මහනුවරට එන ඉන්දියා සංචාරකයනට උපරිම ආරක්ෂාව සැපයීමට මහනුවර පොලිසිය විශේෂ අවධාණය යොමු කරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලපොළ මහතාගේ උපදෙස් මත පොලිස් බුද්ධි අංශ යෙදවා ඇත. තමිල්නාඩුවේ දී ශ්‍රි ලාංකික වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස්වලට පහර දීමේ සිද්ධියෙන් පසු මේ පියවර ගෙන තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ අයට වගේ ලංකාවේ අයට පිස්සු නෑ...(ස)
මාධ්‍යවේදීන් නැත්නම් බුද්ධි තොරතුරුත් කොයින්ද? (නි)
සියල්ලන් සමගියෙන් සිටිමු (නි)
නහි වේරේන වේරානී.... (නි)
ලංකාවේ මිනිස්සු ගැරඬින්ට ගහලා පව් පුරව ගන්නේ නෑ..(ස)
මහනුවරට ඉන්දියාවේ ඉඳන් උඩින් එන්න බෑ නේ. ඔක්කොටොම කලින් ඉන්දියාවේ අය කොළඹින් එන්න එපැයි (ස)
බොරු වැඩ (ස)
නිකන් ලකුණු දා ගන්න හදනවා..ඉන්දායවේ තරම් බොළඳ මිනිස්සු ලංකාවේ නෑ..(ස)
අපි ඔවුන්ට ආදර්ශයක් වන ලෙස හැසිරීමෙනුයි ඔවුන් ලැජ්ජාවට පත්කරන්න පුළුවන් (නි)
පොලිසියේ අය ගැන නම් ඉතිං අපි නොදන්නවායැ? (නි)
මුහුද හත්ගව්වක් තියලා අමුඩය ගැසුවා වගේනේ (නි)
අප එතරම් පහතට වැටී නොමැත. (නි)
ලංකාවේ ප්‍රශ්න වලට අත දාන්න ලේසි ක්‍රමයක්නෙ මේ .චීනය සමග ඇති මිත්‍ර කමට බයවෙලා ඔය නැවත ජනවර්ග ප්‍රශ්නය අවුලන්න කරන උත්සහයක් විය හැකියි . කුරේ මහත්මා කියන්නෙ මේකමද මන්දා..(ස)
අපි ලාංකිකයෝ වෙමු. (නි)
අපේ රටේ මිනිස්සු දරුණු අය නෙමෙයි (නි)
මමත් දෙමළ කෙනෙක්. නමුත් තමිල්නාඩුවෙ සිංහලයන්ට වෙන හිරිහැර වලට මමත් විරුද්ධයි (නි)
ජාති වාදය පසෙකලා තමිල්නාඩු වැසියන්ගේ මෝඩ ක්‍රියාවට විරෝධය පෑ හිටපු නි.ඇමති මහතාට අපගේ ස්තූතියි (ස)
උතුම් හදවත් ඇති හෙලයන් කවදත් වරදට පෙලඹෙන්නේ නැත...(ස)
තමිල්නාඩුවන්ට අපගේ බලවත් කණගාටුව සහ විරෝධය! (නි)
ලංකාවේ මිනිස්සුන්ට ආගන්තුක සත්කාර ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ (නි)
අපිට කොටි ගහද්දී අපි හැම දෙමල වැසියෙකුටම ගැහුවද? ඒ නිසා ආරක්ෂාවක් වැඩක් නැත. (නි)
බල්ලෝ අපිව හැපුවට අපි බල්ලන්ව හපන්නේ නෑනේ..අපි හොඳ ආගන්තුක සත්කාර දන්න රටක් නේ..අපි කල යුත්තේ ඉන්දියන් දේවල් වර්ජනය කරන එකයි...(ස)
එළවා එළවා ගහන්නයි තියෙන්නේ. ඔලුව පහත් කරගෙන ඉන්න හොද නැහැ. (නි)
බල්ලො මිනිස්සුන්ව හපා කෑවා කියලා මිනිස්සු බල්ලන්ව හපා කන්න යන්නේ නෑනේ..බලමුකෝ..(ස)
'' සබ්බේ සත්තා භවංතු සුඛිතත්තා'' අපි බුදුන් සරණ ගිය වැසියන් වෙමු..කරුණාව,මෛත්‍රිය පිරුණු බොහෝ අය ඇති රටක වැසියන් වෙමු....(ස)
මේ වගේ නිකන් බොරුවට වැඩ දාන්න ගියහම මිනිසුන් නිකම්ම ඕවට පෙළඹෙනවා. (නි)
ශ්රී ලංකා ජනතාවනි, යුද්දයෙන් පරාජය වුනු එල්.ටී.ටී.යට නැවත අලුත් මුහුණුවරක් පණදීමට ඉන්දියාව සැරසෙන නිසා අප බොහොම කල්පනාවෙන් රට තුළ සිටින දෙමල ජනතාව අපේ ජනතාවක් වන බව මතක තබාගෙන මෙහි සිටින ඉන්දියානු වැසියන්වත් ආරක්ෂා කර ගනිමින් බුද්ධිමත්ව කටයුතු කළයුතු කාලයක් එළඹ ඇත.අපව කුපිත කරවල දෙමල ජනතාව සමග ගැටුමක් ඇතිකිරීමට ගන්න උත්සාහයක් ලෙසයි මෙය පෙනෙන්නේ. දැන් ඉන්දියාව දගලන තාලයට රට ගැන හිතලා පක්ෂ අමතක කරලා රටේ නායකයන් එක්සත් වෙලා මේ පටන්ගන්න හදන කුමන්ත්‍රණයට මුහුණ දෙන්න සුදානම් විය යුතු කාලය එළඹ ඇත. (නි)
ඒ වුණාට හීනියට වගේ පොඩ්ඩක් දුන්නට කමක් නැහැ. මොකද අපේ මිනිස්සුන්ටත් ගලක් දෙකක් හරි වැදිලා තියෙනවනේ (නි)
සුනඛ රැලක් සපා කන්න අවාට නැවත ඒ සුනඛයන්ව හපාකන්න යන මිනිස්සු ලංකාවේ නැ. ඒ නිසා බයවෙන්න කාරී නැ (ස)
එයාට එන්න කියන්න...ඇවිත් යන්න කියන්න..අපි සිංහයෝ මීයෝ නෙමෙයි...(ස)
අපි හරක් මරන්නෑ...බය වෙන්න එපා..(ස)
ඉන්දියාවේ අයට ගැහුවා නම් එයාලා නිකන් ඉදීද? (නි)
ඉන්දියාවේ වගේ මෝඩ රැලක් ලංකාවේ නෑ.. ඒ නිසා බය වෙන්න ඕන නෑ (ස)