනෙ.
කමක් නෑ කමක් නෑ ඔහොම යමු.
හොද වැඩේ දිනුව නම් ආන්ඩුව ගෑස් මිල වැඩි කරාවි
ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා..
අපේ අය එකතුවෙලා තරගය වික්කද දන්නෙත් නෑ
මාලිංගට බෝල් කරන්න දුන්නු එක තමයි වරද.
මාලිංග සෙල්ලම් කලේ කිසිම උවමනාවකින් නෙවේ.කණ්ඩායම් හැගීම අන්තිමයි.